කොල්ලුපිටියේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවක් 10 දෙනකු සහ පිරිමියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගණිකා නිවාසයේ කලමනාකරණය කර ඇත්තේ ද කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පී ගනේෂනාදන් මහතාගේ මෙහෙයවීමෙන් මේ වැටලීම සිදු විය.
සැකකරුවෝ කොල්ලුපිටිය පොලිසියට භාර දෙනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලනි ඔයා තිත්ත ඇත්ත ලියලා තියනවා. දැන් බලමුකෝ මේක නීතිගත කරන්න කියලා මේ කාන්තාවන්ට හද පත්ලෙන් අනුකමපා කල පිරිමි කී දෙනෙක් මේ වෘත්තීය නීතිගත කල පසු එහි යෙදෙන කාන්තාවක් නීතියානුකුලුව විවාහ කරගන්න කැමතිද කියලා. (නදී)
ඔය ගෑණියෙක් ඇග විකුණලා කියක් හරි හම්බ කරන එකයි මිනිහෙක් කියක් හරි දීල තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්න එකයි මහා වරදක් විදියට දකින කෑගහන සුචරිත වාදියන්ගේ ඇතුල බලන්න පුලුවන්නම් ඔක්කොම ටොයිලට් වලවල් තමයි. මම නම් කියන්නේ මේක නීති ගත වෙන්න ඕනා (නදී)
මේ කර්මාන්තය නීතිගත කලා කියලා ස්ත්‍රී දුෂණ අඩුවන්නේ නැ. එයට හේතුව වන්නේ, ස්ත්‍රියක් දුෂණයට ලක්වන්නේ,මසුරු දුෂ්ට මිනුසුන්ගෙන් .ඔවුන් මුදල් වියදම් කර සේවනයක් ලබාගන්න කොට්ටාශයක් නොවේ.(අ)
අපේ රට බෞද්ධ රටක් කියල මේ වැඩේ නීති ගත නොකරට ඒකෙන් වෙන්නේ බාල අපරාදත්, හොර වෙලදාමත් විතරයි (නදී)
මේක නීතිගත කළ සුද්දාගේ රටේ අඩුතරමින් ළමා අපරාධවත් අඩුවෙලා නැහැ (නි)
පන්සිල් පද පහ රකින 10 යක් පුලුවන්නම් ලංකාවෙන් හොයල දෙන්න. (නදී)
මගේ ඔලුවට ගොඩවෙන්න එයි දැන් කට්ටිය. ප්‍රංශයේ මෙය නීතිගත වෘත්තියක් වගේම රැකියාවෙන් ඉවත් වූ විට වෙනත් රැකියාවක් ලැබෙනතුරු ගෙවන ජීවනාධාරයත් ලැබෙන දෙයක්ලු. (නි)
තිලක්- ඩුබායි කිව්වාක් මෙන්, බන්දුල පෙරේරා මෙවර සාධාරණ අදහසක් දක්වා තියෙනවා.මමත් බන්දුල පෙරේරා සමඟ එකඟ වෙනවා. (නි)
හරි පුදුමයි. කාන්තාවන් දහයක් සහ එක පිරිමියෙක්. අන්තිමේදී සේවය සැපයූ කෙනා වැරදියි. සේවය ගන්න ගිය කෙනා හරි. (නි)
නීතිගත කරන එක හොඳයි. ලංකාවේ රැකියා ප්‍රශ්නය විසඳා ගන්නත් මාර්ගයක්නේ. ඉදිරියේදී උගත් විධායක නිලධාරිනියකට ලැබෙන ආදයාමට වඩා මේ කාන්තාවන් හම්බ කරගනීවි. (නි)
මේක නීතිගත කළොත් යෝජනා වලින් අඩුවක් නොවේවි. ඒ මොකද ලංකාවේ ඉහළම ආදායම ලබන වෘත්තීය කාන්තාවන්ගේ අයිතියට පත්වෙන නිසා. (නි)
පද්මිණි කියන එක වෙන්න පුළුවන්. ඕස්ට්‍ර්ලියාවෙත් මේක නීතිගත කරලාලු. අනෙක මෙහෙම ආදායම් මාර්ගයකට පෙලඹෙන්නේ ඒකට කැමති නිසානේ. නැතිනම් පොලේ එළවලු විකුනලා , මෙහෙකාරකමට , කුලී වැඩට ගිහිල්ල , එදා වේල හරි හම්බ කරන කාන්තාවන් කීදෙනෙක් මේ රටේ ඉන්නවද ? තමන්ට භාර්යාවක් වගේ ඉන්න ඕනද ආර්යාවක් වගේ ඉන්න ඕනද කියලා තීරණය කරන්න ඕන අදාළ කාන්තාව. ඒක අැගේ කැමැත්ත. (නදී)
මමත් එකඟයි මේක නීතිගත කරන වැඩේට (නි)
මේ වෘත්තීය තෝරාගන්න කාන්තාවකගේ ආකල්පත් බලපානවා. සමහරු එදා වේල කන්න නැතත් ලස්සනට සැරසිලා ඉන්න කැමතියි. සමහරු කැමතියි අනෙක් කාන්තාවන්ට වඩා තමන්ට වැඩි පිරිමි සංඛ්‍යාවක් ආකර්ශනය වෙනවා කියන උද්දාමයෙන් ඉන්න. ඔක්කොම තම තමන්ගේ අවශ්‍යතා අනුව තමයි. කාටවත් වැරැද්දක් කියන්නත් බැහැ. (නි)
ගණිකා වෘත්තීය ලංකාවේ ඉහලම ආදායම් සපයන වෘත්තීය තත්වයට පත් වුනත් , පිරිමි කෙනෙක් දන්නවා ඒ කාන්තාව හපලා වීසි කරන උක් දණ්ඩක් මිසක් ගෙදරට ගෙනත් පෝච්චියට දාලා තියාගන්න පුළුවන් මලක් නෙවෙයි කියලා. නීත්‍යානුකුල භාර්යාවක් සොයනකොට , යහපත් පවුල් පසුබිම, චරිතය , උගත්කම, විනීතකම ආදී දහසක් දේවල් සොයන්නේ ඒ නිසානේ. හැමෝටම ආඩම්බරෙන් පෙන්නන්න පුළුවන් සාලයේ මල් පෝච්චියේ දාපු මල මිසක් හපලා වීසි කල උක් දණ්ඩ නෙවෙයිනේ. (නදී)
"පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ. අඳුරේ පව් කරන දනා එළියේ රවන ළඳුනේ. (නදී)
අපේ රටේ වාර්තා වෙන්නේ සහ දඬුවම් ලැබෙන්නේ ඇත්තටම සිදුවෙන ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ වලින් ඉතාම සුළු කොටසකට පමණයි. පැමිණිලි නොකරන සහ එලි නොවෙන ළමා අපචාර සහ දූෂණ ප්‍රමාණය අපි දන්නා ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි. මම කාන්තාවක් උනත් මගේ අදහස මෙය නීතිගත කිරීම අවශ්‍ය බවයි. කැමති අයට යන්න. එහෙම උනොත් අසහනය ඇති අයට සහනයක් ලැබෙයි කියල හිතනවා.(නදී)
වෘත්තීයට නීතිමය තත්වය ලැබුනාට මේ කාන්තාවන්ට අපේ සාධු සමාජයෙන් ලැබෙන පිළිකුල සහගත සංග්‍රහය නැතිවෙන්නේ නැහැනේ. හැම තාත්තාම තව දුරටත් තමන්ගේ දුවට දොස්තර කෙනෙක් , ගුරුවරියක් , විධායක නිලධාරිනියක් වෙන්න කියනවා මිසක් වෘත්තීය ගණිකාවක් වෙන්න කියන්නේ නැහැනේ. නැන්දම්මා කෙනෙක් , කුලී වැඩ කරන ලේලියක් ගෙට ගත්තත් ගණිකාවක් ලේලියක් විදියට පිළිගන්නේ නැහැනේ. මේක නීති ගත කලොත් ඔවුන්ට ලැබෙන්නේ රැකියාව බාධාවකින් තොරව කරගෙන යාමේ නීතිමය නිදහස විතරයි. ඒත් ඔවුන්ගේ ඇතුලත දැවෙන මානුෂික ප්‍රශ්නවලට පිළිතුරු වත් , සමාජයේ පිලි ගැනීමවත් ලැබෙන්නේ නැහැ. මල පැනපු බිරියන් සහ පෙම් වතියන්ගේ කොසු ඉදල් පහරවල් නම් අඩුවක් නැතිව ලැබේවි. (නදී)
අපේ ගමේ එක්තරා දුප්පත් පවුලක වැඩිමල් දියණිය කොළඹ රැකියා සොයා ඇවිත් අන්තිමට මේ රස්සාවට තමයි යොමු වුනේ. ඇගේ සල්ලි වලින් මල්ලි කෙනෙක් දොස්තර කෙනෙක් කරලා නංගිව පොහොසත් තැනකට කසාද බන්දලා දුන්න. අන්තිමට මේ කාන්තාව සමාජ රෝගයකින් සහ පිළිකා රෝගයෙන් පෙලෙන බව දැන ගත්තාම ඇයව ඉස්සෙල්ලම පවුලෙන් පිට කලේ ඇගේම අම්මා. නංගිලා මල්ලිලාට අවනම්බුවක් කියලා. පුදුමය නම් මේ තරුණිය පවුලට දුන්නේ ගණිකා රැකියාවෙන් ඉපයූ මුදල් බව මුල සිටම ඇගේ අම්මා දැන සිටීමයි. මට මහා පිළිකුලක් ඇති වුනේ අර අම්ම ගැන මිසක් දුව ගැන නම් නෙවෙයි. (දී)
ඉන්දු - මෙල්බර්න් හරි, මෙය නීතිගත නොකිරීමෙන් තමා අද කාර්යාල වල, බස් වල, දුම්රියේ අසහන කාරයෝ පිරිලා නිදහසේ ගැහැනියකට නිදහසේ තමුන්ගේ වැඩක් කරගන්න අමාරු ලංකාවේ. මෙය නීතිගත කලානම් දෙපාර්ශවයම තමන්ගේ කැමැත්ත, අවශ්‍යතාවය අනුව නිදහසේ තීරණය කර තමාට හොද දේ කරාවි. (දී)
මෙය නීතිගත කිරීමත් සමග සමාජ රෝග ප්‍රතිකාර වලටත් සෑහෙන වැඩපිළිවෙලක් යොදන්න වේවි. අසහනය සහ දරිද්‍රතාවය නැතිවෙලා ඒ වෙනුවට මොනවා හරි ලැබෙන්නත් ඕන නේ. එඩ්ස් වගේ දෙයක් ව්‍යාප්ත වෙනකොට , උපදින්න ඉන්න දරුවාගේ ඉඳල ආරක්ෂාවට මොනවා හරි කරන්න වේවි. (අ)
මේක නීතිගත කලාම මේ වෘත්තීය නොකරන සෙසු කාන්තාවන්ට වන අතවර නවතීවිද ? අසහන කාරයාට ගණිකාවද , බිරිඳද, අල්ලපු ගෙදර කාන්තාවද , කැළයට දර අහුලන්න ගිය කාන්තාවද කියලා වෙනසක් නැහැ. ඔහුට ඕන කාගේ හෝ නාරි මාංශයක් පමණයි. (අ)
කාන්තාවන් මොන දුකක් විඳලා හරි යම් ඉගෙනීමක් ලබා ස්වාධීන ආදායම් මාර්ග සොයා ගත යුතුයි. මේකේ වටිනා කම තේරෙන්නේ තමන්ගේ සැමියාගේ ආදායම ට තමන්ටත් වඩා අයිතිවාසිකම් කිව හැකි පුර කළනියන් සිටින බව දැන ගත්තාට පසුව. (නදී)
මේක අනිවාර්යෙන්ම නීති ගත කරන්න ඕන. (අ)
මේක නීතිගත කිරීමට අවශ්‍යයි කියන කොතරම් දෙනෙක් හිටියත් තමන්ගේ බිරිඳ, දියණිය, සොයුරිය මේ වෘත්තීය තෝරාගත්තොත් අනේ හොඳයි කියාවිද ? අනුන්ගේ පවුල් වල බවලතුන් මෙහි නියැලීමේ කිසි වැරැද්දක් නැහැ . එහෙත් තමන්ගේ කෙනෙක් මෙහෙමයි කියලා දැනගත්තොත් හතර වරිගයෙන්ම පන්නාවි. (නි)
මේ හැමෝම තමන් මොන අදහස දැරුවත් මෙතන හැමෝම පිළිවෙලකට සංවාදය ගෙනියනවා. (අ)
බුදුන් වැඩිය මේ පින් දේශයේ හෙළ කුල සිරිතට හතර පෝයට සිල් ගන්න අපට නම් මේ වෘත්තීයත් එකට ආවඩන බටහිර සිතුම් පැතුම් වලින් මනස කුරවල් කර ගත්ත "උගතුන්: ගේ කතා අසුවම අපේ ආදී මුතුන් මිත්තන් මිනි වලවල් වලින් නැගිටලා එනහැටි සිහි වෙනනවා.. (අ)
බිමල් ඒ නැගිටින ආදී මුතුන් මිත්තන්ට කියන්න තාම මේක නීතිගත කලේ නෑ කියල. පවුනේ දැන්ම ඇහැරවන්න. (නදී)
බිමල්, හතර පෝයටම සිල් ගන්නවද? (නි)
ගණිකා වෘත්තීය නීතිගත කරනවා නම්, ඒ සමඟම 3 වැනි සිල්පදය සමාදන් වීම, එය ප්‍රසිද්ධියේ කීම කළහැක්කේ කෙසේද? මේ කිසිම ගණිකාවක් වෙන රැකියාවක් කරන්නේ නැහැ, සල්ලි වලට තියෙන කෑදරකම නිසා. (නි)
මිනිස්සු බල්ලෝ මරලා හෝ සල්ලි හොයන කාලයක් මේක (දී)
කොහෙද මේ (දිල්)
ලංකාවේ පංච බල කෙන්ද්‍රවලින් එකක් තමයි සචාරක කර්මාන්තය,ඉතින් එකේ එක කොටසක් තමයි ගණිකා වෘතිය ,එතකොට මේවා කරන්නේ විජාතික කුමන්ත්‍රණ වලට සම්බන්ද අයද කියලා සොයා බලන්න වෙනවා (දී)
මමත් යන්නනේ හිටියේ , අපරාදේ (දී)
දය අලහ කොන් කයන්නේ ඇත්ත.(දී)
මම නිකමට කියන්නේ ගණිකා වෘතිය නීති ගත කිරීම තමයි හරියටම හරි යන්නේ (දී)
සංචාරක ව්‍යාපාරය නිසා ගණිකා වෘතිය ස්ථාපනය කරන්න දෙන්න බැහැ (දී)
ජිනා මැඩම්ගේ නඩුවේ නවතම තත්වය කුමක්ද (දී)
දැන් ඉතින් සොබනව පට්ට ගහාවී .එත් හැමෝම හිතෙන් කියන්නේ "අපරාදේ" කියල තමයි. (දී)
තව කොයි තරම් ප්‍රමාණයක් ඇතිද ලංකාවේ (දී)
මිනිසුන්ගේ හැඟීම් යටපත් කර ගන්න එවිට මෙවැනි තැන් අවශ්‍ය නැහැ (දී)
ලෝකේ පරණම රැකියාව (දී)
අල්පේච්චභාවයේ සැනසීම වටහා නොගන්නා තෙක් මිනිස්සු ඔීනම දෙයක් කරල සල්ලි හොයන්න පෙළබෙනවා අවසානයේ ලබාගත් කිසිමදෙයක් නැතිව දුකින්ම මියයනවා (දිල්)
ලෝකේ පරණම රැකියාව දඩය 100 යි (දී)
ඔබට ගරහන රුදු ලොවක් මිස හඳුනා ගන්නා හදවතක් වේද (දී)
බඩවියත රැකගන්නයි දරුවන් රකින්නයි තමයි මේ සේරම කරන්නේ (දී)
මිනිස්සුන්ට ජිවත් වෙන්න ක්‍රමයක් සහ මුලික අහර පාන වල මිල අඩු උනානම් මෙහෙම දේවල් වෙන්නේ නැ. දැන් හෙම අපරාදයකටම මුල තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්න මිනිස්සු ගාව සල්ලි නැති එක. මෙහෙම ගියොත් හොරකම් කරන්න හිටියේ නැති එකත් හොරු මංකොල්ල කාරයෝ වෙනවා.. (දී)
අල්ලන්න වෙන දේවල් නැතිවද දැන් නෑ,ජීවත් වීමට මගක් නොමැති කමට කරනවා ඇති.එකටත් හෙනහුරෙක්. (දී)
ගණිකාවක් කියන්නේ සංවිධානාත්මක අපරාධකාරියක් වගෙයි සමහරු නම් කතා කරන්නේ (නි)
මෙහෙම පොලිසියෙන් අල්ලාගත් පසු මේ කාන්තාවන් නිග්‍රහයට සහ සමාජයේ ගැරහුමට ලක්වෙනවා. නමුත් නම්බුකාර විදියට රඟපාමින් සමාජයේ විවිධ තරාතිරම් වල පිරිමින් රවටා සල්ලි වලට අමතරව ගෙවල් දොරවල්, නවීන වාහන විතරක් නෙමෙයි තමන්ගේ දරුවන්ට සුපිරි පාසල් පවා ලබාගන්න 'නම්බුකාර අබිසරුලියන්' හැමදාම බේරිලා. (නි)
අබිසරු ලියන් බවට පත්වන්නේ කුමන හේතුවක් නිසාද කියලා ප්‍රථමයෙන් සිතා බැලුවොත් නරකද? (නි)
හරිම දුක්බර කතාවක්. මමත් ඔය තැන්වලට ගිහින් සතුටු සාමිචියේ යෙදී තිබෙනවා. නමුත් එයාලා කියන කතා ඇහුවම සල්ලි දීලා නිකම්ම එන්න හිතෙනවා. ඔය සල්ලි වලින් තමයි එයාලගේ ගෙදර ආලෝකමත් වෙන්නේ. ඒක නිසා මේ ගැන මීට වැඩිය හොඳ විදියට හිතන්න. කරුණාකරලා ලොකු සමීක්ෂණයක් කරලා මෙම කාන්තාවන්ට උදව් කරන්න පුලුවන් නම් හොඳයි (නි)
එකක් ඇල්ලුවට තව කීදාහක් තියෙනවද? (නි)
මේක මහා වරදක් විදියට දකින කෑගහන සුචරිතවාදියන්ගේ ඇතුළත බලන්න පුලුවන් නම් කතාකරලා වැඩක් නැතිවෙයි. මම නම් කියන්නේ මේක නීතිගත වෙන්න ඕනෑ. (නි)
ඔය වැඩේටත් යම් නීති මාලාවක් සම්පාදනය කළා නම් ඉවරයිනේ (නි)
එම කාන්තාවන් කරන්නේ අවශ්‍යතාවයට සේවය සපැයීමකි. මේ දේවල් නීති ගත නොකිරීමෙන් තමා ස්ත්‍රී දුෂන ළමා අතවර වැඩි වෙන්නේ (නදී)
මෙතන ගණිකාවන්ට ගරහන අය තමාගේම හදවතට තට්ටු කරලා බලන්න ජීවිතේටම කිසිම වරදක් කරලා නැද්ද කියලා. (නි)
මේක රැකියාවක්. අද අපේ රටේ රැකියාවක් තියා කුලී වැඩක්වත් හොයා ගන්න බැහැ. ඉතින් අපි මේ අයට පුළුවන් අන්දමෙන් අපේ සහය දීලා එයාලගේ රැකියාව කරගෙන යන්න උදව් කරන්න ඕනේ. (නදී)
මට බන්දුල පෙරේරාත් එක්ක එකඟ වෙන්න පුළුවන් මෙන්න මේ කාරනේදී විතරයි.(නදී)
හැමදේම කරන්නේ ජීවත් වෙන්න එ්ක පහසුවෙන් කළ හැකි ජොබ් එකක්නේ. බලන්න දැන් විදේශ ගතවෙලා ඉන්න කාන්තාවෝ මොන තරම් විඳවනවද කියලා.(නදී)