IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


අම්පාර ග්‍රාම නිලධාරි වසම් 4කට සංචරණ සීමා

( නවරත්න සමරතුංග)

අම්පාර නගරසභා බල ප්‍රදේශයේ කොරෝනා කොවිඩ් 19 ආසාධිත පුද්ගලයින් පස්දෙනෙකු වාර්තාවීමෙන් පසුව ග්‍රාම නිලධාරී වසම් හතරක් ආවරණය වන පරිදි සෞඛ්‍ය සංචරන සීමා පැනවීමට අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අද( 06 )පියවර ගෙන තිබිණි.
 
ඒ අනුව හිඟුරාණ අම්පාර ප්‍රධාන මාර්ගයේ මිහිඳුපුර, ඉන්ද්‍රසාරපුර, සේනානායකපුර, ජයවර්ධනපුර යන වසම් වලට මෙම සෞඛ්‍ය සංචරණ සීමා පනවා තිබුන නමුත් අත්‍යාවශ්‍ය ගමානාගමන කටයුතු වලට ඉඩ ලබාදී තිබිණි.

පසුගිය 04 දින සේනා නායකපුර වසමේ එක් පුද්ගලයෙකුට සිදුකල පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාධිතයෙකු බවට අනාවරණය වීමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් හතරදෙනෙකු ආසාධිතයින් බවට හඳුනා ගෙන ඇත.
 
මෙම පොකුරේ මුල්ම රෝගියා වූයේ අම්පාර පොදු වෙළඳ සංකීර්ණයේ ව්‍යෘපාරිකයෙකුගේ රියැදුරෙකකු බවත් ඔහුගේ ඒ අනුව පවුලේ සමීපතමයින් මෙසේ ආසාධිතවූ බව කියති.

මේ අතර ඊයේ උදෑසන සෞඛ්‍ය සංචරණ සීමා පැනවූ වසම්වල පුද්ගලයින්ට පී.ෂී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබිණී.

කෙසේ වුවුද අම්පාර නගරයේ අත්‍යාවශ්‍ය සේවා ස්ථානයන් වන රාජ්‍ය බැංකු, සහ මූල්‍ය ආයතන, ඔසුසැල්, ෆාමසි, ආයතන විවෘතව පැවති අතර අනෙකුත් කඩ සාප්පු සහ වෙළඳ ආයතන වසා තැබීමට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය  විසින් ව්‍යාපාරිකයින්ට උපදෙස් දී තිබිණි. එහෙත් ‘සතොස’වෙළඳ ආයතන වලින් පාරිභෝගිකයින් සඳහා බඩු නිකුත් නොකෙරිණි.

සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අම්පාර නගරයට පිවිසෙන සියළුම පිවිසුම් මාර්ග සහ ප්‍රධාන මංසන්ධි වලට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව අම්පාර මූලස්ථාන පොලීසිය සඳහන් කලේය.



අදහස් (0)

අම්පාර ග්‍රාම නිලධාරි වසම් 4කට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 613 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1519 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 749 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 677 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 985 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 482 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site