IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අමර හේවාමද්දුම කළුරිය කරයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ අමර හේවාමද්දුම මහතා අභාවප්‍රාප්තවිය. දිසාපතිවරයකු වූ ඔහු පරිපාලන සේවයේ තනතුරු රැසක් දරා විශ්‍රාම ගියේය. හේවා මද්දුම මහතා මාතර රාහුල මහා විදුහලේ ආදි සිසුවෙකි.

 



අදහස් (0)

අමර හේවාමද්දුම කළුරිය කරයි

අමරනාත් Friday, 28 June 2013 01:19 PM

රාජය සේවයේ සිටි ඉතාම හොද මහත්මා ගති ඇති අවංක නිලදරුවෙක්.දිසාපතිතුමෙක් වශයෙන් ඉතාම හොඳ නමක් දිනා ගෙන රටට සේවය කළ අවංක අය දැන් නැහැ. අපේ පඩිවරුන් රටින් පිටවන කාලයේ එතුමා රටට සේවය කළා. රට පිරිහෙනකොට උගතුන් ද නැතිවෙනවා.එතුමාට නිවන් සුව! (නි)

:       0       0

අනුරාධ. Friday, 28 June 2013 01:22 PM

පහන්,ඔබේ අදහසට මම එකඟයි.මන්ද?අමර හේවාමද්දුම කියන්නේ සිංහල බෞද්ධ ජන සමාජය ඔප්නංවන්න ජාතියේ පිනට පහල වුනු උතුම් මනුෂ්‍යයෙක්.එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.අපෙන් තුරන් වූ අනිත් පුද්ගලයා පිළිබඳව යමක් ලිවීම අපට නොගැලපෙන නිසා ලිවිය යුතුම ටික අමාරුවෙන් නොලියා ඉන්නම්. (නි)

:       0       0

සමන් Friday, 28 June 2013 01:31 PM

ඔබ රාහුල මෑණියන්ගේ ආඩම්බර පුත්‍රයෙක්.රාහුල ආදි ශිෂ්‍යයෙක් ලෙස ඔබගේ අබාවය ගැන මම මහත් සංවේගයට පත්වුනෙමි.ඔබට නිවන් සුව! (නි)

:       0       0

මනෝ Friday, 28 June 2013 01:31 PM

මෙතුමා ඔහුගේ බිරිඳගේ පාසැල වන හොරණ ශ්‍රී පාලී විදුහලටත් ඔහුගේ පාසලට වගේම ආදරය කළා ,උදව් කළා.ආදී ශිෂ්‍ය සංගමයේ රැස්වීමට පැමිණ මෙතුමා කරපු දේශනා හැමදාටම මතකේ තියේවි.20 වෙනි සියවසේ හෙළ කලා උල්පත නමින් පොතක් මුද්‍රණය කිරීමට ලොකු උදව්වක් කළා.ශ්‍රී පාලී ආදී සිසුවෙක් වශයෙන් ශ්‍රීපාලිය වෙනුවෙන් ඔබට නිවන්සුව පතනවා... (නි)

:       0       0

lakshman Friday, 28 June 2013 01:45 PM

ඔබට නිවන් සුව ! (අ)

:       0       0

ටෙනිසන් Friday, 28 June 2013 02:22 PM

සෑමදෙයක් ගැනම මනා වැටහීමක් තිබුන හොද බුද්ධිමතෙක්.ඉරිදා පුවත්පතකට සෑම සතියකම ඔහු අපේ රටේ ශ්‍රේස්ටයෙක් ගැන උගත යුතු කරුණු ගොඩාක් සමග රසබර ලිපියක් ලිවුවා.මේ සති අන්තයේ අවසන් ලිපිය කියවන්න ලැබෙයි. ලෝකයා ගුණදහම් වලින් ඈත් වන නිසාමද කොහෙද අපිට ඉන්න පිරිපුන් බුද්ධිමත් මිනිසුන්වත් අපෙන් ඈත් කරනවා. මහතාණනි, ඔබ වැන්නවුන් තව තවත් අපට අවැසි හෙයින් මා ඔබට නිවන් සුව නොපතමි. ඔබ නැවතත් අප අතරම උපදීවා! (නි)

:       0       0

දිනුක් - කටාර් Friday, 28 June 2013 02:23 PM

මනෝගේ අදහසට මම එකකයි. මමත් මමත් හොරණ ශ්‍රී පාලී විදුහලේ ඉගෙනන ගන්නකොට මෙතුමා අවා නිතරම අපේ පාසලට. මට මතකයි කොලඹ ආදී ශිෂ්‍ය සංගමයේ තිබුන උත්සවයේ මුලිකත්වය ගත්ගේ මෙතුමා. මම එතකොට 92-94 ශිෂ්‍ය නායකයෙක්. මමත් සහභාගි උනා එම උත්සවයට. ඔබගේ අභාවය ගැන මම මහත් සංවේගයට පත්වුනෙමි. ඔබට නිවන් සුව පතමි.(නදී)

:       0       0

ගාමිණි Friday, 28 June 2013 02:30 PM

ආදර්ශමත් චරිතයක් අවංක නිලදරුවෙක්,ඔබට නිවන් සුව ලැබේවා (අ)

:       0       0

චමිල - පානදුර Friday, 28 June 2013 02:55 PM

උතුම් මිනිසෙකු උපරිමයෙන් රටට සේවය කර නිදහස්ව හිතේ සතුටින් අවසන් ගමන යන මොහොතක අපට , රටට ලොකු පාඩුවක් උනත් , ඔබ තුමා ජීවත්ව සිටි කාලයේ කල යහ ගුණ සැමදාම ජීවත් වෙන බව සිහිපත් කරමි. ඔබ තුමාට අජරාමර නිවන් සුවම අත්වේවා !(අ)

:       0       0

චන්දා Friday, 28 June 2013 10:29 AM

අති උදාර මිනිසෙකි . නිවනින් සැනසේවා !(නදී)

:       0       0

දම් Friday, 28 June 2013 03:19 PM

සිහල බස ,දකුණු ලක , උගත් -නැණවත් බව සමග මුසුවූ විට ඔබ වැනි උතුම් මිනිසුන් රටට බිහි වන්නේය. ඔබට නිවන් සුව ජාතියේ පියාණනි.(නදී)

:       0       0

ඉන්දික දයාරත්න Friday, 28 June 2013 10:40 AM

ශ්‍රේෂ්ට පරිපාලන නිලදාරියෙක්, අද ඉන්න අයට ආදර්ශවත් මිනිසෙක්,බොහෝ ඇසු පිරු තැන් ඇති කෙනෙක්,ඔබට නිවන් සුව ලැබේවා.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 28 June 2013 10:49 AM

මෙතුමා දක්ෂ පරිපාලන සේවකයෙක් මෙන්ම සිංහල භාෂාව පිලිබඳ හොඳ දැනුමක් ඇති කෘතහස්ත සාහිත්‍යධරයෙකි. මෙවන් දරුවන් ලක් මාතාවට නැවත ලැබෙන බවක් පෙනෙන්නට නම් නැත. ඔබට නිවන් සුව ලැබේවා. (නි)

:       0       0

සමින්ද Friday, 28 June 2013 11:00 AM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

කුමාරිහාමි Friday, 28 June 2013 11:01 AM

මොහු සම්ප්‍රධායික පිලිවෙත් අනුගමනය කළ උගත් ලේඛකයෙකි. ඔහුගේ බිරිදද උපාධි දාරිණියක් උවත් රැකියාවක් කිරීමට හෝ සමකාලීන කතුන් අදින බටහිර වූ සාය ගවුම් ඇදීමට අවසර නොදුනි.(නදී)

:       0       0

හේමන්ත Friday, 28 June 2013 11:04 AM

හෙළ බසට හෙළ දෙසට ගැමිකමට හිතැති වූ, හිත නිවුණු දැහැමි හොඳ කෙනකු වූ, රටට වැඩක් සිදුකරපු රුහුණු පුත්‍රයෙක්. ඔබතුමන්ට නිවන් සුව අත්වේවා ! (නි)

:       0       0

සිරිල් ටී. Friday, 28 June 2013 11:08 AM

මේ රටේ ජනතාව මොහු හඳුනන්නේ පොත් පත් මෙන්ම වටිනා ලිපි රැසක් ලියූ දක්ෂ ලේකඛයෙක් ලෙසයි. සාහිත්‍යධරයෙක් හැටියටයි . (නි)

:       0       0

අනුර Friday, 28 June 2013 11:15 AM

මේ වගේ හොද මිනිස්සු නැතිවෙන එක සිංහල ජාතියට මහත් පාඩුවක්. ජීවත්වෙන්න ඕනෑ මිනිස්සු මැරෙනවා. මැරෙන්න ඕනෑ අය ජීවත්වෙනවා (නි)

:       0       0

අනුර Friday, 28 June 2013 11:33 AM

මෙතුමා අපේ පාසලේ.ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

නිශේන්ද්‍ර Friday, 28 June 2013 11:34 AM

තවත් වටිනා මිනිසකු රටට අහිමි විය. ඔබට නිවන් සුව. (නි)

:       0       0

ධම්ම Friday, 28 June 2013 11:51 AM

ඔබතුමාට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

ඩෙන්සිල් Friday, 28 June 2013 11:58 AM

මෙතුමාගේ ජීවිත කතාව 'ගොවි ගෙදරින් දිසාපති මැදුරට මම 10 වැනි වතාවටත් ඊයේ කියෙව්වා.එතුමා හොඳ සිංහල උගත් පඬිවෙරයෙක්.ඉතාම නිහතමානී සිවිල් නිලධාරීතුමෙක්.එතුමාට අමාමහ නිවන්සැප ලැබේවා. (නි)

:       0       0

පහන් Friday, 28 June 2013 12:03 PM

ඔබතුමාගේ ලිපි මම කියවා තිබෙනවා. ඔබ වැන්නවුන් අහිමි වීම රටට විශාල පාඩුවක්. ඔබතුමාට නිවන් සුව! (නි)

:       0       0

චන්දික Friday, 28 June 2013 12:07 PM

බුදුරජාණන් වහන්සේ දේශනා කල ධම්ම පදය සිංහලට පරිවර්තනය කර පොතක් එලි දැක්වූ ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රොෂාන් සංජීව කුමාර Friday, 28 June 2013 05:30 PM

මේ උත්තමයෝ තව්තිසා දෙව් ලොවෙන් ලක්බිමට ලැබුණු දායාද,කුඩා කල සිට අපට හුරු නමක් ''අමර හේවා මද්දුම'', නොමැරෙන සේවයක් කල උත්තමයෙක්, නමට ගැලපෙන ක්‍රියා පටිපාටියක් තිබු කෙනෙක්,නිවන් දකින්න පෙර, නැවත අපේ රටේම ඉපදේවා!!!! (අ)

:       0       0

රොෂාන් සංජීව Kumara Friday, 28 June 2013 05:31 PM

මේ උත්තමයෝ තව්තිසා දෙව් ලොවෙන් ලක්බිමට ලැබුණු දායාද, කුඩා කල සිට අපට හුරු නමක් ''අමර හේවා මද්දුම'', නොමැරෙන සේවයක් කල උත්තමයෙක්, නමට ගැලපෙන ක්‍රියා පටිපාටියක් තිබු කෙනෙක්, නිවන් දකින්න පෙර, නැවත අපේ රටේම ඉපදේවා!!!!(නදී)

:       0       0

සුජාතා Friday, 28 June 2013 12:14 PM

ඔබ ඉතා ශ්‍රේෂ්ට මිනිසෙකි. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 28 June 2013 05:44 PM

රටට, ජාතියට,බෞද්ධාගමට, මේ මහා පොළොවට අවංක ලෙස තම යුතුකම් ඉටු කරන ලද මහා මිනිසාණනි, මනා පරිචයකින් හෙබි ඔබ වැනි අනුනට ආදර්ශයට ගත හැකි 'පරමාදර්ශී' චරිතයකින් හෙබි ඔබට නිවන් සුව පතමි! (අ)

:       0       0

සමීර් Friday, 28 June 2013 12:40 PM

අමර හේවාමද්දුම, එඩ්වින් ආරියදාස ,සුනිල් මාධව ප්‍රේමතිලක මාගේ ගුරු පියාණෙනි ඔබලා ලක්මවගේ උදාර පුතුන්ය. අමර හේවාමද්දුම නාමය සදා අමරණීයයි.ඔබට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

අමිල කටුනායක Friday, 28 June 2013 12:46 PM

ඔහුට සුවබර නින්දක්! (නි)

:       0       0

ලාල් Friday, 28 June 2013 12:53 PM

ඉතා ගුණයහපත් බුද්ධිමත් මහත්මයෙක්. නිවන් සුව පතමි. (නි)

:       0       0

පහන් Friday, 28 June 2013 12:57 PM

මේ ලගදී මියගිය දේශපාලකතුමෙක් ගැන දාලා තිබුන ප්‍රතිචාර එක්ක බලනකොට මෙතුමාට ලැබෙන ප්‍රතිචාර විශිෂ්ටයි. වපුරපු හැටියටලු අස්වැන්න (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 28 June 2013 01:05 PM

මෙතුමාගේ ජිවිත කතාව කියවල තියෙනවා. ඔබට නිවන් සුව! (නි)

:       0       0

චන්දන Friday, 28 June 2013 01:11 PM

විශිෂ්ටයාණනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

චමින්ද Friday, 28 June 2013 01:17 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිවයින පුරාම සවස් කාලයේ තද වැසි
2024 සැප්තැම්බර් මස 28 26 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 1302 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 418 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4992 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1677 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 795 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37815 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24922 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 740 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site