මේ අතිවිශේෂ දුලබ වූ ගාන්ධර්ව විවාහයේ සැමරුම සඳහා විමලා අමරදේවයන් විසින් මෙම ස්ථානය තෝරා ගැනීම මොන තරම් අපූරු දැයි මට සිතුණි. මේ රටේ සමහර අය සුපිරි තරු පහේ හෝටල්වල හෝ තම ගෘහයන්හි හිස් වදන් දොඩවමින් පවත්වන විවාහ සැමරුම් උත්සවවලට වඩා මෙය මොන තරම් උදාර දැයි මට සිතුණි.
මිහිඳු සෙත් මැදුර යනු වසර 30 ක පමණ යුද සමයේ ආබාධිත වූ රණවිරුවන් 25,000 ක පමණ දෙනා අතරින් පූර්ණ ආබාධයන්ට ලක් වූ 400 ක පිරිසෙන් විරුවන් 50 දෙනෙකු පමණ ජීවත්වන නිවහනයි. අත්තිඩිය වැව පාරෙන් එහා ඉමේ සුන්දර නිසංසල පරිසරයක අපූරුවට නිර්මාණයවී ඇති මෙහි සියලූම පහසුකම්වලින් සමන්විත කාමර 50 ක් පමණ ඇත. මෙම 50 දෙනා රැුක බලා ගැනීම සඳහා ඔවුන්ගේම සහෝදර රණවිරුවන් පිරිසක් ඇප කැපවී සිටිති. මෙම රණවිරුවන්ට සිය ජීවිත කාලය පුරාම සමාජයට හෝ තම නිවෙස්වලට කරදරයක් නොමැතිව අභිමානයෙන් ජීවත්වනු පිණිස ඉදි කළ මේ නිවහන ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුබද්ධ වූ ආතනයකි.
ප‍්‍රථමව මානෙල් ජයමාන්න මහත්මිය රණවිරුවන් සහ පැමිණ සිටි අය පිළිගනිමින් කතාවක් කළ අතර, ඇය විසින් මෙසේ පවසන ලදී. මේ නම් දිව්‍යමය
|
|
ගුණයක් නොවේද? මේ දිව්‍යමය ගුණය බෞද්ධ දර්ශනයේ සඳහන් කරන්නේ මෙලෙසිනි. අංගුත්තර නිකායේ පාඨම සංවාස සුත‍්‍රයෙහි දිව්‍යමය යුග දිවියක ලක්‍ෂණ දක්වා තිබෙනවා. එනම් පළමුව ළාමකයෙකු ළාමක ස්ත‍්‍රියක හා විසීම, දෙවනුව ළාමකයෙකු දෙව්දුවක හා විසීම, තුන්වනුව දෙව් පුත‍්‍රයෙකු දෙව්දුවක හා විසීම. ඒ අනුව මෙම විවාහය දෙව්දුවකු හා දෙවි පුත‍්‍රයෙකු අතර වූ විවාහයක් ලෙස සඳහන් කළ ඇය, බෞද්ධ සමයේ විසූ නකුල මාතා හා නකුල පිතා අප සමඟ වර්තමානයේ ජීවත් නොවන්නේද යැයි අසා සිටියාය. පසුව පණ්ඩිත් අමරෙද්වයන් විසින්.
පෙම්බර මා පුතණුවනේ -
නුඹ සිටි සුර ලොව කොතැනේ
හෙළ දෙරණට පුතු ආවේ -
පෙර මහ පින් කළ බැවිනේ
බාලොලි ලොලි බිළිඳු පුතේ -
බාසුරුවන් බුහුටි පුතේ
පායන හිරු සදිසි පුතේ -
රට බාරයි නුඹට පුතේ
මහ පැරකුම් නුඹයි පුතේ -
දුටු ගැමුණුත් නුඹයි පුතේ
මගෙ සිහිනය නුඹයි පුතේ -
මද්දුම බණ්ඩාර පුතේ
රට බාරයි නුඹට පුතේ
යන ගීතය ගයන ලද අතර, එතුමා මහත් වූ ජවයකින් ගීතය ඉදිරිපත් කරමින් මේ සුන්දර සන්ධ්‍යාව ආරම්භ කළේය. පසුව ජගත් වික‍්‍රමසිංහයන් ”අමරගුරු උපහාර ගීය” වන
හෙළයේ ගධභ කුල - සුපිපි තඹරා මල
අමරණීය සර - අමරදේවයාණනේ
ළබැඳි සොයුරු හද - කුහක නොවන සඳ
සුවඳ පතුරුවන - අමර ගීත ගායනේ, ගීය සමඟ ප‍්‍රසංගයට එක්වූ අතර, ඉන්පසුව නැවතත් අමරදේවයන්
සසර වසනතුරු - නිවන් දකින තුරු
පින්කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට හේතු වාසනා වේවා
ගීතය ගයද්දී අප විරුවන් නොසෙල්වී බලා සිටි අතර සමහර විරුවෝ ඒ දෙස කඳුළු පිරි දෙනෙතින් බලා සිටියහ. ඉන්පසුව වක්කඩ ළඟ දිය වැටෙන තාලයට රණවිරු චරිත් කුලතිලක හා කවිතා තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගත් අසංක ධනංජය එක්ව ගයන ලද අතර, එතුමාගේ පුතණුවන් රංජන අමරදේව සමඟ ද ගායනා ඉදිරිපත් කරන ලදී. මා ද වරින් වර ගී ගායනා ඉදිපත් කළ අතර, මේරියන්ස් නලීන් පෙරේරා සහ ගායිකා ඉන්දීවරී අබේවර්ධන රණවිරුවන් හා එක්විය.
ඉන්පසුව එළඹියේ මෙම වැඩසටහනේ සංවිධායකවරිය වූ විමලාවන්ගේ භූමිකාවයි. ඇය මයික‍්‍රෆෝනය අතට ගෙන රණවිරුවන් ඉදිරියේ මෙසේ පවසා සිටියාය. දෙවියන් වහන්සේ විසින් 1927 දෙසැම්බර් 05 වන දින දෙවි පුත‍්‍රයෙකු මැවූහ. ඉන්පසුව තවත් අහිංසක යුවතියක් ස, රි, ග, ම, ප, ධ, නි, ස්වර හත මෙන් අවුරුදු හතකට පසුව 1934 දෙසැම්බර් 05 ඇය ඉපදුණු බව කීවාය. ඉන් පසු කවි ගායනාවකට එක්වෙමින්
ලස්සණ හිමවතේ මා වී පැසෙන්නේ
රැක්වෙන දෙවියනේ වෙල බත පුදන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ
යන ජන ගීය ගැයූ අතර මෙයින් පසුව අමරදේවයන් විසින්
පිලේ පැදුර හේනට අරගෙන යනවා
එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා ගයනලදී.
මෙම ගීය නිර්මාණය ද ඉහත ”ලස්සන හිමවතේ” කවිපද ඔස්සේ කෙරුණු බව සඳහන් විය.
ඉන්පසුව මම විමලාගෙන් විමසා සිටියේ මැඩම් කොහොමද සර්ව හමුවුණේ කියායි. එයට ඇය සිනාසෙමින් ඉතා උනන්දුවෙන් උත්තර දුන්නාය.
පේ‍්‍රමකුමාර එපිටවලයන්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඇතුළු පිරිස ඩබ්ලිව්.ඞී. ඇල්බට් පෙරේරා යන සංගීත ශිල්පියාව වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ඉන්දියාව බලා පිටත් කර හැරීමට මොරටුව කොරලවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය පාසලේ උත්සවයක් සංවිධානය කළෝය. ඒ වන විට මියුසියස් විද්‍යාලයේ නර්තන කණ්ඩායමේ ශිෂ්‍යාවක වූ ඇයට මෙම උත්සවය සඳහා නර්තන අංගයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබිණ. දෛවයේ හාස්කමකින් මෙන් ඩබ්ලිව්.ඞී. ඇල්බට් පෙරේරා සංගීත ශිල්පියාට මල් මාලය පැළඳවීමටද ඇයට අවස්ථාව ලැබිණ. ඊට පසුව ශාන්ත මේ ? යාමේ ගීතය ගුවන් විදුලියේ වාදනය වන විට ඇයගේ හිතට අමුතු හැඟීමක් ඇති වුණ බවත්, පසුව අමරදේවයන් නැවත මෙරටට පැමිණි පසු ජන ගී ඇසුරු කොට යම් යම් නිර්මාණයන්හි යෙදුණු අතර, එම ජන ගායනා සඳහා විමලාවෝද නිතර සහභාගී වූවාය. මෙම ජන ගීවලින් ම ආදරය ද හටගත් බව ඇය විසින් සිනා සිසී පවසන ලදී.
ඉන්පසුව එළඹියේ මේ සුන්දර වූ ප‍්‍රසංගයේ නිමාවයි. එම අවස්ථාවේ අමරදේවයන් විසින් නිර්මාණය කළ අපූරු කවිය සරත් ද අල්විස් ප‍්‍රමුඛ සංගීත ශිල්පීන්ගේ වාදනයට අනුව ගයනු ලැබිණි.
අතැර නොයන සෙවණැල්ලක් සේ රඳන
නිතර සදාලන සුව සෙත රැක වරණ
කවිය තුළින් ජන ආරේ රස මවන
සවිය ඔබයි විමලාවනි මන නඳන
පසුව මේ රට බේරාගත් උදාර රණවිරුවන් සමඟින් මේ මහා ගාන්ධර්වයා හා විමලා අමරදේවයන් රාත‍්‍රී ආහාර ගනු දුටු මට සිතුණේ මේ නම් මොන තරම් අසිරිමත් අවස්ථාවක්ද යන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නට හැකි නම් අපට , එක වසරක් බැගින් අප දිවියෙන්, ඔබව තවත් දිගු කාලයක් ජීවත් කරන්නට, කරනෙමු තුටින්, වෙමු අපි සතුටු සිත් ඇත්තන්.... (දී)
අප ලක් මෑණියන් ගේ නෙතු පිනවනු පිණිස පින්බර පුත් රුවන බිහිවිය මේ දෙරණ ! කප් සුවහස් කලක් පැතිරෙන මේ සුවද ගුන වරුනයක් කලහැකි වේද කිසිවෙකුට? නිදුකින් නිරෝගිව දිගුකල් වැජබෙන්ට! ආසිරි පතන්නෙමි මගේ හද පතුලෙන්ම!(නදී)
අපේ පිනට, රටේ පිනට පහලවූ හෙළ ගාන්ධර්වයාණනි! ඔබට නිදුක් නිරෝගී සුව පතන්නේ අතිශය හෘදයංගම හැගීමකිනි. මා කැලණිය සරසවියේ ඉගෙනුම ලබන කාලයේ, ඔබතුමා ජනසන්නිවේදන අංශයේ දේශනයකට පැමිණියා.එම අංශයේ සිටියේ සිසුන් සුළු සංඛ්‍යාවක්. ඔබතුමාගේ සුමියුරු නාදය අසන්නටත්, ඔබතුමා දැක බලා ගැනීමටත් වෙනත් අංශවල සිසුන් සිය ගණනක් සන්නිවේදන අංශයට පැමිණ සිටියා.මෙම සිද්ධියෙන් එම අංශයේ අදුරුතුමන්ලාත්, සිසුවනුත් දැඩි අපහසුතාවයකට පත්වුනා. ඒ අය අනෙක් සිසුන්ට පිටව යන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටියා. එහෙත් ඔබතුමා කෙතරම් නිහතමානී සහ කරුණාවන්ත වුවාද කියතොත් "ඒ අයත් දරුවෝ නේ..ඒ අයට යන්න කියන්න එපා.අපි ටිකක් ඉඩ තිබෙන ශාලාවකට ගිහින් මේ කටයුත්ත කරමු." කියා යෝජනා කළා. දරුවන් තුල ඔබතුමා ගැන කෙතරම් ගෞරවාදරයක් ඇති වුනාද කියතොත්, විනාඩි ගණනක් උණුසුම් අත්පොලසන් නාදයකින් ශාලාව නින්නාදී වුනා.ඔක්කොම 16 ශාලාවට ගියා. ඒ ඔබතුමාව පෙරටු කරගෙන. ඔබතුමාට දේශනය හරියට කරන්න ලැබුනාද..... නැහැ. සන්නිවේදනය නොකරන සිසුන් ඉල්ලන, ඉල්ලන ගීත ඔබතුමා ගයනා කළා.එදා වයලීනය වාදනය කලේ රවිලාල් විමලධර්ම නම් වූ හින්දි අංශයේ අදුරු උතුමෙක්. මෙම සිදුවීම තුලින් අප දුටුවේ ඔබතුමා තුල කෙතරම් නිහතමානී ගුණයක් කරුණා ගුණයක් තිබෙනවාද කියලයි. (ස)
කොළොම් තොට නැත මහලු වි අවන්හල නැත පැරණි වි එදා හදමයි අදත් යෞවනයේ...... ඔබ දෙපලට දිර්ඝායුෂ ලැබේවා. (අ)
පුළුල් අර්ථවත්, රසවත් ගීත ගයමින් අපගේ ජීවිත ප්‍රබෝධමත් කරන ඔබතුමාටත් ඔබගේ ආදරණීය බිරිඳටත් දීර්ඝ කාලයක් අප අතර නිදුක් නිරෝගීව ජීවිත්වීමට ලැබේවා! (නි)
මේ දෙන්නා ගැන ඉස්සර ඉදලම අපි දන්නවා (නි)
වාසනාවන්.(නදී)
අප සංගීතයෙන් අමන්දානන්දයට පත් කල ගාන්ධර්වයාණෙනි, ඔබට නිදුක් නිරෝගී සුව. (ස)
පණ්ඩිත ඩබ්. ඩි. අමරදේව අමරණිය සංගීතවේදියාණෙනි, චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!! (නි)
අමරදේවයාණෙනි, ඔබ ජීවත්වන යුගයේ ඉපිද ඔබ දකින්නටත් ඔබේ මියුරැ සරින් හද සනහා ගන්නටත් මා පින් කර ඇත. මහා කළාකරැවාණෙනි, චිරං ජයත නිවී පහන් වී ළය සැනහේ (අ)
ජයවේ ජයවේ ජයවේ ....! දිගුකල් දිනේ...! දිගුකල් දිනේ....! සතුට සෙනෙහස ලබමින් දිගුකල් දිනේ දෙපොලම. (නි)
ඔබතුමන්ට සුභ පැතුම් (දී)
කලාවට පමණක් නොව සුන්දර මිනිසකු ලෙස සමාජයෙහි අර්ථවත් ජීවිතයක් ගත කරන අයුරු ඔබ තුමා අපට ආදර්ශයෙන් මග පෙන්වා දුන්නේය.අමරදේවයානෙනි ඔබ තුමන් හා තුමියට දීර්ගායු පතමි.(දී)
අපි ඔබේ මියුරු ගී අසන්නට තව තවත් ජීවත් වන්න ආසයි . එනිසා ඔබ තුමාට 120 ට 220ක් ආයුබෝ වේවා! (දී)
තවත් දසක ගණනාවක් දැය වෙනුවෙන් ගී ගයන්න ඔබතුමාට දීර්ඝ ආයුෂ, ශක්තිය දිරිය ලැබේවා. ඔබට තෙරුවන් සරණයි. (ස)
ඔබ දෙපලට නිදුක් නීරෝගී දීර්ඝායුෂ. (ස)
ජාතියේ පිනට පහළවූ ගාන්ධර්වයාණනි.. ඔබ තුමාට යෝධ සෙවනැල්ලක්වූ මැතිණියනි.. ඔබ දෙපළට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා...! (අ)
අමරදේවයාණෙනි, ඔබ දේපල නිදුක් නිරෝගීව දිගු කාලයක් වැජඹේවා !!! (ස)
කදුළු පිරුණු මගේ දෙනතට කිසිවක් කියව ගත නොහැක. (අ)
දයාන්, සේයාරුප බොහොම සිත්ගත්තා (නි)
අපගේ පරණ පිනකින් පහළවුණු මේ උතුම් මිනිසාට අපගේ ගෞරවය සදා හිමි විය යුතුය. ඔබ දෙපලට දීර්ඝායුෂ ඉතා සිතින් ප්‍රාර්ථනය කරමු. ඔබගේ ගී එදත් ඇසුවෙමු අදත් අසමු හෙටත් අසමු අපි මියයන තෙක්. (නි)
හෙළයේ මහා ගාන්ධර්වයානෙනි, ඔබගේ වදන් විශ්වයේ තව තවත් රැව් පිළිරැව් දීමට වාසනාව හිමිවේවා! (නි)
ත්‍රි සිංහලයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබ යුවලට, නීරෝගීවන්නන් අතරින් අගසවු තනතුරට පත් බක්කුල මහා රහතන් වහන්සේ මෙන් අවුරුදු 120 ක් නිදුක් නිරෝගිව වැජබීමට හේතු වාසනා වේවා!!!!! (නි)
ඔබ දෙපලට දීර්ඝායු වේවා..!!! (නි)
වාසනාවන්! (නි)
හෙළයේ මහා ගාන්ධර්වයානෙනි, ඔබතුමන් හට දිගායු පතන අතර සසර වසනතුරු - නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා අඩ සිය වසක යුග දිවියක් ගතකල ඔබතුමන් ඉර හද පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ මේ ජීවන කතරේ // සැප දුක සමබර වේ යන පදවැල අපූරුවට සනාථ කල යුග පුරුෂ රත්නයක්. ඔබගේ මියුරු හඩින් අප සිත් සතන් සනහාලු ඔබටත් එයට ශක්තියක් වූ විමලා මැතිනියටත් නිදුක් නිරෝගී සැපසම්පත් ලැබේවා. සියලු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා තිසරණ සරණයි. (නදී)
ජාතියේ පිනට පහල වූ ශේෂ්ඨ මිනිසාණනි ඔබට මගේ සුබ පැතුම් .. (නදී)
ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය පතන අතර ජය ශ්‍රී මහා බෝසමිදුගේ බලයෙන් සියක් ආයු පතමි (නි)
ඔබටත් සියලු රණවිරුවන්ටත් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබෙවා.(නදී)
ඔබට සුභ අනාගතයක් සර්! (නි)
නිදුක් නිරෝගීව දිගුකල් වැජබේවා!(නදී)
අමර-විමල දිවි මඟ වාසනාවන් .. අමර ස්වර හෙළයට වාසනාවන්..!!(නදී)
අපි කොච්චර පින් කරලා තියෙනවද පුවත් පතකින් හෝ..මෙහෙම දේ දකින්න...."අසමසම" අමරදේවයන්. .චිරන් ජයතු !(නදී)
අපි හැම කෙනෙක්ම අපේ හොද දවස් රණවිරුවන් සමග බෙදා ගන්න ඕනැ,අපි නිසා නේද එයාලා අබ්බගාත වෙලා ඉන්නේ? (නි)
අමරදේව ගාන්ධර්වයා කවදාවත් අනිත් කිසිම ශෛලියක ගායකයන් පහත් කර කතාකර නැත. රූකාන්ත, එම්. එස්. ප්‍රනාන්දු, කපුගේ, ජෝති ආදී සියලු දෙනාගේම සංගීත ශෛලිවල වැදගත්කම එතුමා වටහාගෙන තිබුණි. සියලුදෙනා සමගම එතුමා සුහදව සිටියි. පෙනුමෙන් කටහඩින් හා පෞරුෂයෙන් එතුමා නියම පිරිමියෙකි. සැබෑ නිහතමානි බුද්ධිමතෙකි. 86ක් වුනත් තාම කොල්ලා වගේ ඉන්න එතුමාට 120 ට 220ක් ආයුබෝ වේවා!(නදී)
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා., අපේ වීරයෝ දැක්කම ගොඩක් දුක හිතෙනවා (නි)
හෙළයේ පිනට උපන් මහා ගාන්ධර්වයානෙනි, ඔබ කළ මෙහෙවර මහමෙර පරදයි. ඔබ දැක්ම පවා හද සනසයි. ඔබ නිරහන්කාරත්වයේ ප්‍රතිමුර්තියයි. බොහෝ කලාකරුවන් මවාගත් ආඩම්බරයකින් ජනතාව හමුවේ දෙබිඩි රංගනයක යෙදෙද්දී ඔබ ගෙදරදීත්, රගහලේදීත් , මහ පාරේදීත් එකම අයුරින් අවිහිංසක ලෙස සිනාසෙමින් පෙන්වූ අව්‍යාජත්වය ඔබේ දිවිය තුල මා දුටු විශිෂ්ටතම ගීතයයි. ඔබට මම මුළු හදින්ම ආදරය කරමි. මතු මතුත් මේ පින් බිමේ ඉපිද අප හදවත් සුවපත් කළ මැනව! ඔබට ජය මහා බෝ සමිඳු බෙලෙන් සියක් ආයු පතමි! (නි)
ඔබ දෙපලට නිරෝගී සුවය පතමි. මෙම ඡායාරූප වල එඩ්වඩ් ජයකොඩි සහ සුනිල් එදිරිසිංහ නැත්තේ ඇයි?(නදී)
සඳකඩ පහනේ රුසිරි වරුණේ දුටුවෙමි ඔබ ප්‍රතිභා ප්‍රභා- සිහල කලා කරුවාණනි! අමරදේව නම් වූ යුග පුරුෂයාණනි! ඔබ කුඩා ලක්දෙරණේ උපත ලැබුවත් ඔබ ලෝක සීමාවන් ද ඉක්මවා විශ්වාන්තර මට්ටමින් ගරු බුහුමන් හා ආදරයට ලක්වී ඇති පුණ්‍ය වන්තයෙක්. භාග්‍ය වන්තයෙක්. එම අහසේම පැයූ සුපුන් සඳක් මෙන් විමලාවෝ ද ඔබේ දිවිය එලිය කළා. ඔබ දෙපලට චිරන් ජයතු! (නි)
මුලින්ම රණවිරුවන්ට ලියන්න හිතුනා. ඔබලා අද එක තැනකට වෙලා ඉන්නේ මුළු තරුණ කාලයම කැප කරලා තියෙන්නේ අපි වෙනුවෙන්. ඒක මතක් උනාම ඇත්තටම ඇසට කඳුළු ආවා. අප වෙනුවෙන් කල මේ කැප කීරීමට ඔබලාට අනෙක වාරයක් පින්. දෙවනුව අමරදේව මහතා සහ මැතිනියට දීර්ග ආයුෂ සහ නීරෝගී බව ලැබෙන්න පතනවා. (නදී)
හෙළයේ මහා ගාන්ධර්වයානෙනි, ඔබට නිදුක් නිරෝගී...දීර්ඝායුෂ ලැබේවා...!!!! තව අඩසිය වසක් ඔබගේ කුටුම්භය ඔය අයුරින්ම රැකේවා ...!!!! (දී)
එතුමන් දෙපලගේ මංගල චායාරුපයත් මේ සමග පලවී තිබුන නම් ඉතාමත් අගය කල යුතු දෙයක් ව තිබුනා.(අ)
කබාය ඉරිලා ඊට කමක් නැහැ.... කවුරු බලන්නද කවුරු දකින්නද.... මා දැන් මහළු වියේ.... මා දැන් මහළු වියේ...... හෙළයේ මහා ගාන්ධර්වයානෙනි, ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (නි)
හෙළයේ රන් ස්වරය අමරදේවතුමනි, නිහතමානී කලාකරුවෙකු ලෙස අප හද බැඳගත් ඔබට තෙරුවන් සරණින් දිගාසිරි පතමු. විමලා මැතිනිය කියන විදිහට අමරදේවයන් මැව්වේ දෙවියන් වහන්සේ නම් එතුමාගේ ගීත රචකයන්, රසික ජනතාව ඔක්කොම මවන්නත් ඇත්තේ දෙවියන් වහන්සේම නේද? නොදන්නා නිසයි ඇහුවේ තරහ ගන්න එපා (නි)
වැසි වසිනා අහස අපි..මුතු බඳිනා මුහුද අපි.. මිණි දිලෙනා පොලොව අපි.. සිරි ලංකා රටම අපි.. ඔබ දෙපලට දීර්ඝායු වේවා!! (නි)
එකකට එකක් දෙවැනි නැති ගීත සමුදායක් දැයට උරුම කළ අද්විතීය ගාන්ධර්වයෙක්. ඇති විශිෂ්ටයි. දිගු කල් වැජඹෙන්නට සුබ පතමි. (නි)
ඔබතුමාගේ ඡායාරූපයක් දුටුවත් මගේ ඇස් වලට කදුළු එනවා (නි)
හෙළයේ මහා ගන්ධ්‍ර්වයණනි ......චිරාත් කාලයක් අපගේ ගී පවස නිවාලමින් අප සැනසූ....අප නැලවූ ......ඔබ තුමාට .....තව බොහෝ කාලයක් ඔබ දයාබර බිරිද හා දරුවන් සමග යෙහෙන් සිටින්නට ....නිදුක් නිරෝගී සුව ප්‍රර්ථනා කරමි............. (දී)
ඔබ දෙපළ අපට රටක් වටිනවා. ජය වේවා! (නි)
මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව///(නදී)
ලක් දෙරණේ අසිරිය දැක මත්වන්නේ.... වීණාවක් අතට අරන් පිටවන්නේ.... තව්තිසාව හැරදා ඔබ ආ ගමනේ.... දේවදුතයා ඔබමයි මේ දෙරණේ.... (නි)
අනේ කවුරු හරි මට මෙතුමාගේ දුරකතන අංකය දෙන්නකෝ.කලා ලොවේ ගොඩක් අය ආශ්‍රය කළත් මට තවම නොහැකි වුනා මෙතුමා එක්ක සම්බන්ධ තාවයක් ඇති කර ගන්න. (ස)
ඉතා සුබ දසුනක්.(නදී)