කහවත්ත කොටකෙතන නයනා නිල්මිණී (52) සහ කාවින්ද්‍යා චතුරංගි (18) මව සහ දියණිය ඝාතනය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී එල් එච් ධර්මසිරිගේ සහෝදරයාට සහ සහෝදරයාගේ බිරියට එරෙහිව රත්න්පුර මහාධිකරණ විනිසුරු මොහාන් සෙනවිරත්න මහතා ඉදිරියේ අද අධිචෝදනා බාර දුන්නේය.
2012 ජනවාරි 31 වැනිදා සිදුවූ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු සහ රසිකා චාන්දනී උදයකුමාරි හෙවත් බට්ටි එලෙස අධි චෝදනා ලැබූහ.
සැප්තැම්බර 30 වැනිදා සිට එක දිගට නඩුව විභාග කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය කියන්නේ ඕකට තමයි (දී)
ම්න්ස්සු මේ තරම් දරුණු උනේ කොහොමද (දී)
අනේ ඇයි මේ උසාවි ගොඩනැගිල්ල නඩත්තු කරන්නේ නැත්තේ? ගරා වැටුණු අම්බලමක් වගේනේ. කොහොම වුනත් කමක් නැහැ. යුක්තියට නම් ගොඩනැගිල්ලේ ඉරණම අත් නොවේවා කියලා මං ප්‍රර්ථනා කරනවා. (නි)
අපේ රටේ නීති ක්‍රම වල නොයෙකුත් අඩුපාඩු තියෙනවා. එහෙම තියාගෙන අපි අනිත් රටවල ක්‍රියාත්මක වන නීති වල අඩුපාඩු හොයනවා. (නදී)
මුන් දෙන්නවයි ධර්මසිරිවයි මරලා දැම්මා නම් හරි.(නදී)
සමාජයට මේ වගේ අය බරක් (නි)
මේ වගේ පරණ ගොඩනැගිලි දකිද්දී අපට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ. (නි)
අත්දෙකට විතරක් නෙමෙයි කකුල් දෙකටත් මාංචු දාන්න ඕනෑ (නි)
පිරිත් නූලුත් ගැටගහලා නේද? පිරිත් නූලෙත් දැන් කිසිම වැදගත්කමක් නැහැ වගේ. (නි)
අපේ උසාවි වල හැටි... හොදටම ජරා වෙලා (නි)
වැරැද්ද ඔප්පු වුවහොත් අනිවාර්යයෙන්ම ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුයි (නි)
හිරේ හිටපු එක්කෙනා දැන් සිංගප්පූරුවේ. 9අ)
ලංකාවේ කිසිම ආයතනයක පුද්ගලයෙකුට බලපෑම් වලින් තොරව තමන්ගේ හිතට, නීතියට එකඟව කටයුතු කිරීමේ හැකියාව කොහෙත්ම නැහැ. විශේෂයෙන් දේශපාලන බලය බුවල්ලෙක් ලෙසින් මුළු පද්දතියම වෙලාගෙන.(නදී)
මම නම් කිසි දාක සුදු ඇඳුම් අදින්නේ නැහැ කියලා තීරණය කළා. අපරාධකාරයෝ සේරම අඳින්නේ සුදුම සුදුවට. ඉතින් මමත් සුදු ඇන්දොත් මිනිස්සු හිතයි අපරාධකාරයෙක් කියලා. (නි)
එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතුයි (නි)
ඒකනම් ඇත්ත. තිලක් අපරාධකාරයන්ට අන්දවන්න තියෙන්නේ කළු (නි)
මේ මිනිස්සුන්ට ඕව පලදෙයි ගමට ගිය ගමන්. ස්වභාව ධර්මය අපි සැමගේ විශ්වාසයයි (නි)
දැන් රටේ මේ වගේ අපරාධ හරියට සිදුවෙනවා. රජ කාලේ නීතිවත් ගේන්න වෙයි වගේ (නි)
අපේ මිනිස්සු සිංහල අකුරු කියවගන්න දන්නේ නෑ වගේ දැන්වීම් පුවරුවේ ගහල තියන දේ දන්නේ නෑ වගේ ඔහේ ඉන්නවා.(නදී)
ඇත්ත කවදද එළිවෙන්නේ.(නදී)
මාධ්‍ය වලට පුවත් පලකරන්න පුළුවන් උනාට මිනිසුන්ට දඬුවම් දෙන්න බැහැනේ. ඉතින් අපේ අයත් අපරාධ ගැන තමන් නිවැරදි තොරතුරක් දන්නවනම් ඒවා උසාවියේදී සාක්කි වශයෙන් ඉදිරිපත් කරන්නේ නැතිව ජන මාධ්‍ය වල තමන්ගේ අදහස් පලකලාට වැඩක් වෙන්නේ නැහැ නේද.(නදී)
කවුරු වැරදි කලත් කමක් නැහැ . කොහොම හරි දේශ පාලකතුමා වැරදි කාරය උනානම් තීන්දුව හරි .(නදී)
මේ පිළිබඳව ඇත්ත දන්නේ ඩී.අයි.ජී මහතාය, එතුමා අධිකරණයට කැදවා මේ ගැන විමසුවා නම් මේ සුල මුල හොයාගන්න පුලුවන්.(නදී)
කොහොම හරි දෙන් ලංකාවේ සිදුවන මිනි මැරුම් පිටිපස ප්‍රාදේශීය සබා මන්ත්‍රී වරු පොලිස් නිලදාරීන් වැනි වෙනි අය බොහෝ ඉන්නවා. මේවා කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ.(නදී)
සත්‍යට සාක්ෂි නැති හෙයින්ද, අසත්‍ය සාක්ෂි ගොඩනගා ගන්නා හෙයින්ද බොහෝ රටවල් වල නීතිය පිළිගන්නේ සාක්ෂි මත හෙයින් සත්‍ය හෙළිවීමට ඉඩක් නැත. මෙවැනි නීති සාධාරණ නොවේ. සත්‍ය හෙළිවන කාලෙට සියල්ල සිදුවී හමාරය.(නදී)
එතකොට කෝ ධර්මසිරි ? (නි)
මේ නඩුවටත් සාක්කි නැතිවෙයිද දන්නෙ නැහැ (නි)
කවුරු හරි ඇත්ත එලි කලොත් හොඳයි. (නි)
කවුරුත් ප්‍රසංශා කරපු අර ඩීඅයිජී මහත්තය කිව්වා මතකද "කොටකෙතන ප්‍රශ්නය හරියටම විසඳුවා. කිසිම දේශපාලන බලපෑමක් එල්ල වුනේ නැහැ" කියලා. ගමේ කට්ටිය එතුමාට ලොකු උපහාරයකුත් තියලා නේද එව්වේ? (නි)
එතකොට කව්ද මේ 'මහා කළු හස්තය' ? පළමු සැකකරු කොහොමද රට ගියේ? (නි)
මෙහි පළමු සැකකරු 'මහා කළු හස්තයක' පිහිටෙන් දැන් ඉන්නේ සිංගප්පූරුවේලු නේද? (නි)
රජ කාලේ නීතිවත් ගේන්න වෙයි වගේ (නි)
මේ මොකද? එතකොට ධර්මසිරි බේරුනේ කොහොමද? (නි)