
(යොහාන් භාසුර)
කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 67.53 කට අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ (NCU) නිලධාරීන් සමත්වී ඇත.
විදේශ රටවල් කිහිපයක සිට එවා තිබූ සැකකටයුතු විදේශීය තැපැල් පාර්සල් 11 ක් තුළ සඟවා තිබියදී කුෂ් ගංජා, එක්ස්ටසි පෙති සහ මැන්ඩි ඇතුළු මෙම මත්ද්රව්ය සොයාගෙන තිබේ.
පසුගිය මාස කිහිපය තුළ විදේශයන්හි සිට ලැබෙන තැපැල් භාණ්ඩ පරික්ෂා කිරීමේදී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකටයුතු පාර්සල් හඳුනාගෙන තිබුණි. පසුව අදාළ ලිපිනයන්හි හිමිකරුවන් පැමිණ භාරගන්නා තෙක් ඒවා රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබූ අතර, ලබා දී තිබූ කාලසීමාව තුළ පාර්සල් භාරගැනීමට කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ (PNB) නිලධාරීන් ඉදිරිපිට ඒවා විවෘත කර පරීක්ෂා කිරීමට කටයුතු යොදන ලදී.
ඒ අනුව, 2026 ඔක්තෝබර් 19 වන දින රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව මධ්යම තැපැල් හුවමාරුවේදී මෙම පාර්සල් 11 ම පූර්ණ පරීක්ෂාවකට ලක් කරන ලදී. එහිදී තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, බෙල්ජියම, ප්රංශය, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවල සිට මෙම පාර්සල් එවා ඇති බව අනාවරණය විය.
තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියෙන් එවා තිබූ පාර්සල් තුළින් රුපියල් මිලියන 30.5 කට අධික තක්සේරු වෙළඳපල වටිනාකමකින් යුත් කිලෝග්රෑම් 3.1 කට අධික කුෂ් ගංජා ප්රමාණයක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත. මීට අමතරව, බෙල්ජියම, ප්රංශය, කැනඩාව සහ ජර්මනියෙන් එවන ලද පාර්සල්වලින් ග්රෑම් 2,395 ක MDMA පෙති ද, නෙදර්ලන්තයේ සිට එවන ලද පාර්සලයකින් මැන්ඩි මත්ද්රව්ය ග්රෑම් 33 ක් ද අනාවරණය කරගෙන තිබේ. මෙහිදී හසු වූ විශාලතම මත්ද්රව්ය තොගය වන්නේ බෙල්ජියමේ සිට එවූ පාර්සලයක තිබී හමු වූ රුපියල් මිලියන 33.03 ක් පමණ වටිනා ග්රෑම් 2,202 ක MDMA පෙති තොගයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd