IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අාරුගම්බේ ‘බකිම්හැම්‘ මාළිගා

අරුගම්බේ වෙරළේ ඉදිකැර තිබූ බකිංහැම් මාළිගය වැනි නිවාඩු නිකේතන සංකීර්ණයක් සොයාගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. අමැතිවරයා මේ බව ප්‍රාකාශ කළේ අද ගාල්ලේ පැවති ජන හමුවක් අමතමිනි.අගමැතිවරයා පවසන්නේ පසුගිය රජයේ මාළිගා තොගයට මේ නිවාස ද එක්වන බවයි. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘ මේ නිවාඩු නිකේතන සාදා තිබෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකට කියා කියනවා. අපිනම් දන්නේ නැහැ එතැන සිදුකළ ජාත්‍යන්තර සම්බන්ධීකරණය මොකක් ද කියා. නමුත් එතැන ප්‍රභූ නිවාඩු නිකේතන තුනක් තිබුණා. මුහුදට අඩි සීයක් දුරින් මේ නිවාඩු නිකේතන තුන වෙනුවෙන් පිහිනුම් තටාක තුනක් හදලා. එක් කාමරයක් සහිත නිවාඩු නිකේතන 18ක් තිබුණා. කාමර දෙකක් සහිත නිවාඩු නිකේතන 22 ක් ප්‍රභු නිවාස තුන අතුළුව සුපිරි යැයි කියන නිවාඩු නිකේතන 14ක් තිබුණා. මෙතැන ප්‍රභූ නිවාස 54ක් තිබෙනවා.

අගමැතිවරයා පවසන්නේ මේ නිවාඩු නිකේතන සෑදීමේ දී අරුගම්බේ තෝරාගැනීමට හේතුව නොදන්නා බවයි. අරුගම්බේවලට වී සිදුකරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ගැන ද තමන් නොදන්නා බව හෙතෙම කීවේය.

‘‘මේ වෙනුවෙන් පසුගිය රජයේ ජනාධිපතිවරයාගේ අරමුදල්වලින් මුදල් වෙන්කරලා තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය හෝ වෙනත් අවසරයක් අරගෙන නැහැ. ඒ විතරක් නොවෙයි මා ඇහුවා මේවාට හිටපු අගමැතිවරයා එනවා ද කියා. අගමැතිවරයා එන්නේ නැහැ කීවා. ඉන් පසු ඇහුවා හිටපු ජනාධිතිවරයා එනවාද කියා. ඒතුමා අවුරුද්දකට එක දවසක් පමණ ඇවිත් යනවාලු. එහෙනම් කාගෙද මේ නිවාස කියා අපි සිතිය යුතුයි. කාගේ වුවමනාවට ද කාට ඉන්නද මේවා හැදුවේ. “

 



අදහස් (0)

අාරුගම්බේ ‘බකිම්හැම්‘ මාළිගා

නන්ද Monday, 16 February 2015 04:59 AM

මේවා රජයට අයිති නිසා මහජනයාට විවෘත ක‍රන්න.මුදලක් අයකරලා මේවා දේශීය සහ විදේශීය සංචාරකන්ට ලබාදෙන්න. (දිල්)

:       0       1

ගිහාන් Monday, 16 February 2015 05:06 AM

අහන්නකො මෙයා, ලොකු බේබිගෙන් (නදී)

:       0       0

වසන්ත ගාල්ලේ Monday, 16 February 2015 05:20 AM

මේවා රජයේ ගොඩනැගිලි මිස පුද්ගලික දේපල නොවෙයි. ජනාදිපති කවුරු උනත් රජයේ දේපලක්. ජනාදිපති කියන්නේ තනතුරක් මිස පුද්ගලයෙක් නොවෙයි. හොරබඩු වෙන්නේ කවුරු හරි මේක ගෙදර අරන් ගියොත් හරි අයිති කරගත්තොත් හරි. ඔය කියන විදියට ගුවන් තොටුපොල, වරාය, මහා මාර්ග ඔක්කොම හොර බඩු වෙන්න ඕනා. මේවා හොර බඩුනම් මාධ්‍ය සන්දර්සන නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න (නදී)

:       0       0

සෝමදාස Monday, 16 February 2015 05:25 AM

කොච්චර හොදද ! සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න.රටකට මෙවැනි දේවල් අවශ්‍යයි. ඒනිසා දැන් මේවා මහජනයාට විවෘත කරමු.(දිල්)

:       0       0

තිලක් Monday, 16 February 2015 05:34 AM

එක දවසක් හරි බකිංහම් මාලිගාව බලන්න එක්ක යමුද කට්ටියවම (දිල්)

:       0       0

ලසන්ත Monday, 16 February 2015 06:12 AM

රටේ මිනිසුන්ට මොළයක් නැහැ මේ අනවශ්‍ය දේවලටයි සල්ලි නාස්තිකරන්නේ කියලා. (නි)

:       0       0

පෙරේරා Monday, 16 February 2015 06:16 AM

හරි හරි ඉතින් වැරදි වැඩක් කවුරුහරි කරලා තිබෙනවා නම් කෝ ගෙන්වන්නකෝ නීතිය ඉදිරියට, මුළු රටටම බලාගන්න (නි)

:       0       0

දිමුතු Monday, 16 February 2015 06:18 AM

මෙතන ප්‍රශ්නය වෙන්නේ හිටපු රජයේ අය ගෙදර ගෙනගියාද නැද්ද කියන එක නොවේ. රජයේ මුදල් නිරපරාදේ සුළුතරයකගේ පරිශීලනය සදහා යොදාගෙන තිබීමයි. මේ මුදල් යොදවා පාසලක්, රෝහලක්,නිවාස වගේ දෙයක් කරන්න තිබුනා. (නි)

:       0       0

නිහාල් Monday, 16 February 2015 06:31 AM

අනුමැතියකින් තොරනම් නීතිය ක්‍රියාත්මක කරන්න. අසාධාරනයකට ලක්වූ අයට වන්දි දෙන්න. ගොඩනැගිලි රජයේ ආදායම් වලට යොදාගන්න. දේශපාලකයන් සඳහා පමණක් යොදානොගෙන මුළු මහජනයා සඳහාම නිවාඩු නිකේතනයක් කරන්න. (නි)

:       0       0

සුජිත් Monday, 16 February 2015 06:39 AM

මේ මාළිගාවලට ගත් අහිංසක මිනිසුන්ගේ වගාබිම් නැවත ඒ අයට ලබාදිය යුතුයි. (නි)

:       0       0

නජිත් Monday, 16 February 2015 06:44 AM

ඔය වගේ කියපු දේවල් ගැන සොයල බැලුවම මොකවත් නෑ.දැන් මේවා අහලම ඇතිවෙලා.මාධ්‍ය සංදර්ශන(දිල්)

:       0       0

සුදේශ් Monday, 16 February 2015 06:45 AM

කියලා තියෙන බොරු වලට මොනවා වෙයිද (දිල්)

:       0       0

ඇසළ Monday, 16 February 2015 06:48 AM

දවස් සීයක් මදි වෙයි මේ වැඩ කරන්න. කෝ තවම පටන් අරගෙනත් නෑනේ (දිල්)

:       0       0

මංජු Monday, 16 February 2015 06:56 AM

මේගොල්ල දැන් හැමදේම වැරැදි විදියටනේ දකින්නේ (දිල්)

:       0       0

සාගර Monday, 16 February 2015 07:06 AM

මේවා හොයා ගත්තට වැඩක් නෑ. කෝ කවුරුත් උසාවියට ගෙනාවේ නෑනේ . අපි යහ පාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ එක. (දිල්)

:       0       0

දිනු Monday, 16 February 2015 07:17 AM

මේවා කටත් හදන්න පුළුවන් නමුත් ගොඩක් සල්ලි ඕන (දිල්)

:       0       0

කිංග්ස්ල් පෙරේරා Monday, 16 February 2015 07:34 AM

මන් හිතුවේ රනිල් කියන්නේ දැනුම් තේරුම් ඇති පරිපුර්ණ දේශපාලකයෙක් කියලා. දැන් බැලුවම මෙයාගෙයි රන්ජන්ලගෙයි කිසි වෙනසක් පේන්න නැහැනේ. (නදී)

:       0       0

රෝයි Monday, 16 February 2015 07:36 AM

මේවා මාධ්‍යට කීමෙන් අගමැති තුමා බලාපොරොතු වන්නේ පවතී රජයට මඩ ගැසීමයි. නීති විරෝදී වැඩනම් ජනතාවට කියල වැඩක් වෙන්නේ නැහැ .. ඔබතුමාට පුළුවන් මේවා අධිකරණයට යොමුකරන්න. ජන 08 දින සිට මේ දක්වා හෙලිකල කිසිම දෙයකට අදිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඔබගේ රජය අපොහොසත් වී තිබෙනවා. නීති මගට නොගොස් ජනතාවට මේවා කීමෙන් ඔබලාගේ යටි අදහස ඉස්මතු වෙනවා. එය තමා. ඉදිරියේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණය.(නදී)

:       0       0

කුමාර Monday, 16 February 2015 09:29 PM

මහින්ද මහත්තයා කළදේවල් අපි දන්නවා. ඔබ කළ දේවලුත් අපි දන්නවා.දැන් වැරදි හෙවුවා ඇති. දින 100 කරලා පෙන්වන්න (නි)

:       0       0

කණිෂ්ක Monday, 16 February 2015 07:49 AM

මේක මුලින් ගොඩ නැගුවේ ප්‍රේමදාස මහත්තයා. ඊලග මහත්තය වර්දනය කොරලා. මේකේ කිසි වරදක් නැහැ.(නදී)

:       0       0

අනුරශාන්ත Monday, 16 February 2015 07:51 AM

මේවා ගැන ඔය උලුප්පලා කතා කෙරුවට මෙයත් කැමතියි ඔය වගේ ඒවාට. බලේ නැති කාලේ හරියට වැරදි දැක්කා. බලේ ලැබුනට පසු මෙයාලගේ වෙනස් වීම් සහ හැසිරීම් හොදට පේනවා. අපිත් බලාගෙන ඉන්නේ මෙයාල කියපුව කොරනවාද කියලා. (නදී)

:       0       0

කුෂාන් Monday, 16 February 2015 08:12 AM

මොකෝ පටන් අරන් නැත්තේ ඇසළ ? ඔයගොල්ලන්ගේ ලොක්කෝ ටිකට චූන් එකේ බබාලා ටික වගේ ගෙදරට වෙලා ඉන්න ඉඩ සලස්සපු එකම මදැයි. වෙන මිනිස්සුන්ව නම් ඇදන් ගිහින් ආණ්ඩුවේ බෝඩිමට දාල මෙලහකට (නදි)

:       0       0

රනසිංහ Monday, 16 February 2015 08:24 AM

මගේ හිතේ ඉස්සර රනිල් මහත්තය ගැන තිබුනේ වැදගත් උගත් මහත්තයෙක් කියල ගෞරවයක්. පාලු ගෙයි වලන් බිඳින එක වැරදියි. මොනවා උනත් ඔය තරමටම මහින්ද මහත්තයට මඩ ගහන එකට මම හිතන්නේ නෑ උගත් බුද්ධිය තියෙන යු.එන්.පී පාක්ෂිකයෙක් උනත් කැමති වෙන එකක් නෑ. මහින්ද මහත්තය මොනවා උනත් මේ රටට වැඩක් කලා කියන එක ඔයාල මොනවා කිව්වත් සමහර මිනිස්සුන්ට අමතක නෑ. (නදී)

:       0       0

මලී Monday, 16 February 2015 08:32 AM

මේවා මහජනතාවගේ මුදල් නේද (දිල්)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 08:37 AM

කිංස්ලි, ඔබ හරි, මේක වන්-ෂොට් දෙවන කොටස වගේ (අ)

:       0       0

ආනන්ද Monday, 16 February 2015 08:51 AM

අනවශ්‍ය දේට ප්‍රමුඛතාව දුන්නම ජනතාව දුක් විදිද්දී තමයි තෙරෙන්නේ මේවා වැඩක් නෑ කියලා(දිල්)

:       0       0

වීරසිංහ Tuesday, 17 February 2015 12:13 AM

තව කොහේ කොහේ ඇද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සෑම් Monday, 16 February 2015 09:19 AM

මේක අයිති නාවික හමුදාවට .(අ)

:       0       0

සෑම් Monday, 16 February 2015 09:33 AM

මේකේ නම ලගූන් කබානා නාවික හමුදාවේ හෝටෙල්ස් තියෙන මාලිමාව කියන වෙබ් එකෙන් බලන්න පුළුවන්.(නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 16 February 2015 10:08 AM

ඇමෙරිකාවේ එකයි,මෙහෙ එකයි.බකිංහම් මාලිගා තුනයි.මන් හිතන්නේ පහු ගිය රජයේ අයට ගෙදර ගෙනියන්න බැරුව දාලා ගිය එකක් වෙන්න ඇති.රජයේ දේපළ රජයේ.මාස තුනේ ආණ්ඩුවෙන් පස්සේ මහින්ද මහත්තය ඇවිත් ඔය වැඩ සම්පුර්ණ කරලා කරන්න හදපු වැඩේ කරවී.මාස තුනේ අගමැති හැටියට ඔබ තුමා ඉතිහාස ගත වේවි.18 වෙනිදට නුගේගොඩට එන්න කියල අපි ඔබ තුමාටත් ආරාධනා කරනවා.(දිල්)

:       0       0

දහම් Monday, 16 February 2015 10:39 AM

මේ සංකීර්ණය හෝටල් සංකීර්ණයක් කියල කලින් ඉඳලම හැමෝම දන්නා දෙයක්. ජනාධිපතිට ඉන්න හදපු මාලිගාවක් නෙමෙයි. (අ)

:       0       0

මගලී ෆොන්සේකා Monday, 16 February 2015 11:30 AM

පිවිතුරු යහපාල බකිංහම් මාලිගාව තියෙන්නේ එංගලන්තේ ඇමරිකාවේ නෙමේ (නදී)

:       0       0

අසෝකා Monday, 16 February 2015 11:34 AM

මේ හෝටලය අන්තර්ජාල ඔස්සේ ගොඩක් කල් සිට ජනතාවට විවෘර්ත වෙලා තිබුනා (නදී)

:       0       0

විජයබාහු Monday, 16 February 2015 11:35 AM

බකිංහම් මාලිගාව දැකලත් නැද්ද කොහෙද ? (නදී)

:       0       0

සන්වන්නි Monday, 16 February 2015 11:36 AM

රනිල්, චම්පික සහ රාජිතගේ මහින්ද භීතිකාව දැන් හොඳින් ප්‍රදර්ශනය වෙනවා. 1977 දි සිරිමාවෝට ජේආර් කළ දේ 2015 දි මහින්දටත් කිරීම සඳහා පෙරහුරු හා ප්‍රකාශ තියනවා. මහත්මා දේශපාලනය කියන්නේ විරුද්ධවාදීන් කළ සියළුම දේ විවේචනය කිරීම නොවෙයි. හොඳ දේ අගය කර වැරදි දේ විවේචනය කිරීමයි. මහින්දගේ පාලනයේ හොඳ නරක දෙකම තිබුණා. ඉන් වඩාත් නරක දේ තිබුණේ ඇමති මණ්ඩලයට. ජනතාවට හොඳ උනත් ඇමතිමණ්ඩලයට නරක් වීම මත මහින්ද තමාගේම පක්ෂය වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට පරාජය උනා. (නදී)

:       0       0

දිල්ශාන් Monday, 16 February 2015 11:52 AM

රටේ මුදල් වලින් නැතුව ගෙදරින් මුදල් ගෙනත් රටට වැඩ කරන්නේ කොහොමද? (නදී)

:       0       0

පිවිතුරු Monday, 16 February 2015 12:58 PM

පුදුමයි ..මංගලි ඒකවත් දන්නේ නැහැ..ඇමෙරිකාවෙත් එකක් තියෙනවා..ජනාධිපති තුමාගෙන් අහන්න සැකනම්.. (අ)

:       0       0

සහාන් Monday, 16 February 2015 01:23 PM

මේකේ සමහර අය දාල තියෙන ප්‍රතිචාර දැක්කම ඇත්තටම හිතෙනවා පුනක්කු කන මිනිස්සු තවම රටේ ඉන්නවා කියල ,මේවා ගෙදර ගෙන නොගියට අපේ දරුවන්ගේ අනාගතය උගස් තියල ණය අරගෙන කරපුව ,එක වේලක් කාල ඉන්න මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද ,(අ)

:       0       0

අරුණ Monday, 16 February 2015 01:26 PM

බැකිම්හැම් මාලිගාව තියෙනේ ඇමරිකාවේද ? (අ)

:       0       0

චන්න Monday, 16 February 2015 01:56 PM

අයියෝ මේ නාවික හමුදාවේ නිවාඩු නිකෙතන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 72 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 122 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 140 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 144 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 62 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1901 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site