IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අරගලයට එක් වූ සැරයන් තියුණු ආයුධයක් සමඟ අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

මහරගම නගරයේ දී අරගලයට සහාය දැක් වූ පොලිස් සැරයන්වරයා අද (11) අළුයම  තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල්  තල්දූව පැවසීය

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම මාගම්මන ප්‍රදේශයේ පදිංචි නාරාහේන්පිට පොලිස් ගරාජ් හි සේවයේ නියුතු සැරයන්වරයෙකි

සැකකාර සැරයන්වරයා සන්තකයේ තිබී අඟල් 2 ක් පමණ පළල ,අඟල් 10ක් පමණ දිගැති  මන්නයක් පොලිස් භාරයට ගෙන ඇත

පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටි සැකකරු සෙරෙප්පු යුගලක් පැලඳ ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන්ට  සැකසිතී ඔහු කෙරේ අවධානය යොමුවී  නවතා ගෙන  සිදු කළ පරික්ෂාවේදී තියුණු ආයුධය ඉනේ ගසාගෙන සිට ඇතැයි පොලිසිය කියයි

ඒ සමගම සැකකරු  එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට භාර දීමෙන් අනතුරුව  කොටුවක් පොලිසියේ ජංගම රථය එම ස්ථානයට ගෙන භාරදීමට බාරදීමට කටයුතු කළ බව  පොලිස් නිළධාරියෙකු පැවසීය

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ඉකුත් නම වෙනි දින අරගලයට පාගමනින් යමින් සිටි  තරුණ පිරිසකට මහරගම නගරයේ දී තම දෙඅත් උත්සාහ සහාය පළකල තැනැත්තා බව පොලිසිය කියයි

කොටුව පොලිසිය  පරීක්ෂණ පවත්වයි



අදහස් (7)

අරගලයට එක් වූ සැරයන් තියුණු ආයුධයක් සමඟ අත්අඩංගුවට

pakeer Monday, 11 July 2022 11:19 AM

මෙ මනුස්සය...ජනාධිපති මන්දිරෙ මිනිස්සුන්ට දැන් කෑම උයන නිසා එලවලු කපන්න පිහිය අරන් යන්න අති....මිනිහ අරගලේට සහය දක්වපු නිසා වැරදි විදිහට බලන්න අති.

:       7       14

කිරි පුතා Monday, 11 July 2022 11:39 AM

ඇතැමුන් ට ඔහු වීරයෙකු ලෙස පෙනෙන්නට ඇත. නමුත් කිසිදු රාජ්‍ය නළධාරියෙක් පටු චිත්තාවේග වලට වසඟ නොවිය යුතුය. ඔහුට අරගළයට එක්වීමට අවශ්‍ය නම් නිළ ඇඳුම් නොඇඳ එන්නට තිබුණි. අරගළ කරුවන්ගේ ම වචන වලින් කියන්නේ නම් මෝඩ චූන් ගන්න ගොසින් ඔහුත් අනෙක් නිළධාරියාත් සියතින් ගෙල සිඳගත්තා වැනි වැඩක් කර ගත්තෝ වෙති.

:       14       65

chamaraMonday, 11 July 2022 12:32 PM

කියන්න පුළුවන්. එදා ඇහැලේපොල අධිකාරම්තුමා මතක් වුණා. හොරු හොරකම් කරනකොට, මිනීමරුවන් මිනීමරණ කොට කිසි සද්දයක් නෑ. ඕවා ලේසි වැඩ නෙවෙයි. අමාරුවේ වැටිච්චි මිනිස්සු තමයි ඒකෙ අමාරුව දන්නේ... අමාරුවේ වැටිලා නැති අයට තියෙන්නේ අදහස් දැක්වීමක් පමණයි.

:       4       9

දාසMonday, 11 July 2022 01:21 PM

නීතිය වල් වැදුනු රාජ්‍යක නීතිය ගැන කුමන නම් කථාද

:       3       21

BamunuarachchiMonday, 11 July 2022 02:35 PM

අනේ කුලියට කහින්න ගිහිල්ලා ජොබ් එකට කෙලවගන්න හදන හැටි. දැන් පේනවනේ ඌරො කැකුණ තැලුවාට රජ වෙන්න යන්නේ සජිත්, ඩග්ලස්

:       6       11

Ratne Monday, 11 July 2022 11:51 AM

මේවා ඇත්තද? බොරුද? කියලා විශ්වාස කරන්න අමාරුයි.

:       0       0

Bunny Preena Monday, 11 July 2022 01:17 PM

මොහු කවුරු හරි බලවතෙකුගෙ නියොගය පිට අරගල කල තරුන නායකයෙකු හෝ කිහිප දෙනෙකු ඝාතනය කරන්ට සැලසුම් කරගෙන ආවාද දන්නෙ නැහැනෙ. අරගල භූමියෙ ඉන්න තරුන පිරිස් බොහොම විමර්ශන ශීලිව ඉන්ට ඔනම කාලයක් ඉදිරි දවස් දෙක තුන.

:       7       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1313 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1033 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 798 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6123 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2247 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 850 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1759 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site