(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙස පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට බලකිරීමට හැකියාවක් නැති බව කොමිසම අද (13) තීරණය කළේය. එබැවින් සාක්කි ලබා ගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවට අද කැ`දවනු ලැබු නමුත් ඔහුගෙන් සාක්කි ලබාගැනීමක් සිදු නොවීය.
කෙසේ වෙතත් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතා ප්රශ්ණගත බැ`දුම්කර ගනුදෙනුව සමබන්ධයෙන් අත්‍යවශ්‍ය සාක්කිකරුවෙකු බව කොමිසම අවධාරණය කරයි. අර්ජුන් ඇලෝසියස් මහතාට අවශ්‍ය නම් සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්කි දීමට හැකියාව ඇති බව පෙන්වා දුන් කොමසාරිස්වරු ඇලෝසියස් මහතා සාක්කි දීම ස`දහා මෙම කොමිසමට කැ`දවනු ලබන්නේ කරුණු 15ක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගැනීමට බවද දැනුම් දුන්හ.
අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි දීමට හැකියාවක් නැතැයි කීවේය. ඔහු මෙම කොමිසම හමුවේ සාක්කි දීම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් දිනෙක තම සේවාදායකයාට අපරාධ අධිකරණයක් හමුවේ අධිචෝදනා මත නඩු පවරණු ලැබුවහොත් ඒ අවස්ථාවේදී ඔහුට පිරිමසාලිය නොහැකි පාඩුවක් සිදුවන්නේ යැයි කී ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා මේ තත්වය මත තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි ලබාදීමට අකමැති යැයිද පැවසීය.
මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා කොමිසමේ මෙම තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සළකා බලන ලෙස දැනුම් දුන් අතර ඇලෝසියස් මහතා කොමිසමේ සාක්කි ලබාදීමට අකමැති නම් ඒ බව දැනුම් දෙමින් හෙට දින (14 වැනිදා) කොමිසමට අයැදුම් පතක් ඉදිරිපත් කරන ලෙසද දැනුම් දුන්නේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට බැ`දුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙසට බලකිරීමට හැකියාවක් නැති බවට තීරණය කිරීමට පාදක වු කරුණු සහ ඒවාට පදනම් වු පසුබිම හා නීතී තත්වයන් පිළිබ`දව වු විග්රහයන් ඇතුළත් කරමින් පිටු 09කින් යුත් තීන්දුවක්ද ප්‍රකාශයට පත් කෙරිණ.
ඇලෝසියස් මහතා සාක්කි දීම ස`දහා මෙම කොමිසමට කැ`දවනු ලැබුවේ පහත ස`දහන් කරුණු 15 සම්බන්ධයෙනි.
1. පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අයිතිය සහ ව්‍යුහය.
2. අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ටේරෂරීස් සමාගමේ බලපත්‍රය ලබාගත් ආකාරය.
3. අර්ජුන් ඇලෝසියස් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවට ඉදිරිපත් කළ ව්‍යාපාර සැළැස්ම.
4. අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක හා කළමණාකාර අධ්යක්ෂධුර වලින් ඉවත් වීමට හේතු.
5. පර්පචුවල් ටේරෂරීස් සමාගම ප්‍රාග්ධන ලාභ හා එම ලාභය වියදම් කළ ආකාරය.
6. පර්පචුවල් ටේරෂරීස් සමාගමේ වර්ථමාන ප්‍රධාන විධායක කසුන් පළිසේන මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති වු දුරකථන සංවාද.
7. ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ටේරෂරීස් සමාගමට දඩ නියම කිරීමෙන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළ ආකාරය.
8. ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇතැම් නිලධාරීන් හා අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතා.
9. ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.
10. සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවීන් අනුරාධ යන මහත්වරුන් සමඟ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.
11. පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.
12. පෑන් ඒෂියා බැංකුවේ රිචී ඩයස් මහතා මෙම කොමිසමේ සාක්කි ලබා දීමේදී අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුට දුරකතනයෙන් ඇමතීමට හේතුව.
13.මොනෑක් එපාර්ට්මන්ට් එකෙන් නිවසක් බද්දට ගෙන එය රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ අයට දීමට අර්ජුන් ඇලෝසියස් මහතාට ඇති හේතුව.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසම හමුවට කැඳවූ කරුණු 13
සෙනෙවි Wednesday, 13 September 2017 12:33 PM
ජනාධිපතිවරයා මොකටද මේ දත් නැති කොමිසමක් පත් කලේ?
maheeWednesday, 13 September 2017 09:02 PM
එක නම් අහන්නම වටිනා ප්‍රශ්නයක්. කොමිසම පත් කරන්න නීති කෙටුම්පත් කල උදවිය දැන ගෙන හිටියේ නැද්ද මේක? නීතිපති දෙපාර්තමේන්තුව වත් දන්නේ නැද්ද? කලින් සාක්කි දුන් අය මේ ගැන දැනගෙන හිටිය නම් ඔවුනුත් සාක්කි නොදී ඉන්න තිබුනනේ. විශේෂයෙන්ම අමාරුවෙන් මෙතෙන්ට ඇදගෙන ආපු රවී. ඒ අතින් මේ නීතිඥයාට ස්තුතිවන්ත වෙන්න ඕන දැන්වත් මේ බරපතල දුර්වල කම එළිදරවු කරපු එකට. වරද කාගේද?
Nalin Wednesday, 13 September 2017 01:19 PM
කවුරු වුණත් තමාගේ සේවා දායකයා රැකගැනීම තමයි නීතිඥයාගේ පරම යුතුකම වන්නේ...
RuwanThursday, 14 September 2017 04:16 AM
ඔව් ඔව්, හොරෙක් උනත් නැතත් කරන්න දෙයක් නෑ. එක තමයි රස්සාව.
Raveendra Wednesday, 13 September 2017 02:33 PM
මේ උන්දැල නිසා ඇස්දෙක වහගෙනම උත්තර ලියන්න පුළුවන් වෙනවා. හොඳ වෙලාවට ප්‍රශ්න පත්‍රය කලින් පිටවෙලා.
nimal madawala Wednesday, 13 September 2017 02:39 PM
රන්ජන් ඇමතිතුමා, මෙන්න තවත් ඔබ කියන පන්තියේ කෙනෙක්, යුක්තියට පයින් ගසා අයුක්තිය රජකරවන්න හදන අයට ජනතාව කවදාහරි ගහනවාමයි.
Suranimala Wednesday, 13 September 2017 02:57 PM
මේ කොමිසම පත්වෙන්නත් කලින්ම ජන මාධ්‍ය සහ ඒකාබද්ධය මගින් "බැදුම්කර වංචාව" කියල නමකුත් දමලා අලාභයකුත් තීරණය කරලා තියෙද්දී අැලෝසියස්ට ගිහිල්ල කියන්න දෙයක් නැතිව ඇති.... අනික තමයි රජයේ නීතින්ඥවරු කිසිම ගරු සරුවක් නැතිව මිනිස්සුන්ට අමතන නිසා එතෙන්ට යන්නත් එපා වෙලා ඇති.
Thilina Wednesday, 13 September 2017 04:02 PM
කොමිසම දාන්න කලින් මෙතුමාගෙන් අහන්න තිබ්බනේ සාක්ෂි දෙන්න කැමතිද කියලා? කෝ මේ රන්ජන් ඇමතිතුමා? එතකොට ආසියාවේ ලොකුම හොරකමට විරුද්ධව උද්ඝෝෂණ නැද්ද?
NalinThursday, 14 September 2017 04:18 AM
මටනම් පෙන්නේ මේකත් ඩීල් එකේම කොටසක්. කොමිසම මුවාවෙන් කට්ටිය තව සල්ලි ටිකක් ගරා ගත්ත.
Nilupul Wednesday, 13 September 2017 06:51 PM
මෙව්වට කියන්න නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. හොර කලා කියල මුලු රටම දැනගනත් හොරු එළියේ විලිලැජ්ජාව නෑ. වෙනසක් කරන්න අපිත් දායක වුනා , අපිට මඩු වලිගෙන් තලාපියවූ. දැන් ඉතින් දෙවියන්ගේම පිහිටයි කිව්වලු .
daya Thursday, 14 September 2017 04:47 AM
වැදගත් පූර්වාදර්ශයක්. මම වැරදිකාරයෙක් මට දඬුවමි කරපල්ලා කියන්නෙ මොන මිනිහද?
channa Thursday, 14 September 2017 04:55 AM
ඔය අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී හිටිය නීතිඥයා අයින් උනාට පස්සේ ඔය දැන් ඉන්නේ මේ ආණ්ඩුවේ අවන්ගුඅර්ඩ් එක වෙනුවෙන් පෙනී ඉදල ඇමැතිකමත් නැතිඋන තිලක් මාරපනගේ සහෝදරයා වන ගාමිණී මරපනයි. හිතාගන්න පුළුවන්නේ මේ ගොන්නු හැරෙන්නේ කෙහෙල් පැලේ කන්නයි කියල. කොහොම හරි අසරණ මිනිසුන්ගේ මේ හොරාකාපු සල්ලිවලට දෙය්යින්ගේම පිහිටයි. ඔය වැඩේ ඉවර වෙන්නේ අරලියගහ මන්දිරයෙන් තමයි. එකයි දැන්මම සාක්කි දෙන එක නවත්වන්නේ. අනේ අපොයි ලංකාව හිටපු හොරු අල්ලන්න කියල ආපු මේ අය රටට කල දේ.