(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර කොමිසමට බොරු කීම සම්බන්ධයෙන් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද (01) කොමිසමට දැනුම් දුන්නේය.
අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් හෙට දින (02) ප‍්‍රකාශයට පත් කරන බව කොමිසම අද (01) වැඩිදුරටත් නියම කළේය.
කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා මීට පෙර අවස්ථාවකදී කළ ඉල්ලීමකට අනුව අර්ජුන් ඇලෝසියස් මහතා 2016 ඔක්තොම්බර් මාසයේදී භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ (Password) සහ භාවිත නාමය (User Name) ආදී කරුණු විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසද නියම කෙරිණි.
2015 වර්ෂයේ සිට මේ දක්වා අර්ජුන් මහෙන්ද්‍රන් මහතා භාවිතා කරන සියළුම ඩිජිටල් තාක්‍ෂණ උපකරණ ඩිජිටල් වෝහාරික පරීක්‍ෂණයකට ලක් කළ යුතුයැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කරන ලද ඇයැදුමක් පිළිගනිමින් අදාළ උපකරණ කොමිසම බාරයට පත් කරන ලෙස මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට කොමිසම නියම කළේය.
කොමිසමේ සාක්කි විභාග කරන අතරතුර පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසම අමතමින් තම සේවාදායකයා ජංගම දුරකතනය මිලදී ගෙන ඇත්තේ සිංගප්පුරූවෙන් යැයි කීය.
ජංගම දුරකතනය සිංගප්පුරූවෙන් මිලදී ගැනීමෙන් අනතුරුව තම සේවාදායකයා එම ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ සහ භාවිත නාමය ආදී යොදන ලද්දේත් සිංගප්පුරූවේදී නිසා මේ වන විට ඔහුට ඒය මතක නැතැයිද ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය.
කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා-“ ඔබගේ සේවාදායකයා ඔහුගේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ සහ භාවිත නාමය ආදී කරුණු දැනුම් දෙන්නේ නැත්නම් අපි ඒ කරුණු වෙනත් ක‍්‍රමයකින් ලබාගැනීමට කටයුතු කරනවා.“
අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා.-“ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමට කියන්නේ බොරු, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකියි.“
අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා-“අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්න.“
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් හෙට දින (02) ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘අර්ජුන් ඇලෝසියස්ට නඩු දැමිය හැකියි‘
raveendra Tuesday, 01 August 2017 03:40 PM
ඔව් ඉතින් නඩුව අහවරවන විට ඔය කියන අය ඔක්කොම සහ අපි සැවොම වැලිගම ගිහිනුත් අවුරුදු 50ක් විතර කාලයක් ගතවෙලා ඇති.
anura Tuesday, 01 August 2017 03:56 PM
මොනවද මේ කථා අපහාස නඩුවට කලින් හොරකමට නඩු දාන්න ඕනේ.
de silva berlin Tuesday, 01 August 2017 08:27 PM
හතර වෙනි තට්ටුවට අරගෙන ගියානම් මුරපදය නිකම්ම මතක් වේවි , ලංකාවේ පොලිසියට මේවා ලොකු දේවල් නොවේ නමුත් මේ ප්‍රශ්නෙදි ආණ්ඩුවේ ඉහලම තැනක ඉන්න ලෝකෙකෙක් පොලිසියේ අතපය බැන්දලානේ, මේ හැමෝටම රටේ ආර්ථිකය සුරකන හොරු අල්ලන්න මතක්වෙන්නේ විපක්ෂේ ඉන්න කොට ,
Hafeel Tuesday, 01 August 2017 09:24 PM
මෙතන පැහැදිලිවම මහා වංචාවක් වෙලා තියෙනවා. තවත් පරක්කු කරන්නැතුව පාඩුව ආපහු අයකරගෙන දඬුවම් දෙන්න තමයි තියෙන්නේ.
sachith Tuesday, 01 August 2017 11:29 PM
මොන නඩුද, තව ටික දවසකින් මේ කොමිසමට වෙන්නෙත් දුෂණ මර්ධන කාර්යාලයට වුන දේම තමයි. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ දුක.
de silva Wednesday, 02 August 2017 10:55 AM
ඔහු වරදක් කලබවට සාධාරණ සැකයක් කොමිසමට තිබෙනවානම් මොහු සැකපිට අත්අඩංගුවට අරන් නඩු පවරන ලෙස අධාල අංශවලට ( රහස්පොලිසියට ) නිර්දේශ කරන්නේ නැත්තේ මොකද ?
පිටිගල මිලානෝ Wednesday, 02 August 2017 11:45 AM
අපි අමාරුවෙන් ගොඩ දාපු පක්ෂේ කෑවා. මේ මනුස්සයා යු අන්පී ද ශ්‍රී ලංකාද, කොටින්ම ලංකාවේ කෙනෙක්ද?