ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී උප සභාපති ධූරයට තරග කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (4) පෙරවරුවේ නාම යෝජනා බාර දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා පසුගිය 3 වැනිදා තිලංග සුමතිපාල මහතා නාම යෝජනා බාරදුන් අතර හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාද මෙවර සභාපති ධූරයට තරග කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවරයක් නැති තනතුරු... (නි)
"සුහද කොකා" අපිට පෙන්නාවි වගේ (නි)
සහෝදර සමාගම්. (ස)
මට වැඩිය අවුරුදු 10ක් වැඩිමල් මගේ උපන් දිනය දවසෙම. (ස)
දුකයි මේ වගේ රටක ඉපදීම ගැන (නි)
හොඳයි හොඳයි ඔහොම යමු! (නි)
බලයට තනතුරු වලට මෙතරම් කෑදරද කියලා අපිට හිතුනේ නැහැ.මොකද මෙයාලා හිටපු ආණ්ඩුවේ වැරදි ලෙස මේවා පෙන්නපු නිසා. නමුත් බලය ලැබුනහම මොවුන් කරන්නෙත් එයම කියල හීනෙකින්වත් හිතුවේ නැහැ. නැවත ඡන්දය දෙන්නේ නැහැ. (නි)
මේ මිනිසුන්ට "ලැජ්ජා" නහරය නැද්ද මන්දා? ඒත් ඉතින් කතාවෙන් නම් ... (නි)
මෙතුමලාටත් අර "සුහද කොකා" පෙන්නනවා නේද? (නි)
දේශපාලඥයින්ට ජයවේවා! (නි)
පැණි රස වැඩි තැනට තමයි කුබි එකතු එකතු වෙන්නේ. (හේ)
මේ මිනිසුන්ට බලයට ඇති ආශාවේ නිමක් නැහැ (නි)
අනේ මෙහෙම තණ්හාවක්? (නි)
කලින් නම් කිවුවේ කොහොමද? (නි)
අනේ මෙහෙමත් රටක අපි ඉපදුනානේ කියලා හිතුනා (නි)
සමහරුන්ගේ නම් ඉතින් කට විතරයි. වැඩ නැහැ (නි)
මේක ලංකාවෙ වෙන හරිම අසාධාරණයක්. ජනපති අගමැති ඇරුණහම රජයේ හැම කෙනෙකුටම එක තනතුරක් පමණක් දැරිය හැකි නීති සැදිය යුතුයි. එක්කෙනා රැකියා දෙක තුන ලබාගන්නකොට රැකියා ප්‍රශ්න විසඳෙයිද? උපාධිධාරින්ට හැමදාම මහපාරේ තමයි ඉන්න වෙන්නේ (නි)
මැතිවරණයට පෙර කියූ කතා දැන් මතක නැහැ. කොහොමත් බලය ලැබෙනකොට මුල ඉක්මනට අමතක වෙනවා. (නි)
මාගේ සුබපැතුම්.! (ර)
මොන ආණ්ඩු ආවත් රණතුංගලාට සරුයි! (ම)