IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අරණායකට අත්‍යවශ්‍ය ආධාර ලැයිස්තුවක් සකස් කරයි

අරනායක සාමසර කන්දේ නාය යෑමෙන් විපතට පත්වූවන්ට ආධාර ලබාදීමේදී  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයෙන් විමසීමක් කර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය දැනුම් දෙයි.

නායයෑම සිදුවූ ස්ථානයට ආසන්න කඳවුරුවලට පමණක් විශාල පිරිසක් පැමිණ සහනාධාර ලබා දෙන බවත්, ඈත පිහිටි කඳවුරුවලට ලැබෙන ප්‍රමාණය අඩු බවත්, ඔවුන්ගේ අවශ්‍යතා මත භාණ්ඩ බෙදා හැරීම සඳහා සියලු ආධාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සම්බන්ධ කරගෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටී.

මේවන විට අත්‍යවශ්‍ය ආධාර ලෙස දිත්‍රික් ලේකම් කාර්යාලයය ලැයිස්තුවක් සකස් කර ඇත.

පානීය ජල බෝතල්, ළදරු කිරිපිටි, ළදරුවන් සඳහා සනීපාරක්ෂක යට ඇඳුම්, පැදුරු, කොට්ට, ලන්තෑරුම්, ළිං පිරිසිදු කිරීමට වතුර මෝටර, පාසල් ළමයින්ගේ උපකරණ කට්ටල, ජෙනරේටර්, කඳවුරු ගොඩනැගිලි සඳහා ජනෙල් ආවරණ, ජල බවුසර්, කාන්තාවන් සඳහා යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා, පිරිමින් සඳහා ඇඳුම්, මුළුතැන්ගෙයි උපකරන කට්ටල, ටෙන්ට්රෙදි, නිවාස තැනීමට තහඩු සහ තාවකාලික වැසිකිලි අත්‍යවශ්‍ය ආධාර ලෙස ලැයිස්තු ගර කර තබේ.

දැනට අවට පාසල් වලට හා පංසල් වල තාවකාලික කඳවුරු තනා තිබුණද පාසල් වැඩ ආරම්භ කිරීමෙන් පසු කඳවුරු වෙනත් ස්ථානවලට ගෙන යෑමට සිදුවන බව ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය කියයි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පරිපාලන නිලධාරී කාර්යාලයයේ 035 2222237 සහ 071 45 14 680 අංකවලට කතා කර ආධාර ගෙන ඒමට පෙර සම්බන්ධීකරණය කර ගන්නා ලෙස ද දිසාපති කාර්යාලයය දැනුම් දෙයි.

විපතට පත්වූවන්ගේ අවශ්‍යතා සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමති පිරිස් ලංකා බැංකුවේ කෑගල්ල ශාඛාවේ දිස්ත්‍රික් ලේකම් නමින් ඇති අංක 0007042326 ගිනුමට මුදල් බැර කර රිසිට් පත් 035 2232620, 035 2222603 සහ 035 2222782 අංකවලට ෆැක්ස් කරන ලෙස ද දිස්ත්‍රික් ලේකස් කාර්යාලයය සඳහන් කරයි.



අදහස් (0)

අරණායකට අත්‍යවශ්‍ය ආධාර ලැයිස්තුවක් සකස් කරයි

මනෝජ් Monday, 23 May 2016 08:05 AM

අපිට මේවා දෙන්න පුළුවන් ඒත් මුණු පොතේ අරනායක අාධාර කොල්ල කනවා කියල ලිපි යනවා. මේවා ඇත්තද. ඇත්තනම් රාජ්‍ය නිලධාරීන් ගැන අපිට තියෙන්නේ මාර පිළිකුලක්. ඒ නිසා අාධාර මිනිස්සුන්ටම දෙන එක තමයි හොඳ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 360 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 159 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 320 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 749 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 307 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site