අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද ප‍්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය නොපිළිගන්නා බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි කොළඹ පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේ ස්ථාවරය කතානායක විසින් පැහැදිලිව ප‍්‍රකාශයට පත්කර ඇතැයි ඔහු කීවේය. පාර්ලිමේන්තු බලය ගැන වෙනත් පාර්ශවයකට ප‍්‍රශ්න කළ නොහැකි බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ අවස්ථාවල බුද්ධිමත් අදහස් දක්වන ඕසන් සලාම් සොයුරාට කමිටුවේ සිදු වූ දෙය තේරුම් ගන්න බැරිවීම පුදුමයි. කමිටුව මුලින් පිහිටුවද්දී එය අසාධාරණ ලෙස කටයුතු කරාවි කියලා අගවිනිසුරුතුමිය නොගිහින් හිටියා නම් එයා අගතිසහගත පූර්ව නිගමනයක ඉඳිමින් කටයුතු කිරීමක් වෙනවා. විනිසුරන් කටයුතු කරන්නේ එහෙම නොවේ. ඔවුන් තීරණ ගන්නේ එළඹෙන කරුණු අනුවයි. එතුමිය මෙම පරීක්ෂණයට මුලින් සහයෝගය දක්වූ නමුත් තම නිදහසට පවතින කරුණු ගොනුකර දැක්වීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදී අපහාස කරන්න පටන්ගත් තත්ත්වයකදී එයින් ඉවත් වෙනවා හැර විකල්පයක් නොමැත. මිනීමරුවෙකුට වුණත් සාමාන්‍ය උසාවියක නඩුකාරයෝ උත්තර බඳින්න කල් දෙනවා ඇරෙන්න උසාවියේදී අපහාස කරන්නේ නැහැ නේද? (නි)
අනේ මන්දා
අධිකරණයේ බලය උපදින්නේද ව්‍යවස්ථාදායකයෙනි. (නි)
මහජන විශ්වාසය තහවුරු කිරීමට නම් උසාවි නියෝගයන්ට ගරුකළ යුතුයි. (නි)
ප්‍රභාකරනුත් පිළිගත්තේ නැහැ නේද ඉහළ උසාවියේ නියෝග? (නි)
මේ රටේ තියෙන්නේ ජනතාව විසින් පත්කළ රජයක්. ඒ නිසා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඉඩදිය නොහැකියි. (නි)
විනිසුරුවරයෙකුගේ ස්වභාවික ආකල්ප සහ ප්‍රතිපත්තිමය නැඹුරුවීම් යනු මොනවාදැයි දන්නා කෙනෙක් විසින් මා හට පහදා දෙන්න. (නි)
සුසන්ත, ඔය මොනවා වුණත් අපේ මිනිස්සු හැදෙන්නෙ නැහැ. (නි)
ඔසන් සලාම් - දෝහා, ඔබ නිවැරදියි. (නි)
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි (ස)
සුසන්ත,මේ මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නැහැ. ඡන්දයක් ආපු ගමන් උදේ කෑමට පෙර ගිහින් ඡන්දේ දාලා ඒවි, සේරම ඒවා අමතක වෙලා. මේවට අදහස් දාන අපිටයි මඩු වල්ගයකින් තලන්න ඕනෑ. (නි)
කමිටුව හොද නැත්නම් ඇයි කමිටුව ඉදිරියට ගියේ? අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)
ඔය ගණන් උස්සන පරමාධිපත්‍යය එයාලට පැවරුවේ ජනතාව වන අපි අපිනේ. එහෙනම් අපිත් මීට පස්සේ අධිකරණ නියෝග ගණන් නොගෙන ඉන්නම්. නේද? අපේ නියෝජිතයෝ ඔයතරම් බලගතු නම් අපි ඊට වඩා බලගතුයි නේ. (නි)
අධිකරණය උත්තරීතරයි (ස)
පාර්ලිමේන්තුව තමයි උත්තරීතර. ඇයි දෙයියනේ! ඒකේ ඉන්න අපේ කට්ටිය කොහොමද උත්තරීතර නොවෙනවා කියන්නේ? (නි)
ජය වේවා කියන අයට ජය පෙනෙයි මේවයේ ප්‍රතිඵල ලැබෙනකොට. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට රටක් පාලනය කරන්න අධිකරණයක් විතරක් තිබුණහම ඇද්ද? (නි)
පාර්ලිමේන්තුව තමා නීති හදන්නේ. නීතිය ක්‍රියාතමක කරන්නේ උසාවියෙන්. හැබැයි නීතිය හදන අයත් නීතිය ක්‍රියාත්මක කරන අයත් නීතිය රකින්න ඕනෑ. (නි)
දැන්නම් මට පෙනෙන්නේ ව්‍යවස්ථාදායනය සහ අධිකරණය අතර ගැටුමක් හට ගෙන ඇති බවයි. (නි)
මෙන්න දැන් ලැබුනු පුවතක්....... 2013 දී සිර ගෙවල් සියල්ල වසා ජේලර්වරු සියල්ල අනිවාර්ය නිවාඩු යවයි. සියලුම උසාවි වසා දමා නඩුකාර උන්නාන්සේලාට සහ නීතීවේදීන්ට රැකියා සියල්ල අහිමි වෙයි. පොලීසි සියල්ල විසුරුවා හරී(නීතියක් නැත්නම් මේවා මොකටද) එම වසා දැමුණු ආයතන වල ගොඩනැගිලි සියල්ල බිමට සමතලා කරයි. එම ඉඩම් වල රේස් පදින්න ධාවන පථ හදයි. සියලුම ගම් නගර වල උදේ ඉදන් රෑ වෙනකල් ලැම්බොගිනි දුවයි. රටේ ජනතාවට සියලු දේ අමතක වී ප්‍රීතියෙන් පිනා යයි. ලෝකයෙන්ම දියුණුම රට අපේ රට වෙයි. ආශ්චර්යට යන ගමන නිමා වෙයි..... (නි)
පාර්ලිමේන්තුව උත්තරීතර නම් , පාර්ලිමේන්තුවට ඔය අය පත් කරන අපි ඊට වඩා උත්තරීතරයිනේ. (නි)
"චතුරංග මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට රටක් පාලනය කරන්න අධිකරණයක් විතරක් තිබුණහම ඇද්ද?" නින්ද ගිය උදවිය ඇහැරෙවුවත් ඔයා වගේ හොරට නිදාගන්න කට්ටිය නැගිට්ටවනවා බොරු ! (ස)
අපි නොදන්න අපේ දේශපාලකයෝ (ස)
මම මොකුත් නොකියමි
මම මොකුත් නොකියමි
අවසානයේ කුමක්ද වෙන්නේ (දී)
අනේ මන්දා
ප්‍රශාඩ්, කසුන්, සුසන්ත, බිමල්, බමුණුසිංහ, ආනන්ද , නිලූක, සුමන, අනුර, අමේ අදහස් කියවලා මම අදයි දැනගත්තෙ මිනිස් වර්ගයා අතරත් ගවයින් ඉන්නවා කියලා. (නි)
ඉන්ද්‍රජිත්, තිලක්, කසුන්, චාර්ලිස්., බිමල්, බමුණුසිංහ, සූරියප්පෙරුම, රසිකා, සුසන්ත - ඉතාලිය, ප්‍රශාඩ්, කට්ටිය තණකොල කෑවට කමක් නැහැ උම්බෑ උම්බෑ කියන්න ඵපා ලැජ්ජයි. (නි)
නිරංජන් සහ ජයලත් කියන බුද්ධිමතුන් කියන හැටියට මෙතන එයාලා ඇරෙන්න අනික් සේරම ගවයෝ. (එයා විතරයි එකම සූකරයා) (නි)
අධිකරණ තීන්දුවක් ප්‍රතික්ෂේප කරන්න පුලුවන්ද (දී)
මෙයා කියන්නේ වෙන කතාවක් (ස)
අධිකරණය කියන් දේ පාර්ලිමේන්තුව පිළිගන්නේ නැත්නම් පාර්ලිමේන්තුව කියන දේ අධිකරණය පිළිගන්න ඕනෑත් නැහැ. (නි)
ජන බලය ගැන නොදන්නවාවද්ද? (නි)
අපි දන්න තරමට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. (නි)
එතකොට රටේ නීතියක් නැද්ද ? (ස)
මින්පස්සේ පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයිද? (නි)
මේ ප්‍රශ්නය කොහෙන් කොහොම නතර වෙනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. දැන් අපේ රටේ නීතියක් නැද්ද? (නි)
ජය වේවා.ජය වේවා.ජය වේවා. ජය වේවා.ජය වේවා.............(නු)
නීති හදන්නෙත් එයාලා. නීති නොපිළිගන්නෙත් එයාලා. අනේ මන්දා මේවා... (නි)
මම හිතන විදියට එතුමන්ගේ මතය නිවැරදියි. (නි)
අපි අහන්නේ අතුරු කමිටුව උත්තරීතර නොවේ නම්, එහි පරමාධිපත්‍යක් නැත්නම්, එය පිළිගත නොහැකි නම්, ඇයි අගවිනිසුරුවරිය එම අතුරු කමිටුව ඉදිරියේ පෙනී සිටියේ? පෙනී සිටීමෙන් පසුව එය පිළිගත නොහැකියි කියලා කියනවා නම් අධිකරණ ක්‍රමයේ යම් ගැටලුවක් ඇතිවී තිබෙන බවයි පෙනෙන්නේ. (නි)
අධිකරණ මතය ප්‍රතික්ෂේප කරලා (දී)
නොදන්නා කමට අහන්නේ එහෙම කරන්න පුලුවන්ද (දී)
නියමයි, නියමයි. ඔහොම යං(නු)
මට මොනවාද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ (දී)
ලෝකෙට විහිළු සපයන්නේ නැතුව ඒක තමයි විය යුත්තේ (ස)
මොකකින් මොකක් වෙයිද දන්නෙ නැහැ. අපි නම් දැනගෙන හිටියේ අධිකරණයට හැමෝම යටත් කියලා. දැන් විධායකය,ව්‍යවස්ථාදායකය හා අධිකරණය හැප්පිලා ඉවරයි. මිනිස්සු දන්නවා ඊළඟ ඡන්දෙදි කරන්න ඕනෑ මොනවද කියලා. (නි)
කරුණාකර බුද්ධිමතුන්ට පමණක් කන්දෙන්න. (නි)
පාර්ලිමේන්තුවේ තීරණයට අධිකරණයට අභියෝග කළ නොහැකි බවයි මගේ අදහස වන්නේ. (නි)
හරියටම හරි. ඔහොම යමු. (නි)
හොදයි හොදයි.... (නි)
ඔහොම යමුකෝ.... (නි)
කොයිපැත්ත දිනයිද දන්නෙ නැහැ නේද? (නි)
පාර්ලිමේන්තුවේ ඉන්නා අය ගැන ජනතාව කොහොමත් දන්නවා. ඒ නිසා ගැටලුවක් නැහැ. (නි)
ජනතාවට මින් ඉදිරියට තමන්ට සිතෙන පරිදි අධිකරණය මගහැර සිටිය හෑකිද? නොදන්නාකමට අසමි... (නි)
මේක මාර ප්‍රශ්නයක් අපි බලාගෙන ඉන්නේ ඉක්මනට මේ ප්‍රශ්නේ ඉවර වෙනකම් (ස)
අනේ කාලේ වනේ වාසේ ....රටකට ගිය කලක් (ස)