(ඉන්දිකා රාමනායක)
මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මසකට වැඩි කාලයක් පොලිසිය මඟ හරිමින් සැඟව සිටි අරඹේපොල රතනසාර හිමි අද (20) පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
සැකකාර රතනසාර හිමියෝ නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹූවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට
NIMAL MADAWALA Friday, 20 October 2017 07:27 AM
අනේ අපේ නිර්මල දහමට යන කල , අනික අපි ලෝකෙට ධර්මය පතුරවන්න යන ගමනේදී ,කව්රු හරි කෙනෙක් ඇසුවොත් ,ලංකාවේ මේවැනි දේවල් වෙනවනම් , මොනවාද අපි කියන්නේ.
madawa Friday, 20 October 2017 07:27 AM
අවුලක් නෑ ඇප හම්බෙනවනෙ . දැන් ඉතින් මොනාකලත් ඇප ගන්න පුළුවන්
Kamal Friday, 20 October 2017 08:05 AM
වීරෝදාර හිමිනමක්. යුද්දේ කාලෙත් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කළා.
Ruwan Friday, 20 October 2017 08:09 AM
අපි හැමෝම දැන ගන්න ඕනේ අපි සියලු දෙන රටේ නීතියට යටත් බව.
mahee Friday, 20 October 2017 08:28 AM
වරදක් කළා හෝ නොකළා හෝ නඩුවකට හොයන බව දන දැනම, නිකම් රස්තියාදුකාරයෙක් කරනවා වගේ කට්ටි පනින එක ගැලපෙන වැඩක්ද?
කොඩ්ඩා Friday, 20 October 2017 08:36 AM
දේපළ වලට හානි කරලා (නම්) වැරදියි, හැබැයි ලෝකෙම කුණු මෙහෙ දාගන්නත් හොඳ නෑ.
tarzanFriday, 20 October 2017 09:11 AM
එහෙනම් අපේ කුණු ඕස්ට්‍රේලියාවට යන්නේ මොකද?
කොඩ්ඩාFriday, 20 October 2017 11:35 AM
එහේ මෙහෙවගේ බාරගන්නේ නෑනේ...
dhamneth Friday, 20 October 2017 09:22 AM
අනගාරික ධර්මපාලතුමා ජීවත්ව සිටියා නම් මෙලහකටත් එතුමා මේ වගේ අයගෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ක්‍රියා මාර්ග අරගෙන....
saliya Friday, 20 October 2017 09:36 AM
ස්වාමින් වහන්සේලා ගම වෙනුවෙන්, රට වෙනුවෙන් සේවය කරන එක හොඳ දෙයක්. නමුත් සමහර අවස්ථා වල කරන දේවල් ලෝකයේ ප්‍රචාරය වෙනකොට, බුදු දහමට අපකීර්තියක් වෙනවා. ලොව ශ්‍රේෂ්ටතම ආගම බුදු දහම බව අපි ක්‍රියාවෙන් පෙන්වනවා නම් වඩා ප්‍රයෝජනවත්.
පුෂ්පකුමාර Friday, 20 October 2017 10:37 AM
ඉක්මණින් නිවන් යන්න යහපත් වැඩක් කරන කොට, අවාසනාවට ඒකට මේ රටේ නීතිය හරස් වෙනවා නම්, මියන්මාරයටම ගිහින් ගේමට බහින එක හැර වෙන කරන්න දෙයක් උන්වහන්සේලාට තවත් ඉතුරු වෙලා නැහැ.
අබරන් Friday, 20 October 2017 11:02 AM
ඉටු කොට කල යුතු යුතුකම්, ලැබුනත් ලෝකෙන් ගැරහුම්, ඉවසන්නට පුළුවන් නම්, නුඹයි මගේ පුතා උතුම්. එස්. මහින්ද හිමි.
Sampath Friday, 20 October 2017 11:18 AM
රුවන්, ඔබ කතා කරන නීති සම්පාදනය කරන්නේ ඒ රටේ ප්‍රධාන ආගම පදනම් කරගෙන සහ එම රටේ සංස්කෘතිය මුල් කරගෙන... මුස්ලිම් රටවල නීති මුස්ලිම් ආගමානුකූලව ශරියා නීතිය ලෙස එම රටවලත්, යුරෝපයේ ඇතුළු අනෙක් රටවල කතෝලික ආගමානුකූලව හදපු ඉංග්‍රීසි නීතිය හෙවත් කොමන් ලෝ එක පාවිච්චි වෙනවා. බුද්ධ ධර්මයට අනුව වැරැද්දක් කියා නිගමනයක් කිරීමට කරුණු රාශියක් තියනවා, ප්‍රධාන වසයෙන් “චේතනාව”. මේ හිමි නමගේ චේතනාව කුමක්ද? බුද්ධ දර්ශනයට අනුව එතුමා වැරදි කරුවෙක්ද? බුද්ධ දර්ශනය තුල භික්ෂුවකට දඬුවම් කිරීමට ගිහියෙකුට හැකියාවක් තිබේද? එසේ වැරදිනම් ඔහුට දඬුවම් කිරීම හෝ ශාසනයෙන් නෙරපා හැරීමට හැකියාව ඇත්තේ සංඝ සභාවේ සංඝ අධිකරණයටද? නැතහොත් ගිහියන්ගේ ඉංග්‍රීසි අධිකරණයකටද? මොහොතක් හිතන්න ඔබ තාමත් ඉංග්‍රීසි නීති වලට යටත් සිංහලයෙක්ද?
RuwanFriday, 20 October 2017 12:16 PM
රටේ කිසිම කෙනෙකුට ශාසනයට ඇතුළු වූ පමණින් රටේ නීති කඩන්න මහනායක හාමුදුරුවරු ඉඩ දීලා නැත. ශාසනයෙන් දුස්සීල භික්ෂුව ඉවත් කලත් නීතියට අනුව රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එයයි හමුදාවේ වුණත් සිදුවන්නේ. හමුදාවේ වෙනම නීතියක් රටේ නැත. ඔවුන් හමුදාවේ ක්‍රියාමාර්ගවලට මෙන්ම රටේ නීතියටත් යටත්.
මහේෂ් Friday, 20 October 2017 11:50 AM
එම ස්වාමින් වහන්සේගේ හැසිරීම කිසි ලෙසකටවත් අනුමත කරන්න බැහැ. එතන වැඩිහිටි භික්ෂුවක් ලෙස අක්මීමන දයාරත්න හිමියන් ඉතාම බුද්ධිමත් ලෙස කටයුතු කලා. නමුත් උන්වහන්සේවත් අත්අඩංගුවට ගත්තා. කෙසේවෙතත් භික්ෂුන් වහන්සේලාෙ හෝ සිංහලයන් මෙසේ අවේගයෙන් හැසිරනේන අවස්ථාව සැලසුණේ චම්පික රණවක නිසා. ඔය රතනසාර හිමි දැන දැන ම හැංගිලා හිටියේ ඇයි? කෝ එදා තිබුණු වීරත්වය. එදා උන්වහන්සේ වගකීම් සහගතව හැසිරුනා නම් මුළු මහත් සිංහල ජාතියම උන්වහ්සේ පිටුපස සිටිනවා. රටේ ජනතාව ඔය ප්‍රශ්නය හැංගුවේ නැති නම් ඔය කිසි ප්‍රශ්නයකුත් නැහැ නේ.