අරලගංවිල වෙහෙරගල වෙල් යායකට උල්කාපාත කොටස් යැයි සැලකෙන නිල් පැහැයට හුරු පාෂාණ විශේෂයක් වැටුණු බව ගෝවීහු කියති.
ඒවා පරික්ෂා කිරීමට ගිය ගොවීන් දැක ඇත්තේ වෙල් යායේ තැනින්තැන වැටී ඇති පාෂාණ කොටස් පිළිස්සී කැබලිවලට කැඩී තැන තැන විසිරි ඇති අයුරුය.
තඹුත්තේගම වෙල් යායකටද එදිනම හඳුනානොගත් කොටස් යැයි සැලකෙන පාෂාණ විශේෂයක් වැටී සොයා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ නොදන්නා කමට අහන්නේ. මේවා වැටෙන්නේ වෙල්යායවල් වලට විතරමද ? (ස)
විජේ, කට ඇරගෙන එළියේ ගොඩක් වෙලා හිටියොත්, කට වැටෙන්න සම්භාවිතාවක් නැතුවම නෙමෙයි. (ස)
මෙහෙමනෙ විජේ පුතේ. මුහුදට වැටුනොත් මාලු තමයි දන්නේ. පාරට වැටුනොත් වාහන වලට යට වෙනවා. ගේකට වැටුනොත් වහල උඩ, කැලෙට වැටුනොත් පෙනේන්න නෑ. වෙලට වැටුනත් දැම්මත් මඩේ වෙන සම්ප්‍රේෂණය නිසා පේනවා. (ස)
අනුර ඉස්කෝලේ මහත්තයෙක් ද? (ස)
මම දන්නා විදියට නම් අපේ රටේ අහසින් ගල් වැටෙන්නේ බඩු මිල ඉහල යන්න කිට්ටු උනාම. (ස)
ඊලඟ චෝගම් එක දිව්‍ය ලෝකේද දන්නේ නැහැ. එහේ පාරවල් හදනවා ඇති. (ස)
සමහර අයට ලෝකේ අනික් පැත්ත පෙරලුනත් ගාණක් නැති සැටියෙනුයි හැසිරෙන්නේ. හැම දෙයක්ම විහිළුවක්. ඒ අතින් අනුර ගුණවර්ධන මහතා ගත් උත්සාහය අප අගය කල යුතුයි. (ස)
මේවා ඇත්තටම උල්කාපාත කොටස් නම් ඒවා ඉතාම මිළ අධිකයි.එහෙම වෙන්නට හේතුව ඒවායේ තිබෙන අලුත් ලෝහ වර්ග රසායනික ද්‍රව්‍ය ගැන පරීක්ෂණ වලට අවශ්‍ය වෙන නිසා. ඒවා මිළට ගන්න වෙබ් අඩවි පවා තිබෙනවා.ලංකාවෙනම් සමහරු කරන්නේ පොලිසියට භාරදීම නේ. (නි)
මීට කලිනුත් මේ වගේ පාෂාණ ඔය ප්‍රදේශයට වැටුන. නමුත් වෙනත් රටවල විද්‍යාඥයො ඒව උල්කා කැබලි කියද්දි අපේ රටේ විද්‍යාඥයො කිව්වෙ වෙනම කතාවක්:D මමනම් හිතන්නෙ මේ ගැන විදිමත් පර්යේෂණයක් කල යුතු බවයි.මොකද මේ වගේ සුළු දේවල් වලින් විශ්වයේ සැග වුණු රහස් බොහොමයක් හදුනා ගෙන තියෙන හින්ද. (ස)
ඔය වැටෙන පාෂාණ අතට ගන්න හොද නැහැ. විකිරණ පිට වෙන්න පුළුවන් (නි)