IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අරලියගහ මැදුරේදී පිළුණු ආහාර දීම ගැන පරීක්‍ෂණයක්

(විනීතා එම් ගමගේ)

අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය සේවා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයක දී ඊට සහභාගි වූ අයට පිළුණු වූ ආහාර ලබාදීමේ සිද්ධියක් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස මහතාගේ නියෝග මත විමර්ශනයක් අරඹා ඇත.

මෙම අවස්ථාවේ පත්වීම් ලිපි  ලබා ගැනීම සඳහා 3000 කට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර ඔවුන්ගේ ඥාතින්ද උත්සවයට  සහභාගි වී ඇත.

මේ අනුව උත්සවයට සහභාගි වූ පිරිස 5000 ක් පමණ වූ බවත් ඔවුන් සඳහා දිවා ආහාරය පෞද්ගලික සමාගමක් වෙතින් ගෙන්වා තිබු බවත් පැවැසේ.

දිවා ආහාර ලබා ගන්නා වේලාව වන විට එම ආහාර පාර්සල් සියල්ල පිළුණු වී තිබී ඇති අතර මේ සම්බන්ධව ක‍්‍රීයාත්මක වූ අමාත්‍යංශය ආහාර ඇණවුමේ ගෙවීම් සියල්ල අත් හිටවූ බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධ පරික්ෂණ පවත්වා තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් දී ඇත.



අදහස් (23)

අරලියගහ මැදුරේදී පිළුණු ආහාර දීම ගැන පරීක්‍ෂණයක්

janaka Tuesday, 12 September 2017 04:47 AM

ඔතනින් තම්යි රටම පිලුණු කරන්නෙත්, ගද ගස්සවන්නෙත්. මහ බැංකුව දින 100 තුළ කොල්ල කාපු අයව ඉතාම විස්වාසයි කියපු පිරිස ඉන්නේ ඔතන.

:       1675       1722

RaveendraTuesday, 12 September 2017 05:51 AM

ජනක මයා වෙත, ඔබගේ අදහසට අප ගරුකරන අතර එහි ගැබ්බව ඇති ගැඔුරු අර්ථයද හොදින් වැටහෙනබව දන්වමු. කෙසේවෙතත් කෑම සදහා මෙසේ සිදුවීම ඉතා අසීලාචාර ක්‍රියාවකි.මෙය පාට බේදයකින් තොරව අප පිළිකුල් කළා යුතුමය.

:       4       82

janahitha Tuesday, 12 September 2017 05:01 AM

මොනවටද මේ පත්වීම් ලිපි දෙන්න දේශපාලකයින්ගේ කාර්යාලවලට ගෙන්නවන්නේ. ඕන නැති වැඩ මේවා. මේ වියදම් කරන්නේ මහජන මුදල් නේද? අපි පත්වීම් ගන්නකොට පත්වීම් ලිපිය නම්බුකාර විදිහට තැපැල් බෙදාහරින මහතා අතටම ගෙනවිත් දුන්න.

:       15       144

narada Tuesday, 12 September 2017 05:03 AM

ඒ කාළේ කිව්වේ ජනාධිපති අරමුදලෙන්/අමාත්‍යංශවලින් දානෙ දෙනවා කියල...

:       171       152

නිතිය Tuesday, 12 September 2017 05:08 AM

නීතිය අනුව සමාගමට දඩුවම් කරන්න.

:       0       8

ලුම්බිණි Tuesday, 12 September 2017 05:19 AM

පත්වීම් ලිපි ප‍්‍රදානය කරන්න උත්සව මොකටද? අරලියගහ මන්දිරයට ගෙන්නන්නේ මොකටද? 5000 ක් පමණ කට්ටියකට අාහාර දෙන්නේ මොකටද? මේවා දැන්වත් නවතන්නේ නැත්තේ මොකද?

:       0       71

sachith Tuesday, 12 September 2017 05:22 AM

ඔන්න මහා ලොකුවට ප්‍රමිතිය දන්නවා කියන ඇමතිතුමාගේ අමාත්‍යංශයේ වැඩ. ඉතින් මේ වගේ ඇමතිකෙනෙක් යටතේ තියෙන සෞඛ්‍ය එක්ක මේ රටේ සාමන්‍ය මිනිස්සු මේ තරමින් හරි ජිවත් වෙලා ඉන්න එක වාසනාවක්.

:       212       167

kapTuesday, 12 September 2017 07:34 AM

ඈමතිතුමා උයන්නෙ නෑ. ඒ නිසා තමයි කොම්පැනියකට ඒක කරන්න දීල තියෙන්නෙ. ඒ කොම්පැනියෙ නිළධාරීන් මේ වගේ වැඩ කළාට ඇමතිතුමා මොනා කරන්නද? මේක තමයි ලංකාව. කොලිටිය අඩු දේවල් දීලා ගාන වැඩි කරගන්නයි හැමෝම බලන්නේ.

:       158       265

lalithsjm Tuesday, 12 September 2017 05:24 AM

ආප්ප නෙවයිනේ..........කෝ අරය ගැන මොකුත්ම කියල නැහැ නේ.

:       27       119

K S kodituwakku Tuesday, 12 September 2017 05:36 AM

කියක් වියදම් කළාද දන්නේ නැහැ. එකක් රුපියල් 800 උනොත් සම්පුර්ණ මුදල 4,000000.

:       66       83

Raveendra Tuesday, 12 September 2017 05:42 AM

මහජන මුදල් වලින් හෝ පෞද්ගලික මුදල් වලින් ගෙනෙන ලද අහාර එසේ පිලුනුවී ඇත්නම් එයට සම්බන්ධ වුණු සියලු දෙනා හට දැඩි දඩුවම් දියයුතුය. මෙයත් බරපතල පාපකර්මයකි. මෙය කිසිවකුහට සුදු හුණු ගැමකට උත්සහයක් නොව.

:       20       24

daya Tuesday, 12 September 2017 05:48 AM

මොනව කිව්වත්...අපි දෙගොල්ලම ගෙදරට ගෙන්නගෙන හරි ආගන්තුක සත්කාරය කරන්න ආසයි.

:       1       0

raveendraTuesday, 12 September 2017 11:19 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස ඉතා නිවරදි වන අතර මෙය අපගේ ඉතිහාසය සහ හැදියාවන් සමග බැඳී ඇති දෙයකි.

:       1       2

ONE SRILANKAN Tuesday, 12 September 2017 05:54 AM

දත් රාජිත කරන හැම වැඩක්ම පිළුණු ගද ගහන ඒවා තමි ජාතියම ගදගස්වල තියෙන්නේ දත් රාජිත ,,,සීනිගම දෙවියෝ මොහුව පලව හරීවි

:       90       133

samira Tuesday, 12 September 2017 06:00 AM

ඕක කරපු ඇමතිත් පිලුන් වෙච්ච කෙනෙක් නේ

:       4       132

HASITHA Tuesday, 12 September 2017 06:10 AM

ඉස්සර අරලිගහ මැදුරේ දන්සැල් දෙනවා කියා කියා චන්ද ගත්තු අය දෙන හිරිකිතයක් නැතුව 5000ක් දෙනා මැදුරට ගෙන්වන්නේ කෙසේද? මෙවැනි උත්සව ඇයි BMICH වැනි තැන්වල නොපවත්වන්නේ.

:       1       185

SATHYAPALA Tuesday, 12 September 2017 06:22 AM

කරන හැම දෙයක්ම හත්පොලේ ගාගන්නවා. පොඩි දෙයක්වත් කලොත් හත්පොලේ ගෑවෙනවා. රටටම විහිලු සපයන කෝලම් මඩුවක් වෙලා. රටකට ජාතියකට ගිය කලක්. එකම එක දෙයක් හරියට කළා කියල ඇහුනද පසුගිය අවුරුදු දෙක හමාරට. තුහ්.... නොදකින්.

:       21       780

CHAMARA P.KUMARA Tuesday, 12 September 2017 06:29 AM

මම හිතන්නේ එක කාගෙහරි අත්වැරැද්දක් .

:       229       177

siri Tuesday, 12 September 2017 07:46 AM

දැන් ඔතන කොහොමත් ඉන්නේ පිලුණු වුණු අයනේ.

:       0       243

piyal Tuesday, 12 September 2017 09:40 AM

සුදුසුකම් සපුරල පත්වීම් ලැබුණානම් ගෙදරට ලිපිය යැව්වා නම් ඉවරනේ. පත්වීම් ලිපි දෙන්නේ මොකටද අරලියගහ මන්දිරයේ. බත් පැකට් ගන්න මුදල් වෙන් කරන්න නියෝග දුන්නේ කව්ද? එකටත් යන්නේ ජනතාවගේ සල්ලි.

:       0       3

rohana Tuesday, 12 September 2017 10:39 AM

අන්න ඒකට ඒ කාලේ අඩියකුත් ගහල චිකන් එක්ක බුරියානි කාල පසු දා වැඩටත් එනවා....

:       0       2

නූමා Tuesday, 12 September 2017 11:24 AM

කවදත් ඔහොම තමා. අප්පච්චි ඉන්නකොට මගේ භාර්‍යාවට ගුරු පත්වීමකට ආරාධනය කර, පිළුණු බත් පැකට් බෙදා දී තිබුණා. එවක නම් මෙවන් ප්‍රවෘත්තියක් වත් දකින්න ලැබුණේ නැහැ. මෙවර බස්නාහිර පළාත් ගුරු පත්වීම් ලබාදීම ගැන දැනටමත් ආරංචි තිබෙනවා. ඇමතිගෙන් ලිපියක් ලබා ගන්න එක් දවසකුත්, පළත් කාර්‍යාලයේ තව දවසකුත්, කලාප කාර්‍යාලයේ අදාළ නිලධාරීන් සිටියදී හරවා යැවූ තව දිනයකුත් ලෙස වටිනා දින තුනක් දැනටමත් නාස්තිකර ඇත. රැකියාවට තෝරාගත්තේනම් එක් වරම පත්වීම් දීමට නොහැකි තරම් අප නිළධාරීන් අසමත්ද??

:       24       1

Padmini Wednesday, 13 September 2017 06:03 AM

මේ කෝලම් තියරිය දැන්වත් නතර කරන්න. උගත් දරුවෝ දේශපාලකයා ඉදිරියේ අසරණ කරන්න එපා. ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 168 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 125 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 261 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 119 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 225 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site