වන ජීවී දෙපාර්තමේන්තුවේ අලි සංඝණන පිළිබඳ පොත අස්ථාන ගත වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි වනජීවී ඇමැති ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා කියයි.
අමාත්‍යංශ ලේකම් උදේනි වික්‍රමසිංහ මහතා විසින් වනජීවී දෙපාර්තමේන්තුවේ නීතී අංශයේ චාන්දනී විල්සන් සහ පර්යේෂණ හා පුහුණු අංශයේ පී එම් ධර්මතිලක යන නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ වැඩ අද සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල කිරි.. දල ඇත්තු ටිකට දෙවිපිහිටයි... ඔන්න ඕකට තමයි උඩ පැනගෙන සංගණනය කලේ... සංගණනය කරනකොටම පරිසර වේදීන් කිව්වා එකතුකරන තොරතුරු ගැන සැක සහිතයි කියල... දලවල දිග ගැවසෙන ප්‍රදේශය වගේ තොරතුරු පවා එකතුකරනවා කිව්වා.(නදී)
අලි හොරකමක්ද? (ත)
ඇයි ඔය දත්ත පරිගණකගත කරලා නැත්ද? ඊ ශ්‍රී ලංකා කියලා මහලොකු පම්පෝරි ව්‍යාපෘතියකුත් තිබුනා නේද?
පොත නැති උනාට තව පොතක් කඩෙන් ගන්න බැරුවය? හැබැයි පොතේ මොනවා හරි නිකම් මේ ඇත් දල වගේ දේවල් ගැන තිබුනා නම් ඉන්න ඇත්තු ටික ගැන විමසිල්ලෙන් හිටියොත් හොඳයි මගේ හිතේ. පෙර නිමිත්තක්? (අ)
අලි තෝම්බුව නැතිවෙලා මෙහෙමනම් ඇමති තේම්බුව නැති වුනොත් ගස් බදීවී (ස)
කිසිම වගකීමක් නැති නිලදාරීන්.උපරිම දඩුවම් දෙන්න ඕනේ. තාමත් මේවා පරිගණක ගත කරන්නේ නැත්තේ මොන හේතුවක් නිසාද? ඇමති තුමනි වහාම සියලු තොරතුරු පරිගණක ගත කරන්න... (ස)
පොඩ්ඩක් ඉන්න ගණන් හදන කල්. හ්ම්, රස්සාවෙන් ජීවිත කාලයටම හොයන්න පුළුවන් මෙච්චරයි. පොත වික්කාම ලැබෙනවා මෙච්චරක්. එහෙනම් පොත විකුනනවා ඔන්න ඔහෙ. (නදී)
වැඩ තහනම පමණක් මදි. මේ දෙන්නව බන්ධනාගාරගත කරන්න නොහැකිද? (නි)
අලි වැඩක් නේන්නම් මේ දෙන්න කරලා තියෙන්නේ . ඔය පොත නැතිකරන්නත් අලි හේතුවක් නැතිවෙන්න බැහැ. (දී)
අලි පැටවූ රට යවන උපක්‍රමයක්ද දන්නේ නැහැ
සිරිකොත පැත්තේ ටිකක් විපරම් කලොත් නරකද?අලින්ට අපල හින්ද සන්තිකර්මයක් කරවද දන්නේ නැහැ නේද? (අ)