අධිකරණ නියෝග මත උඩවලව ඇත් අතුරු සෙවනට බාර කළ වයස අවුරුදු තුන හමාරක් පමණ වූ අලි පැටවකු අද (28) අලුයම හදිසියේ මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච් ජී රත්නායක මහතා කියයි.
ඉකුත් මැයි අට වැනි දා ගන්නෝරුව කනිටු විදුහල් මාවතේ නිවසක් අසල රඳවා සිටිය දී වනජීවී නිලධාරීන් බාරයට පත් විය.
හොරණ කහටපිටියේ ලංකා විජේසිංහ හා ඇත් ගොව්වකු වන ඩබ්ලිව් ආර් සෝමරත්න ඒ සම්බන්ධයෙන් මහනුවර දී රිමාන්ඩ් කරනු ලැබූහ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ ඒ ඩී යූ ඉන්ද්‍රජිත් මහතා අලි පැටවා මළ බව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා වෙත දැන්වීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නම අපි වෙනස් කරමු වනජීවී නාශක දෙපාර්තමේන්තුව කියල. ගෙදරක හිටිය අලියා වඩාත් ආරක්ෂාවට ගෙනල්ල කරපු හදියක්. මොනවද මේවයේ කාර්ය බාරය? කව්රුහරි ඒවා බලනවද? එහෙම නැත්නම් ලොකු තැනගේ ඉඳල පොඩි තැන වෙනකම් බොරුවට පඩි ගෙවනවද?(නදී)
අලි පැටවුන් හරිම අහිංසකයි. ඔවුන්ට ආදරය අවශ්‍යයි. පින්නවල ඉන්න ඉතා කුඩා අලි පැටවූ පොඩි ළමයින් ළඟට එන්න කැමතියි. මම දැකලා තියෙනවා. අලි පැටවුන් කවදාවත් අලි අම්මා ළඟින් ඉවත් කරන්න හොඳ නැහැ. මහා පවක්. (නි)
අලියෙක් වෙලා මෙහෙම නම් කූඹියෙක් වෙලා ඉපදුනා නම් කොහොමට හිටීද? මින්පසු ඇමති කෙනෙක්වත් වෙලා ඉපදේවා! (නි)
දශක ගණනාවක් අලි ඇති කරපු විජේසිංහ මහත්තය ළඟ යහතින් හිටපු පැටිය අල්ලාගෙන ගියා ඒ මනුස්සයව හිරේ දාල . ඔන්න ප්‍රතිපලේ. දරුවන් ළඟ මාස ගානක් හිටි ඔලු දෙකේ පොළඟ ටත් උනේ ඕකයි. නිලධාරීන් පවර ගත්ත. දවස් තුනයි මැරුණා. (අ)
අලි හදන්න කැමති අයට ආධාර දෙන්න ඕන. අලි හිමිකරුවන් ආරක්ෂා කරන්න ඕන. ඔවුන් නිසා තමයි පෙරහැර වලට අලි ඇතුන් ලැබෙන්නේ. අලි නැතිව පෙරහැර පවත්වන්න බැහැ එමනිසා අලි හිමිකරුවන්ගේ සේවය අගය කරන්න ඕන. ඔවුන්ට ආධාර උපකාර කරන්න ඕන (අ)
අයියෝ පව් අලි ඔහොමත් මැරෙනවද (අ)
මැරුණද?මැරුවද? (අ)
මේ ආත්මෙ පන්සලේ ඉඳගෙන මේ කල පාපයට ලබන් ආත්මේ ඉන්න වෙන්නෙ අපායේ (නදී)
කණගාටු දායක අවස්ථාවක මේ ගැන පර්ක්ෂණයක් කර වැරිදි කරුවන් සිටිනම් දඩුවම් කරන්න (නදී)
අනේ අපේ අලි ටික නම් විනාශ කරන්ඩ එපා. අලි මරණ එවුන්ට මරණීය දණ්ඩනය දෙමු.(අ)
මිනිසුන්ට විතරක් නෙවි සතුන්ටත් ඉන්න නැති වේගන වගේ එන්නේ. (නදී)
කෝ මේ ශ්‍රී ලංකා තරුණ සත්ව විද්‍යාවේදීන්ගේ සංවිධාන ? යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? (නි)
අහිංසක මව්වරුන්, දියණියන්, කුඩා දරුවන් බල්ලන් වගේ මරාදමන රටක අලි පැටවෙකුට ආදරය කරන්න අපේ අය පෙළඹෙයිද? (නි)
කනගාටුයි (දී)
රෝගයක් නිසාද (දී)
අලි පැටව් රංචුව එක්ක ඉන්න ඕනේ කැලේ. මොන අපරාධයක්ද උන්ව පන්සල්වලට, ගෙවල්වලට ගෙනත් තියා ගන්න එක. (අ)
හිටි හැටියේ අලිපැටවා මියගියේ සියදිවි නසාගනීමකින්ද ? වසක් , විෂක් ශරීර ගතවීමකින්ද ?වහාම මරණ පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන්ට අලි දඬුවම් දිය යුතුයි ! (නදී)