පොල්හේන්ගොඩ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලේ සිටියදී වනජීවී භාරයට ගැනුණු අලි පැටවා ඒ හිමියන්ගේ නමට හෝ ඇලන් මැතිනියාරාමයේ නමට ලියාපදිංචි කර නැතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව රහස් පොලිසිය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිෂාන්ත පීරිස් මහතාට දැන්වීය.
රහස් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ එම අලි පැටවා පන්සලට ගෙන ආවේ කෙසේදැයි තවදුරටත් පරීක්ෂණ කරගෙන යන බවයි. එම අලි පැටවා දැනට පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින බවද රහස් පොලිසිය අධිකරණය දැනුම් දුන්නේය.
නඩු විභාගය ජනවාරි 14 වැනිදාට කල් තැබිණි.
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අලි පැටවා උඩුවේ හිමි නමට ලියාපදිංචි කර නෑ‘
අමල් Tuesday, 08 December 2015 11:56 AM
අසරණ සතුන් නිදහස් කරමු. (ර)
මධු Tuesday, 08 December 2015 05:07 AM
කවුරුහරි තෑග්ගක් දුන්නහම ඔයා මේක සල්ලි දීලද ගත්තේ හොරකම් කළාද කියලා අහන්න බැහැනේ. ඉතින් පිට ඉන්න අපි කොහොමද දන්නේ හරියටම මොනවද වුණේ කියලා.. (නි)
රංග Monday, 07 December 2015 05:42 PM
උන්වහන්සේට මඩ ගහනවා කියලා මේ ළඟදිත් කියලා තිබුණා මට මතකයි (නි)
පද්මිණී Monday, 07 December 2015 05:42 PM
උන්වහන්සේ යම් ප්‍රාතිහාර්ය බලයකින් අලි පැටවා පන්සලට ගෙන්වා ගත්තා කිවුවොත් මොකද එතකොට කරන්නේ? (නි)
චතුර Monday, 07 December 2015 07:32 PM
ඉස්සර රජ කාලෙ රජවරු පන්සල් වලට අලි ඇතුන් පුජා කළා. අද කාලෙ අලි ලියාපදිංචියක් ගැනත් කතා කරනවා. අතීතයේ ඉඳලා බුදුදහමත් අලි ඇතුනුත් එකට බැඳිලයි හිටියේ. ඒක අමතක කරන්න එපා. (නි)
විජිත් Monday, 07 December 2015 12:28 PM
" අදින්නාදානා ..." සිල්පදය කඩා ඇතිබව ඔප්පුවුණොත් ගිහිපැවිදි බේදයක් බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ නීති දෙකක් නැහැනේ පැවිදි සහ ගිහි කියලා. (නි)
රකිත් Monday, 07 December 2015 12:40 PM
අපි ගෞරව කරන පැවිදි පක්ෂය නේද මේ? (නි)
සමන්ති Monday, 07 December 2015 11:38 PM
අලි පැටවා පන්සලට ආවේ, පන්සලේ ඉතුරුවන කෑම කන්න හරි, බණ අහන්න හරි වෙන්න ඇති (නි)
තිලක්-ඩුබායි Tuesday, 08 December 2015 09:57 AM
චතුර ඔබ ගැන කණගාටුයි.(ම)
ඩග්ලස් Tuesday, 08 December 2015 01:02 AM
කැලේට වැඩිය පන්සල හොඳයි කියලා අලි පැටියාට හිතෙන්න ඇති. මං හිතන්නේ ඌම කැමැත්තෙන් එන්න ඇති. (නි)
රොක්සි Monday, 07 December 2015 01:51 PM
ගමරාළ දිව්‍ය ලෝකේ ගිය පිළිවෙලට අලියා පිටේ නැඟලා නිර්වාණෙට යන්න බැහැ. පන්සලේ නමට හරි හාමුදුරුවන්ගේ නමට හරි අලියට බලපත්‍රය අරගන නැත්නම් නීතිය ක්‍රියාත්මක කළයුතුයි. එහෙම නොකළොත් තවත් හාමුදුරුවරු මේ ක්‍රමය පුරුද්දක් කරගන්න පුළුවන්. (නි)
සකුන්තලා Tuesday, 08 December 2015 03:04 AM
අද වනවිට අපේ රටේ බුද්ධාගමට ඇතිව තිබෙන ලොකුම තර්ජනයක් තමයි හාමුදුරුවරු සසරෙන් එතෙරවීම ගැන හිතන්නේ නැතුව චීවරධාරී ව්‍යාපාරිකයින් වීම. අද වනවිට අලි ජාවාරමට හාමුදුරුවරු සම්බන්ධ බව ඇසීම ඉතාමත් කණගාටුදායක තත්වයක්. නියපොත්තෙන් කඩන්න තිබෙන දෙය පොරවෙන් කපන්න වෙන මට්ටමට පත්වෙන්න ඉඩදෙන්න එපා. ඒ වගේම කළු සල්ලි සුදු කරන තැනක් බවට සමහර පන්සල් පත්වෙලා. ගොඩනැගිලි හැදුනට වැඩක් නැහැ ධර්මය රැකෙන්නේ සහ පිළිපදින්නේ නැත්නම්. පැවිද්දෙක් සාපරාධී වරදක් කර ඇත්නම් ඔවුනට එහෙරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමත්, නීතිය ඉදිරියේදී වරදකරු බවට ඔප්පුවුවහොත් එම වරද සඳහා දෙන උපරිම දඬුවම ලබාදීමත් සමාජ අවශ්‍යතාවය බවට නිතැතින්ම පත්වී ඇත. (නි)
නයන Tuesday, 08 December 2015 03:08 AM
චතුර, ඔබ තවමත් රජකාලයේ ජීවත්වන බව පෙනී යයි. ඔලුවට ටොක්කක් ඇනගෙන සිහි එළවාගනු මැනවි. රටේ ඕනෑම පුද්ගලයෙක් පවතින සිවිල් නීතියට යටත් වියයුතුය. (නි)