IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අලි බලා ගන්න ස්වීඩනයෙන් ඇවිත්

හීලෑ අලින් සමඟ තුන් මාසයක් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට ස්වීඩන් පෙර පාසල් පාලිකාවක සීගිරියට පැමිණ සිටින්නීය.

ඇය බර්ගිටා ප්‍රිට්ස් (52) දෙදරු මවකි.

ඇය පියසේන ගමගේ (අලි පියා) මහතාගේ අලිත් සමඟ ජීවත් වෙමින් එම අලින් රැක බලා ගනියි.

අලින් නැහැවීම, පිරිසිදු කිරීම, අලි බෙටි ඉවත් කිරීම , ඇත්ගොව්වන්ගෙන් අලි භාෂාව ද ඉගෙන ගනිමින් සිටින්නීය.

මේ වන විටත් මාසයක පමණ කාලයක් මෙම අලින් සමඟ ගත කැර ඇති ඇය ගැන ගමගේ මහතා කියා සිටියේ මිනිසුන්ට වඩා ඇය අලින්ට ආදරය කරන බවයි.

අලි ඇතුන් සමඟ කල් ගෙවීම මානසික සුවයට හේතු වන බව බර්ගිටා මහත්මිය පැවසුවාය.

මේ වන විට ඇයට සාමාන්‍යයෙන් අලි භාෂාව මෙන්ම අලියා මෙල්ල කරන හෙණ්ඩුව ද හුරු වී ඇත.

එසේම ඇත්ගොවුවන් සමග දැඩි සැමීප බවත් පෙන්නුම් කරන්නීය.

‘මම අලින්ට හරි ආදරෙයි.  මම ලංකාවටත් හරි ආදරෙයි.‘ යනුවෙන් ඇය සිංහලෙන් ද කතා කරන්නීය.

 



අදහස් (0)

අලි බලා ගන්න ස්වීඩනයෙන් ඇවිත්

මේනක Monday, 23 December 2013 08:00 AM

මෙයා මේවා පේස්බුක්, යු ටියුබ්, වෙබ් සයිට් වලදොලා හොද ගානක් හම්බකරගන්න යන්නේ. අපේ අය තවත් ප්‍රසිද්ද කරනවා. අලි භාෂාව දන්නවා කියල හොදට හමබකරේ. මේ වගේ දේවල් වලක්වන්න ඕනා. මේගොල්ලෝ තමා අපේ සම්පත් අඩු මිලට සුරා කන්නේ.(නදී)

:       0       0

ආරච්චි Monday, 23 December 2013 09:59 AM

මෙයාව "සිරිකොත" දිහාවෙ එක්ක ගියොත් නරකද? (නදී)

:       0       0

බමුණු Monday, 23 December 2013 10:25 AM

"මෙයාව "සිරිකොත" දිහාවෙ එක්ක ගියොත් නරකද?" (නදී)

:       0       0

ශාන් Monday, 23 December 2013 10:26 AM

අපේ සමහර අය සැම විටම වැරදි කෝණයකින් තමයි බලන්නේ? (නදී)

:       0       0

ජෝන් Sunday, 22 December 2013 05:40 PM

අපිත් ආදරෙයි. (ත)

:       0       0

ගාමිණී - සිරි Sunday, 22 December 2013 07:42 PM

ඇස් තියෙන හැමෝටම අලි බලන්න පුළුවන්. නමුත් වනාන්තරවල වාසය කරන අලි ඇතුන් විපත් වලින් බේරාගන්න , ඒවාට උදව් කරන්න පුළුවන් අය මෙරටට ගෙන්වා ගැනීම තමා වඩාත් හොඳ. මේ ක්‍රියාවලියත් එක් අතකට කමකුත් නැහැ ඉතින්.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 23 December 2013 12:26 PM

මිනිසුන් ළඟ මෙන් කුහකකම් සතුන් ළඟ නෑ. (ත)

:       0       0

ශලිනි Monday, 23 December 2013 02:09 PM

සමහර විට මානසික සුවය පතා කරනවා ඇති.සමීක්ෂණයක් සඳහා කරනවත් ඇති.මොනවා කළත් ලංකාවේ නීතියට අනුකූල නම් ගැටලුවක් නෑනේ. (ස)

:       0       0

ගිහාන් Sunday, 22 December 2013 10:05 PM

මේක ලාබෙට ලංකාව වගේ රටක නිවාඩු ගත කරන ක්‍රමයක්.(නදී)

:       0       0

රොෂාන් ද සිල්වා කටාර් Sunday, 22 December 2013 10:10 PM

මෙම කාන්තාව අලින්ට කරන සේවය අගය කර රජය විසින් කුසලතා සහතිකයක් දීමට කටයුතු කරන්න. එය අප සංචාරක කර්මාන්තයටත් හොදයි.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Sunday, 22 December 2013 11:40 PM

හොඳ වැඩක්. ඒත් පරිස්සමින්.(නදී)

:       0       0

මංගලා Monday, 23 December 2013 12:06 AM

අපෙත් ඉන්නවා හොද අලි ටිකක්.(නදී)

:       0       0

උපාලි Monday, 23 December 2013 12:12 AM

හෙන්ඩුවත් අතේ නේද? එහෙනම් පක්ෂේ නායිකාව කරමුද? (නදී)

:       0       0

චාමර Monday, 23 December 2013 01:01 AM

ලංකාවේ අයට ඉතින් සුදු පාට මාර වටිනවා. මම ඉන්නේ ඔය සුද්දන්ගේ රටක. (නදී)

:       0       0

පෙරේරා Monday, 23 December 2013 01:16 AM

ලංකාවේ මෙවැනි සම්පත් වල වටිනාකම ලංකාවේ බොහෝ අයට වැටහෙන්න ගන්නේ ඒ සම්පත් වඳ වුනාට පස්සේ.(නදී)

:       0       0

ගුණරත්න-ඩුබායි Monday, 23 December 2013 04:24 AM

මෙයා පෙර පාසැල් පාලිකාවක්නේ. මම හිතන්නේ මෙයාගෙන් ඉගෙනගන්න පොඩි උන් බලාගන්න එක අලි බලනවට වැඩිය අමාරු ඇති. ඒක තමා මේ ලංකාවට ඇවිල්ල අලි බලලා පුරුදු වෙන්නේ. කොහොම උනත් පරෙස්සමෙන් හොඳේ.(නදී)

:       0       0

බමුණු Monday, 23 December 2013 06:36 AM

දෙදරු මවක් ලංකාවට ඇවිත් අලි සමග කල්ගත කරන්නත් කාලය සහ නිදහස තිබෙනවා. අනේ මමත් ලබන ආත්මයේ ඒවගේ රටක උපදින්න පින් කොරන්න ඕනේ. (නදී)

:       0       0

බමුණු Monday, 23 December 2013 06:38 AM

මෙයගෙ මෙ වැඩේත් විස්නු දෙයියෝ බටකොළ කෑවා වගේ වැඩක් ද?(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 December 2013 06:46 AM

මෙහෙම ලියන්නේ කුහක කමට නෙවෙයි , මෙයාල අපෙන් හැමදේම ඉගෙනගෙන තමන්ගේ රටවල් වලට ගිහින් රුපවාහිනී වාර්තාමය වැඩසටහන් කරලා ඩොලර් මිලියන ගණන් හම්බ කරගන්නවා. අපි අපේ උරුමයන් නොමිලේ මෙයාලට දෙනවා අපේ මනුස්සකමට , මේ සෙල්ලම තමයි අප්‍රිකානු මිනිසුන්ටත් වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

අසිංක Monday, 23 December 2013 06:52 AM

මෙයා කොහොමද ස්යීඩන් ඉදලා ඇවිත් ලංකාවේ අලි බලන්නේ? ටුවරිස්ට් වීසා එකටද ආවේ.(නදී)

:       0       0

අශාන් Monday, 23 December 2013 07:41 AM

විදේශිකයෝ කොහොමත් සතුන්ට ආදරෙයි. අපේ පව්කාරයෝ වගේ නෙවෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 305 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 425 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 90 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 611 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 898 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site