IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අලූත් සිංදුවේ වීඩියෝවට රෙඩ් රූකඩ නටයි

2016-10-02-ent-84

‘රෙඞ්’ කාලයෙන් කාලයට අලූත් ගීත ආකෘති රැගෙන රසික සිත් අතරට එන ගායන ශිල්පියෙක්.

විවිධ ආකෘතියේ ගීත ඔහුගේ හඬින් ගායනා කරද්දී තරුණ තරුණියන් ඔහු වටා ළබැදි සෙනෙහසින් බැඳුණා.

ආදරය හා බැඳුණු ඔහුගේ අලූත්ම ගීතය තමයි ‘‘මගෙ පේ‍්‍රම සුදා’’ මේ දිනවල පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මැද විකාශය වන මෙම ගීතය පිළිබඳව සහ ඔහුගේ කලා දිවියේ නව තතු කතා කරන්නටත් සමඟින්ම ‘සඳැල්ල’ අපි ඔහුව කතාබහකට එක්කර ගත්තා.

 

රෙඞ් කොහොමද ඉතින් ජිවිතේ?

බොහෝම සතුටින් සමාදානයෙන් පිළිවෙලකට ගෙවීගෙන යනවා.

 

ඇයි ඉස්සර අපිළිවෙළටද ගෙවුණේ?

නෑ නෑ මම එදත් අදත් කවදත් පිළිවෙලකට තමයි ජීවිතේ ගෙනිච්චේ.

 

අලූත් ගීතයක් කලා නේද?

ඔව්.. ඔව්.. අළුත්ම ගීතයක් කළා. ‘මගේ පේ‍්‍ර්ම සුදා’ කියලා. වීඩියෝව එළිදක්වලා දැන් සති දෙකක් වගේ වෙනවා.

 

ගීතය කියමුද බලන්න?

2016-10-02-ent-83මගේ පේ‍්‍රම සුදා ලපටි කථා

මොකද මෙකාලේ....

ඉරණමට එපා දොස් කියන්න

හැදිලා විකාෙරේ...

 

පැනි කොමඩු රටා පසඟ වෙලා

යනෙන තලාවේ....

ඔය ඇඹුල් කකා පේ‍්‍රමේ

නොදාපන් ඔක්කාරේ....//

 

මට ලැජ්ජා හිතෙනවා කෙල්ලේ

අනේ අම්මපා .....

මේ සිද්ධ වෙන්නෙ පේ‍්‍රම හීනෙ

දෙන්නා මවපුවා....

 

ඔබ මහ ගෙදරට කැටුව යන්න

ඒවි අම්මලා .....

හිත මෙල්ල කරන් ඉඳපන්

එහි යන්න නම් එපා ......

 

මෙහි සංගීතය කළේ රොෂාන් ප‍්‍රනාන්දු, පද රචනය කලේ ලක්ෂ්මන් රදාවාන, මියුසික් වීඩියෝව A9 කියන ආයතනය කළේ. එළිදක්වලා නම් දැන් සතියක් දෙකක් පමණ වෙනවා.

 

වීඩියෝවට වෙනසක් කරලා තියෙනවා වාගේ නේද?

ඔව් ඔව් මම ඉතින් කවදත් වෙනසක් කරපු කෙනෙක්නෙ. ඉතින් මේ ගීතය වෙනුවෙනුත් ලොකු වෙනසක් කළා.

 

ඒ වෙනස ගැනත් කතා කරමු.

ඇත්තටම මේ ගීතයෙ වීඩියෝවට කව්රුත් නොකරපු දෙයක් තමයි මට කරන්න අවශ්‍ය වුණේ. ඉතින් කන්සෙප්ට් ගොඩක් බැලූවා. ඒ බලපු ඒවා අතුරින් මගේ හිතට දැනුනු එකක් තිබුණා. ඒ රූකඩ වලින් කරන නිර්මාණයකට ඒ විදියෙ නිර්මාණයක් කරමු කියලා යෝජනා කලේ හේෂාන්.

වෙනසකට මුල පුරන්න ඒ අදහස ගොඩක්ම හොඳයි කියලා මට හිතුණා.

 

මේ විදියේ රූකඩ නිර්මාණයක්ම තෝරාගන්න හිතුවෙ ඇයි?

මගෙ පළමු මියුසික් වීඩියෝව රාජ මාළිගේ ගීතය අළුත්ම දෙයක් වුණා. පේ‍්‍රක්ෂකයෝ ගොඩක් ඒ ගීතයට ආදරය කළා. ඉතින් මට හිතුණා කව්රුත්ම නොකරපු මේ වගේ නිර්මාණයක් ඔවුන් අතට යයි කියලා. මගේ අදහස් දෙක තුනක්ම මේ වෙනුවෙන් තිබුණා. ඒ අතරින් තමයි මම හේෂාන්වත් කතා කරගෙන මේ නිර්මාණයටම කැමැති වුණේ.

 

රූකඩ රංගනයට ඔබත් දායක වෙලා ඉන්නවා. කොහොමද ඒ අත්්දැකීම?

ඇත්තටම කියන්න ඕනෙ මම මේ වීඩියෝව රූගත කිරීම් කරන්න මාස 1 1/2 කට පෙර සති හයක් පමණ මේ වෙනුවෙන් පුහුණුවීම් කළා. උදේ 6 ඉඳන් රෑ 11 වෙනකම් ෂූට් එකක් කරනවා කියන්නෙ කොයිතරම් මහන්්සියක්ද? ඒක දරාගන්න හරි අමාරුයිනේ. ඉතින් ඒ නිසා මම සති ගානකට කළින් සිටම රාගම ක‍්‍රීඩා පිටියේ වටේම වට තුන බැගින් ඇවිදිනවා සහ වට 7 ක් දුවනවා. ඒ වගේම ස්කිපින් 300 පනිනවා දවසකට. එහෙම පැනලා තමයි මගේ තිබුණු හතිය නැති කර ගත්තේ. නැත්නම් මේ කටයුත්ත කරන්න හරි අමාරුයි. ඒ නිසා මෙයට අවතීර්ණ වෙන්නට කලින් මම පුහුණුවීම් කළා. ඒ මහන්සියේ අවසන් ප‍්‍රතිඵලය හොඳයි කියලා හිතෙනවා.

 

මෙය රසිකයො අතරට යයි කියලා හිතුවද?

ඔව් ඇත්තටම. මොකද මගේ පළමු ගීතයටත් පොඩි ළමයාගේ සිට වැඩිහිටියා දක්වාම ආදරය කලා. ඉතින් මම හිතනවා මේ ගීතයටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙයි කියලා. ගීතය එළිදක්වලා ටික දවසයි. නමුත් බොහෝ දෙනෙක් ගෙන් ඉහල ප‍්‍රතිචාර ලැබුණා. පේ‍්‍රක්ෂකයො ආදරයෙන් මේ ගීතය ඉදිරියටත් වැළඳගනියි. කියලා මම විශ්වාස කරනවා. බනින අයත් ඉඳියි. හොඳ කියන අයත් ඉඳියි. ඒ හැමදේම සතුටින් භාරගන්නවා. ඒකාකාරී බවින් මිදිලා කව්රුත් කරන දෙයක් දෙස බලාගෙන ඉඳලා යමක් කරන්නෙ නැතිව තමන්ගේ නිර්මාණයක් කරලා ලැබෙන සතුට ඉතා ඉහලයි. මම ඒ ගැන ගොඩාක් තෘප්තිමත්.

 

මේ සඳහා දායකවුනු නර්ථන ශිල්පිනිය ගැනත් කතා කරමු?

මම ඇත්තටම නර්ථනය කරන ගෑණු ළමයෙක්ව තමයි මේ සඳහා බැලූවේ. ගැහැණු ළමයි පස් හය දෙනෙක්ගෙ පමණ ඡුායාරූපත් අපිට ලැබුණා. ඉතින් ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් ගන්න මම කැමැති වුණේ නෑ. ඡුායාරූප ලැබුණු ඒවා අතරින් කෙනෙක්ව මා විසින්මයි තෝරාගත්තේ. ඇයගෙන් වීඩියෝවට සාධාරණයක් වුණා කියලා මම හිතනවා. ඇය මීට පෙර රූකඩ නර්ථන කරලත් තියෙනවා. ඒ නිසා කිසිදු ප‍්‍රශ්නයකින් තොරව ඇය ඒ නර්ථනයන් ඉදිරිපත් කළා.

 

රූගතකිරීම් අතරතුරදී වුන රසවත් සිදුවීම් තියෙනවාද?

අම්මෝ.... රසවත් සිදුවීම් නම් අනන්තයි අප‍්‍රමාණයි. වීඩියෝව අවසන් වනතුරුම වුණේ රසවත් දේවල්ම තමයි. ඒ වගේම වීඩියෝවෙ තියෙනවා සරම පොඞ්ඩක් උස්සගෙන නටන සිදුවීමක් ඒ මොහොතෙ සරම කඩන් වැටිලා ලොකු අකරතැබ්බයක් එහෙමත් වුණා. ඉතින් ඒ වගේ සිදුවීම් එක්ක ඇත්තටම හරිම විනෝදයෙන් අපි හැමෝම වැඩ කළා. කණ්ඩායමේ හැමෝගෙන්ම හොඳ සහයෝගයකුත් ලැබුණා. අපි හැමෝගෙම උත්සාහයෙ ප‍්‍රතිඵලය සාර්ථකයි කියලා හිතෙනවා වීඩියෝව එළිදැක්වීමෙන් පස්සේ ඒ ගැන සතුටුයි.

 

රූකඩ නටන්න රෙඞ් ඉගෙන ගත්තෙ කොහොමද?

කාගෙන්වත් ඉගෙනගත්තෙ නෑ. අපි සාමාන්‍යයෙන් රූකඩ දකින විදියක් තියෙනවනෙ. ඒවා බලලා තමයි ඉගෙනගත්තෙ. ඒත් එක්කම Youtube හරහාත් අධ්‍යයනයක යෙදුණා.

 

මේ දවස්වල ප‍්‍රසංග වේදිකාවේ වැඩ කොහොමද?

දිගටම ප‍්‍රසංගනම් යෙදිලා තියෙනවා. ඒවා ෂේප් එකේ කරගෙන යනවා.

 

රෙඞ් රංගනයට එන්න අදහසක් නැද්ද?

ඇත්තටම මම 2004 දී ‘‘අපේ පොඩි හාමුදුරුවො’’ කියලා ඒකාංගික ටෙලියක වැඩ කලා. ප‍්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම ලාල් ප‍්‍රියදේව මහත්මයගෙ ‘‘පුංචි භූතයෝ’’ ටෙලිනාට්‍යයටත් දායක වුණා. ළඟදිත් නාට්‍ය දෙකකට ආරාධනා නම් ලැබුණා. නමුත් මට කරන්න බෑ කියලා හිතුණා. ඒ නිසා භාරගත්තෙ නෑ. මොකද රඟපාන එක ලේසි නෑ. මට ඒක හරියට කරන්න බෑ. ඉතින් පුළුවන් කියලා හිතෙන්නෙ සින්දු කියන එක තමයි. ඒක දිගටම කරගෙන යනවා.

 

අවසන් වශයෙන් පේ‍්‍රක්ෂකයන්ගේ ආදරේ ගැනත් කතා කරමු.

ඒකනම් ඉතා ඉහළයි. කොහේ ගියත් මගේ ආදරණීය රසික රසිකාවියන් ළඟට ඇවිල්ල කතා කරනවා.. අයියලා, අක්කලා, නංගිලා. මල්ලිලා පුංචි දරුවො මට ගොඩාක් ආදරෙයි. මගේ ජීවිතේ වැඩිපුරම ඉන්නෙත් යාළුවෝ තමයි. ඉතින් ඒ හැමෝටම මම ගොඩාක් ආදරෙයි. ඒ හැමෝම වෙනුවෙන් මම අළුත් නිර්මාණ තිළිණ කරන්නත් බලාපොරොත්තු වෙනවා. හැමදාම මගෙත් එක්ක ඉන්න කියලා තමයි අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ.

 

ධනු විජේරත්න

 



අදහස් (0)

අලූත් සිංදුවේ වීඩියෝවට රෙඩ් රූකඩ නටයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 761 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 675 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 908 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 985 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 313 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 683 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site