අලුත්ගම ප්‍රදේශයේ පසුගිය දා ඇති වු කලබලකාරී වාතාවරණයෙන් විනාශයට පත් වු ව්‍යාපාරික ගොඩනැගිලි 35 ක් යළි යථා තත්වයට පත්කිරීමට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකාව ගුවන් හමුදාව තීරණය කර ඇත.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ උපදෙස් මත ඒ සඳහා ගුවන් හමුදා සාමාජිකයෝ 110 දෙනෙකු යොදවා ඇත.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයා අලුත්ගම ප්‍රදේශයේ නීරීක්ෂණ චාරිකාවක නිරත වු අතර එහිදී ඔහු ප්‍රදේශවාසීන් සමග එක්ව හානි වු ගොඩනැගිලි නිරීක්ෂණය කළේය.
අනතුරුව ඔහු අළුත්ගම ඛෙල්ලන සංඝාවාසය සහ ධර්මපාල පිරිවෙනේ ඉදිකිරීම් කටුයුතු නිරීක්ෂනය කිරීමට එහි ගියේය.
එහිදී එම ඉදිකිරීම් කටයුතු සඳහා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය සැපයීමට කටුකුරුන්ද කඳවුරේ ගුවන් හමුදා සාමාජිකයෝ පිරිසක් යොමු කිරීමටද ගුවන් හමුදාපතිවරයා පියවර ගත්තේය.
මේ සඳහා ගුවන් හමුදාපතිවරයා සමග ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු එයාර් වයිෂ් මාර්ෂල් සී.ආර් ගුරුසිංහ සහ කටුකුරුන්ද අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් එම් බාලසුරිය යන මහත්වරුන්ද එක්වුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂණය ගන්න තමන් විසින්ම ගිනි තියාගත්ත කඩත් හදල දෙනවද? (අ)
ගුටිත් කාල, ගෙවලුත් හදා දෙනවා. මාර මහජාතියක් නේ? (අ)
හමුදාවේ ගෞරවය විනාස නොවේවා (නදී)
රට දිනවලා දුන්නු කොල්ලොන්ට මෙහෙම කරවලා මදි. (නදී)
අත්‍යාවශ්‍ය නොවන සිවිල් කටයුතු වලට බලෙන් හමුදාව යෙදවීම ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාර සම්පන්න නොවන ක්‍රියාවකි. (නදී)
බොහොම හොඳ තීරණයක් (නි)
මේකට හමුදාව යෙදවූ එක හොඳයි.මේවා හැදෙනවට අකමැති කට්ටියකුත් ඉන්නවනේ... (නි)
එරංග, ඔබ සමඟ එකඟ වෙන්න අමාරුයි මට. (නි)
බොහොම හොඳයි. අපේ රණවිරුවන් කැමැත්තෙන් මේවා කරනවා නම් අපිටත් ප්‍රශ්නයක් නැහැ. අපිත් සතුටුයි (නි)
ඔබට අපගේ ප්‍රණාමය! (නි)
බොහොම හොඳ ක්‍රියාවක්. නමුත් ත්‍රිවිධ හමුදාව යොදාගැනීමට නම් මම ටිකක් අකමැතියි (නි)
ඇයි මේ ත්‍රිවිද හමුදාවේ ගෞරවය විනාශ කරන්නේ.......ගෙවල් හදනවා ,උද්‍යාන පවිත්‍ර කරනවා....එතකොට නගර සභා වලට ගත්ත සිවිල් සේවකයන්ට තිබෙන රාජකාරිය කුමක්ද.(අ)
ගුවන් හමුදාවත් ඉවරයි (නදී)