අලුත්ගම ධර්ගා නගරයේ පතිරාජවෙල කුරුඳුවත්ත විවේකාරාමය අසල දී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට හා ඒ හිමියන්ගේ රියදුරාට අද (12) සවස පහර දුන් බව කියන පිරිසක් අත්අඩංගුවට නොගත්තැයි මහා සංඝරත්නය හා ගැමියෝ සිය ගණනක් අලුත්ගම පොලිසිය ඉදිරිපිටට අවුත් විරෝධය පළ කරන්නට වූහ.
ධර්ගා නගරයේ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත හිමියන් සිය රියදුරා සමග මෝටර් රථයෙන් වඩිද්දී ඉදිරියෙන් ගමන් කළ යතුරු පැදිකරුවකු පාර අවහිර වන සේ ගමන් කළ බවත්, කිහිප වරක් නළාව නාද කිරීමෙන් පසුව ඔහු ඇතුළු පිරිසක් සමිත හිමියනට හා රියදුරාට පහර දුන් බවත් පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කළැයි කියමින් අවට විහාරවල භික්ෂූන් වහන්සේලා ද, පතිරාජගොඩ, අලුත්ගම, කළුවාමෝදර, වරා පිටිය, මොර ගල්ල ,කාල්විල හා ගල්හේක ආදී ගම් වල වැසියො පොලිසිය අවට ඊයේ (12) පස්වරු හය වන විටත් කෑකෝ ගසමින් රැඳී සිටියහ.
මෙම සිද්ධිය සැළවී එහි පැමිණි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ වාහනයට ද ප්‍රහාර එල්ල වී අලාභ හානි සිදු විය.
ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ද පොලිසියට පැමිණ සිටියේය. කලබල වැඩිවීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එහි කැඳැවිණි.
අලුත්ගම කොළඹ මාර්ගයේ එක් මංතීරුවක පමණක් වාහන ගමන් කරන බව අපේ වාර්තාකරුවෝ කියති.
මෙම කලබලයත් සමග අලුත්ගම නගරයේ කඩ සාප්පු ද වසා දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක දියුණුව සඳහා ජාතීන් අතර සහයෝගය, සමගිය ඉතාම වැදගත් (නි)
රටේ දැවැන්ත සංවර්ධනය ගැන අහද්දී පිටරට මිනිසුන්ට හිතෙනවා ඇති ලංකාව දැන් කේතුමතී රාජධානිය වගෙයි කියලා. ඒත් රටේ නීතිය , පරිපාලනය , පුරවැසියන්ගේ සමගිය , විනය, සදාචාරය ආදියෙන් ප්‍රාග් ඵෙතිහාසික යුගයටත් එහා රට ආපස්සට ගමන් කරලා වගෙයි මට පෙනෙන්නේ. (නි)
පුරවැසියන්ගේ විනය සහ සදාචාරය ගැන නම් දැන් කතාකරලා වැඩක් නැහැ. ආදර්ශය ලැබෙන්න ඕනෑ වගකිවයුත්තන්ගෙන්. (නි)
අනේ! අපේ රටට වෙන්න යන දේ ගැන දුකයි. (නි)
ඒ අස්සේ බඩු මිල වැඩිකරලාද දන්නෙත් නැහැ. (නි)
පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් මිනිසුන් නීතිය අතට ගනීවි. එතකොට මිනිසුන්ට දොස් කියලා වැඩක් නැහැ (නි)
මම නම් කියන්නේ මේක අනවශ්‍ය ප්‍රශ්නයක්. බොරුවට ප්‍රශ්න ඇතිකරගන්න එපා. අපිටමයි පාඩුවෙන්නේ මේවායින් (නි)
සිංහල අයිතිය ,බෞද්ධ අයිතිය රකින සිංහලයන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
රටවැසියෙක් යම් වරදක් කළා නම් ඔහුට නීති මාර්ගයෙන් ක්‍රියා කර දඬුවම් කළ යුතුයි. වැරැද්ද කළ පුද්ගලයා මොන ජාතියේද මොන ආගමේද, සල්ලිකාරයෙක්ද දුප්පතෙක්ද, අපේ ගමේ කෙනෙක්ද, පිටගම්කාරයෙක්ද කියන එකේන වැඩක් නැහැ. නීතිය ඉදිරියේ කවුරුත් එක සමානයි. (නි)
මොනවා වුණත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයින් නේද? ඇයි අපිට එකට ඉන්න බැරි? (නි)
මෙම සිද්ධිය ගැන ජාතිවාදී ලෙස හිතන්න එපා. (නි)
ඉවසීම නැත්කමයි මේ සියල්ලටම මුල (නි)
වෙසක් සහ පොසොන් දවස් වල මේ පින්බිමට මොකද වෙන්නේ? (නි)
පෝය දවසේ හාමුදුරුවන්ට ගහද්දි අපට ඇති ආරක්ෂාව කුමක්ද? කරුණාකර මුලින්ම එම පුද්ගලයන් අත් අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න (අ)
මේ වගේ වැඩ තියෙන්නේ ලංකාවේ පමණයි. රටේ දූෂණය සහ භීෂණය ,හොරකම්, කල් ඉකුත්වු දෑ,අටපිරිකර පවා දූෂණයට ගොදුරු කරගෙන. (නි)
වර්ථමාන සමාජය නිර්මානය වෙමින් හා නිර්මානය කරමින් පවතින සමාජයක්.මෙි බොහොමයක් සිද්ධි වලට අරමුණක් හරයක් නෑ.(දී)
සම්පත් ඔබට ඇත්ත කියන අය වහ කදුරු වගෙයි නේද ? (නදී)
හැමදාම ප්‍රශ්න තියන්නේ බෞද්ධයන් අතරමද ? (නදී)
කොහොමද පාරේ රස්තියාදුව (දී)
ඇයි අනෙක් අයටත් හිතන්න බැරි අපි හැමෝම එක මවකගේ දරුවන් කියලා? (නි)
මිනිසුන්ට හැමදාමත් මොකක්මහරි ප්‍රශ්නයක් ඇතිකර නොගත්තොත් දැන් ඒක නිකන් වේලක් කෑවේ නැතිගානයි (නි)
"ඇයි අනෙක් අයටත් හිතන්න බැරි අපි හැමෝම එක මවකගේ දරුවන් කියලා" ඔය කීවේ. එක මවකගේ දරුවන් මීට වඩා ලොකු ප්‍රසන ඇති කරනවා. (දී)
"හැමදාම ප්‍රශ්න තියන්නේ බෞද්ධයන් අතරමද" ඔවු අනික් අය බෞද්ධයන්ට ප්‍රශ්න ඇතිකරන නිසා. අපි හදන්න බෞද්ද කම රැකගන්න (දී)
මේ බෞද්ද රටේ හාමුදුරු කෙනෙකුට ගැහැව්වොත් වැඩ වරදින බව කව්රු කව්රුත් වටහා ගත යුතුයි (දී)
කෝ ඉතින් දැන් අර කලින් කෑගහපු උදවිය? (නි)
මෙච්චර කාලයක් අපි සමඟියෙන් නේද හිටියේ? ඇයි දැන් අපි මේ කා කොටාගන්නේ? (නි)
වෛරයෙන් වෛරය නොසන්සිඳේ (නි)
අපේ ළමයින්ට රටක් ඉතුරු වෙන්නේ නැහැ (දී)
ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන පහරදීම (දී)
100%සාධාරණයි ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම (දී)
මගේ නම් ඔල්කු කලකිරීමක් තමයි දැන් සමාජය කෙරෙහි තියෙන්නේ
ඔන්න මාලිකා ගේ අදහස් .අනේ සාදු. (දී)
මෙන්න ජාතික ප්‍රශ්න (දී)
කැරලි මර්ධනන එකෙන් ගේනඑක නෙමේ කෙරෙන්න ඕනෙ මේවගේ දේවල් ඇතිනොවන්නයි කටයුතු කරන්න ඕනෙ. දැන් දැන් පොලිසිය කරන්නෙ කරන්න ඕන දේ නොවෙයි මහජනතාවට සේවය කරන ජනතාවගෙන් යැපෙන ආයතනයක් කියල පොලිසියට අමතක වෙලා. (දී)
ඇස් වහගෙන වගේ ඉන්න එපා මේවා ජාතික ප්‍රශ්න (දී)
මේ ප්‍රදේසවාසීන් දැන් මේ නෙලන්නේ ඒ අයම මැතිවරණවලදී වපුරනලද බීජ වල අස්වැන්න තමා.රටේ පවතින සමාජ දේශපාලන යතාර්ථය තේරුම් ගෙන නිවැරදි තීන්දු තීරණ ගන්නාතෙක් හැමෝටම මේ අවාසනාවන්ත ඉරණමේ කොටස් කරුවෝ වෙන්න සිදුවෙනවා.රටක පොලිසිය මහජන යහපත උදෙසා ක්‍රියා කලයුතු නමුත් දේශපාලන උවමනාවන් සඳහා කෙලින් පෙනී සිටිනවා.ජනතාව මේ සියල්ල නිවැරදිව තේරුම් ගත යුතුය. (දී)
ඇත්තටම මෙලෙස ප්‍රහාරයක් කලාද නැද්ද ඒ වග සොයා බැලුවාද (දී)
රන්ජිත් ඔයා කවුද මුස්ලිම් රටක ඔයවගේ වැඩක් උනානම් දැනටමත් ප්‍රසිද්දියේ ගල් ගහල මරල ඉවරයි ඔය වැඩේ කරපු කෙනාව. දැන් ලංකාවෙත් සිංහල බෞද්දය අසරණ වෙලා වෙලා වගේ..... (දී)
මේවා ලංකාවේ නරක කාලයට වෙන වැඩ (දී)
වැඩේ කරපු අය අල්ලනකම් අතහරින්න එපා.! ලකුණු දා ගන්න ආපු අයට සලකපු එකනම් හොදා. (දී)
කරුණාකර අදාල පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන්න, ජාතිවාදයට වපුරන එක වලක්වන්න, (දී)
මේකෙන්ම අපිට පොලිසිය ගැන බොහෝ දේ තේරෙනවා (නි)
ශ්‍රී ලංකා පොලිසිය ඉවරයි (දී)
සිංහලයාගේ රටේම සිංහලයාව අසරණ කරලා (දී)
ඕවට කතා කොලොත් කියන්නේ ජාති වාදය කියල.මුනිස්සුන්ට දැන්වත් තේරෙන් නැත්තේ කාගේ කරුමෙකටද කියලා තමයි තේරෙන් නැත්තේ.. (දී)
මෙතන ජාතිවාදිය අව්ස්සන්න එපා කියන අය පොඩ්ඩක් ඔලුව අතගාල බැලුවොත් හොදා! (දී)
මේ වගේ දේවල් වලට නම් පොලිසිය නිදි . (දී)
කව්රු හරි සිංහල මිනිස්සුන්ගේ ඉවසීමේ අවසන් සීමාව පරීක්ෂා කරනවා වගේ.. (දී)
දිසානායක, ඔයා ලස්සනට බොර දියේ මාලු බානවා. (නි)
කලබල වෙලා ප්‍රශ්න විසදන්න බැහැ. ඔලුව පාවිච්චි කරන්න ඕනෑ. පොලිසිය වුණත් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න කල් මරද්දී ජනතාවට සාධාරන සැකයක් එනවා.වාහන වලට ගල් මුල් ගහන එක නම් මහා මෝඩකමක් (නි)
මේවා දකිද්දී ඇතිවෙන්නේ ලොකු කළකිරීමක් (නි)
මොනවා වුණත් ඉවසීම ඉක්මවූ කල මහා විනාශයක් වෙනවා. (නි)
අද වගේ දිනයකදී මෙවන් දේවල් දකින්නට ලැබීම දුකක් (නි)
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.... (නි)