IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අලුත්ගම පොලිසිය ළඟ කලබලයක්

අලුත්ගම ධර්ගා නගරයේ පතිරාජවෙල කුරුඳුවත්ත විවේකාරාමය අසල දී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට හා ඒ හිමියන්ගේ රියදුරාට අද (12) සවස පහර දුන් බව කියන පිරිසක් අත්අඩංගුවට නොගත්තැයි මහා සංඝරත්නය හා ගැමියෝ සිය ගණනක් අලුත්ගම පොලිසිය ඉදිරිපිටට අවුත් විරෝධය පළ කරන්නට වූහ.

ධර්ගා නගරයේ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත හිමියන් සිය රියදුරා සමග මෝටර් රථයෙන් වඩිද්දී ඉදිරියෙන් ගමන් කළ යතුරු පැදිකරුවකු පාර අවහිර වන සේ ගමන් කළ බවත්, කිහිප වරක් නළාව නාද කිරීමෙන් පසුව ඔහු ඇතුළු පිරිසක් සමිත හිමියනට හා රියදුරාට පහර දුන් බවත් පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කළැයි කියමින් අවට විහාරවල භික්ෂූන් වහන්සේලා ද, පතිරාජගොඩ, අලුත්ගම, කළුවාමෝදර, වරා පිටිය, මොර ගල්ල ,කාල්විල හා ගල්හේක ආදී ගම් වල වැසියො පොලිසිය අවට ඊයේ (12) පස්වරු හය වන විටත් කෑකෝ ගසමින් රැඳී සිටියහ.

මෙම සිද්ධිය සැළවී එහි පැමිණි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ වාහනයට ද ප්‍රහාර එල්ල වී අලාභ හානි සිදු විය.

ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ද පොලිසියට පැමිණ සිටියේය. කලබල වැඩිවීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එහි කැඳැවිණි.

අලුත්ගම කොළඹ මාර්ගයේ එක් මංතීරුවක පමණක් වාහන ගමන් කරන බව අපේ වාර්තාකරුවෝ කියති.

මෙම කලබලයත් සමග අලුත්ගම නගරයේ කඩ සාප්පු ද වසා දැමිණි.

 

 



අදහස් (0)

අලුත්ගම පොලිසිය ළඟ කලබලයක්

දිමුතු Friday, 13 June 2014 10:07 AM

පෝය දවසේ හාමුදුරුවන්ට ගහද්දි අපට ඇති ආරක්ෂාව කුමක්ද? කරුණාකර මුලින්ම එම පුද්ගලයන් අත් අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න (අ)

:       0       0

විල්සන් Friday, 13 June 2014 10:14 AM

රටක දියුණුව සඳහා ජාතීන් අතර ස‍හයෝගය, සමගිය ඉතාම වැදගත් (නි)

:       0       0

කාරියවසම් ලියනගේ Thursday, 12 June 2014 10:01 PM

සිංහලයාගේ රටේම සිංහලයාව අසරණ කරලා (දී)

:       0       0

තිවංක Thursday, 12 June 2014 10:04 PM

ඕවට කතා කොලොත් කියන්නේ ජාති වාදය කියල.මුනිස්සුන්ට දැන්වත් තේරෙන් නැත්තේ කාගේ කරුමෙකටද කියලා තමයි තේරෙන් නැත්තේ.. (දී)

:       0       0

සෙන්සා Friday, 13 June 2014 10:43 AM

වර්ථමාන සමාජය නිර්මානය වෙමින් හා නිර්මානය කරමින් පවතින සමාජයක්.මෙි බොහොමයක් සිද්ධි වලට අරමුණක් හරයක් නෑ.(දී)

:       0       0

ඇත්ත Thursday, 12 June 2014 10:35 PM

මෙතන ජාතිවාදිය අව්ස්සන්න එපා කියන අය පොඩ්ඩක් ඔලුව අතගාල බැලුවොත් හොදා! (දී)

:       0       0

ප්‍රවීන් Thursday, 12 June 2014 10:40 PM

මේ වගේ දේවල් වලට නම් පොලිසිය නිදි . (දී)

:       0       0

කුසල් Thursday, 12 June 2014 10:41 PM

කව්රු හරි සිංහල මිනිස්සුන්ගේ ඉවසීමේ අවසන් සීමාව පරීක්ෂා කරනවා වගේ.. (දී)

:       0       0

බමුණු Friday, 13 June 2014 01:57 PM

සම්පත් ඔබට ඇත්ත කියන අය වහ කදුරු වගෙයි නේද ? (නදී)

:       0       0

සම්පත් Thursday, 12 June 2014 11:33 PM

දිසානායක, ඔයා ලස්සනට බොර දියේ මාලු බානවා. (නි)

:       0       0

ලතා Friday, 13 June 2014 02:02 PM

හැමදාම ප්‍රශ්න තියන්නේ බෞද්ධයන් අතරමද ? (නදී)

:       0       0

කාලිංග Thursday, 12 June 2014 11:54 PM

කලබල වෙලා ප්‍රශ්න විසදන්න බැහැ. ඔලුව පාවිච්චි කරන්න ඕනෑ. පොලිසිය වුණත් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න කල් මරද්දී ජනතාවට සාධාරන සැකයක් එනවා.වාහන වලට ගල් මුල් ගහන එක නම් මහා මෝඩකමක් (නි)

:       0       0

ඉන්ද්‍රලාල් Friday, 13 June 2014 12:01 AM

මේවා දකිද්දී ඇතිවෙන්නේ ලොකු කළකිරීමක් (නි)

:       0       0

සුරංග Friday, 13 June 2014 12:19 AM

මොනවා වුණත් ඉවසීම ඉක්මවූ කල මහා විනාශයක් වෙනවා. (නි)

:       0       0

චම්පික Friday, 13 June 2014 12:28 AM

අද වගේ දිනයකදී මෙවන් දේවල් දකින්නට ලැබීම දුකක් (නි)

:       0       0

සුපුන් Friday, 13 June 2014 12:43 AM

අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.... (නි)

:       0       0

බමුණු Saturday, 14 June 2014 04:05 AM

"ඇයි අනෙක් අයටත් හිතන්න බැරි අපි හැමෝම එක මවකගේ දරුවන් කියලා" ඔය කීවේ. එක මවකගේ දරුවන් මීට වඩා ලොකු ප්‍රසන ඇති කරනවා. (දී)

:       0       0

බමුණු Saturday, 14 June 2014 04:06 AM

"හැමදාම ප්‍රශ්න තියන්නේ බෞද්ධයන් අතරමද" ඔවු අනික් අය බෞද්ධයන්ට ප්‍රශ්න ඇතිකරන නිසා. අපි හදන්න බෞද්ද කම රැකගන්න (දී)

:       0       0

බමුණු Saturday, 14 June 2014 04:11 AM

මේ බෞද්ද රටේ හාමුදුරු කෙනෙකුට ගැහැව්වොත් වැඩ වරදින බව කව්රු කව්රුත් වටහා ගත යුතුයි (දී)

:       0       0

සංජිව Friday, 13 June 2014 04:21 PM

කොහොමද පාරේ රස්තියාදුව (දී)

:       0       0

රත්නසිරි Friday, 13 June 2014 04:20 AM

මේ වගේ වැඩ තියෙන්නේ ලංකාවේ පමණයි. රටේ දූෂණය සහ භීෂණය ,හොරකම්, කල් ඉකුත්වු දෑ,අටපිරිකර පවා දූෂණයට ගොදුරු කරගෙන. (නි)

:       0       0

රණසිංහ Saturday, 14 June 2014 06:54 AM

කෝ ඉතින් දැන් අර කලින් කෑගහපු උදවිය? (නි)

:       0       0

බිමල් Friday, 13 June 2014 04:45 AM

රටේ දැවැන්ත සංවර්ධනය ගැන අහද්දී පිටරට මිනිසුන්ට හිතෙනවා ඇති ලංකාව දැන් කේතුමතී රාජධානිය වගෙයි කියලා. ඒත් රටේ නීතිය , පරිපාලනය , පුරවැසියන්ගේ සමගිය , විනය, සදාචාරය ආදියෙන් ප්‍රාග් ඵෙතිහාසික යුගයටත් එහා රට ආපස්සට ගමන් කරලා වගෙයි මට පෙනෙන්නේ. (නි)

:       0       0

පියදාස Friday, 13 June 2014 05:04 PM

ඇයි අනෙක් අයටත් හිතන්න බැරි අපි හැමෝම එක මවකගේ දරුවන් කියලා? (නි)

:       0       0

හසිත් Friday, 13 June 2014 05:13 AM

පුරවැසියන්ගේ විනය සහ සදාචාරය ගැන නම් දැන් කතාකරලා වැඩක් නැහැ. ආදර්ශය ලැබෙන්න ඕනෑ වගකිවයුත්තන්ගෙන්. (නි)

:       0       0

සමන් Friday, 13 June 2014 06:13 AM

අනේ! අපේ රටට වෙන්න යන දේ ගැන දුකයි. (නි)

:       0       0

අසෝක Friday, 13 June 2014 06:35 AM

ඒ අස්සේ බඩු මිල වැඩිකරලාද දන්නෙත් නැහැ. (නි)

:       0       0

ගංගා Friday, 13 June 2014 05:31 PM

මිනිසුන්ට හැමදාමත් මොකක්මහරි ප්‍රශ්නයක් ඇතිකර නොගත්තොත් දැන් ඒක නිකන් වේලක් කෑවේ නැතිගානයි (නි)

:       0       0

මොහොමඩ් Saturday, 14 June 2014 07:59 AM

මෙච්චර කාලයක් අපි සමඟියෙන් නේද හිටියේ? ඇයි දැන් අපි මේ කා කොටාගන්නේ? (නි)

:       0       0

මාලිකා Thursday, 12 June 2014 06:46 PM

මේකෙන්ම අපිට පොලිසිය ගැන බොහෝ දේ තේරෙනවා (නි)

:       0       0

මොහොමඩ් Saturday, 14 June 2014 08:02 AM

වෛරයෙන් වෛරය නොසන්සි‍ඳේ (නි)

:       0       0

විපුල Friday, 13 June 2014 06:56 AM

පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් මිනිසුන් නීතිය අතට ගනීවි. එතකොට මිනිසුන්ට දොස් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

නාලක Thursday, 12 June 2014 07:07 PM

ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන පහරදීම (දී)

:       0       0

ශාමා Thursday, 12 June 2014 07:10 PM

100%සාධාරණයි ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම (දී)

:       0       0

සංජිව Thursday, 12 June 2014 07:15 PM

මගේ නම් ඔල්කු කලකිරීමක් තමයි දැන් සමාජය කෙරෙහි තියෙන්නේ

:       0       0

සුජීව Thursday, 12 June 2014 07:14 PM

ඔන්න මාලිකා ගේ අදහස් .අනේ සාදු. (දී)

:       0       0

ජීවන්ත Thursday, 12 June 2014 07:15 PM

මෙන්න ජාතික ප්‍රශ්න (දී)

:       0       0

සෂික Thursday, 12 June 2014 07:15 PM

කැරලි මර්ධනන එකෙන් ගේනඑක නෙමේ කෙරෙන්න ඕනෙ මේවගේ දේවල් ඇතිනොවන්නයි කටයුතු කරන්න ඕනෙ. දැන් දැන් පොලිසිය කරන්නෙ කරන්න ඕන දේ නොවෙයි මහජනතාවට සේවය කරන ජනතාවගෙන් යැපෙන ආයතනයක් කියල පොලිසියට අමතක වෙලා. (දී)

:       0       0

දිසාසේකර Thursday, 12 June 2014 07:21 PM

ඇස් වහගෙන වගේ ඉන්න එපා මේවා ජාතික ප්‍රශ්න (දී)

:       0       0

දිසානායක. Thursday, 12 June 2014 07:19 PM

මේ ප්‍රදේසවාසීන් දැන් මේ නෙලන්නේ ඒ අයම මැතිවරණවලදී වපුරනලද බීජ වල අස්වැන්න තමා.රටේ පවතින සමාජ දේශපාලන යතාර්ථය තේරුම් ගෙන නිවැරදි තීන්දු තීරණ ගන්නාතෙක් හැමෝටම මේ අවාසනාවන්ත ඉරණමේ කොටස් කරුවෝ වෙන්න සිදුවෙනවා.රටක පොලිසිය මහජන යහපත උදෙසා ක්‍රියා කලයුතු නමුත් දේශපාලන උවමනාවන් සඳහා කෙලින් පෙනී සිටිනවා.ජනතාව මේ සියල්ල නිවැරදිව තේරුම් ගත යුතුය. (දී)

:       0       0

රන්ජිත් Thursday, 12 June 2014 07:23 PM

ඇත්තටම මෙලෙස ප්‍රහාරයක් කලාද නැද්ද ඒ වග සොයා බැලුවාද (දී)

:       0       0

සමන් Friday, 13 June 2014 08:25 AM

මම නම් කියන්නේ මේක අනවශ්‍ය ප්‍රශ්නයක්. බොරුවට ප්‍රශ්න ඇතිකරගන්න එපා. අපිටමයි පාඩුවෙන්නේ මේවායින් (නි)

:       0       0

නිමල් Friday, 13 June 2014 08:35 AM

සිංහල අයිතිය ,බෞද්ධ අයිතිය රකින සිංහලයන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සම්පත් - ඩුබායි Thursday, 12 June 2014 08:05 PM

රන්ජිත් ඔයා කවුද මුස්ලිම් රටක ඔයවගේ වැඩක් උනානම් දැනටමත් ප්‍රසිද්දියේ ගල් ගහල මරල ඉවරයි ඔය වැඩේ කරපු කෙනාව. දැන් ලංකාවෙත් සිංහල බෞද්දය අසරණ වෙලා වෙලා වගේ..... (දී)

:       0       0

පයාගල Thursday, 12 June 2014 08:06 PM

මේවා ලංකාවේ නරක කාලයට වෙන වැඩ (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 13 June 2014 08:48 AM

රටවැසියෙක් යම් වරදක් කළා නම් ඔහුට නීති මාර්ගයෙන් ක්‍රියා කර දඬුවම් කළ යුතුයි. වැරැද්ද කළ පුද්ගලයා මොන ජාතියේද මොන ආගමේද, සල්ලිකාරයෙක්ද දුප්පතෙක්ද, අපේ ගමේ කෙනෙක්ද, පිටගම්කාරයෙක්ද කියන එකේන වැඩක් නැහැ. නීතිය ඉදිරියේ කවුරුත් එක සමානයි. (නි)

:       0       0

හර්ෂණී Friday, 13 June 2014 09:09 AM

මොනවා වුණත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයින් නේද? ඇයි අපිට එකට ඉන්න බැරි? (නි)

:       0       0

සෑම් Friday, 13 June 2014 09:25 AM

මෙම සිද්ධිය ගැන ජාතිවාදී ලෙස හිතන්න එපා. (නි)

:       0       0

නුවන් Thursday, 12 June 2014 08:52 PM

වැඩේ කරපු අය අල්ලනකම් අතහරින්න එපා.! ලකුණු දා ගන්න ආපු අයට සලකපු එකනම් හොදා. (දී)

:       0       0

රොෂාන් Thursday, 12 June 2014 09:04 PM

කරුණාකර අදාල පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන්න, ජාතිවාදයට වපුරන එක වලක්වන්න, (දී)

:       0       0

සුබේසිරි Friday, 13 June 2014 09:28 AM

ඉවසීම නැත්කමයි මේ සියල්ලටම මුල (නි)

:       0       0

පන්සිළු Thursday, 12 June 2014 09:08 PM

අපේ ළමයින්ට රටක් ඉතුරු වෙන්නේ නැහැ (දී)

:       0       0

ප්‍රසන්න Thursday, 12 June 2014 09:13 PM

ශ්‍රී ලංකා පොලිසිය ඉවරයි (දී)

:       0       0

මොහාන් Friday, 13 June 2014 09:53 AM

වෙසක් සහ පොසොන් දවස් වල මේ පින්බිමට මොකද වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1038 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 303 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1987 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 472 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 950 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 582 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37108 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site