මිනුවන්ගොඩ මුස්ලිම් රෙදි කඩයක තුන් වැනි මහළේ ඇතිවූ ගින්නක් ප්‍රදේශයේ මුස්ලිම් හා සිංහල වැසියන් 400 දෙනකු පමණ පැමිණ නිවා දැමීමෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වැළකුණු බව ප්‍රදේශවාසීහු කියති.
ගිනි නිවන අංශය එන විට ගින්න නිවා තිබිණි.
වෙළෙඳසලේ හිමිකරු එච් එම් රින්සාන් පැවසුවේ මුස්ලිම් සහ සිංහල දෙපිරිසම එක්ව ගින්න නිවීම ගැන සියලු දෙනාට ස්තුතිවන්ත වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රවෘත්තිය මුලු ලෝකයටම දැනගන්න ප්‍රසිද්ධ කරන්න (නි)
අපි ලාංකිකයෝ එපමණි (නදී)
අවශ්‍යම දෙය මෙයම තමයි (නදී)
ඇත්තටම හොඳයි (නදී)
මිනුවන්ගොඩ ජනතාවට ආචාරය! (නි)
බොහොම හොඳයි (නි)
ජාතිය ගැන නොබලා මනුස්සකම ගැන හිතුවම ප්‍රශ්න අඩුයි (නි)
නියම සිංහලයා ජාතිවාදී නැහැ. අපි සැම එක් වී අපේ මේ පුංචි රට ගොඩනඟමු (නි)
තමන් අදහන ආගම දර්ශනය කවදාවත් තව කෙනෙකුට හතුරුකමක් කරන්න කියලා නැහැ. ඇත්තට තැන දෙන්න, බොරුවට පයින් ගහන්න, හොඳ මනුෂ්‍ය ගතිගුණ ඇති පුද්ගලයෙක් වෙන්න උත්සාහ කළොත් ශ්‍රී ලංකාවේ කිසිදාක යළි ජාති බේද ප්‍රශ්නයක් ඇති නොවේවි. (නි)
සමගිය බලය වේ... (නි)
හැමෝටම මෙහෙම හිතන්න පුලුවන් නම්.... (නි)
ඇයි අනෙක් අයටත් මෙහෙම සමගියෙන් ඉන්න බැරි? (නි)
කොහොමද සමගි බලේ? (නි)
බොහොම සතුටුයි (නි)
අපි සැමදා එක්ව සිටිමු (නි)
අපි හැමෝම මිනිස්සු. ඉන්න කාලේ හැමෝම එකමුතුව සතුටින් ඉන්න ඕනා. හොද වැඩක් මේක. ආදර්ශවත් පණිවිඩයක් හැමෝටම. (නදී)
ඉතා සතුටුයි (නි)
සංහිදියාව සමගිය බලන්න යන්නේ කාත්තන්කුඩියටද ? (නදී)
ගින්න කොහොම ඇති උනාද කියලා හොයන්න කලින් මේක නිවා ගන්න එපායැ (දී)
මල්ලි හරි මල්ලි ...........(ස)
සමගි බලෙන් යමු ඉදිරියටම. (ස)
මේ වගේම දැනට රටේ ඇවිලෙන ජාතිවාදී ගින්න නිවන්නට සිංහල දෙමළ මුස්ලිම් සියළු දෙනාම එකතු වුනොත් හොඳයි. (ස)
මිනුවන්ගොඩ නගරයේ වැඩියෙන්ම ඉන්නේ මුස්ලිම් අය.මම හැමවිට දැක තිබෙනවාසිංහල අය එක්ක හොඳ සහයෝගයෙන් ඉන්නවා. (ස)
මුස්ලිම් රෙදි කඩ විතරක් ගිනි ගන්න එක ගැනත් හොයන්න ඕන. (ස)
මිනිසත් කම (දී)
රවින්ද්‍ර 2014-07-03 15:02:18 මේ වගේම දැනට රටේ ඇවිලෙන ජාතිවාදී ගින්න නිවන්නට සිංහල දෙමළ මුස්ලිම් සියළු දෙනාම එකතු වුනොත් හොඳයි. (ස)// ඔබ හරි සහෝදරයා (දී)
මෙහෙම සත්කාරයක් ඇහෙන වෙලාවට හිතට දැනෙන්නේ කාන්තාරෙක පිච්චෙන මිනිහෙකුට දිය බින්දුවක් ලැබුන වගේ හැගීමක්. (දී)
මේ වගේම දැනට රටේ ඇවිලෙන ජාතිවාදී ගින්න නිවන්නට සිංහල දෙමළ මුස්ලිම් සියළු දෙනාම එකතු වුනොත් හොඳයි. (ස)
අපි සමගියෙන් උන්න මතකයි බාලේ (දී)
බොහොම හොද ආදර්ශයක් ජාතිවාදය, ආගම් වාදය අවුස්සන බොදුබල සේනා නායකයන්ටත් ඒ පසුපස දුවන මෝඩයන්ටත් හොද ආදර්ශයක්. මොකද බුදු හිමියන් දේසනා කලේ මෙලෙස සාමකාමිව සමගියෙන් ජිවත් වෙන්ඩ කියල නෙමේද ? නැතුව ගලගොඩ අත්තේ හිමියන් කියන හැටියට කඩසාප්පු වලට අබසරණ හැටියටද ? අපේ රටට තවත් ප්‍රශ්න උවමනා අය පමණක් ඒ උසිගැන්වීම් පසුපස දුවනවා දුවන්නන් වාලේ මෝඩ පිරිසක් පමණක්. (ස)
ජාතිවාදය අවුලන්නේ දේශපාලන වාසි වලට දේශපාලුවෝ තමයි (නදී)
ඔය ජාතිවාදී අය දෙපැත්තේම ඉන්නවා. (ස)
හැමෝම එකතුවෙලා සමගියෙන් ගින්න නිවපු හැටි අහන්නත් සතුටුයි. (නි)
අපි කවදත් විශ්වාස කරනවා මේ රටේ ඉන්න බහුතර සිංහල සහෝදරයින් ඉතාමත් හොඳයි. සුළු පිරිසක් තමයි ජාතිවාදය අවුස්සන්නේ. අපි ඔක්කොම එකතුවෙන්න ඕනෑ. (නි)
කොච්චර හොඳද බලන්න (නි)