IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අලුත්ම කට්ටියක් සෙට් වුණා - හෝ ගාන පොකුණ ගැන ඉන්දික කතා කරයි

IMG_1884-(2)

 

ඉන්දික ෆර්ඩිනැන්ඩු නම් ඔහු මෙරට වේදිකා නාට්‍ය කලාව තුළ ස්වකීය වූ අනන්‍යතාවක් ගොඩ නගාගත් තරැණ නාට්‍යවේදියෙකි. දැඩි වෙහෙසත් කැපවීමත් හමුවේ වේදිකාව ජයගත් හෙතෙම මේ වන විට සිනමාවටද අඩිය තබා තිබේ. මේ මස 11වනදා  EAP සිනමාහල්වලදී තිරගත වීම ඇරඹෙන "හෝ ගාන පොකුණ" සිනමා පටයේ අධ්‍ය වන්නේ ඔහුය. තම කුළුඳුල් සිනමා නිර්මාණය ගැන ඔහු සමඟ හදසර සුහද කතාබහක යෙදිණ.

 

20151209-up-comming

 

0101 කාලයක් තිස්සේ වේදිකාව ඇසුරේ දැකපුරැදු ඔබ හදිසියේම සිනමා නිර්මාණයක් කරන්න හිතුවේ අහම්බයක්ද නැත්නම් දීර්ඝ කාලීන සැලැස්මක්ද?
මට සිනමා නිර්මාණයක් කිරීමේ උවමනාව කාලයක ඉඳන් තිබුණා. අපේ රටේ චිත්‍රපට සඳහා නිෂ්පාදකයෙක් හොයාගැනීමත් ලේසි නැහැ. මට ආරාධනයක් ලැබුණා ළමා චිත්‍රපටයක් කරන්න කියල. නමුත් මගේ කලා භාවිතාව තුළ ඊට වඩා වෙනස් දෙයක් කරන්නයි මට උවමනා වුණේ. ඇත්තටම ඒ වෙනුවෙන් ලියපු තිර පිටපතක් පවා මා ළඟ තියෙනවා. හැබැයි ළමා චිත්‍රපටයක් කිරීම සිනමාවට උපක්‍රමික ප්‍රවේශයක් වේවි කියලත් මට හිතුණා. විශේෂයෙන්ම ළමා චිත්‍රපටයකින් මට පුළුල් ප්‍රේක්ෂකාගාරයකට ආමන්ත්‍රණය කරන්නත් හැකිවෙන බව තේරැම් ගියා. 


0101 චිත්‍රපටයේ නළු නිළි කැළ වගේම නිෂ්පාදකයින් දිහා පවා බැලුවම ඔවුන් සියලු දෙනාම වගේ වේදිකාවට සම්බන්ධ වූවන්. එතනත් යම් විශේෂත්වයක් තිබෙනවා නේද?

ඔව්. චිත්‍රපටයේ ඉන්න බොහෝ අය එක්ක මම වේදිකාවේ වැඩ කරලා තියෙනවා. රංග කලාව තුළ මට ඔවුන් එක්ක තිබුණු පයුරැපාසානය එක්ක මට ඔවුන් එක්ක වැඩ කරන්න තියෙන පහසුව නිසාම තමයි ඔවුන්ව තෝරාගත්තෙ. විශේෂයෙන්ම මගේ පළමු සිනමා නිර්මාණය වුණු නිසා නළුවරණය හොඳින් කරගන්න මට උවමනා වුණා. 


0101 චිත්‍රපටය නිෂ්පාදනය කරන කුසුම්සිරි ලියනාරච්චි යශෝධරා සරච්චන්ද්‍ර වැනි අය පවා වේදිකාවට සම්බන්ධයි...

ඔව් ඒක වෙන්නෙ මෙහෙමයි. මම ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවෙදි කුසුම්සිරි සහ යශෝධරා ‍ෙදදෙනා එක්කයි නැවතිලා හිටියෙ. එහෙ ඉද්දි තමා මේ චිත්‍රපටයට මුලින් කැමැති වෙලා හිටි නිෂ්පාදකයා වැඩේ අත්හැරදාලා ගියේ. ඉන්පස්සෙ කුසුම්සිරි තමා තවත් සම නිෂ්පාදකවරැ පිරිසක් හොයලා නිෂ්පාදනය භාරගත්තෙ. ඇත්තටම කුසුම්සිරි කියන්නෙ වේදිකාවේදි මගේ හොඳම මිතුරා. අපේ අතීතය බොහොම දිගුයි. 


0101 චිත්‍රපටයේ තිර රචනයත් ඔබගෙයි. ඊට ප්‍රස්තුතය එන්නෙ කොහෙන්ද කියලත් කිව්වොත්?

ඒකට මට මූලික අත්දැකීම් කිහිපයක්ම තියෙනවා. ඉන් ප්‍රධානම එක තමා මීට අවුරැදු කිහිපයකට උඩදි රට පුරා තිබුණු සංස්කෘතික මධ්‍යස්ථාන අතර නාට්‍ය තරගාවලියක විනිශ්චයට මම සහභාගි වුණා. යුද්ධෙ තියෙද්දිම සේරැනුවර ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයකටත් වරක් ගියාම අපිට හරි අපූරැ දර්ශනයක් දකින්න ලැබුණා. ඒ තමයි ෂෙල් මෝටාර් වැදිලා තිබුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ පියානෝවක් තිබුණා. ඒක හරිම නොගැලපීමක්. මම චිත්‍රපටයේ පියානෝව එන දර්ශනයකදිත් ඒ ගැන දෙබසකින් කියලා තිබුණා. "අපිට මේකක් විතරයි අඩුව තිබුණෙ කියලා." තවත් දෙයක් තමයි අපි සාමූහික වශයෙන් නිශ්ක්‍රීය ජනතාවක් කියන හැඟීමත් මා තුළ තිබීම. අපි හැමවෙලේම අනිකා අපේ හීන සැබෑ කරලා දෙයි කියල අපි බලන් ඉන්නවා. ඒ ගැනත් මට කතාකරන්න උවමනා වුණා.


0101 මේ චිත්‍රපටයේ ළමා නළුනිළි කැළක්ම ඉන්නවා. ළමයින්ගෙන් වැඩ ගැනීමේ කලාව පුහුණු වුණේ කොහොමද?

මම මීට කලින් නාට්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ දුෂ්කරතා අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. අනෙක මම ස්වයං අධ්‍යයනයෙන් අධ්‍යක්ෂණය උගත් කෙනෙක්. ඒ නිසා මම ඉතාම විශාල පරාසයක නළුනිළියන් එක්ක වැඩ කරලා තියෙනවා. කොහොම වුණත් මම උත්සාහ කරපු දේ තමයි, අපට පාලනය කරන්න අපහසු දේවල් එහි ස්වභාවිකත්වය මරන්න නොදී එයට නිදහසේ හැසිරෙන්න යම් පමණකට ඉඩදීම. ඒ හරහා ළමයින්ගෙන් ඒ චරිතවලට අවශ්‍ය දේවල් කරගන්න මම කටයුතු කළා. ඒ එක්කම මම රෑගත කිරීම් අතරතුරදී තදබල හමුදා විනයක් පවත්වා ගත්තා. මේ ළමා පිරිස තෝරාගත්තෙත් ළමයි හයසීයක විතර පිරිසකගෙන්. අනෙක කුසුම්සිරි හා අනෙසුයා ළමයින්ව හොඳින් පුහුණු කළා. 


0101 අනෙසුයා සිනමාවට අලුත්ම මුහුණක් නේද?

ඔව්. ඇගේ පළමු සිනමා පෙනී සිටීම.


0101 ඇයව ඔබට මුණ ගැහෙන්නෙ කළම්බු කළම්බු නාට්‍යයේදීද? 

ඔව් එහිදී තමා මට ඇයව මුලින්ම මුණගැහෙන්නෙ. ඉන්පසුව මම මෑතකදී අධ්‍යක්ෂණය කරපු The Irresistible rise of Mr. Signno කියන ඉංග්‍රීසි නාට්‍යයටත් ඇය ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වුණා. අපි එකම විදිහේ රංගකලාවක් විශ්වාස කරන දෙදෙනෙක්. සෞම්‍ය ලියනගේ වගේ තවත් අය දැන් එතැන ඉන්නවා. 
ඔබේ පළමු සිනමා නිර්මාණයට ජාත්‍යන්තර සම්මානත් හිමිවුණා...


ඔව්. මේ චිත්‍රපටයේ ලෝක සිනමා ප්‍රවේශය සිදුවුණේ ෂැංහයි සිනමා උළෙලේදීයි. ඒ වගේම පළවැනි සම්මානය හිමිවෙන්නේ අමෙරිකාවේ චිකාගෝ යොවුන් හා ළමා චිත්‍රපට උළෙලේදියි. එහිදී ගුරැවරැන්ගේ ජූරිය විසින් මෙය හොඳම චිත්‍රපටය ලෙස තෝරාගැනුණා. 2015දි චෙක් ජනරජයේ ග්ලින් අන්තර්ජාතික ළමා හා යොවුන් සිනමා උළෙලේදි හොඳම ළමා රංගනයට හිමි සම්මානය මේ චිත්‍රපටයේ රඟපාන ළමුන් 18 දෙනාටම ලැබුණා. ඒ සම්මානය ළමුන් කණ්ඩායමක් එක්ව දිනාගත් ප්‍රථම අවස්ථාවක් එයයි. ඉකුත් ඔක්තෝබර් මාසයේ ජර්මනියේ ලූකස් සම්මාන උළෙලේදීත් හොඳම ළමා චිත්‍රපටයට හිමි සම්මානය ලැබුණා. දැනට ජාත්‍යන්තර සිනමා උළෙල 09ක් නියෝජනය කරලා තියෙනවා.


0101 පළමු සිනමා නිර්මාණය. ආපහු හැරිලා බලද්දි සියයට සියයක්ම සතුටු වෙන්න පුළුවන්ද?

නාට්‍ය කලාව තුළ පවා මා අත්දැකපු දේ තමා අපි කිසිම දේකින් සියයට සියයක් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒක එක පැත්තකින් මනුෂ්‍ය ස්වභාවය. මේ චිත්‍රපටය හැදුවේ පැය තුනක චිත්‍රපටයක් විදිහටයි. නමුත් අපේ රටේ සිනමා ශාලාවල යම් යම් අඩුපාඩු නිසා පැය දෙකකට සීමා කරන්නත් වුණා. ඒ එක්කම දැන් බලද්දි මගේ නිර්මාණාත්මක තීරණ ගැන හිතද්දි මම ස්වයං විවේචනයක් කරනවා. ඒ හැර මම තෘප්තිමත්.


 - රජිත - 

IMG_1771-(2)

IMG_1367-(2)

 IMG_1403-(2) IMG_1423-(2) IMG_1459-(2) IMG_1642-(2)

IMG_1807-(2)



අදහස් (0)

අලුත්ම කට්ටියක් සෙට් වුණා - හෝ ගාන පොකුණ ගැන ඉන්දික කතා කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 45 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 849 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1348 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 169 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1076 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1186 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26055 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23461 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 391 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site