IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘අල්ලන කුඩු පාන් පිටි වෙනවාද ? ’

ශ්‍රී ලංකාවට කුඩු ගේන ලොකු ලෙක්කෝ කවුද?ඇල්ලූ කුඩු වලට මොකද වුණේ .ඒවා පාන්පිටි වෙනවා දැයි ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ වලව මිටියාවතේ  ජනමාධ්‍යවේදීන්ගේ රැස්වීමකදී පැවසුහ.

‘‘දේශපාලකයන් සම්බන්ධ වුණා යැයි අතිශයින්ම බරපතල අපරාධ චෝදනා රාශියක් අද ජනතාව ඉදිරියේ තියනවා. කුඩු කන්ටේනර් ගණන් ගේනවා. රටේ සිදුවන මහා පරිමාණ ජාවාරම් දිහා, විශ්මිත ත‍්‍රාසජනක අපරාධ සිදුවන දිහා  ලෝකය බලා ඉන්නවා. අද ලංකාව ලෝකයේ කුඩු මධ්‍යස්ථානයක් බවට පත්වෙලා.’’

ලංකාවේ කුඩු ව්‍යාපාරය පිටුපස දේශපානඥයින් ඉන්නවා කියන එක  දේශපාලනඥයින්ම පිළිගෙන තිබුණා. පුංචි පුංචි හාල්මැස්සෝ අහු වෙනවා, කෝ තෝරුන් මොරුන්  අහුවෙන තැන.’’

‘‘පොලිසිය මේ කුඩු අල්ලන එක හොඳයි. නමුත් අපි අහනවා ඇල්ලූව කුඩුවලට මොකද වුනේ. ඒවා පාන්පිටි බවට පත් වුණාද? ඒවා අළු බවට පත්වුණාද? කන්ටේනර් ගණන් අහුවෙච්ච ඒවාට මොකක්ද කලේ. ඒට චෝදනා ලද දේශපාලනඥයන්ට මොකක්ද වුණේ. ඒ ගොල්ලන්ගේ නිලධාරින්ට දීපු දඩුවම් මොනවද? මතු පරපුරේ ආරක්‍ෂාව පිණිස මේ ප‍්‍රශ්න මාධ්‍ය හරහා ඉදිරිපත් කළ යුතුව තිබෙනවා’’

‘‘ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ජාත්‍යනතරයෙන් කරගෙන යන කොටු කිරිල්ලට මේ වගේ නොපනත්කම් නිසා අපි අහුවෙනවා. මේවා නිසා සාදාචාරමය, දුරාචාරමය, වශයෙන් අප රට  කොටු කරගන්න ජාත්‍යන්තරයට හැකිවෙනවා.

 



අදහස් (0)

‘අල්ලන කුඩු පාන් පිටි වෙනවාද ? ’

කමල් Wednesday, 23 July 2014 01:50 AM

ගරු ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේලා මේ ප්‍රශ්ණ අපෙන් අහනවද මම දන්නේ නැහැ. ඔබ වහන්සේලාත් මේ ආණ්ඩුවේම කොටසක් නේද. එච්චර කැක්කුමක් ඇත්නම් ආණ්ඩුවෙන් ඉවත්වෙලා සටන් කලොත් නේද හරි.(අ)

:       0       0

ඩී.උපුල් Wednesday, 23 July 2014 02:35 AM

අපේ හාමුදුරුවනේ මටත් තියෙනවා ප්‍රශ්නයක් අහන්න.(අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 23 July 2014 02:39 AM

කරුණු නිවැරදිව ඔප්පු කල හැකි ආකාරයෙන් සොයාගෙන රටේ පවතින නීති රාමුවට යටත්ව කලයුතු දෙයක්.(අ)

:       0       0

දයා අළහකෝන් Tuesday, 22 July 2014 09:55 AM

මම හිතන්නේ සමහර පැතිවල හෝටල් වල වටලප්පන්,රොටි වගේ දේවල් හදන්න ගන්නවා ඇති. (නි)

:       0       0

චමින්ද Tuesday, 22 July 2014 09:58 AM

ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ඇසූ ප්‍රශ්න පත්‍රයම තමයි අපිට අහන්න තියෙන්නෙත්. (නි)

:       0       0

ටිරාන් Tuesday, 22 July 2014 10:00 AM

අපිත් අහන්නේ මේ ප්‍රශ්නයම තමයි (නි)

:       0       0

ලලිත් Tuesday, 22 July 2014 10:03 AM

මේවා කරන අයට වෙන දේ අපිට ඇස් පනාපිටම දකින්න ලැබේවි අපේ හාමුදුරුවනේ.(නි)

:       0       0

අපොන්සු Tuesday, 22 July 2014 10:04 AM

අනේ ස්වාමින් වහන්ස, මේ සත්‍යය අපිටත් වැටහෙනවා (නි)

:       0       0

දර්ශනී Tuesday, 22 July 2014 10:05 AM

අවසරයි අපේ හාමුදුරුවනේ, හාමුදුරුවන්ගේ දේශනය හරියට හරි. බිරිඳ, දයාබර දරුවන්,දෙමවුපියන්, වැඩිහිටියන්, ආගමක් දහමක් නොදන්නා තත්වයකට මත්කුඩු පත්කර හමාරයි. අවසාන මොහොතෙහි හෝ ඇත්ත තත්ත්වය ඔබවහන්සේට අවබෝධවීමත් කාන්තා අපිට සැනසීමක්. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 23 July 2014 03:23 AM

රට පෙරට අපි වලට... අපිටත් තියන ප්‍රශ්නේ ඕකමනේ. අල්ලපු කුඩු ආයි දේශපාලුවන්ගේ අතටම යනවද දන්නේ නැහැ. පොලිසිය රටට හෙලිකල යුතු කරුණක් මේක. (නදී)

:       0       0

සෑම් Tuesday, 22 July 2014 10:20 AM

අපෝ! මේ අල්ලන කුඩු පාන්පිටි වෙනවා නම් ලංකාවට පාන්පිටි වෙනම ගෙන්වන්න උවමනා නැහැනේ. (නි)

:       0       0

අචිනි Tuesday, 22 July 2014 10:23 AM

අවසර හාමුදුරුවනේ , ඔය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා නම් හොඳයි නේද? (නි)

:       0       0

ගැමුණු Tuesday, 22 July 2014 10:24 AM

බරපතල විරෝධයක් පෙන්වනවා නම් යම්තාක් දුරට විසඳුමක් ලබාගන්න තිබුණා (නි)

:       0       0

සරත් Tuesday, 22 July 2014 10:27 AM

ස්වාමින් වහන්සේ ඉතා කාලෝචිත ප්‍රශ්නයක් අහලා තිබෙනවා. මේ ප්‍රශ්නය සාමාන්‍ය ජනතාව තමයි ඇසිය යුත්තේ මොනවද අල්ලන කුඩු වලට වෙන්නේ කියලා. (නි)

:       0       0

රත්න Tuesday, 22 July 2014 10:43 AM

හාමුදුරුවනේ, ගෙනා අයට සුරසැප වෙන්න ඇති. ඒත් අපි මොනවා කරන්නද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 July 2014 04:18 AM

ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ඇසූ ප්‍රශ්න පත්‍රයම තමයි ශ්‍රී ලංකාවාසි සමස්ත ජනතාවටම අහන්න තියෙන්නෙ (දිල්)

:       0       0

සරත් Tuesday, 22 July 2014 10:54 AM

රජය ප්‍රසිද්ධියේ ‍රස පරීක්ෂක ඉදිරියේ මෙවැනි දේ විනාශ කළ යුතුයි. නැත්නම් අල්ලපු වැල්ලපට්ට වගේ මේවාත් හොයාගන්න බැරි වෙයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 23 July 2014 04:23 AM

බන්දුල පෙරේරා,චෝදනා කරන්න පුළුවන්. ඒ නීතියක් තිබෙන, නීතියේ ආධිපත්‍යය බිඳ නොවැටුණ රටක අපි හිටියා නම්.චෝදනා කරන්න ගිහින් අර කුඩු කිලෝ 285 ක් අල්ලපු ඉන්ස්පෙක්ටර්තුමාට වෙච්ච දේ කරගන්න කෙනෙක් ඉදිරියට එන්නේ නැහැ නේද? (නි)

:       0       0

ප්‍රශාන්ත Tuesday, 22 July 2014 10:56 AM

අපි දැන් දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලගෙන ඉන්නවාද? රට බේරගන්න පෙරට එනවාද? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 23 July 2014 04:26 AM

කාලයක සිට පාකිස්තානයෙන් සහ ඩුබායි වලින් අපේ රටට කුඩු එවලා මේක ජරාවාසයක් කරන්න උත්සාහ ගන්නා බවට සැක හිතෙනවා. (නි)

:       0       0

පද්මිණි Tuesday, 22 July 2014 11:12 AM

මේ ආදරණිය ලක් අම්මාගේ රත්තරන් පුතුන් ටික මේ උවදුරින් බේරාගනු මැනවි! (නි)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 22 July 2014 11:22 AM

අපි ඔය කියන ප්‍රශ්නය අහලා බොහොම කල් වෙනවා.බැරිම තැන තමයි නිහඬව ඉන්නේ! මේ ගැන පුළුවන් නේද පාර්ලිමේන්තුවෙදී ප්‍රශ්න කරන්න? (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 22 July 2014 11:22 AM

අනේ අපේ හාමුදුරුවනේ, මේ අපිටත් තිබෙන ලොකු ප්‍ර‍හේළිකාවක් තමා ඔය අල්ලන කුඩු වලට වෙන දේ. අනික රේගුවෙන් අල්ලන රත්තරන් වලට මොකද වෙන්නේ කියන එක. බහිරවයෙක්වත් ගිලිනවද? (නි)

:       0       0

ප්‍රියකුමාර Tuesday, 22 July 2014 11:23 AM

මෙම කුඩු සංචිත ඉතාමත් සුරක්ෂිතව තබාගත යුතුයි. මොකද අනාගත කුඩු හිඟයක් ඇතිවුණොත් ඊට අතිසාර්ථකව මුහුණදිය යුතුයි (නි)

:       0       0

යාපා Wednesday, 23 July 2014 05:12 AM

බන්දුල පෙරේරා මහත්මයා කියන දේ හරියටම හරි. නම් ගම් ඇතුවම කියන්න! හැමෝම දැනුවත් වේවි නේද එතකොට? වැරදි කරන්නත් බය වේවි. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 22 July 2014 11:51 AM

කුඩු පාන්පිටි වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ, ඒවාට වෙන්නේ වෙන දෙයක් (නි)

:       0       0

ටිරෝන් Tuesday, 22 July 2014 11:52 AM

මසුරන් වටිනා කතාව අපේ හාමුදුරුවනේ. මේ ගැන කතිකාවතක් පටන්ගන්න දැන් කාලය ඇවිල්ලා (නි)

:       0       0

දිමුතු Wednesday, 23 July 2014 05:23 AM

හෙළ උරුමයට ඇයි ස්වාදීනව දේශපාලනය කරන්ඩ බැරි. ජනතාව වෙනුවෙන් ස්වාදීනව, දේශපාලනයට එන්ඩ අපේ හාමුදුරුවනේ. ගරු සෝබිත හාමුදුරුවන්ගේ අදහසුත් ටිකක් හිතට ගතහොත් හොඳ මදිද. (නදී)

:       0       0

සුනිල් Tuesday, 22 July 2014 12:03 PM

ඉතින් හාමුදුරුවනේ, මොකද මේ හරියට අපි කළා වගේ අපෙන් අහන්නේ මේවා? (නි)

:       0       0

සිල්වා Tuesday, 22 July 2014 12:17 PM

අපේ හාමුදුරුවනේ, පෙරට විත් යමක් කරන්න (නි)

:       0       0

අසේල Tuesday, 22 July 2014 12:19 PM

වගකිවයුත්තන්ට කිසිම ගානක් නැහැ. නිකන් ඇස් කන් නැහැ වගේ ඉන්නවා.‍ හරිම ලැජ්ජයි, ඒ වගේම කණගාටුයි (නි)

:       0       0

ලංකාතිලක Tuesday, 22 July 2014 12:27 PM

හිමියන්ගේ ප්‍රශ්නයට ආණ්ඩුව දෙන පිළිතුරු මොනවාද කියා අප බලා සිටිමු . මේ අසා ඇති ප්‍රශ්නය ලංකාවේ සියලු දෙනාටම තිබෙන ප්‍රශ්නයක් (නි)

:       0       0

නිශාන් Tuesday, 22 July 2014 12:27 PM

ඇත්තටම කාගේද මේ කුඩු? (නි)

:       0       0

රනිල් Tuesday, 22 July 2014 12:54 PM

ඔබ වහන්සේලාත් ඒ ගැන දන්නේ නැත්තම් සාමාන්‍ය මිනිස්සුවන අපි මොනවා කරන්නද? (අ)

:       0       0

මෛත්‍රී Tuesday, 22 July 2014 01:05 PM

අපි කාටත් තියෙන ප්‍රශ්ණේ ඕකම තම හාමුදුරුවනේ? එත් කවුද මෙවලට උත්තර දෙන්නේ? (අ)

:       0       0

නසාර් Tuesday, 22 July 2014 01:11 PM

පාන් පිටි ,පොල් කුඩු කතා වැඩක් නැහැ .....(අ)

:       0       0

ඩයස් Tuesday, 22 July 2014 01:56 PM

ගරු අපේ හාමුදුරුවනේ දැන්වත් මේ ගැන මහා ජනය දැනුවත් කළොත් හොඳයි. අර ගම්මන්පිල මහත්තයට මෙහෙම ප්‍රශ්නයක් ලංකාවේ තියෙන විත්තිය අමතක වෙලාවත්ද. අපි හෙළ උරුමයෙන් ,දුෂණයට,කුඩුවලට, පගාවට සහ රටේ අක්‍රමණය වී ඇති නීති පදතිය සක්‍රිය කිරීමට දායකත්වයක් තවමත් බලාපොරොතු වෙමු. ඔබ වහන්සීගේ අවදානය මේ ගැන යොමු වීම හොඳයි. මේ ගැන ගැමි ජනතාව දැනුවත් කරන්ඩ, මේ කුඩු උවදුරෙන් ඔවුන් බේරා ගන්න. (අ)

:       0       0

විජේසිංහ Wednesday, 23 July 2014 07:05 AM

ඒවායින් පිට්ටු හදනවා ඇති සමහරවිට (නි)

:       0       0

මහාසේන Tuesday, 22 July 2014 03:00 PM

මසුරන් කතා පොඩ්ඩ අපේ හාමුදුරුවෝ කාලෙකින් මෙවන් දේශනාවක් කෙරුවේ . (අ)

:       0       0

සිරිමල් Tuesday, 22 July 2014 03:19 PM

ඔය වගේ ප්‍රශ්ණ පාර්ලිමේන්තුවේදී නිර්භීතව ප්‍රශ්ණ කරන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා පමනයි.ඔය හාමුදුරුවොත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද?ආණ්ඩුවේ කෙනෙක් නේද? ඇයි අපෙන් අහන්නේ.(අ)

:       0       0

නිමල් ලලිත් Tuesday, 22 July 2014 04:13 PM

බෞද්ද භික්ෂුන් වහන්සේලා කොටසක් මේවා ගැන ප්‍රශ්න කරද්දී මහා පරිමාන කුඩු කාරයන්ට උදව් දෙන අයට දෙශපලනයට එන්න ඉඩ දෙන දෙශපාලන නායකයොත්, ඔවුන්ට ඡන්දය දෙන ජන්ද දායකයන් වැඩි පිරිසකුත් ඉන්නවනේ.(අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 22 July 2014 04:14 PM

හැමෝම කියනවා දේශපාලකයෝ සම්බන්දයි කියල.ඒ වුණාට බය නැතුව චෝදනාව ඉලක්කව එල්ල කරන්න එකෙක් නැහැ.ඔය නම් දන්නවා නම් කියන්නකෝ අපිටත් දැන ගන්න. අනෙක පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයින්ට හයියක් නැද්ද නමක් නොකිය එල්ල වන චෝදනාවට තමනුත් ලක් වෙනවා ..ඒ නිසා සත්‍යය හෙළි කල යුතුයි කියන තීරණය ගන්න..ඔවුන් මේ දේශපාලකයින් ගැන නොදැන ඉන්න විදියක් නැහැනේ.කෝ ඔය අනුර කුමාරලා නමකින් චෝදනාවක් ඉලක්ක කරලා කරලා තියෙනවද? අනෙක් හැම කුනක්ම ඇද ඇද එලියට දාන එකේ මේකට හයියක් නැද්ද? අල්ලපු කුඩු නඩු භාණ්ඩ..ඒවා මහජන ප්‍රදර්ශනයට තියන්නේ නැති බව හාමදුරුවෝ නොදැන ඉන්නනම් විදියක් නැහැ. චෝදනාවක් එල්ල කරනවානම් නම් ගම් ඇතුව එල්ල කල යුතුයි.ඒ වගකීම දරන්න බැරිනම් ටෙලි නාට්‍ය රග දක්වන්නේ නැතුව නිහඩව සිටිය යුතුයි.දේශපාලකයින් මේවට සම්බන්දනම් ඔවුන්ගේ නම් හෙළි නොකිරීම මුළු ජාතියටම කරන ද්‍රෝහී කමක්. තමන්ගේ අය කියල ආණ්ඩුවේ කට්ටිය නිහඩ වෙනවනම් එකට තමයි විපක්ෂයක් ඉන්නේ.කෝ සද්දේ දාන එකෙක්වත් මේ ගැන කටක් හොල්ලන්නෙ නැහැනේ. ඔක්කොම පුස් වෙඩි විතරයි. මේ රජයට පහර දෙන්න මෙයිට වඩා හොද ආයුදයක් තියෙනවද ? මොකද මේ ළඟ ඉදල සුන්නද්දුලි වෙලා යන්න ගහන්න පුළුවන් ආයුධය හැතැම්ම ගාණක් දුර ඉදන් නොදන්නා ඉලක්කෙකට මානන්නේ. (අ)

:       0       0

ශීලා Wednesday, 23 July 2014 09:14 AM

මේ රටේ අනන්තවත් ප්‍රශ්න වල මහා අයිති කාරය දේශපාලකයා. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඔවුන් සියල්ල කොටස්කරුවෝ. එ්ත් ඒ හා සමානවම එහෙත් කිසිම දවසක කවුරුත් මොකුත් නොකියන කාලකන්නි චරිතයක් මේ වැඩවලට සම්බන්දයි. කවුද ඒ... එ් තමා නිලදාරියෝ.... මොවුන් ඉන්නේ තිරේ පිටුපස. (නදී)

:       0       0

සිරිසේන Tuesday, 22 July 2014 07:40 PM

කුඩුවලට පාන් පිටි මිශ්‍ර කරනවා තමයි. මේක අපේ වැඩක් නෙමෙයි වෙන්න ඇති. මම හිතන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරයන්ගෙ වැඩක් (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 22 July 2014 11:27 PM

ඇයි අපේ වගකිවයුත්තන් මේවා ගැන කතා නොකරන්නේ? (නි)

:       0       0

ශාන්ත Tuesday, 22 July 2014 11:42 PM

ඔයගොල්ලන් දැක්කද එක්කෙනෙක් මේකේ අපි හැමදෙනාම කියන දේවල් වලට විරුද්ධව අදහස් දක්වනවා (නි)

:       0       0

සමන්ති Wednesday, 23 July 2014 12:05 AM

මේගමන කුඩු ගෙනාවට අහුවෙලා තියෙන්නේ මොන පළාතේ කෙනෙක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 128 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 141 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2530 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 931 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 526 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1576 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site