IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අවතැන් ලාංකිකයෝ දහදුකේ ඉතාලි කඳවුරු 4ක 48 දෙනෙක්

උතුරු ඉතාලියේ ඇති වූ භූමිකම්පාවත් සමග ශ්‍රී ලාංකිකයෝ 48 දෙනෙක් අවතැන්ව සිටිති. මෝදනා දිස්ත‍්‍රික්කයේ අවතැන් කඳවුරු හතරක ඔවුහු ජිවත්වෙති. ලංකාදීප එසැණ වාර්තාකරු එහි ගියේය. සන් ෆේලිවේ නගරයේ අවතැන් කඳවුරුවල අවුරුදු පහට අඩු කුඩා දරුවන් හය දෙනෙකු සමග 26 දෙනෙක් සිටිති. මිරින්දෝලා සරණාගත කඳවුරේ කුඩා දරුවන් තිදෙනෙකු හා වැඩිහිටියෝ නව දෙනෙක් මිදෝල්ලාහි පස්දෙනෙක්ද ෆිනාලේ එමිලියාහි දෙදෙනෙක්ද, බොම්පොරේතෝ කඳුවරේ තිදෙනෙක්ද සිටිති.ත මේ අතර සන් ෆේලිවේ හා මිරන්දෝලා අවතැන් කඳවුරුවල ගැබිනි කාන්තාවෝ දෙදෙනෙක් සිටිති. තව සති දෙකක් තුළ ඔවුන් දෙදෙනාම දරු ප‍්‍රසූතිය සඳහා සූදානම් විය යුතුව ඇත. ඇඳිවත පමණක් ඉතිරි වූ ඔවුන්ට කර කියාගත හැකි දෙයක් නැත. විසිවෙනිදා භූමිකම්පාව සිදුවී දින තුනකට පසු රෝමයේ ශ්‍රී ලංකා තානාපති රූපවාහිනී නාලිකාවක් සමග පැමිණ තේ කොළ පැකට් දෙකක් සමග කිරි පැකැට්ටුවක් දුන් බවත් ඉතාලි සහන සේවකයින් පිරිසක් සමග කතා කොට අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුට කූඩාරම් දෙකක් ඉක්මනින් ලබාදීමට කටයුතු කළ බවත් සන් ෆේලිවේ අවතැන් කඳවුරේ ශ්‍රී ලාංකිකයෝ අප සමග කීහ. එතැන් සිට මේ වනතෙක් තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු එම ස්ථානයට ගොන් නැත. මිරන්දෝලාල මිදොල්ලාල ෆිනාලේ එමිලියාල බොම්පොර්තෝහි අවතැන් වූවන් පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයෙන් හෝ කිසිදු ශ්‍රී ලාංකික මාධ්‍යකින් එහි ගොස් නැත. තමන්ට ඉක්මනින්ම ලංකාවට යෑම සඳහා නොමිලේ ගුවන් ටිකට් පත් දෙන්නැයි රෝමයේ ශ්‍රීලංකා තානාපතිගෙන් ඔවුහු ඉල්ලති. එහෙත් ඒ පිළිබඳ කිසිදු ප‍්‍රතිචාරයක් මේ වනතෙක් නොලැබුණ බව ඔවුහු ලංකාදීප එසැණට කීහ. මේ වනවිට මෝදනා දිස්ත‍්‍රික්කයේ අධික රස්නයක් පවතී. අප එහි යනවිටද උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 37කි. කූඩාරම් ඇතුළේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 40 ඉක්මවති. අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ නිතර සොයා බලන මෝදනා මෛත‍්‍රී විහාරාධිපති මෙදිරිපිටියේ විමලරතන හිමියන් කියා සිටියේ තමන් කිහිප විටක්ම තානාපති කාර්යාලයට කතා කැර ලංකාවට යෑමට කැමැති අය සඳහා ගුවන් ටිකට් පත් ඉල්ලා සිටි බවයි.



අදහස් (0)

අවතැන් ලාංකිකයෝ දහදුකේ ඉතාලි කඳවුරු 4ක 48 දෙනෙක්

කාන්ස්බෝයි Tuesday, 05 June 2012 03:31 AM

තානාපති කාර්යාල ගොඩක් ඔහොමයි. ඒත් ඉතාලි රජයෙන් හරි රතු කුරැසෙට හරි ඇමතුමක් දෙන්න..

:       0       0

සන්දු Tuesday, 05 June 2012 04:18 AM

අපේ ලංකාවේ අපේම සහෝදරයන් මෙහි පල කරලා තියෙන දේවල් දැක්කම බොහොම කණගාටුයි , පිළිකුල් සහගතයි. ඉතාලිය කියන්නේ සුර පුරයක් කියල හිතන්නේ ජීවිතේට ඉතාලිය දැකපු නැතිඅයයි. මමත් ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක්.. මෙහෙ එක යූරෝ එකක් හොයන්න වෙන්න ඕනේ මහන්සිය දන්නේ එක විඳින කෙනා විතරයි. අපි මෙහෙ සල්ලි පොදිගහන් නැහැ. හම්බකරන හැම සතේම ලංකාවට යවන්නේ ලංකාවේ ගෙයක් දොරක් හදන් සදහටම ඉතාලියට ආයුබෝවන් කියන්න හිතන්. මේ වගේ අසරණ වෙන අවස්ථාවල තමන්ගේ ජාතිය නේද කියලවත් නොහිතා මේ වගේ ඒ අයව අසරණ කරන comments දාන ඔයාල ලජ්ජා වෙන්න ඕනේ. දෙවිපියනන්ගේ පිහිටෙන් අපි ඉන්න නගරෙට හානියක් නො වුනත් , අසරණ වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියන් ගැන කනගාටුයි. ඒ අයට දෙවි පිහිටයි..!

:       0       0

මහජනයා Monday, 04 June 2012 07:33 AM

අනේ පවු. කණගාටුයි

:       0       0

මහජනයා Monday, 04 June 2012 07:39 AM

මොනවටද ලංකාවෙන් ටිකට් දෙන්නේ? හම්බ කරපුවා ඇතිනේ බැංකු වල

:       0       0

දීපක් Monday, 04 June 2012 09:13 AM

ඒ අය ඉතාලි ගිහින් හම්බ කරපුවා තියෙන්න ඕන නේද? මොකටද අපේ ලන්කාවෙන් සල්ලි දෙන්නේ? මේක ඉතාලියේ අපේ අයට විතරක් උන දෙයක් නෙවේ නේද? තානාපතිට දොස් කියල වෑඩක් නෑ. එයා කිව්වද ඉතාලි වරෙන් කියලා

:       0       0

කිවි Monday, 04 June 2012 08:36 AM

ලංකාවේ ගෙවල් වල ඉන්නවට වඩා සැප ඇති එහේ කදවුරක ඉන්න එක

:       0       0

චාමික Monday, 04 June 2012 08:41 AM

දැන්වත් අනුන්ගේ දුක දැනෙනවද ඒ අයට...

:       0       0

ගජබා Monday, 04 June 2012 10:00 AM

ගොඩක් අය නියම ඇත්ත තේරුම් අරගෙන නියම ප්‍රතිචාර දක්වා තියනවා.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 04 June 2012 11:25 AM

සුභාෂීණී හා නිම්මි යන මහත්මීන්ගේ අදහස් හා එකඟ වෙමි.මගේ ඥාතීන් විශාල පිරිසක්ද ඉතාලි රටේ සේවය කරති.ඒ අය එහෙට වෙලා සැප විඳීනවා කියා නොසිතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ලංකාවේ පවතින දැඩි ආර්ථික දරිද්‍රතාව නිසාම විරැකියාවෙන් යෙළි ඉතා අපහසුතා මැද ඉතාලියට ගොස් ඇත්තේ වෙහෙසවී හරි හම්බ කිරීම සඳහාය.මාහටත් ඔවුන් ඉතාලි රටට පැමිණෙන මෙන් ආරාධනා කළද,මගේ පුද්ගලික ප්‍රතිපත්තිය හා උසස් අධ්‍යාපනය ලැබූ බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රය ආශ්‍රිතව ඉතාලිය වැනි රටක සාමාන්‍ය රැකියාවක් කොට මුදල් හම්බ කිරීමට වඩා ලංකාව වැනි බුදුදහම පිළිපදින විශාල පිරිසක් සිටින රටක මගේ පැවැත්ම අක්මුල් ඇති පැවැත්මක් බැවින් මම කාරුණිකව ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලෙමි.මට මුදල් වලට වඩා වැදගත් නම්බුකාරකමට හා වැදගත් උසස් ලෙස ජීවත්වීමයි. මම මේ දක්වා ජීවත්වී ඇත්තේද ඒ පිළිවෙලටයි.කෙසේ වුවද ඉතාලියේ මෙසේ අන්ත අසරණව සිටින අපේ ශ්‍රී ලාංකික ජනතාව පිළිබඳ මා හදවත පතුලෙන් අවංකව කණගාටුවෙමි.මේ පිරිස අතර මගේ ඥාතීන්ද සිටිති..

:       0       0

වසන්ත ගාල්ල Monday, 04 June 2012 11:29 AM

වෙච්ච් දේ ගැන හරි කණගාටුයි. එත් මේ අය දහදුකේ කියලනම් පෙන්නේ නැහැ. ලංකාවේත් අවතැන් කදවුරු තවම තියෙනවා.. එත් එ අය දහ දුකේ කියල කාටවත් පෙන්නේ නැත්ද .. එකට හේතුව ලංකාවේ අවතැන් කදවුරු ඉතාලි කදවුරු වලට වඩා සැපට තියෙන නිසාද....????

:       0       0

ලුම්බිණි Monday, 04 June 2012 11:11 AM

තානාපති වරු වශයෙන් පත්කරලා ඉන්නේ කවුද කියල දන්නවනේ .

:       0       0

සංජය Monday, 04 June 2012 11:29 AM

අනේ පව්. කණගාටුයි

:       0       0

සන්ජය Monday, 04 June 2012 11:33 AM

අනේ පව්. කණගාටුයි නිහාල් - දැන්වත් අනුන්ගේ දුක දැනෙනවද ????

:       0       0

අසංක පෙරේරා Monday, 04 June 2012 11:42 AM

ඉතාලියට එනකොට කාගෙන්වත් පිහිටක් අවශ්‍ය වන්නේ නැහැ. මෙහේ ඇවිත් උපයන මුදලත් ලංකාවට එවන්නේ කලූ කඩ හරහා. රජයට කිසිම ආදායමක් ලැඛෙන්නේ නැහැ. සියලූ මුදල් තම සුඛවිහරණයට වියදම් කරනවා. නමුත් යම් විපතක් සිදු වූ විට ලංකා රජයත්, තානාපති කාර්යාලයත්, මෙහේ තියෙන සංවිධානත්, මෙහේ ජිවත් වන අපිත් තමයි වැරදි. ඉතාලි රජය මේ අයට තව නොබෝ දිනකින් නොමිලේ හෝ ඉතාමත් අඩු කුලි පදනම මත නිවාස ලබා දෙනවා. විපත්ක් වූ විට අහක බලන එකක් ගැන නෙම් මේ පවසන්නේ. නමුත් උදව් කරන්න ඉදිරිපත් වන අයටත් මේ අය දොස් කියනවා. තානාපති නිලධාරින්න් තේ කොල පැකට් එක්යි දුන්නේ කියලා. ඉතින් තිඛෙන දෙය දුන්නමත් දොස් අහන්න වෙන නිසා, මේ වගේ වැඩ වලදි කවුරුවත් උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ මේ වැනි දේවල් නිසයි.

:       0       0

ලාල් ගලබඩ..ඉතාලියේසිට... Monday, 04 June 2012 01:28 PM

කලබල නොවී ඉවසන්න,කොයි දේත් විද ගන්න බලාගෙනනේ මෙහෙට ආවේ.මේක කවුරුවත් කල දෙයක්‌ නෙමෙයිනේ,නමුත් හුගක්‌ අය කියනවා මෙන් ඔයාලාගේ ඉතිරියක්‌ [ගුවන් ටිකට්‌ පතක්‌ හෝ ගන්න නැත්නම්] ඒක ටිකක්‌ හිතා ගන්න අමාරුයි. මොකද භූ චලනයට බැංකු ගිනුම් වල ඇති දත්ත යටවුනේ නැහැනෙ.ඔයාලාට අවශ්‍ය මානසික සුවයක්‌ මිසක්‌ ආර්ඵිකමය ආධාර නමෙයි මගෙ හිතේ.අපේ අයත් හැකි පමණ උපකාර කනවානේ,ඉතාලි රජයත්,තව ටික කාලයක්‌ යනකොට රැකියාවක්‌ සොයාගන්න කවුරු හෝ උපකාර කල යුතුයි.ඉවසන්න

:       0       0

අලිබබා Monday, 04 June 2012 02:24 PM

මැදපෙරදිග සේවය කිරීමෙන් මිසක් ඉතාලියෙන් ලංකාවට විදේශවිනිමයක් ලැබෙන්නේ නෑ නේද?

:       0       0

සංජය Monday, 04 June 2012 03:09 PM

මේ විස්තර කියෙව්වම හරිම දුකයි. හැබැයි ඉතාලියට එන්න බැරිවුන අය ඉරිසියාවෙන් කතාකරන බව පේනවා. කොහොම වුනත් තානාපති කාර්යාලයෙන් ටිකට් බලාපොරොත්තු වෙන එකනම් වැරදී. ඒත් තානාපතිට පුළුවන් උදව් කරන්න මේ අයට.

:       0       0

ලාල් ගලබඩ Tuesday, 05 June 2012 12:52 PM

මේ වගේ අවස්‌ඵාවන් දකින විට ඕනම රටක ජීවත්වෙන අය ආදර්ශමත් වීම වැදගත්,මේවෙලාවේ කාටවත් අවමන් කිරීමක්‌ නොව,උපයන හැම මුදලක්‌ම මවුරට යැවුවාම මෙහේ හදිසියකට කාට හෝ අත පාන්න වෙනවා,හදිසියකට තමන් කීයක්‌ හෝ ලග තබා ගන්න එයයි ජීවත් වෙනවා කියන්නේ.'තමන් හිසට තම අතමය සෙවනැල්ල'.අත්දැකීම් මත ලියමි.

:       0       0

හේමන්ති Tuesday, 05 June 2012 01:15 PM

අපේ රටේ අය මෙහෙම කතා කරන එක ගැන හරිම කණගාටුයි.. මමත් ඉතාලියෙ ඉන්න ශ්‍රී ලාංකිකයෙක්. මෙහෙ ඉන්න අය සැප විදිනව කියල හිතන්න එපා. කවුරු උනත් තමන්ගෙ රට ගම නෑදෑයො යාලුවෙ අත හැරල පිරටට එන්නෙ ආසාවකටම නෙමේ. මේ වගේ අසරණ තත්ත්වයන් කාටත් ‍ඇති වෙන්න පුළුවන්. අපේ රටට සුනාමි ආව දවස් අමතක රකන්න එපා.. පුදුම මිනිස්සු තමා ‍අපේ රටේ ඉන්නෙ.. ඇත්තටම හරිම දුකයි.. පණ බේරගන්න බයේ ඉන්න තමන්ගෙම ‍රටේ මිනිස්සුන්ට මෙහෙමද කතා කරන්නෙ? කරුණාකරල මීට වඩා සාධාරණව හිතන්න පුරුදු වෙන්න..

:       0       0

සරත් Monday, 04 June 2012 05:48 PM

ඔබ සැමට තෙරුවන් සරණ පතමි..

:       0       0

කමල් Tuesday, 05 June 2012 03:06 PM

මට දැනගන්න ලැබුන විදියටනම් තානාපති කාර්‍යාලයෙන් සැලකිය යුතු දෙයක් සිදුවී නොමැති වූවත්, ඉතාලි රජයෙන් අවැසි සියළුම දේ ලබා දීමට කටයුතු කර ඇති බවත්ය. එක් අයෙක් කමෙන්ට් කර තිබූ ලෙස මේ අයට දැන් අවශ්‍ය මානසීක ආධාරයි, නැතුව මුදල් ආධාර නොවේ. මේ අවස්ථාවේ මේ අයට පිහිට වෙන අනෙකුත් ශ්‍රී ලාංකීක ආගමීක නායකයන් ගැනත් සඳහන් කළා නම් හොඳ යැයි සිතමි.

:       0       0

ඇනි Sunday, 03 June 2012 09:30 PM

කට්ටියට ලිකාව ඔය මතක් වෙලා තියෙන්නේ

:       0       0

සුභාෂිණි Sunday, 03 June 2012 11:08 PM

අනේ ලමයිනේ ලංකාවට ආවා කියලා මක් කරන්නද? පොඩ්ඩක් දුක විදගෙන ඉන්න.ඉතාලි ආණ්ඩුව මොනවා හරි කරයි

:       0       0

විදෙස් ලාංකිකයෙක් Monday, 04 June 2012 12:34 AM

හම්බ කරන සල්ලි වලින් හදිස්සියකට ගන්නත් කීයක් හරි ඉතුරු කරලා තියන්න ඕනි. ඇයි හැම දෙනාම ලංකාවටම බරක් වෙන්න හදන්නේ?

:       0       0

සම්පත් Monday, 04 June 2012 12:35 AM

කණගාටුදායක තත්වයක්. මෙය ශ්‍රී ලාංකිකයින්ට පමණක් නෙමේ. ඉතාලි ජාතිකයිනුත් මෙම තත්වයෙන් තමයි ජීවත් වෙන්නේ. ටිකක් ඉවසන්න වේවි.

:       0       0

ජිවා Monday, 04 June 2012 11:49 PM

මොනව උනත් අසරණ වෙච්ච වෙලාවට එහෙම කතාකරන්න එපා.එහි සැබෑ තත්වය දන්නෙ ඒකට මුහුන දුන්න අය විතරයි.උදව් කරන්න කැමති නම් උදව් කරන්න.එහෙම නැතුව ඔවුන්ට අපහාස කරන්න එපා.

:       0       0

නිම්මි Monday, 04 June 2012 01:06 AM

අපේ තානාපති කාර්යාලයේ හුගක් වැරදි තියෙනවා.වග කිව යුතු අය මේ ගැන හොයලා බැලුවොත් හොදයි

:       0       0

අහිංසක Monday, 04 June 2012 01:07 AM

ලංකාවට වැඩිම විදේහ විනිමයක් ලැබෙන්නේ රට ඉන්න අයගෙන්.දැන් ඔවුන්ට 'රටවිරුවො' කියලා නම්බු නාමයකුත් දීලා තියෙනවා

:       0       0

නිහාල් Monday, 04 June 2012 01:11 AM

ඉතාලියට හොරෙන් යන්න ලක්ෂ ගණන් දෙන්ට සල්ලි තියන අයට ආපසු එන්න මොකටද ආණ්ඩුවේ මුදල් වැය කරන්නේ

:       0       0

ප්‍රනෑන්දු Monday, 04 June 2012 02:07 AM

ලෝකේ හැම තැනම තියෙන තානාපති කාර්යාල ඔහොමම තමයි

:       0       0

නිෆාල් Monday, 04 June 2012 03:39 AM

කොහේ ගියත් කවද හරි එන්න ඕන ලංකාවට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 499 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 497 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 151 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1478 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1119 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 439 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site