IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අවම ප්‍රමිතිය වෙනස් නොකරන්න වෛද්‍ය සභාව තීරණය කරයි

වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැනට ඇති ප්‍රමිතිය වෙනස් නොකිරීමට තීරණය කළ බව වෛද්‍ය සභාවේ සභාපති ආචාර්ය කොල්වින් ගුණරත්න මහතා කියයි.
 
ඔහු මේ බව ප්‍රකාශ කළේ වෛද්‍ය සභාව අද රැස්වීමෙන් පසු අදහස් දක්වමිනි.
 
අද වෛද්‍ය සභා රැස්විමේදී අවම ප්‍රමිතිය ගැන සාකච්ඡා කර ඇති අතර වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී තිබිය යුතු අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයේ වෙනසක් මේ මොහොතේ නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ.
 



අදහස් (26)

අවම ප්‍රමිතිය වෙනස් නොකරන්න වෛද්‍ය සභාව තීරණය කරයි

de silva Wednesday, 25 October 2017 12:02 PM

ප්‍රමිතිය කුමක් වුණත් ඔය සයිටම් එක වහනකම් දොස්තර සංගමයට නින්ද යන්නේ නැත.

:       965       490

dilankaWednesday, 25 October 2017 12:39 PM

අපිටත් නින්ද යන්නේ නැහැ. ඔය හොර ගුහාව වහනකල්...

:       3333       4435

රොමේෂ්Wednesday, 25 October 2017 03:17 PM

මේ ප්‍රශ්නෙදි වෛද්‍ය සංගමය නිදාගත්තොත් අනාගතේදී රජයේ රෝහල්වලින් සේවය ලබාගැනීමට පැමිණෙන සියලුම රෝගීන් සදාතනික නින්දට පත්වෙයි. ඒකයි ජනතාව නිදි නොලබා අවදියෙන් සිටින්නේ මේ හොර කඩේ වහනකම්...

:       1405       2034

බද්රානි Wednesday, 25 October 2017 01:28 PM

මේක බොහොම වටිනා අදහසක්. වෛද්‍ය විද්‍යාව හදාරන්න විශේෂ සුදුසු කමක් තියෙන්නේ ඕනා. අවම අධ්‍යාපන සුදුසුකම් වගේම වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන් තුල සුවිශේෂවූ චරිත ස්වභාවයකුත් තිබිය යුතුයි. එසේ නොමැතිව මනසින් රෝගියෙක් වූ වෛද්‍යවරයෙක් බිහිකිරීම මුළු සමාජයම අනතුරට හෙලීමක්. මෙය වර්තමානයේ ශ්‍රී ලංකාව තුල අප අත්දකින කාරණයක්. පෞද්ගලික හෝ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය අනිවාර්ය විය යුතුයි. එය රජයේ මෙන්ම වෛද්‍ය සභාවේ වගකීමක්. මේ මාතෘකාවට සයිටම් ආයතන නාමය යොදාගෙන කරන ප්‍රකාශ විහිළුවක්. දැන හෝ නොදැන, මේ රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ වුවන් "අනුන්ට කපපු වලේ තමන් පමණක් නොව රටම වැටී" ඇති බව වැටහෙන විට පෙරහැර ගොස් අවසානයි. සයිටම් ආයතනය ඉදිරියට දමා මේ කරන සටනේ (උම්මන්තක දේශපාලන රංගනයේ) දැනටමත් ජයග්‍රාහකයා වී ඇත්තේ රජයේ වෛද්‍ය වරුන්ගේ මාෆියා නඩය පමණයි. ඔය මාෆියා නඩය මෙරටේ වෛද්‍යවරු බිහිවෙනවා තබා, ප්‍රමිතිගත සාත්තු සේවිකාවක් හෝ බිහිවීමට අකමැති පිරිසකි.

:       1132       1389

කමල් Wednesday, 25 October 2017 02:08 PM

වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඕනෑම රටක බලන්නේ අධ්‍යාපන සුදුසුකම් පමණයි. මානසිකව හොඳ වෛද්‍යවරු හදන කර්මාන්තශාලා ලෝකෙ කොහෙවත් නෑ. ඕනෑම රැකියාවක වගේම වෛද්‍ය වෘත්තියේත් ඒ වෘත්තියේ ගරුත්වය නැති කරන සුළුතරයක් සිටිනවා. උගත්කම සහ බුද්ධිමත්කම කියන්නෙ දෙකක්. උගත්කම විතරක් තිබුණට මදි. කෙසේ වෙතත් ලංකාවේ දේශපාලකයන් අධ්‍යාපනයට දීලා තියන තැන තමයි මේ. රටක් දියුණු වෙන්නනම් අධ්‍යාපනයට වැඩි අවධානයක් දෙන්න ඕනෑ. මාස නමයක් යනකම් පොල් ගෑවද මේ ආණ්ඩුව....

:       720       499

බද්රානිWednesday, 25 October 2017 04:22 PM

කමල් මහත්තයා එහෙන් මෙහෙන් යමක් අහුලාගෙන නැට්ට පාගාගෙන කතාකරන කෙනෙක් වගෙයි ලියලා තියන කතාවෙන් නම් පෙනෙන්නේ. එක අතකට ඔබට වැටහෙන විදිහනේ ඒ? මේ කලාපයේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී, අපේ රටේ දේශපාලකයින් රටේ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටු කර තිබෙන බව අපි පිළිගත යුතුයි. නමුත් මේ රටේ දක්ෂ දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුලත්වීමෙන් පසුව, ඔවුන්ට හා ඔවුන් විසින්, ඔවුන්ටම සිදුකරගන්න හානිය නිසා තමයි අපේ රටේ මෙතරම් උගත් බුද්ධිමතුන්ගේ හිඟයක් පවතින්නේ. ඔබතුමාට නොවැටහුණාට, අපේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල බිහිකරන්නෙත්, කර්මාන්ත ශාලාවකින් නිපදවන භාණ්ඩයක් හා සමාන පුද්ගල ශරීරයකුයි.. ඉතින් එම සමාජයට මුදාහල ශරීර භාණ්ඩයේ ක්ෂයවීම මිස නිර්මාණ කොයින්ද? මෙන්න මේ භාණ්ඩය තමයි දේශපාලකයා පවා පාවිච්චියට ගන්නේ. මේ හිස් ශරීර භාණ්ඩය වෙනුවට, දැනුමෙන්, බුද්ධියෙන් යහපත් ආකල්ප වලින් පිරිපුන් පුද්ගලයෙක් සමාජය වෙත මුදා හළොත්, මේ තත්වය වෙනස් වෙනවා. අපේ රටේ ප්‍රශ්නය වී තිබෙන්නේ, බහුතරය තමන්ගේ වෘත්තිය කුමක්ද කියා නොදන්නා කමයි. සම්ප්‍රදායානුකුලව එකා පිට එකා පසුපසින් රැලට ගමන් කිරීම වෙනුවට, අලුතින් යමක් සිතුවොත්, තත්වය වෙනස් වෙයි.

:       0       236

සමාධි Wednesday, 25 October 2017 06:38 PM

මොකද නැත්තේ, මෙහෙ ඔස්ට්‍රේලියාව ළමයි විභාග විතරක් නෙවෙයි සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා ඒකෙත් සමත් වෙන්න ඕන. එතන වැඩිම ලකුණු නෙවෙයි බලන්නේ, එයා ඒ වැඩේට සුදුසු ද කියලා.

:       0       289

පුෂ්පාWednesday, 25 October 2017 11:44 PM

සමාධි කියන එක හරි. ඕස්ට්‍රෙලියාවෙ එක විභාගයක් නෙවෙයි දෙකක් තියෙනවා වෛද්‍ය විද්‍යාලයට සිසුන් තොරාගන්න. උසස් පෙළ විභාගයට අමතරව බුදධිපරීක්ෂණ විභාගයක් (UMAT). ඒක ඉතා අමාරු විභාගයක්. ඉන්පසු සිසුන් සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටින්න අවශ්‍යයි. සමහර විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධියට ඇතුලු වීමට පෙර අදාල උපාධියක් ඉතාම ඉහල ළකුණු සහිකව සමත් වීම අවශ්‍යයි. ඔවුන්ද බුදධිපරීකෂණ විභාගයකින් (GamSat) සහ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් විය යුතුයි.

:       0       266

රාජුන්Wednesday, 25 October 2017 11:47 PM

කමල් දන්නා දෙයක් ගැන කතා කලොත් නේද හොඳ? නැත්තම් ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් තමා.

:       1       208

ranjithWednesday, 25 October 2017 11:59 PM

ලෝකේ සිදුවන දේවල් පිළිබඳව මෙලෝ හසරක් නොදැන ලියපු මෝඩ තර්කයක්. වෛද්‍ය විද්‍යා පිවිසුම සඳහා ඇමෙරිකාව වැනි රටවල ඉතාම ඉහල ගනයේ විශ්ව විද්‍යාලවල පූර්ව වෛද්‍ය උපාධියක් පවා අවශ්‍ය කරනවා. (PRE MEDICAL DEGREE ). මේ උපාධියේදී විද්‍යා, කලා නීති, ලලිත කලා මනෝ විද්‍යා සහ අනෙකුත් සියලුම මානව ශාස්ත්‍ර විෂයන් විෂයන් පිලිබඳ මුලික මනා දැනුමක් ලබා දෙනවා. එහි අරමුණ සෑම විෂයකින්ම සමතුලිත දැනුමක් ඇති මනුස්සකම් වලින් පිරිපුන් පුද්ගලයෙක් වෛද්‍ය වරයෙක් බවට පත් කිරීමයි. මෙවැනි සමතුලිත අධ්‍යාපනයක් ලංකාවේ නැතිකම නිසා තමයි ලංකාවේ බිහිවන වෛද්‍යවරු තමන්ට උගැන්වීමට මුදල් වියදම් කල මහජනයාටම එරෙහිව වර්ජනය කරන්නේ.

:       1       441

chandanaThursday, 26 October 2017 06:52 AM

සිංගප්පූරුවෙත් වෛද්‍ය විද්‍යාලයට බඳවගන්නේ සම්මුඛ පරීක්ෂණයක් තියලා. A තුන ගත්ත ගොඩ දෙනෙක් ඒකෙන් අසමත්.

:       0       0

de silva Wednesday, 25 October 2017 02:18 PM

හරි මොකක්ද මේ කියන අවම ප්‍රමිතිය?

:       39       2

palitha Wednesday, 25 October 2017 03:01 PM

අවම සුදුසුකම්ද? නැතිනම් අවම ප්‍රමිතිද?

:       0       9

naradhaWednesday, 25 October 2017 03:45 PM

අවම සුදුසුකම හොයා ගන්න නම් හරිම ලේසියි. පසුගිය වසරේ රජයේ වෛද්‍ය පීඨයට ඇතුල් වුවන්ගේ අවම ලකුණු ප්‍රමාණ ලබා ගත්තොත්, එයයි අවම සුදුසුකම විය යුත්තේ. හැබැයි ඒක "S " තුනක් නම්, එය අවම සුදුසුකම වශයෙන් පිළිගත යුතු අතර, ඒ ගැන කිසි කෙනෙකුට විවාද කල නොහැක.

:       1       87

nimal Wednesday, 25 October 2017 03:21 PM

කමල් අධ්‍යාපන සුදුසුකම් කියන්නේ විභාග ප්‍රතිඵල කියලා හිතන්න එපා. හුදෙක් විභාග ප්‍රතිඵල පමණක් සලකා වෛද්‍ය හෝ වෙන කුමන හෝ වෘත්තියකට බඳවා නොගත යුතුයි. නමුත් අපේ රටේ එවැනි දෙයක් කිරීමට තබා සිතිමටවත් ඉඩක් නැත. එමනිසා අපේ රට තුළ දී කිසිදු වෘත්තියක් සංවර්ධනය නොවේ. පිටරටවල සංවර්ධනය වූ දේ අපි ආදේශ කර ගනිමින් යැපෙමින් ජීවත් වෙන්නෙමු.

:       6       274

ලක්සිරි Wednesday, 25 October 2017 07:39 PM

ආසියාවේ තියෙන භයානකම මාෆියා සංවිධානයට එරෙහිව කතා කරන්න බද්රානිට බය හිතෙන්නේ නැද්ද? වෛද්‍ය සභාවත් මෙල්ලකරගෙන පවතින රජයත් අපහසුතාවයට පත් කර, සයිටම් ආයතනය ආරම්භකළ නායකයින් වෙනුවෙන් කඩේයන මේ දේශපාලන මාෆියා කල්ලියට එරෙහිව වචනයක් හෝ කතා කරන එක ඉතාම භයානකයි. හැබැයි කොච්චර ගණන් කාරයෝ උනත් ඉන්දියානු දොස්තරලගේ නම ඇහෙද්දේ නම්, ජන්ගියේම බඩ දිය බෑවෙනවා. "ලූලා නැති වලට කණයා පණ්ඩිතයා" කියලා කතාවක් තියනවනේ.

:       2       110

විකුම් රංගන Wednesday, 25 October 2017 08:20 PM

කමල්ලා වගේ උපන් ගෙයි මෝඩයෝ හිතන විදිහයි දන්නා ටිකයි තමයි ඔය. රටේ ඉන්න දේශපාලකයින්ගේ වැරදි වලින් තමන්ගේ මෝඩකම වහ ගන්න බැහැ කමල්. මේ ලියන මම දේශපාලනේට ආවත් පාවිච්චියට ගන්නේ ඔබලා වැනි පල් මෝඩයින් ගේ ක්‍රියාකාරකම් තමයි. නැත්නම් කොයින්ද දේශපාලකයින්ට පැවැත්මක්. දේශපාලකයින්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් මෆියාකල්ලි වුනත් පාවිච්චි කරනවා. ඔය සයිටම් අර්බුධයටත් හේතුව ඒක තමයි. නැත්නම් ඉතින්, සයිටම් ආරම්භ කල පාලකයාම අද ඊට විරුද්ධ වෙයිද? ගෝත්‍රික සංකල්ප සහිත අඥාන මනස හසුරුවන හැටි කපටි දේශපාලඥයා දන්නවා. ඒ වගේම වෛද්‍ය සභාව මාෆියා කල්ලියට යට නොවෙයි කියා අපි බලාපොත්තු වෙනවා.

:       0       346

HEMA Thursday, 26 October 2017 03:30 AM

මේකේ දාන දේවල් වලින් පැහැදිලි වෙන දෙයක් තියෙනවා ..ඒ තමා සයිටම් එවුන් බොහොම සන්විදානාත්මකව වෛද්‍ය සංගමයට පහර දෙන්න සැදී පැහැදී ඉනනව. ඒ පිටුපස ඔය SB ලගේ කිරිඇල්ල ගේ එවුන් සල්ලි වලට දාල ඇති . කොහොම වුනත් හරියට අධ්‍යාපනයක් කරන්න නම් අවම සුදුසුකමක් නැතුව පුලුවන්ද ? අනික මේ සමහර ගොබ්බයො ඕස්ට්‍රේලියාවෙ , එංගලන්ත එක්ක අපිව සසදන්න යනවා මෝඩ හරක්. මොකද මේක ශ්‍රී ලංකාව ...ඔය රට පැනල ඉන්න ගොබ්බයො ගිය විදිහට කරන්නේ නැතුව ඉන්නවනම් තමා.වටින්නේ කුහක එවුන්

:       300       154

රොෂාන්Thursday, 26 October 2017 06:23 AM

තව හයියෙන් කෑ ගහන්න... එතකොට සයිටම් එක වැහෙයි. ගිහින් ජී.එම්.ඕ.ඒ දොස්තරවරයෙකුට කියලා එන්නතක් විදගන්න.

:       0       1

Kumar (Galf)Friday, 27 October 2017 07:15 AM

රොෂාන් එන්නත් විද ගන්නේ සයිටම් හොර වෙද්දුන්ගෙන්ද?

:       0       0

Chandanee Thursday, 26 October 2017 03:32 AM

දැනට වෙද විදුහල්වලට ඇතුලත් වන්නන්ගේ අවම ප්‍රමිතියට වැඩි ප්‍රමිතියක් සයිටම් සිසුන් සතුව ඇත. ඔවුන් සතුව ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වයද ඇත. සයිටම් විදුහලේ පාඨමාලා සහ පුහුණුව අනෙකුත් රජයේ වෙද විදුහල් වලට සමාන නම් එකම ආකාරයේ පරීක්ෂණ වලට මුහුණදෙන්නේ නම් සයිටම් විදුහලෙන් බාල වෛද්‍යවරු බිහිවෙනවා යයි පැවසීම ඉරිසියාව සහ කුහකත්වය ප්‍රදර්ශනය කිරීමකි.

:       329       303

nimal Thursday, 26 October 2017 04:26 AM

හේම වාගේ අය වෛද්‍ය හෝ කුමණ වෘත්තියකටවත් ඇතුළු වෙන්න දෙන්න සුදුසු නැහ. මොක ද එයා අන් අයට අදහස් පළ කරන්න තියෙන අයිතියට කැමති නැහැ. තමන් දරන මතය කියන අයට විතරයි ඉඩ දෙන්න කැමති. ඒ වාගේම භාෂාව? කරුණාකරලා සංයමයෙන් ලියන්න. ඔබේ මතයට මම එකග නැහ. නමුත් ඔබගේ මතය ශීලාජාර භාෂාවක්න් ලියුවා නම් ගරු කරනවා.

:       0       250

rohana kumara mendis Thursday, 26 October 2017 06:52 AM

ඔය රජයේ වෛද්‍යවරු මොනවා කිව්වත් එයාලගේ දක්ෂකම් නිසා වෙන්න ඇති පුද්ගලික රෝහල් වැහි වැහලා සල්ලි කාරයාගේ සිට දුප්පත් මනුස්සයා දක්වා ඒවාට යන්නේ අසනීප උනාම.ඉඩමක් කඩමක් උගස් තියාලා හරි පුද්ගලික රෝහලට යනවා නැත්නම් පිටරකට යනවා.ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට යන අයට දෙවියන්ගේ පිහිටයි

:       0       206

amila Thursday, 26 October 2017 08:25 AM

ඔය හොර ගුහාව අනිවාර්යයෙන්ම වැසිය යුතුමයි. හොර දොස්තරලා ලංකාවට අවශ්‍ය නැත...

:       0       0

naradha Thursday, 26 October 2017 08:29 AM

බොහෝ දෙනෙක් මෙහි අදහස් දානවා...මේ දේවල් ඇමෙරිකාවේ, ඕස්ට්‍රෙලියාවෙ, එංගලන්තේ හැටියට ලංකාවෙත් කරන්න බැරි ඇයි කියල. යථාර්තය නම් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල වියදම 100% දරන්නේ රටේ බදු මුදලින් වන අතර, ඔය කියන පූර්ව වෛද්‍ය උපාධි ප්‍රධානය කරන්නට යන වියදම දරන්නේ කව්රුන් විසින්ද? ඔය කියන රටවල වගේ ශක්තිමත් ආර්ථිකයක් ලංකාවට තියෙනවද? අපි අහන්ට අකමැති වුනත්, ඇත්ත තත්වය නම්, ලංකාවේ ආර්ථිකය කියන්නේ දිනෙන් දිනම නය බරින් කඩා හැලෙන දුප්පත් ආර්ථිකයක්. එම නිසා සිහි තබා ගත යුතු දේ නම්, රටේ අධ්‍යාපන ක්‍රමය හෝ වෙනත් දේ කල යුත්තේ, ලංකාවට දැරිය හැකි පමණින් මිස, වෙනත් රටවල හැටියට නොවේ.

:       0       0

Malinda Thursday, 26 October 2017 03:39 PM

මෙතන කතා කරන කී දෙනෙක් රජයේ ඉස්පිරිතාලවලට ගිහින් තියෙනවද? රජයේ රෝහල වලට මිනිස්සු කීයක් එනවද කියල දන්නවද? කොච්චර ඒවා වල අඩුපාඩු තියෙනවද කියල දන්නවද? පහසුකම් අඩුකම නිසා මිසක් දොස්තරලගේ වැරදී නිසා නෙමෙයි පුද්ගලික රෝහල් වලට මිනිස්සු යන්නේ? ගොඩක් මිනිස්සුන්ට තියෙන්නේ පෞද්ගලික තරහක් මිසක් වෛද්‍ය අධ්‍යාපනය ගැන හෝ එකේ ප්‍රමිතිය ගෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඉස්සෙල්ල ඔස්ට්‍රේලියාව එංගලන්තයේ වගේ රටවල ඇතුලත් කරගන්න විදිය කියවල බලන්න. නිකන් ඕන විදියට වෛද්‍ය අධ්‍යාපනය දෙන්න බැහැ.

:       0       335

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 1 0

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 96 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 163 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 117 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 140 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 257 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 458 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site