IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අශාන් - ගයාන් විශිෂ්ට දස්කම් දක්වති

සිව්වැනි ‘කැවල්රි සුපර් ක්‍රොස්’තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස ගයාන් සඳරුවන් සම්මාන දිනාගනිද්දී අශාන් සිල්වා දක්ෂතම රියදුරා ලෙස තේරී පත්විය. මෙම තරගාවලිය ඉබ්බාගමුව, පාන්ගොල්ල යුද හමුදා ධාවන පථයේදී පසුගිය ඉරිදා (16 වැනිදා) පැවැත්විණ.

තරගාවලියේ යතුරු පැදි අංශයේ කණ්ඩායම් ශූරතාව ගයාන් සඳරුවන් සහ ඔහුගේ සොහොයුරු ශානුක සඳරුවන් නියෝජනය කරන ‘හොන්ඩා’ කණ්ඩායමත්, ශෙහාන් සී. අධිකාරි සහ ලහිරු ජීවන්ත නියෝජනය කරන එක්සයිඞ් කණ්ඩායමත් සමසේ දිනාගත්හ. මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව අශාන් සිල්වා සහ ඉර්ෆාන් ෆෝඞ් නියෝජනය කරන ‘මාග්නි රේසිං’ කණ්ඩායම විසින් දිනාගනු ලැබීය.

ගයාන් සඳරුවන් දක්ෂතම යතුරු පැදි ධාවකයාට හිමි කුසලානය දිනාගත්තේ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් පළමු යතුරු පැදි තරගය දෙවැනියා ලෙසින්ද, දෙවැනි තරගය පළමු වැනියා ලෙසින්ද නිමා කරමිනි. පළමු  තරගය ඉන්දියාවේ කේ. පී. අරවින්ද් ජය ගැනීම හේතුවෙන් ගයාන්ට දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

වැසි සහිත කාලගුණයක් මැද ඉතා උපක‍්‍රමශීලී අයුරින් දෙවැනි තරගයට අවතීර්ණවූ ගයාන්, කේ. පී. අරවින්ද් සහ ශෙහාන් සී. අධිකාරි සමග කළ උණුසුම් තරගයකින් අනතුරුව ජය ලැබුවේ තරගය අතරතුර ඔහුට මුහුණ පෑමට සිදුවූ අනතුර පවා මායිම් නොකරමිනි.

ඉදිරියේදී ගයාන්ට අභියෝගයක් විය හැකි නව යොවුන් වියේ කී‍්‍රඩකයෙකු වන ශෙහාන් සී. අධිකාරි, පළමු තරගයේදී කේ. පී. අරවින්ද් හමුවේ තරමක් පසුබට වුවත්, දෙවැනි තරගයේදී අරවින්ද් පසුකර ගොස් ගයාන්ට පමණක් දෙවැනි වෙමින් තරගය අවසන් කළේ පේ‍්‍රක්ෂක ඔල්වරසන් මැදය.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මොටර් රථ තරග 2 න්ම ජය ලැබූ අශාන් සිල්වා, ඉන් නොනැවතී එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මොටර් රථ තරග 2 ද විශිෂ්ට ලෙස  ජයග‍්‍රහණය කළේය. ඒ අනුව තමන් සහභාගීවූ තරග ඉසව් 4 ම ජයග‍්‍රහණය කළ අශාන්  තරගාවලියේ දක්ෂතම මොටර් රථ රියදුරා බවට පත්විය.

අශාන්ට යම් තරමක හෝ තරගයක් දීමට සමත්වූයේ ප‍්‍රවීණ මෝටර් රථ රියදුරන් වන අරවින්ද පේ‍්‍රමදාස සහ පසිඳු පීරිස් පමණි. එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු තරගයේදී පසිඳුත්, දෙවැනි තරගයේදී අරවින්දත් දෙවැනි ස්ථාන වලට පත්වූහ.

ෆෝඞ් ලේසර් / මැස්ඩා කාණ්ඩයේ මෝටර් රථ තරග ඉසව් දෙකම (සි. ධා. 1300 දක්වා සහ සි. ධා. 1500 දක්වා) ජය ගැනීමට එම කාණ්ඩයේ ප‍්‍රබල මෙන්ම ප‍්‍රවීන මොටර් රථ ධාවකයකු වන උපුල්වන් සේරසිංහ සමත්විය. නමුත් ඔහුට මෙවර එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මොටර් රථ තරග වලදී දස්කම් අතරට පැමීණීමට නොහැකි විය.

උදික ශී‍්‍රමාල් මලවිගේ සමග ඉතා උණුසුම් තරගයකින් අනතුරුව එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරු පැදි තරගය ජයගත් උදේශ් වෙඩිසිංහ, සුපිරි යතුරු පැදි තරග ඉසව්වේ වැඩි ගෞරව හිමිකරගැනීමට සමත්විය.

ජේක්ස් ගුණවර්ධන අවුරුදු 16 න් පහළ යතුරු පැදි තරග 2 ම කිසිදු අපහසුවකින් තොරව ජයගත් අතර යතුරු පැදි අංශයේ ද්විත්ව ජයග‍්‍රහණ අත්කරගැනීමට ලහිරු ජීවන්ත සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහ සන්නද්ධ බලකාය විසින් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් සමාගම වෙතිනි.

තරග ප‍්‍රතිඵල

සන්නද්ධ සේවා (සිලින්ඩර් ධාරිතාව 125 දක්වා) යතුරු පැදි
1  නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
2  මධුර පීරිස් (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
3  රංජිත් සමරවීර (කවසාකි කේ. ඞී. එක්ස්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටොක්‍රොස් යතුරු පැදි - වයස අවුරුදු 16 න් පහළ (පළමු තරගය)
1  ජේක්ස් ගුණවර්ධන (කේ. ටී. එම්. 85)
2  ඉවෝන් බී. ගුණසිංහ (හොණ්ඩා සී. ආර්. 85)
3  බිනුල කිතලගම (හොන්ඩා සී. ආර්. 85)

එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) රේසිං යතුරු පැදි
1  සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
2  මිතුන් ජයසංඛ සිගේරා (හොන්ඩා සී. ආර්. 125)
3  නිහල් විජේරත්න (හොන්ඩා සී. ආර්. 125)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1  උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2  රොමේෂ් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
3  කුෂාන් පීරිස් (ෆෝඞ් ලේසර් 1300)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සමාන්‍ය මෝටර් රථ
1  දමිත් වීරසිංහ (ඩයිහට්සු චැරේඞ් 1000)
2  රෝහිත රාජපක්ෂ (නිසාන් මාර්ච් 1000)
3  ගයාන් රණතුංග (නිසාන් මාර්ච් 1000)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටොක්‍රොස් යතුරු පැදි - වයස අවුරුදු 16 න් පහළ (දෙවැනි තරගය)
1  ජේක්ස් ගුණවර්ධන (කේ. ටී. එම්. 85)
2  ඉවෝන් බී. ගුණසිංහ (හොන්ඩා සී. ආර්. 85)
3  කසුන් තාරක (කවසාකි කේ. එක්ස්.)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ
1  අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 2000)
2  පසිඳු පීරිස් (මිට්සුබිෂි එවොලූෂන් 2000)
3  අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිශී එවොලූෂන් 2000)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1  නධීර ජිනසේන (හොන්ඩා සිවික් 1500)
2  කෞෂාල් සමරසිංහ (හොන්ඩා ඊ. ජී. III 1500)
3  දිනේෂ් සේනානායක (හොන්ඩා ෆිට් 1500)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරු පැදි තරගය
1  උදේශ් වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ් 250)
2  උදික ශී‍්‍රමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ් 250)
3  චමින්ද ද සිල්වා (යමහා වයි. ඉසෙඞ් 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරු පැදි තරගය
1  රුමීෂ බුල්ජන්ස් (යමහා වයි. ඉසෙඞ්. 125)
2  සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3  නිහල් විජේරත්න (හොන්ඩා සී. ආර්. 125)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරු පැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1  ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
2  ශානුක සඳරුවන් (හොන්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
3  ශමික රොෂාන් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1  උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
2  කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියර් 1500)
3  චමින්ද වීරසූරිය (ෆෝඞ් ලේසර් 1500)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් පළමු යතුරු පැදි
1  කේ. පී අරවින්ද් (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)   
2  ගයාන් සඳරුවන් (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
3  ෂෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) පළමු මෝටර් රථ
1  අශාන් සිල්වා (හොන්ඩා සිවික් 1600)
2  ඩිලාන් සෙනෙවිරත්න (හොන්ඩා ඊ. ආර්. XI 1600)
3  දමිත් වීරසිංහ (හොන්ඩා ඊ. ජී. VI 1600)

ට‍්‍රක් සහ ජීප් කාණ්ඩය
1  මංජුල විජේසිංහ (මිට්සුබිෂි ජීප් 3000)
2  ඉන්දු සමරකෝන් (මිට්සුබිෂි පෙජරෝ 3000)
3  රවී මායාදුන්න (ටොයොටා ලෑන්ඞ් කෲසර් 3000)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරු පැදි - ස්ටී‍්‍රට් ටේ‍්‍රල් ( දෙවැනි තරගය)
1  ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
2  ශානුක සඳරුවන් (හොන්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
3  වින්ස්ටන් ඩයස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ (දෙවැනි තරගය)
1  අශාන් සිල්වා (හොන්ඩා සිවික් 1600)
2  පසිඳු පීරිස් (හොන්ඩා ඊ. ජී. VI 1600)
3  දමිත් වීරසිංහ (හොන්ඩා ඊ. ජී. VI 1600)

ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය
1  දිනේෂ් සේනානායක (ටොයොටා රෝව් IV 2000)
2  සංජය සේදර සෙනරත් (මිට්සුබිෂි පෙජරෝ 3000)
3  ඉන්දු සමරකෝන් (මිට්සුබිෂි පෙජරෝ 3000)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබරු මෝටර් රථ
1  හශේන් පසිඳු (සුබාරු ලෙගසි 2200)
2  ශාන්ත සුරවීර (සුබාරු ලෙගසි 2200)
3  චවින්ද ධර්මවර්ධන (සුබාරු ලෙගසි 2200)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ (දෙවැනි තරගය)
1  අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 2000)
2  අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිශී එවොලූෂන් 2000)
3  ජනක ඩයස් (සුබරු ඉම්ප්‍රෙසා 2000)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරු පැදි  (දෙවැනි තරගය)
1  ගයාන් සඳරුවන් (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
2  ශෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
3  කේ. පී. අරවින්ද් (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250) 

ඡයාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

අශාන් - ගයාන් විශිෂ්ට දස්කම් දක්වති

කසුන් Wednesday, 19 June 2013 11:09 PM

සුපිරි දක්ෂයා ගයාන්. ඔබට සුබ පැතුම්!!! (නි)

:       0       0

ජනනි රත්නායක Friday, 05 July 2013 03:19 PM

සුභ අනාගතයකි (අ)

:       0       0

චමත් Wednesday, 19 June 2013 07:48 PM

මෙන්න ලංකාවට හොද ක්‍රීඩාවක්. ක්‍රිකට් වගේ නෙමෙයි. ඉතාම අලංකාර ක්‍රීඩාවක්. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 192 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1090 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3818 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2918 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3383 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1484 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site