IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


අස්ට්‍රාසෙනිකා නාවොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා

 (සුජිත් හේවාජුලිගේ )

ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට " ස්පුට්නික් ලයිට් "හෝ "ජොන්සන් ඇන්ඩ් ජොන්සන් " එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

එම එන්නත් වර්ග දෙකම එක මාත්‍රාව බැගින් ලබා දෙන කාණ්ඩයේ ඒවා බවත් ඇස්ට්‍රාසෙනිකා එක් මාත්‍රාවක් ගත් අයට මෙම එන්නත්වලින් මාත්‍රාවක් ලබා දීමෙන් නරක බලපෑමක් ඇති නොවන බවත් විශේෂඥ වෛද්‍යවරයා කියයි.

මේ එන්නත් දෙකේ මුල් මාත්‍රාවෙන්ම ප්‍රතිශක්තිය ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ අතර මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මිලදී ගැනීම සඳහා අදාළ සමාගම් සමග ගිවිසුම් ගත වීමේ මුල් අදියරට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියයි.

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ලබන ජුලි මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පවසයි. 



අදහස් (27)

අස්ට්‍රාසෙනිකා නාවොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා

kamal Friday, 04 June 2021 08:19 AM

ජොන්සන් අංකල්ගේ බාර් එකෙන් දෙනවා නම් තමයි මරු...

:       2       51

siripala Friday, 04 June 2021 11:03 AM

අැස්ට්‍රාසෙනිකා නාවොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා.. මොහුගේ මෙම ප්‍රකාශ වගකීමෙන් සහ වගවීමෙන් කරන ප්‍රකාශද?

:       0       42

siripalaSunday, 06 June 2021 05:36 PM

අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කැනඩාවේ ඇමෙරිකාව සහ යුරෝපයේ රටවල් එම රටවල ජනතාවට Pfizer හෝ Modena එන්නත ලබා දීමට කටයුතු කර තිබේ.

:       0       0

Nuwan Friday, 04 June 2021 08:22 AM

මෙතුමා එන්නත් ගෙන්වන්න ගිහින් ඇනගෙන ඉන්නේ. ඒ අස්සේ අතුරු ආබාධ ගොඩක් තියෙනවා කියලා ලෝකයේ දියුණු රටවල් අනුමත නොකරන ජොන්සන් ගැන කතාකරනවා.

:       8       62

සිරිබිරිස්Friday, 04 June 2021 10:38 AM

බත් කන්න දෙන්න විදියක් නැහැ... මිනිසුනේ මඤ්ඤොක්කා කාපල්ලා...

:       2       55

සෙනවි Friday, 04 June 2021 08:39 AM

සායනික දැනුමක් නැති වෙදෙක්. මෙවැනි අච්චාරු එන්නත් කිරීමක් නැත...

:       7       67

ශාලින්ද්‍ර Friday, 04 June 2021 09:22 AM

කලවමේ ගහන්න .. මෙවැනි අදහසක් ප්‍රකාශ කරපු පළමු තුමා .. මෙතුමා යි , ඒ වාගේ ම පලවෙනි එන්නත පමණක් ප්‍රමාණවත් කියලා ත් මතයක් දේශපාලන යාන්ත්‍රණය මගින් ගොඩනගමින් පවතිනවා . කෙසේ නමුත් .. සියලු ලක්වැසියන් ට තෙරුවන් සරණ පතනවා

:       3       52

අසේල Friday, 04 June 2021 09:31 AM

කිසිම අවබෝධයක් නැහැ

:       3       39

පුසන්න Friday, 04 June 2021 09:39 AM

පිස්සා කලබල වුණාට දොස්තර කලබල නැහැ..

:       32       17

mp Friday, 04 June 2021 09:39 AM

හැම දෙයක්ම ඇනගත්ත මේ බහුබූත දොස්තරලා දැන් ඉතින් මැරියන්ම කියල පොල් තෙල් එන්නතක් හරි දෙයි. මෙහෙමත් අවාසනාවන්ත රටක්...

:       6       60

sidath Friday, 04 June 2021 09:41 AM

ඔය එන්නත් වල dna, rna කියලා ක්‍රම දෙකක් තියනවා නේද? මම දන්න විදිහට ඇස්ට්‍රා එන්නත dna එකක්... දැන් ඔය දෙන අනිත් ඒවත් ඒ ජාතියෙන්ම දෙන්න ඕනෑ නැද්ද?

:       0       41

Nihal Friday, 04 June 2021 10:56 AM

සල්ලි නැතිකම නිසා ඇත්ත නොකියා මිනිස්සුන්ගේ ආරක්ෂාව ලාභ විදියට සලසන රටක් දැක්කාමයි...

:       5       51

විජිත් Friday, 04 June 2021 11:15 AM

මෙයා මේ ලඟදී හොඳ " පරිප්පුවක් "කෑවා. කෑවා නොවෙයි ඇස්ට්‍රාසෙනෙකා කොම්පැනියෙන් මදි නොකියන්න ඇනගත්තා.. ශ්‍රී ලංකාවේ සිටින අන්ත දූෂිත මාධ්‍ය මුදලාලි කෙනෙකුට ලංකාවේ ඇස්ට්‍රාසෙනෙකා ඒජන්සි එක දෙන්න කියලා මෙයා ඒ ආයතනයට ලියුමක් යැව්වා. ඒ ආයතනයෙන් හැරෙන තැපෑලෙන්ම කියලා එව්වා " අපි මේ වැක්සින් දෙන්නේ රජයන්ට පමණයි. එක එක මුදලාලිලාට අපිත් එක්ක බිස්නස් කරන්න දෙන්නේ නැහැ. ලංකාවට අස්ට්‍රාසෙනිකා දෙන්නේ ඉන්දියාවේ තිබෙන සීරම් ලැබ් එකෙන් පමණයි..." කියලා.

:       1       60

chithrangani Friday, 04 June 2021 11:16 AM

යහපාලන කට්ටියගේ සහතික නැවත පරීක්ෂා කරන්න කාලය ඇවිත්... මෙයත් හොර දොස්තරයෙක්. ප්‍රවේශමෙන්...

:       5       35

de silva berlin Friday, 04 June 2021 12:15 PM

නව සායනික පරීක්ෂණ අනුව සෙනේකා එන්නත් මාත්‍රා 02 අතර මාස 04ක පරතරයක් පවත්වා ගැනීම ප්‍රශ්නයක් නොවේ. සිදත්ගේ අදහස නිවැරැදිය. DNA සහ RNA කලවමේ දෙන්න බැහැ. කළ හැකි එකම දේ මාස 6-10ත් අතර කාලයකට පසු එන්නත් ක්‍රමවේදය පටන් ගැනීමය.

:       1       33

සමන්ත Sunday, 06 June 2021 10:30 AM

සමන්ත ඔබේ අදහස පැහැදිලි මදියි. නවතම පර්යේෂණ අනුව වෛද්‍ය ගුණසේන මහතා කියන අදහස නිවැරදියි. ඉතා මෑතක ජර්මනියේම කරන ලද පර්යේෂණ අනුව MRNA එන්නත් මිශ්‍ර කිරීම ගැන නව අදහස් පලවී ඇත. එයම මහා බ්‍රිතාන්‍යයේ සහ කැනඩාවේ සායනික පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. (එම පර්යේෂණ පත්‍රිකා සහ දත්ත අන්තර්ජාලයේ ඇති බැවින් සොයා බලන්න) ඒ අනුව ඇස්ට්‍රා සෙනිකා පළමු මාත්‍රාවට පසු සති 16ක් සිටීම අවශ්‍යද නැතැයි ඔවුන් සිතයි. දෙවැනි එන්නත ෆයිසර් ලබාගත් සායනික පරීක්ෂාවට ලක්වූවන්ගේ ප්‍රතිදේහ නිපදවීම ඉතා ඉහළ අගයක් ගත් බවත් කිසිම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවූ බවද දැක්වේ. මේ සඳහා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ Novawax ද යොදාගෙන ඇත. කෙසේනමුත් පර්යේෂණ තවදුරටත් පවතී. කරුණු සොයා බලන්න.

:       0       0

lanka Friday, 04 June 2021 12:16 PM

අස්ට්‍රාසෙනිකා නාවොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා. මටත් ඔහොම කියන්ට පුළුවන්. හැබැයි ඉතින් දීගන්ටයි බැරි...

:       0       36

kalyaani Friday, 04 June 2021 01:04 PM

ඔය දෙකටම වඩා ධම්මික පැණි එන්නත් හොඳ නැතිද?

:       4       26

gagana Friday, 04 June 2021 01:05 PM

මළා... බේබි පවුඩර් පාරක් දීලා බේරෙන්න වගේ යන්නේ...

:       0       51

sanka Friday, 04 June 2021 01:15 PM

මේ දවස්වල බලන්න හොඳම එන්නත වෙනුවට... වැඩියෙන්ම කොමිෂන් එක දෙන බෙහෙත. එක එක බෙහෙත් හදලා තියෙන විදිහ ගැනවත් හොයන්න බලන්නේ නැතිව මෙහෙම කියනවා කියන්න අපි මාර ජාතියක් ඉතින්...

:       0       61

ගාමිනි Friday, 04 June 2021 01:20 PM

අරක්කු බොනකොට වගේ සැන්ඩි කරලා ගහන්න හදන්නේ හොඳා හොඳා...

:       0       51

Raveendra Friday, 04 June 2021 03:05 PM

මේ ඉන්නේ තවත් යටිමඩි මුදලාලි කෙනෙක්. කටින් බතල හිටුවන තවත් සර්ලාටම හරි ගිය එහෙයියෙක්..

:       1       37

Rata Perata Friday, 04 June 2021 03:22 PM

නන්දසේනටම සෙට් වෙන කට්ටිය. රට ඉවරයි.

:       1       42

Kumara Friday, 04 June 2021 06:09 PM

නෝනටයි, බබාලටයි, නැන්දම්මාටයි ඔය ක්‍රමයට එන්නත් කරලා බලන්න.

:       0       22

රන්ජන් Friday, 04 June 2021 08:06 PM

සෙනෙවි නොදන්න දෙයක් කතා නොකර ඉන්න. මේ රටේ ‘‘මොඩර්නා‘‘ ගහපු අයට දෙවෙනි එක ‘‘ෆයිසර්‘‘ දෙනවා.මෝඩ කතා කියන්නේ නැතිව ඉන්න..

:       9       1

wicky Friday, 04 June 2021 09:08 PM

මෙයාලා කියන්නේ ගෙදර ශීතකරණයේ බඩු තියෙනවා වගේ ගන්න ගියාම තමයි බඩු නැත්තේ... ලෝකයේ හැම බෙහෙතකටම අත්හදා බලන එකම රට...

:       0       18

vikum Sunday, 06 June 2021 11:51 AM

දැන් නිකම් පිස්සු වගේ... නිකම් කුරක්කන් පිට්ටු කාලා කොකාකෝලා බොනවා වගේ ගේමක් දෙන්න යන්නේ...බුදු අම්මෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුකූලද දන්නෑ සෑර්..?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 512 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 55 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 254 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1225 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 348 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 328 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 804 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 532 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site