
(සුජිත් හේවාජුලිගේ )
අස්වැසුම ප්රතිලාභ ලැයිස්තුවට ඇතුළත්ව සිටි පවුල් හාර ලක්ෂ විසිපන්දහසක් පමණ එම ලැයිස්තුවලින් අද (30) සිට ඉවත් කෙරෙන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.
මෙසේ එම ලැයිස්තුවලින් ඉවත් කෙරෙන්නේ ඉකුත් 2022 වර්ෂයේ ඇති වූ ආර්ථික අර්බුදය සමඟ තාවකාලිකව දිළිඳු භාවයට පත්ව සිටි පවුල් බවද ඔහු සඳහන් කළේය.
මෙම පිරිස එම ලැයිස්තුවල ආන්තික කණ්ඩායම වශයෙන් නම් කර සිටි බව පවසන අමාත්‍යවරයා එම පවුල් පසුගිය දෙසැම්බර් මාසයේදී අස්වැසුම ලයිස්තුවලින් ඉවත් කිරීමට නියමිතව තිබුණත් දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් ඔවුනට තව මාස හයක් එම ලැයිස්තුවල රැඳී සිටීමට අවසර දුන් බවද ප්‍රකාශ කළේය.
මෙම පවුල් අතරින් බොහෝ දෙනෙකුට රුපියල් පන්දහසක පමණ ප්රතිලාභ දීමනාවක් ලැබිණ.
අස්වැසුම ලැයිස්තුවල සිටි සංක්‍රාන්තික කණ්ඩායමේ පවුල් ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක්ද එම ලැයිස්තු වලින් මීට ප්‍රථම ඉවත් කෙරිණ.
අස්වැසුම ලැයිස්තුවල දැනට ඉතිරිව සිටින්නේ අන්ත දිළිඳු සහ දිළිදු කාණ්ඩවලට අයත් පවුල් ලක්ෂ දහ තුනක් පමණක් බව අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.
මේ අනුව අන්ත දිළිදු කාණ්ඩයට ලක්ෂ නවයකට වැඩි පිරිසක්ද දිළිඳු කාණ්ඩයට ලක්ෂ හතරකට වැඩි පිරිසක්ද ඇතුළත් වෙති.
අන්ත දිළිඳු පවුල්වලට 17500ක දීමනාවක්ද දිළිඳු පවුල්වලට රුපියල් දස දහසක දීමනාවක්ද ගෙවනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපලා තියෙන කට්ටියගේ නම් ලිස්ට් එක එක
මම රුපියල් 5000 අස්වැසුම් ලාභිනයක් විදිහට හිටියා මගේ ඒක දැන් නවත්තලා තියෙන්නේ. මගේ මහත්තයත් කුලී වැඩ කරන්නේ අපිට කුඹුරු එහෙමත් නැහැ අපි පොළොන්නරුවේ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරනවා ළමයි දෙන්නෙකුත් එක්ක ඉතින් අපිට ගෙයක්වත් හරියට හදාගෙන නැහැ. ඒ උනාට මට දීලා තිබුණේ අස්වැසුම රුපියල් පන්දාහක්. ඒක ලබා දුන්නට රජයට ගොඩාක් ස්තුතියි. මොනවා උනත් මම දැන් රුපියල් 17000 ක් අසසුම් ලාභියෙක්ගෙන් මම පොලියට සල්ලි ගන්නවා මොකද ඒ තරම් අපේ ගමේ සුදුස්සාට දීල තියෙන්නෙ හොඳටම අපි ට නෑ කියලා කාටවත් කියන්න යන්නේ නැහැ මොනවා උනත් අස්වැසුමක් දෙන්න ඕනේ හොයලා බලලා ඇත්තටම ඒ රුපියල් 5000 අපිට ගොඩක් ලොකු උදව්වක් උනා නමුත් ඒකෙන් කන්කනවත් බැරි වුණා සතියක්වත්