
(රෝහණ චන්ද්‍රදාස.බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර රුවන්මැලිසෑය පුදබිමේ දී ඉකුත් දා සත්‍යග්‍රහයේ යෙදී සිටි භික්ෂූන් වහන්සේ හා තවත් පිරිසක් අතර සිදු වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට රාජාංගනේ සද්ධාරතන නමැත්තා හා තවත් අයකු අනුරාධපුර පොලිසිය විසින් අද ( 18) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සද්ධාරතන නැමැත්තාගේ හිසට මුගුරකින් පහරදීම නිසා තුවාල ලබා අනුරාධපුරේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි අතර ප්‍රතිකාර අනුව තුවාලවලට මැහුම් 14 ක් දමා තිබිණි. පසුදින හෙතෙම රෝහලෙන් බැහැරව ගියේ ය.
මේ අතර පහරදීම අවස්ථාවේ කලහකාරීව හැසිරෙමින් සිටි එක් පාර්ශ්වයක් පමණක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් අනුව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණය හමුවේ ලබන 26 වැනිදා පෙනී සිටින ලෙසටත් ඊට හේතු දක්වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.
මේ අතර සැකපිට අත්අඩංගුවට ගත් සද්ධාරතන නැමැත්තාගෙන් හා අනෙක් සැකකරුගෙන් ප්‍රකාශ ලබාගැනීට කටයුතු කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd