ඇසල පුර පසළොස්වක පුන් පොහෝ දින කුරුවිට හිග්ගස්හේන ජුම්මා මුස්ලිම් පල්ලියේ දී රාමසාන් උපවාසය අත් හැරීමේ අවස්ථාව බෞද්ධ, හින්දු ආගමික බැතිමතුගේ ද සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
අමිර්සදින් මවුලවිතුමන් සහ අම්බලම්පිටියේ ඤානින්ද හිමි මෙහිදී ජාතින් අතර සමගිය, එකමුතුකම, සංහිඳියාව කරුණු වටහා දුන්හ.
ලංකාවේ මුස්ලිම්වරු යනු අරාබියෙන් ලංකාවට ආ වෙළෙන්දන්ට දාව සිංහල අම්මලා වැදු දරුපරපුරක් මිස වෙනත් දේශයකින් පැමිණි පිරිසක් නොවන් බව දේශකයෝ කරුණු ඇතිව පෙන්වා දුන්හ.
බුදුන් රජාණන් වහන්සේ අවිහිංසාව, දයාව, කරුණාව, මෛත්‍රිය දේශනා කළා. ශුද්ධ වූ අල්ලාහ්තුමන් ද හිංසාව, පිඩාව, ඊරිශියාව ප්‍රතික්ෂේප කරන්නයි ජනතාවට දේශනා කල බව අමිර්සදින් මවුලවිතුමෝ පැහැදිලි කළහ. ගැටළු නිරාකරණයට මග හිංසාව නොව සාකච්ඡාව බව ද හිංසාවෙන් පීඩාවෙන් තොර ජීවිතය ස්වර්ගයට මග බවද මවුලවිතුමන් පෙන්වා දුන්නේය.
ලෞකික ලෝකයේ බැඳීම් අත්හැර සතර අගතියෙන් තොර දැහැමි ජීවිතය නිවනට මග බව බුදුන් වහන්සේ දේශනා කල බව වදාළ අම්බලම්පිටියේ ඤානින්ද හිමි කිසිම ආගමකින් හිංසාව අනුමත නොකරන බව පැහැදිලි කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ කොහෙවත් මෙවන් දේවල් සිදුවන්නේ නැහැ. මේවා තමයි අපිත් බලාපොරොත්තු වන්නේ. කෝ මේ බැන්කින් මූන් ල දලෙයි ලාමලා අල් ජසීරාළ මේවා මැද පෙරදිග රටවල සහ මාල දිවයිනෙත් ප්‍රසිද්ද කරන්න ඕනා (නදී)
ඡයාගේ කතාව මල්, මේ ඔක්කොම තමන්ගේ වාසියට විතරයි (නදී)
අපි කැමතියි පිටබැද්දර ජයාගේ මෝස්තරය මොකද්ද කියල දැන ගන්න . (නදී)
ආගමික සහජීවනය කියන්නේ නොයෙකුත් ආගම් අදහන මිනිස්සු අතර නොයෙකුත් ජාතින් අතර වර්දනය විය යුතු සමගිය කියන එක. රටක් සංවර්දනය වෙන්න නම් මිනිස්සු අතර සමගිය සාමය සන්හින්දියව තියෙන්න ඕනි. හැම මිනිහම එක වගේ නැහැ. මිනිස්සුන්ගේ එකීනෙකා අතර වෙනස් කම් තියෙනවා. නමුත් හැම කෙනෙක්ම මනුස්සයෙක්. හැම කෙනාගේම වෙනස් කම් හඳුනාගෙන මෛත්‍රිය වන්න පුළුවනි නම් එතෙන සාමය සන්හින්දියව තියෙනවා. (නදී)
අජිත් කරුණාරත්න ලියනගේ මහත්මයාගේ අදහස හරිම අගේ කරනවා මමත්. මෙහෙම උනොත් හැම ආගමිකයෙක්ම අනිත් කෙනාගේ ආගමේ සත්‍යතාවන් පවා ඉගෙනගන්නවා. සමගිය ඇති වෙනවා. (නදී)
"කිසිම ආගමකින් හිංසාව අනුමත නොකරන බව පැහැදිලි කළහ. අපි සියලු දෙනාම එක මවකගේ දරුවන් සේ ජිවත් වෙමු (නදී)
කෛරාටික අවස්ථවාදීන්, කාළයත් අවස්ථාවත් එළබෙන තුරු ආගමික සහාජීවනය ගැන කථාකරති. (නදී)
බෞද්ධයන් හැමවිටම ඉවසන්නේ නැති බව දැන් දැනගත්තානේ. ඉස්සරහට තමන්ගේ අන්තවාදය අතහැරලා අනෙක් අයත් එක්ක සාමයෙන් සමගියෙන් ඉන්න ඉගෙන ගන්න. ටික කාලෙකින් සිංහලයන්ට අමතක වෙනවා කියල හිතුවොත් නැවත විනාශයක් වෙන්න ඉඩ බොහෝ වැඩියි. ආගමික පොත්වල තියෙන දේවල්වල ගැටළු තිබෙනවා. ඒවා වෙනස් කරන්න බෑ. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීම වැළකීම ආරක්ෂක අංශවල කාර්යයක්. අපි ශ්‍රී ලාංකිකයන් කියල හැමෝම සිතිය යුතුයි. (නදී)
මොන පිස්සු විකාරද මේ. හාමුදුරුවරු දේශපාලන වාසි ලබා ගන්න හදනවද? (නදී)
දැන් අලුත්ම මෝස්තරය ආගමික සහජීවනය ! අපි තාමත් අඳුරේ අත පත ගානවා. (ස)
බෞද්ධ උපාසකයෙකු සමග එක මට්ටමේ අසුන් නොගන්න හාමුදුරුවරු අන්‍ය ආගමිකයන් සමග එකම මට්ටමේ වාඩි වෙනවා. රජුන් වුවත් සිටිය යුත්තේ සංඝ රත්නයට පහලින්. මෙවැනි දේවල් නිකම් ප්‍රදර්ශන විතරයි. ආගමික සහජීවනය යනු මෙවැනි දේවල් නොවේ. හින්දු මුස්ලිම් යහළු යෙහෙළියන් අපට කොපමණ සිටිනවාද, එයින් කියන්නේ නෑ නේද ඔවුන් පන්සලෙත් අප පල්ලියේත් එකට සිටින බව. ඔවුනොවුන්ගේ යහපත් ගති වලට ගරු කරමින් සමගියෙන් සිටිමු. අපේ මතවාද අනුන්ට බලෙන් පැටවීමට යාමෙන් වළකිමු. එයයි සහජීවනය. සාමකාමී සිංහල, දමිළ , මුස්ලිම් සොයුරු සොයුරියන්ට යහපතක්ම වේවා ! (ස)
මේ වැඩේ ම කරපු වටරැක හිමියන් ඇයි වැරදි? (ස)
පුෂ්ප කුමාර ඔයා ඉස්සෙල්ල කියවල බලන්ඩ. (ස)
මෙහි අදහස් පල කරන අය ඉතාමත් බුද්ධිමත් කොටසක් කිහිප දෙනෙක් හොරු .මගේ ප්‍රණාමය ඔබේ බුද්ධියට. (ස)
හාමුදුරුවෝ හරියට පොත කියවල නැද්ද ? (ස)
ආගමික සහජීවනය හොද දෙයක් නමුත් අරාබි තාත්තල සිංහල අම්මලා කතාව බොරුවක්. එහෙම උනානම්, ලංකික මුස්ලිම් ප්‍රජාව අරාබි බාෂාව හෝ සිංහල භාෂාව කතාකරන්න ඕනේ. නමුත් එයාලා කතා කරන්නේ දෙමල. අනික අරාබිවරුන් සුදු මිනිස්සු කියන්නේ සුදු ජාතිකයින් පිරිසක්. අපේ අය සුදු මිනිස්සු කට්ටියක්ද? (නදී)
මට නම් කීමට ඇත්තේ එකම දෙයකි. එයනම් " ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි " මෙහි ඇති සමහර කොමන්ට් දාලා ඉන්න අයට පිස්සුද මන්දා. ජාති වාදී ප්‍රතිචාර දාන්න එපා (නදී)
එතකොට ඒ සිංහල අම්මලට උනේ මොකක්ද? කෝ ඒ අය? (නදීී)
අනේ මන් දන්නේ නැහැ. අවුරුදු හතලිස් ගානක් ලංකාවේ ජීවත් වුනා , මට නම් මුස්ලිම් ජනතාවගෙන් අබ ඇටයක වරදක් මෙතෙක් සිද්ධ වුනේ නැහැ. අහල පහල ගෙවල් වල ඉන්න මුස්ලිම් සහෝදරයන් එදා ඉඳලාම අපේ ගෙවල් වල මගුලක් උත්සවයක් මරණයක් කරදරයක් වුනොත් කියන්න කලින් ඇවිත් උදව් පදව් කරනවා. (නදී)
ඔබතුමා හරි, ගැටළු නිරාකරණයට මග හිංසාව නොව සාකච්ඡාවය. (ස)
මෙවැනි දේවල් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිදු වන්නට ඕනේ . එවිට අන්තවාදය ආගම් වාදය ජාති වාදය තුරන් කෙරෙන්නට පහසුකම් ලැබෙනවා . උපතින් ලද ආගම අන්ධව අදහනවා වෙනුවට , වෙනත් ආගම් වල තිබෙන දර්ශනයන් ඉගෙන ගැනීමෙන් මිනිසා බුද්ධිමත් වනවා පමණක් නොව සැබෑ දර්ශනය කුමක්ද වටහා ගන්නවා . (ස)
නරි නාටක කියල මේවට කියන්නේ (නදී)
හාමුදුරුවනේ බලාගෙන මාර සෙනග ඇවිත් ඔබ වහන්සේට කරදරකරයි (නදී)
මේවා බොරු වැඩ (නදී)
මර්සි ඔබ අරි මෝඩයන්ට තේරෙන් නැති එක තමා ප්‍රස්නේ (නදී)
ගොඩක් හොඳයිනේ මේ වගේ වැඩ. අගේ කරමු හිංසාවෙන් තොර වෙන්න. (නදී)
කවුරු කවුරුත් අනුන්ගේ ආගම් වලට ඇඟිල්ල දික් කරන්නේ නැතිව තමන්ගේ ආගම හරියට අදහනවා නම් ප්‍රශ්න ඉතාම අඩුයි. දැන් වෙලා තිබෙන්නේ තමන්ගේ ආගම වත් හරියට අදහන්නේ සහ ප්‍රායෝගිකව ඒ අනුව කටයුතු කරන්නේ නැති එක. (නදී)
හාමුදුරුවනේ , මිත්‍යා දෘෂ්ඨිකත්වයෙන් මිදෙන්න. ආර්යාෂ්ඨාංගික මාර්ගයෙන්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උදව් කරන්න. පාපයන්ගෙන් මිදෙන්නත්,ධර්මය දේශනා කරන්න. (ස)
හාමුදුරුවෝ බුද්ධාගම ගැන විතරක් කතා කලා නම් හොඳයි නොදන්නා අනිත් ආගම ගැන කියනවට වඩා. (නදී)
මේවට අපේ අයට තරහ යයිද දන්නේ නැහැ. (නදී)
අපෙ හාමුදුරුවණේ, සත්ව හිංසාවේ ආදීනව පෙන්වා දී හරකුන් මැරීම පාපයක් බව පෙන්වා දුන්නා නම් දේශණාව මසුරන් වටී (නදී)
ඒ උනාට මර්සි , ක්‍රියාවෙන් ඕක වෙන්නේ නැති එකයි අපට තියෙන ප්‍රශ්ණය. . අන්‍ය ආගම් පොඩි පට්ටම් කර තමන්ගේ ආගම ප්‍රචලිත කර ගැනීමට අන්‍ය ආගම් සතු දේපල කොල්ල කමින් පුරාවස්තු විනාශ කරමින් යමෙක් කටයුතු කරන්නේ නම් අගතියට පත් අයට රටේ නීතිය මගින් වත් සහනයකුත් නැත්නම් එ්ක පාක්ෂික බලෙන් සහජීවනය ඇති කරන්න පුලුවන්ද? එ්ක සාර්ථකද? යම් ආගමක අදහන බහුතරයක් වෙසෙන පළාත් වලත් මේ සහජීවනය තියෙනවාද? යම් සිදුවීමක් වුන ප්‍රදේශවල හමුදා කඳවුරු පිහිටුවා බලහත්කාරය යෙදීමට කිසිවෙක් කටයුතු කරයි නම් එය කෙතරම් සාධාරණද? මුදා නොගත් ප්‍රදේශ වගේ වෙනත් ආගමක් අදහන අයෙකුට නිදහසේ ඒ ප්‍රදේශයක් හරහා වාහනයකින් වත් යන්න බැරි ප්‍රදේශ මේ ලංකාවේ තියෙන බව දන්නවාද? කතු තුමනි බෞද්ධයාට වෙන අසාධාරණය ගැනත් කියන්න පොඩි ඉඩක් දෙන්න (නදී)
"කිසිම ආගමකින් හිංසාව අනුමත නොකරන බව පැහැදිලි කළහ. " හාමුදුරුවනේ පොඩ්ඩක් ඒ ගොල්ලන්ගේ පොත කියවලා බලන්න . (ස)
සියලු දෙනා ඉවසීම හා කරුණාව අපේක්‍ෂා කරන්නේ බෞද්ධයන්ගෙන් පමණි. ලොව වැඩිම ප්‍රමාණයක් ත්‍රස්‌තවාදි ක්‍රියා සිදුකරන්නේ බෞද්ධයන්ද? ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය, ලාඕසය හා කාම්බෝජය ලොව ඉතිරිවී ඇති ථේරවාදි බෞද්ධ රටවල්ය. අතීතයේදී බෞද්ධයන්ගේ ඉවසීම ප්‍රයෝජනයට ගත් අන්තවාදීන් භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කොට පකිස්‌තානය, ඇෆ්ගනිස්‌ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව වැනි රටවලින් බුදුදහම අතුගා දැමූහ. ලොව වැඩිම කාලයක් බුදුදහම රැකගත් ශ්‍රී ලංකාවේ හා මියන්මාරයේ භික්‍ෂුන් වහන්සේලා ඉදිරියටත් බුදුදහම රැකගැනීමට නායකත්වය දෙනු ඇත. ඔබ වහන්සේ ථෙරවාදි බෞද්ධයන්ට උපදෙස් දීමට පෙර බටහිර ගැති ක්‍රියාපිළිවෙත නවත්වා චීනය තුළ ටිබෙට් ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට ක්‍රියාකරන්නේ නම් එය වඩාත් යහපත්වනු ඇත. (ස)
ඊයේ පොහොය දවසේ අපේ පන්සල්වලත් වස් අරාධනා තිබුණා. ඒවටත් හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් සහභාගී කර ගත්තා නම් තවත් ආදර්ශමත් වෙනවා. ඉදිරි වසරේදීවත් එසේ සිදුවේවායි පතමි. (ස)