IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ආණ්ඩුකාර වෙබ් අඩවියේ යොමුව කුණුහරුප බලන්නයි

මධ්‍යම පළාත් සභා වෙබ් අඩවියෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ වෙබ්අඩවියට පිවිසුණු විට එහි දකුණු පස තීරුවක ප්‍රදර්ශනය වනුයේ ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි රැසකට පිවිසෙන සබැඳුම් කිහිපයකි.

‘ආණ්ඩුකාරවරියගේ වෙබ් අඩවිය ඔබ සාදරයෙන් පිළි ගනිමු‘ යනුවෙන් එහි ඉහළින්ම සඳහන් වේ.

‘ගෝ ඩැඩී ඩොට් කොම්‘ සමාගමින් ‘සීපීගවනර් ඩොට් කොම්‘ මෙම ඩොමේන් බලපත්‍රය ලබාගෙන ඇතත් එය පාවිච්චි කර නැති බව පෙනේයැයි ද, එවැනි පාවිච්චියට නොගන්නා අවස්ථාවන්හි අදාළ සමාගමේ දැන්වීම් ආදිය ස්වයංක්‍රීයව ප්‍රදර්ශනය වන බවත් බලපත්‍ර ලාභියාට එයි පාලනයක් නැති බවත්, ඇතැම්විට අසභ්‍ය වෙබ් අඩවිවලට පවා දොර ඇරෙන බවත් තොරතුරු තාක්ෂණ විද්‍යාඥයෝ කියති.

‘ගෝ ඩැඩී‘ වැනි සමාගම් වලින් ඉතා අඩුවට ඩොමේන් නම ගෙන ඇති බව පෙනේයැයි ද, එසේ ලබා ගත් ඩොමේන් බලපත්‍රය අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයය තමන්ගේ වෙබ් අඩවියේ තොරතුරු ඇතුළු නොකිරීමට හේතුව තොරතුරු තාක්ෂණය හා ඩොමේන් බලපත්‍ර ගැන වෘත්තීය නොහැකියාව බලපා ඇතැයි ච ඔවුහු කියති.

මේ වෙබ් අඩවියට පිවිසෙන පිරිසට රට රටවල් අනුව විවිධ දැන්වීම් පෙන්විය හැකි බව ද ඔවුහු සඳහන් කරති.

cp1



අදහස් (0)

ආණ්ඩුකාර වෙබ් අඩවියේ යොමුව කුණුහරුප බලන්නයි

මැටිපහන Thursday, 18 February 2016 06:47 AM

පුහුල් හොර කරෙන් දැනේ කියල කතාවක් තියෙනවා. ඒක මේකට අදාල වෙන්නේ මෙහෙමයි. ඔය කියන වෙබ් සයිට් එකේ පල වෙන වෙළඳ දැන්වීම් එක එක්කෙනාට වෙනස්. ඔබගේ පරිහරණය කරන අනෙක් වෙබ් සයිට් වලට හැටියට තමයි ඔය වෙළඳ දැන්වීමුත් මතු වෙන්නේ. ඔබ නිතරම නිල් වෙබ් සයිට් වලට යන කෙනෙක් නම් ඔබට එවැනි වෙළඳ දැන්වීම් පෙන්නුම් කරනවා. ඔබ නිතර ක්‍රීඩා වලට අදාල වෙබ් සයිට් වලට යනවනම් ක්‍රීඩා වලට සම්බන්ද වෙළඳ දැන්වීම පෙන්නුම් කරනවා. මේක ගුගල් සමාගමේ "ඉන්ටෙලිජන්ට්" නිර්මාණයක්. (ර)

:       0       0

සුලෝචන Thursday, 18 February 2016 07:57 AM

අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

අබරන් Thursday, 18 February 2016 08:23 AM

නමෙන් මැටි පහන උනාට මැට්ටෙක් නෙවෙයි කියන එක තේරෙනවා. ඔබ හරි රන්මුවා පහන. (ර)

:       0       0

සචිත් Thursday, 18 February 2016 08:27 AM

මේ වගේ පුවත් වලට අදහස් පලකරන අයට මැටිපහන කියන දේ තේරුම් යයිද කියන එක තම ප්‍රස්නේ. (ර)

:       0       0

ලංකා Thursday, 18 February 2016 08:45 AM

මැටි පහන කොහොමද ඔච්චර දේවල් දන්නේ... (ර)

:       0       0

රුවන් ගමගේ Thursday, 18 February 2016 09:11 AM

මැටි පහන කියන කතාව ඇත්ත. දැන් පුහුල් හොරා කවුද කියල හිතාගන්න පුළුවන්ද.? (ර)

:       0       0

අසංක Thursday, 18 February 2016 09:37 AM

මැටි පහන කියන දේ මෙතනදී වැරදී.. ගූගල් සමාගමේ එහෙම ක්‍රමයක් තියෙනවා තමයි සර්ච් රිලේටඩ් ඇඩ්ස් කියලා. නමුත් මේ වෙබ් අඩවියේ පෙන්නන්නේ ගූගල් දැන්වීම් නොවෙයි මොන පරිගණකයෙන් බැලුවත් කාම වෙබ් අඩවි ලින්ක් තමයි පේන්නේ.. (ර)

:       0       0

සහන් Friday, 19 February 2016 04:07 AM

මැටිපහන හරියට හරි. මමත් තොරතුරු තාක්ෂණ උපාධියක් කරලා තියෙනවා. සර්ච් රිසාල්ට් එක අනුව තමා මේ වගේ ලින්ක්ස් එන්නේ. (බ)

:       0       0

සුමන Thursday, 18 February 2016 10:05 AM

පුහුල් හොරාට පව් (ම)

:       0       0

කමල් Thursday, 18 February 2016 06:38 AM

අද දවසෙ වැඩිම හිට්ස් ලැබූ වෙබ් අඩවිය. (බ)

:       0       0

ඉමේෂ් Thursday, 18 February 2016 06:37 AM

එ්කනේ... ඉන්දියාවෙන් ඉංජිනේරුවෝ ගෙන්නන්න හදන්නේ. මෙහෙ අයට බැහැ නේ මේවා හරියට හොයල බලල කරන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 111 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1038 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 202 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 904 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3605 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2279 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site