‘ආණ්ඩුවට ලොකුම අමාරුව වී ඇත්තේ මගේ ආච්චීගේ ඉඩමේ ප්‍රමාණයයි. ඉඩම මනින්න මිනින්දොරුවන් එවලා. හම්බන්තොට හා පොළොන්නරුවේ නියඟයට පීඩා විදින ජනතාව ගැන තැකීමක් නැහැ. වැට් බද්ද ක්‍රියාත්මක නොකිරිම නිසා අන්තර්ජාතික මුල්‍ය අරමුදලින් ණය නොලැබුණත් ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ’ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එසේ කියයි.
තම සොයුරු යෝෂිත රාජපක්ෂට අයිති බව කියන දෙහිවල ඉඩම මැනීමෙන් පසු ඔහු එසේ කීවේය. ‘අපි හැම විටම උසාවි නියෝග පිළිපදිනවා. අපි කවදාවත් උසාවියෙන් පැන යන්නේ නැහැ. අපේ පවුලේ කවුරුන් හෝ කෙනෙකු යහපාලන රජය යටතේ හැමදාම වාගේ උසාවියේ.කිසිම වරදක් කර නැහැ.ඒ නිසා උසාවි යන්නත් බය නැහැ. උසාවි ගැන විශ්වාසයක් තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වු පසු කළේ මළ මිනි ගොඩ දැමීමයි, ඉඩම් මැනීමයි පමණයි. පළාත් පාලන ඡන්දයට මුහුණ දෙන්න බයයි.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිසුන්ට ඡන්දයක් ඕනි නැහැ. ජනවාරි 8 රටේ මිනිස්සු ඡන්දය නියම විදියට දුන්නා. (ර)
කියන්නේ මෙහෙම තමයි. (ර)
වැරදි කරලා නැත්නම් බයවෙන්න එපා. පව් දන්නෝ දනිති... (ර)
දේශපාලකයා කලේ හැමදාමත් පොඩි මිනිහව ඇන්දුව එක විතරයි. බලය තියෙද්දී එක විදිහක් බලය නැතිවෙද්දී තවත් විදිහක්. මේක අපේ අයට නොතේරෙන එකයි පුදුමේ. (ර)
ඔයාලගේ කාලේ කොහොමද කලේ කියන එක මහජනයා දන්නවා. (ර)
ඒක ඈත්ත හොරකම් කරපුවයි මිනී මරපුවයි හොයන්න ඔනේ තමයි, මොකද බයවෙලා වෑඩේ කියන්නේ ඔය කට්ටියටනේ ඔය නඩු වෑටෙන්නේ කෝ අපිට ඕවා නෑහෑනේ. (ර)
සරත්, ඔබ වගේ අයට ජන්දයක් විතරක් නොවෙ ඉන්න රටත් ඕනේ නැහැ කියුවත් පුදුම වෙන්න දෙයක් නැහැ. පක්ෂ පාට නිසා අන්ධයන් බවට පත්වූ ඔබවගේ අය ගැන කණගාටුයි. (අ)
මේවා බොරු චෝදනා නම් පුළුවන්නේ අපහාස නඩු දාන්න. මේවා පරක්කු වෙන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔබතුමන්ලා රට උඩු යටිකුරු කරා. අපිට හීනෙන්වත් දකින්න ලැබෙන්නේ නැහැ මේ වගේ විශාල මුදල් මිලියන 1000 වල් 2000වල්. මහන්සි වෙලා හම්බ කරපුව නෙමෙයිනේ. හොරකම් කරපුව. මේවා රාජසන්තක කරලා ඉක්මනට හොරුන්ට දඩුවම් කල යුතුයි. (අ)
ඔව් ඉතින් ඔයගොල්ලෝ බලයේ ඉන්නකොට වලදාපුව දැන් ගොඩගන්නවා, වරදක් කරල් නැත්ත නම් බයවෙන්න දෙයක් නැනේ. (අ)
උසාවි ගැන විශ්වාශයක් තියෙනවලු. ඒකම ඇතිනේ. එයාලගේ කාලේ එහෙම නැනේ. (අ)
කෝ ඔයාගේ කාර් එක. ඒ සල්ලි වලින් තිබුනණේ ඔය දුප්පත් අයට උදව් කරන්න ඔයතරමට දුක නම්. රේස් පදිනකොට මතක් වුනේ නැද්ද. (අ)
චන්ද්‍රිකාගේ කාලෙත් මළමිනී නම් ගොඩ දැම්මා. එත් ඒ කාලේ ඊට වගකිවයුතු එජාප හුලං ගිහින් තිබුණු හින්ද වැඩේ ඇත ඇරියා. තවම මහින්දගේ හුලං පිරිලා තියන හින්දා ෆුල් ට්‍රය් එක දෙනවා ටික ටික හරි හුලං අරින්න. මේවා නාඩගම්. (අ)
ඔයා නීතිවේදියෙකු වෙන්න ලිව්ව විදිය තාම යහපාලන ආණ්ඩුවෙන් නොසොයන එකත් ඔබට කරනා ලොකු උදව්වක් මේ නව රජයෙන් (අ)
ඔයාලගෙ කාලෙ වැඩි පුරම කලේ මිනී වළලෑමයි,ඉඩම් අල්ලා ගැනීමයි නේ. (අ)
ඔව් ඉතින් ඒ කාලෙ නම් නඩුත් බඩුත් දෙකම හාන්දුන්නෙ ලඟනේ.(අ)
තමන්ගේ අය මරල දැම්මම දුක තියෙන්නේ එයාට කවදත් ආදරය කරපු අය විතරයි. මිනී ගොඩ දාල හරි සාධාරණය ඉටු වෙනවා නම් මොකද කලබල වෙන්නේ ? (අ)
මෙතන ප්‍රතිචාර දාල තියන හැමෝම 2009 පසුව ඉපදුන කට්ටිය වගේ .එතකොට මහින්ද මහත්තය සියඹලා ගෙනල්ලම නද්ද්ද (අ)
දුන්නු ගේම් පොඩි පුතාල හොදට දන්නවනේ කිරිපප්පච්චිල අනේ මය අම්ම (අ)
නැත ! නැත ! නැත !. අපරාධ කල වුන් සොයා ඔවුන්ටද දඩුවම් දෙන එක .බයයි නේද දැන් ?. පවු අනේ (අ)
කරන්න තිබුනේ ඉඩම් ගැනීමයි මිනි යට දැමීමයි නේද පුතේ (අ)
මේ සදහා තමා ජනතාව මේ රජය පත්කරගත්තේ , (අ)
අනේ පව්. තොත්ත බබා (අ)
දැන් අවරුදු දෙකක් වෙන්න එනවා, මේ ආණ්ඩුව නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (අ)
නීතිය හැමොටම එකයි නේද? වැරදි කරලා නැත්නම් ඔය හැමදේම පෙන්නලා උසවියෙන්ම නිදොස් වෙන්නකෝ කටමැත දොඩවන් නැතිව.(අ)
අනේ මගේ කට. මුළු රටම දන්නවා ඔයාලගේ කාලේ කොහොමද කළේ කියන එක. (අ)
ඒ උතුම් මිනිසුන් නිරපරාදේ මරා දැම්මේ නැතිනම් අද ඒ මිනි ගොඩගන්න වෙන්නේ නැහැනේ! (අ)
මළමිනී ගොඩ දමන හේතුව දන්නේ නැතිද . පොලිසියයි උසාවියයි. නොමග අරින්න. මරලා පුච්චලා. බොඩි පාර්ට්ස් මිසිංග් ,කවුද මේවා කෙරුවේ. , මහලු. උදවිය. කෝටි ගණන්. වටිනා ඉඩම්. අඩුවට අරන්. ඒවට මුදල්. කොයින්ද . ඉතින්. මේවා හොයල බලන්න. එපාද. කියන්නේ. හරියට. නිතිවිභාග කටපු. කට්ටිය. දන්නවා. මෙහි. බරපතල. කම. (අ)
අම්මපා මේ අය කටෙන්ද කතා කරන්නේ කියලා හිතෙන්නේ මේක කියෙවුවම තමයි. වැට් එක කලින් ගේන්න හැදුවහම මේ අයම තමයි උඩ පැන පැන නැටුවේ. මේකෙන්ම අපිට පේනවා මේගොල්ලන්ගේ දේශප්‍රේමය. (නි)
මේ අය අප්පච්චිගේ පරාජයට වගකියන්න ඕනෑ මදිවට තව කතාත් කියනවා (නි)
දැන්නම් මෙයාලට එදා නැටුම් වල තරම දැනිලා ඇති (නි)
සම්පුර්ණ ඇත්ත. කෝ මේගොල්ලෝ තාම එක කාර් රේස් එකක්වත් ගියාද. පිටරට ගිහින් එක සාදයක්වත් පැවැත්වුවාද. නැහැනේ. ඔබතුමන්ලාගේ කාලේ වගේ එච්චර උත්සව සැණකෙලිත් නැහැ. මිනිසුන්ට එපාවෙලා තියෙන්නේ, කිසිම විනෝදයක් නැති නිසා. (නි)
සනත් ඉන්දික, මහින්ද කළා කියලා ඔක්කොම ඉවසගෙන ඉන්නද කියන්නේ? (නි)
නිකම් සුදනා වෙන්න හදලා අහගත් තරම මදිද පුතේ. (නි)
ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැනේ (නි)
මළගිය ඇත්තන්ටත් අවමන්වන විදියේ බාල කතා කියන අයගේ කෙරුවාව ඔක්කොම දන්නවා. දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැහැ (නි)
එදා කළේ මොනවද? මිනීමරලා වළදාපු එකයි, අනුන්ගේ ඉඩම් කොල්ලකාපු එකයි විතරයිනේ. අද ඒවා අයිතිකාරයන්ට දෙන එක වැරදිද ? (නි)
තාජුඩීන්ගේ ඝාතනය ගැනයි, ඩේසි ආච්චිගේ ඉඩම් ගැනයි ඔබතුමා දන්නේ ටිකක් වුණාට, රටම ඒ ටික දන්නවා මහත්තයෝ. (නි)
19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, ස්වාධීන කොමිසම් ක්‍රියාත්මක කිරීම, තොරතුරු දැනගැනීමේ පනත, ප්රජතන්ත්රවාදය... අපිට ඒ ඇති (නි)
මේ අය වෙන රටක හිටියා නම් මෙලහකටත් අවුරුදු 50 කටවත් හිරේ ගිහිල්ලා (නි)
යහපාලනය මෛත්‍රියෙන් කිවුවාට, කෙරුවාව වෛරයෙන් වගෙයි (නි)
ඔවු ඉතින් එයාලටත් කරන්න දෙයක් තියෙන්න එපායැ (නි)
දැන්නම් මෙයාලගේ කතා අහලම එපාවෙලා (නි)
මැදමූලන හැර අන් සියලු ධනස්කන්දයන් ජනතා සතකරලා අසරණ මිනිසුන්ට සහන දෙන්න. තව අවුරුදු සියදහස් ගණනකට ඒ මුදල් හොඳටම ප්‍රමාණවත්. (නි)
මේ දේවල් තව කොච්චර කාලයක් කරයිද කියලා කියන්න බැහැ. මේවායින් රටට හෝ ජනතාවට වෙන සේවය කුමක්ද පැහැදිලි නැහැ. සමහරු අදහස් දක්වන්නේ තම හිතේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව තියාගෙන බව හොඳටම පැහැදිලියි. මේ විදියට ගියොත් කවුරුත් අමාරුවේ වැටෙයි. (නි)
ආණ්ඩුවක මුලික කාර්යභාරය තමයි ඒ වගේ මෘතදේහ ගොඩ අරගෙන නීතිමය යුතුකම් ගෞරවනීය ලෙස ඉටුකරන එක. හැබැයි එහෙම කරනකොට මරපු අය අහුවෙනවා. (නි)
චතුරි සමඟ මමත් එකඟයි (නි)
තාත්තාගේ පහනෙන් එළිය ලබා ඒ පහනත් නිවා දමන්න කටයුතු කළ සමහරු නොහිටින්න, ඔබේ අප්පච්චි තවමත් මේ රටම ආදරය කරන නායකයා. (නි)
ඔබලා කළ ඉඩම් ගැනීම කළේ කොහොමද කියලා දැනගන්නයි මිනිසුන්ට ඕනෑ. (නි)
ජනවාරි 8 ඡන්දෙ දීලා කරගෙන තියෙන හරිය හොඳටම ඇති (නි)
ඉතින් එතකොට ඉඩම් හොරකම් කරපු එකයි මිනීමරපු එකයි කළේ කවුද? (නි)
අනේ මෙයාලා ගැන විතරක් හොයන්න එපා. මෙයාලගෙ කාලේ ආණ්ඩුවේ ආයතන/ කාර්යංශ වල ලොකු තනතුරු දරපු සමහර මහත්තුරු ගැන, ඒ අයගේ පවුලේ වත්කම් ගැන හොයන්නකෝ. (නි)
ආණ්ඩුවේ වැඩ වලට යටිකූට්ටු වැඩ කරන්නේ කවුද කියලා අපි දන්නවා. බලා ඉන්නේ කවදද මේක පෙරළෙන්නෙ කියලා. එතකොට ඇරියස් අල්ලන්න පුලුවන්නේ. (නි)
ඔය ඉඩකඩම් නීත්‍යානුකූල විදිහට ගත්තා නම් ප්‍රශ්නයක් නැහැනේ (නි)
තමුන්නාන්සේලා වැරදි කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ. අපිට තියෙන ප්රශ්නය තමුන්නාන්සේලාට මෙච්චර සල්ලි කොහෙන්ද හම්බවුණේ කියන එකයි (නි)
ඔයාලගේ කාලේ රට කරවපු හැටිත් අපිට අමතක නැහැ (නි)
කාගෙ කාගෙත් කෙරුවාව අපි දන්නවනේ ඉතින් (නි)
මුළු රටම දන්නවා ඔයාලගේ කාලේ කොහොමද කළේ කියන එක. නැත්නම් රටෙන් බාගයක්ම බෝම්බ වලින් මැරිලා නේද. ඔබට උඩබලාගෙන කොපමණ කෙළ ගහන්න පුලුවන්ද? (නි)
රටට සංවර්ධන වැඩ ටික හරියට කළා නම් අද ඔය කතා රජයට අහගන්න වෙන්නෙ නැහැනේ (නි)
එක අතකට තවම එක බෝක්කුවක්වත් හදාගන්න පුලුවන්වෙලා තියෙනවද? (නි)
බලාගෙන යනකොට මේ කියන කතාව හරියටම හරි (නි)
අර ඡන්දෙ පරාජය වීගෙන එනකොට ජනවාරි 8 වෙනිදා මැදුරේ ලොක්කෝ ටික වටකරගෙන රඟදක්වන්න හදපු නාටකය මොකක්ද කියලා අපි දැනගන්න කැමතියි (නි)
ඩී.උපුල්, තමන්ගේ කාර් විකුණලා දුප්පත් අයට උදව් කරන මෝඩයා කවුද? මීට කලින් කව්ද එහෙම කළේ? මෝඩකමෙත් සීමාවක් තිබෙන්න ඕනෑ නේද? (නි)
මල්ලි නාවික හමුදාවට ගිය හැටි, ඔයා ආචාර්ය උපාධියට ගියහැටි, රොකට් ඇරිය හැටි ආදිය ගැන ප්‍රසිද්ධ විවාදයක් දමා අපට පෙන්වන්න. (නි)
යුද්ධය ඉවර කරලා දුන්නාට ඔබතුමන්ගේ පියාණන්ට දහස් වරක් ස්තුතිය පුදකරනවා. නමුත් අනවශ්‍ය වියදම් වලට බොහොම කණගාටුයි. අපිට පුළුවන් කණගාටුව ප්‍රකාශ කරන එක විතරයි. පුලුවන්නම් ලංකාවේ පවුල්වාදය නැතිකරලා දෙන්න. (නි)
ටිකක් මෙහාට එන්නකෝ... ආසයි ඔයාගේ කතා අසන්න. ඔයාගේ මේ කතාවත් හරියට ඩේසි ආච්චිගේ කතාව වගෙයිනේ. (නි)
තව ටික දවසකින් ප්රභාකරන්ගේ මිනියත් කවුරුහරි ගොඩ දමාවිද දන්නේ නැහැ මිනීමැරුමක් වුණා කියලා (නි)
හම්බන්තොට පැත්තේ ඔයාගේ නම ඉදිරියෙන් අධිනීතිඥ කෑල්ලකුත් එහෙමත් දාලා පෝස්ටර් ගහලා තිබුනා නේද? ඒවා ගැන හොයපු නැති එකට යහපාලනයට ස්තුති කරන්න. (නි)
ඇයි වළවල් හාර හාරා රත්තරන් හෙව්වේ? රත්තරන් අශ්වයෝ හෙව්වේ? ලැම්බෝගිනි හෙව්වේ? හෙලිකොප්ටර් හෙව්වේ? පිටරට බැංකුවල සල්ලි තියනවද හෙව්වේ? මේකේ අදහස් දමන අය ඒවා දැක්කේ නැද්ද? (නි)
ලැජ්ජාවක් තියෙනවද ඔහොම කියවන්න. කොහෙන්ද ඔයාලට ඔය සල්ලි. ඔයාලා දේශපාලනයට එනකොට සල්ලි තිබුනද (නි)
නඩුවක්වත් කතා නොකර ස්ථිර ආදායම් නැතුව පෙරකදෝරුවන්ට මෙච්චර වටිනා ඉඩම් දේපල ගන්න වාසනාවක් ලැබෙන රටක්නේ මේක (නි)
මේ අය නිසා තමයි රටක් වටිනා නායකයෙක් පැරදුනේ. තාත්තගේ බලය පාවිච්චි කරලා වැරදි වැඩ නොකළා නම් ඔහොම පසුතැවෙන්න වෙන්නෙ නැහැ (නි)
කිසිම ස්ථිර ආදායම් නැතුව ලක්ෂෙට කොඩිය දාපු තරුණ හාදයන් ගැන දේශපාලන භේදයක් නැතුව සොයාබලන්න ඕනෑ. නඩු වලට කතානොකර සල්ලි හම්බු කරන හැටි දැනගන්න අපිත් ආසයි. (නි)
ටිකිරිගෙ ටිකිරි මොළේ තමයි මොළේ. කෝ ඉතින් ඇල්ලුවද, නේද? (නි)
සමහරු විභාග පාස්කරපු හැටි ඇහුවම ඉතුරු හරිය කතාකරලා වැඩක් නැහැ නේද (නි)
ඇත්තම කියනවා නම් අපි ඔබලා ගැන දන්නෙ නැහැ. හැබැයි ඔබලාගේ කාලේ අපේ ගම්වල හිටිය ආණ්ඩුවට කඩේ ගිය අය ජීවත්වුණ හැටි නම් අපි දැක්කා. ඒ අය එහෙම නම් අනිත් අය කොහොමට ඇද්ද කියලා තමයි අපිට හිතුනේ. (නි)
සමහරුන් ආචාර්ය උපාධි වලට සුදුසුකම් සපුරාගත්තේ කොහොමද කියලා දෙවියො තමයි දන්නේ (නි)
ඉල්ලන්නකෝ ඡන්දෙ. එතකොට පෙනෙයි. කට්ටියකට මේ ආණ්ඩුව එපාවුණාට කලින් ආණ්ඩුව ඕනෑවෙලා නැහැ. (නි)
ඉඩම් නොවෙයි, දේශපාලකයන්ගේ ළමයින් උසස් විභාග සමත්වෙන ආකාරයයි සොයන්න ඕනෑ. අපේ ළමයින්ව ඒ උදවියට උපාධි දුන් තැන් වලට ඉගෙනගන්න යවන්නත් ලැජ්ජයි. (නි)
ඉඩම් නොවෙයි තමන්ගේ පාස්කළා කියන විභාග ගැන සොයන්න පටන්ගත්තොත් තමයි ප්‍රශ්නේ මට හිතෙන හැටියට (නි)
සමහරු නම් ඉතින් කළේ ඉඩම් වල නිධන් ගොඩදැමීමනේ (නි)
අපිටත් ඉඩම් හිමි ආච්චිලා හිටියා නම් කිසිම රස්සාවක් නොකර මන්ත්‍රීකම විතරක් කරගෙන බර ගණන් හරිහම්බ කරගෙන සැපට ඉන්න තිබුනා (නි)
කොහොමත් දැනට ගොඩගත් මිනී වලින් ඔයගොල්ලන්ගෙ පවුලට අපලයි. (නි)
කතාව ඇත්ත. හොරු, මිනීමරුවෝ යහතින් එළියේ. නිකන්ම නොවේ. වහසි බස් දොඩමින්. ලැජ්ජා නැහැ මොවුන්ට. (නි)
ඔබතුමා ඕකට ඔච්චර විස්සෝප වෙන්නේ මොකද? අපේ ඉඩමක් ගම පුළුල් කිරීමේ ව්‍යාපාරයට පවරා ගත්තේ ඒක බාලවයස්කාර අයිතිකරුවන්ගේ නමට තියෙද්දී. තිබුනෙත් එච්චරයි. ලැබුනෙත් ඉතා සුළු වන්දියක් අවුරුදු ගානකට පසුව. ඉඩම මනින්න පෙරකදෝරුවෝ එවන එක වැරදි වැඩක් වෙන්නේ මොකද? ඔය ඉඩම දෙවියන්ට භාර කළ එකක්ද? (නි)
අපි මෙහෙ වළවල් හාර හාරා ඉන්නවා. උතුරේ නැවතත් යුද්ධයක් ඇතිවෙන්න වැඩකටයුතු සකස් වෙනවා කියලයි හිතෙන්නේ (නි)
දැන් එතකොට මිනින්දෝරුවන් රජයේ නියෝග පරිදි ඉඩම් මැනීම වැරදිද? අනේ මන්දා මේ සමහර ඉඩම් වලින් රාජ උෟෂ්ණය පිටවෙන හින්දා එහෙම කරන්න බැරුව ඇති මගේ හිතේ. (නි)
මේ මුණුපුරෝ නිසා ආච්චිලාටවත් සැනසීමක් නැහැ (නි)
මේගොල්ලන්ගෙ කාලෙ සි.එස්.එන්. කාල්ටන් මාළිගාවේ රේස් පැදපුවා වැරදියි කියලා කියලා මේවා කිවුවට කමක් නැහැ. මිනිස්සු මේවට රැවටෙන්නෙ නැහැ (නි)
මෙතන ඉන්න ගොඩක් අය කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේ. (නි)
මෙයාල බලයට එන්න හැමදාම කළේ රටේ නැති බොරු කියලා ඡන්දදායකයෝ රවටපු එක. අපේ කට්ටියත් හැමදාම රැවටුණා. හැබැයි ඡන්දෙන් පස්සේ දැන් වගේ ඒ බොරු ඔප්පු කරන්න මේ වගේ මහජන මුදල් සහ කාලය වැයකළේ නැහැ (නි)
මේ රටේ කිසිම වෘත්තීය ආදායම් මාර්ගයක් පරම්පරාගත ඉඩමක් නොතිබුන සමහර ආච්ච්ලා නැන්දම්මලා උන්හිටි ගමන් ක්‍රිස්ටිනා ඔනාසීස් වගේ පොහොසත් කාන්තාවන් බවට පත්වුණේ රටේ වාසනාවට වෙන්න ඇති. (නි)
ඔය ඉඩම් මනින්න ආවා විතරනේ. ඔන්න කවුරුහරි පුජනීය ස්ථාන ඉස්සරහ පාරවල් බදු අරගෙන කාර් රේස් යවන එක නම් වැරදියි තමයි. (නි)
මහජනතාව කියන්නේ එක්කෙනෙක් නොවෙයි. අපිට ඡන්ද ඕනෑ. ජනවාරි 8 ඡන්දෙ හැමදාටම වලංගු නැහැ. මෙයාලා මැරිලා ඉපදිලා නොවෙයි. මැරිලා අායෙත් ඉපදිලා මැරිලා අායෙත් ඉපදිලා වගෙයි.. (නි)
දැන් නුවර දළදා මාළිගාව වටේ කාර් රේස් නැහැ. අඩනිරුවත් රැඟුම් නැහැ. නිල් බලකායත් නැහැ (නි)
අනේ හැබෑටම මෙයාලට කියවනවට වැඩිය වැඩක් නැති හැටි? (නි)
අනේ මහත්තයෝ, සංදර්ශන මවන්නේ නැතුව කළ පව් වලට වන්දි ගෙවන්න සූදානම් වෙන්න. (නි)
අනේ පව් අසරනයා ... පවුලම කරපුවා අමතක වෙලා වගේ දැන් (ම)
හිතේ දෙයක් සගවා ගෙන වෙනත් දෙයක් මවන්නේ කොහොමද කියන අලුත් නාටකය මේ දවස් වල සාමාන්‍ය ජනතාවට නොමිලයේ පුරුදු කරනවා. (ම)
මේ හැමදේම කරන්නේ උතුරේ වෙන දේවල් යට ගහන්න කියලා මේ මිනිසුන්ට නොතේරෙන්නේ ඇයි (බ)
19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම .ස්වාධීන කොමිසම් ක්‍රියාත්මක කිරීම .තොරතුරු දැන ගැනීමේ පනත , ප්රජතන්ත්රවාදය .අපිට ඒ ඇති (බ)
නාමල් මන්ත්‍රීතුමෝ. මේ රටේ මිනිසුන්ට රටේ ඕනෑම තැනක යාමේ ඒමේ නිදහස ලබා දුන් හිටපු, දෙවියෙකු මෙන් මිය යාමට සිටි හිටපු ජනපති තුමාට විනාශය,පරාජය ළං කළේ ඔබලා ඇතුළු වන්දිභට්ටයන් පිරිසය. ඔබ තුමාල හරියට කළා නම් අද මේ රට කොටි හිතවතුනගේ පාරාදීසයක් වෙන්නේ නැහැ. (බ)
මෙයා කට අරින්න අරින්න වෙන්නේ මහජනයා කුලප්පු වෙන එක. පේනව නේද ප්‍රතිචාර. (බ)
ඔව් ඉතින් ගහපු ගැහිලි සහ මරපු විදියට හරි රජයකට ඔය ටික තම කරන්න වෙන්නේ අවුරුදු කීපයක් යනකම්. අපේ සල්ලි වලින් කෝටිපතියෝ වෙලා තාමත් අපි බූරුවෝ කියල හිතාගෙන වෙන්න ඇති මේ බයිලා කියවන්නේ. (ම)
කරන නොකරන දේවල් ගැන කියවනවට වඩා දේශපාලනය කරන හැමොම යමක් පටන්ගනිමේදී එය රටට, ජනතාවට, සංස්කෘතියට, ගැලපෙනවද කියා සොයාබල වැඩ කරල දීම වැදගත්. ඔබතුමන්ටත් දේශපාලනයෙන් තොර ජිවිතයක් නැතැයි සිතමි. (ම)
ලැජ්ජා නැතුව කයිවාරුත් ගහනවානේ? (නි)
ඉක්මනට කියන්න දේශපාලනෙන් ඉවත් වෙනවා කියලා. එතකොට බලන්න කොච්චර වෙනසක් වෙයිද කියලා රටේ. (නි)
හොරා කාපු අයයි, නිකරුනේ මිනිස්සු මරපු අයයි හොඳටම බය වෙලා...ඒ විතරක් නෙවෙයි හැබැයි ඔබලාගේ කාලේ අපේ ගම්වල හිටිය ආණ්ඩුවට කඩේ ගිය අය ජීවත්වුණ හැටි නම් අපි දැක්කා. ඒ අය එහෙම නම් අනිත් අය කොහොමට ඇද්ද කියලා තමයි අපිට හිතුනේ.....(බ)