( බන්ධුල ඉලේපෙරුම)
ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්ද බව සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය අද(24) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් පැවසුවාය.
“බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.
මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක් ලෙස ඉතිහාසගත වෙනවා”
“ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා. යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා.
දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා. මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා. ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද‘ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි.
සෑම පවුලකම කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා. සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ දුප්පත්කම නිසයි. සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා” යැයි ද රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්ද
දිමුත් Tuesday, 24 November 2020 10:08 AM
ලැජ්ජයි!
වත්සලා Tuesday, 24 November 2020 10:19 AM
ෆෝන් කාඩ්, මේකප් බඩු, ඇඳුම් ජුවලරිවලට වියදම් කරන්න පුළුවන්. ඕකට තමයි අමාරු. මොනවා නැතත් අපිට අද රටක් තියෙනවා.රට රැකගන්න කැපවීමක් කරන්න.
PrasadTuesday, 24 November 2020 11:10 AM
අපිට නොවේ ඒ අයට රටක් තියෙනවා. ඉතුරු ටික චීනාට, ඇමෙරිකාවට, ඉන්දියාවට විකුණනවා.
ajith Tuesday, 24 November 2020 10:30 AM
ආනයනය කරන කෙනෙකුට රිදිලා වගේ.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 24 November 2020 10:50 AM
අපේ වගේ රටක කාන්තාවක් කෙසේවෙතත් පිරිමියෙකු හෝ අමුඅමුවේ කිසිදු හිරිකිතයක් නැතිව මේ වගේ අමන කතා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මෙවන් කතා වාචාලකමට ඇතැම් ගැහැණුන් කීවත්, එයින් තමන්ගේ හැදියාව, පවුල් පසුබිම හා හතර වරිගේම සැබෑ තතු රෙදි නැතිවම එළියට පනින බව සමහරුන් දන්නේ නැහැ. කැපී පෙනෙන්න කිව්වත්, ගැලරියේ අය මේවාට විසිල් ගැහුවත් මේවා ප්‍රසිද්ධියේ හරි හමන් හැදිච්ච ගැහැණුන් කිසිවිට කියන්නේ නැහැ. කාන්තාවන් නෙමෙයි පාර්ලිමේන්තු ගිහිල්ලා ජාතික ධනයෙන් වරප්‍රසාද ලබන්නේ... මට හිතෙන විදිහට කිව්වොත්, බුලත් විට විකුණන ගැහැණුන් ... ආයේ ඒකේ කිසි සැකයක් නැහැ...
asankaTuesday, 24 November 2020 11:30 AM
මේක හිරිකිත කතාවක් වෙන්නේ කොහොමද? මෙය ඕනෙම වැඩිවියට පත් කාන්තාවකට සිදුවන දෙයක්... අද ලංකාවේ ජනගහනයෙන් 52% ක් වන්නේ කාන්තාවන්ය. එබැවින් මේ බද්ද රටේ බහුතරයකට බලපාන දෙයක් වන අතර, ඒ පිළිබඳව විරෝධයක් දැක්වීම සාධාරණයි.
සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 24 November 2020 12:06 PM
ඔබට එයාට වගේම හොඳ හැදියාවක් තිබෙන බව පේනවා. එහෙම අයට හිරිකිත දැනෙන්නේ නැහැ. ඔබලාට ඒ වචන හොඳට හුරුවෙලා.
asankaTuesday, 24 November 2020 12:27 PM
සමිත සේනක අලුත්ගමගේ තවමත් ගල් යුගයේ සිටින බව නම් පේනවා.
karolisTuesday, 24 November 2020 11:59 AM
ඔයා තාම ඉන්නේ 1800 ගණන් වලද?
සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 24 November 2020 12:17 PM
ඒක ඔයාගේ නමින්ම තේරෙන්නේ නැතිද කරෝලිස් අයියා?
karolisTuesday, 24 November 2020 04:21 PM
ඔයාගේ නම විතරයිනේ ... අලුත් අදහස් ගල් යුගයේනේ... ග්රැමෆෝන් එකක්, අයිෆෝන් එකක් කරන්න බැහැනේ.... නම වෙනස් කරලා.
ගිම්හානි Tuesday, 24 November 2020 12:02 PM
කාන්තාවන්ගේ නම්වලින් ලියන්නේ කාන්තාවො නම් වෙන්න බැහැ. එහෙම නැත්නම් නොමිලේ ලැබෙන දියුණු රටවල ඉන්න කට්ටිය, අසාධාරණ බද්දකටත් හොඳයි කියනවා. යහපාලනය කාලෙ සියයට හතළිහකින් අඩුකළ බද්දක්...
සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 24 November 2020 12:25 PM
වරදවා හිතන්න එපා කවුරුත් බද්දට විරුද්ධයි. වැදගත් විදිහට යමක් කියන්න බැරි එක ගැනයි කවුරුත් කියන්නේ...
prabha Tuesday, 24 November 2020 12:53 PM
මේක එළිපිට කතා කිරීමේ වරද කුමක්ද? මේක ස්වභාවික ක්‍රියාවක්. තාම ගල් යුගයේ ඉන්න අයටනම් ඒක තේරෙන්නේ නැතිව ඇති.
සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 24 November 2020 03:49 PM
කරුණු වලට අදාළව වචන දෙන්න බුද්ධිය නැති වුණාම තමන් දිනන්නේ මඩ ගහලා. ගල් යුගය කියයි. තවතව ඒවා කියයි. එළදෙන වුණාට උම්බෑ ... කියන්න එපා කියලා තියෙන්නේ මේ වගේ වෙලාවට තමයි.
Saneera Tuesday, 24 November 2020 03:04 PM
සමිත, නූගත් වුණාට එය ප්‍රසිද්ධ කරන්න එපා... මොන මෝඩ කතාවක්ද? කියන්නේ...
Chithrananda Tuesday, 24 November 2020 11:42 PM
නෙලුම් මලෙන් උපන් කුමාරයාණෙනි, මේ විසිවන සියවස වන අතර විසිඑක්වන සියවස අභිමුඛව සිටින්නෙමු. නමුත් ඔබ තවම බමුණු පූජකවරු බලය පතුරුවමින් ස්ත්‍රිය මුල්ලට කල ආදි කාලීන භාරතයේ ජීවත්වනු පෙනේ. දැඩි නින්දෙන් අවදිවන්න.
බද්රානි Tuesday, 24 November 2020 10:51 AM
අයියෝ, ඔය 15% බද්ද මොනවා කරන්නද? ඕක සියයට සියයකින්ම වැඩි කරන්න. ඕවා දා ගත්තාම අපේ ලංකාවේ කාන්තාවන් ඕනෑවට වඩා දඟලනවා. උඩ පනිනවා වැඩියි.
ශ්‍රීමාලිTuesday, 24 November 2020 11:14 AM
සහතික ඇත්ත. දැන් ලංකාවේ කාන්තාවන්ගේ ගාය වැඩියි. මේවා දාගත්තම එහෙම දෙයක් හැදෙන්නේ නෑ වගේ ඉන්න පුළුවන්. ගැහැණුකම මතක් කරලා දෙන්න මේ බද්ද හොඳ දෙයක්...
thanuja Tuesday, 24 November 2020 11:03 AM
මේ රටේ කාන්තාවන්ට නොමිලේ දෙනවයි කිව්වම දැන් මොකද වෙලා තියෙන්නේ? ලක්ෂ 69ක් ඉන්න කාන්තාවන් දැන් මොකද කියන්නේ...? පරණ ක්‍රමයටම යනවද?
thanuja Tuesday, 24 November 2020 11:20 AM
සමිත සේනක අලුත්ගමගේ, බද්රානි, මේ දෙන්නට අම්මලා ඉන්නවද? නැත්තන් ඕපපාතිකයෝද?
සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 24 November 2020 12:29 PM
මටත් ඔබගෙන් අහන්න තියෙන්නෙත් ඒක තමයි. බද්රානි මහත්මිය අම්මලා ගැන කියාදෙයි ඔබට මට වඩා හොඳට මං හිතන්නේ...
නයනා Tuesday, 24 November 2020 11:25 AM
ඇත්තටම ඔබ ගැන ලජ්ජයි. හැම මාතෘකාවකින්ම දේශපාලනය නොකරන්න. රටේ කාන්තාවන්ට මෙය ගැටලුවක් කර නොගනු ඇත. රජයක් පවත්වා ගෙනයාමට පිරිවැය අවශ්‍යයි. ආර්ථිකය යනු කළමනාකරණය කර පවත්වා ගෙන යන දෙයකි. ඒ ගැනත් සිතන්න.
බද්රානිTuesday, 24 November 2020 04:00 PM
නයනා වයස පැනලා ඉන්න එහෙමත් නැත්නම්, ශාරීරික පිරිසිදුකම ගැන තැකීමක් නැති ඔයාට නම් මේක ගැටළුවක් නොවෙන්න පුළුවන්. එ්ත් සමස්ත කාන්තාවන්ට පමණක් නොවෙයි, "පින්ගුත්තරයින්" නොවන විවාහ දිවියක් ගෙවන එහෙමත් නැත්නම් තරුණ දූවරු සිටින පියවරුන්ට මෙන්ම සැමියන්ගේ පොකට් එකට මේ වැඩිවීම හොඳට දැනෙයි. පහුගිය සමයේ ඔබලා වැනි කුලියට උඩ පැනපු පුහු දේශප්‍රේමී කාන්තාවන්ට ඔහොම වෙලා මදි කියලා තමයි මම මගේ පළමු අදහසත් පළ කලේ. එ්ත් මේ රටේ අසරණ කාන්තාවන්ට පව්. පිරිමිකම වෙනුවට, සමහරකගේ නොගැලපීම් නම් ඉහවහා ගිහින් කියලා තමයි බොහොමයක් අදහස් වලින් පිළිඹිබු වන්නේ...
Chithrananda Tuesday, 24 November 2020 11:49 PM
ලැජ්ජාවක් නැත්තේ ස්ත්‍රීන් වෙනුවෙන් හඬක් නගන ඇයට නොවේ. අමන තීන්දු ගන්නා ආණ්ඩුවක් වෙනුවෙන් කඩේ යන ඔබටයි. පිරිවැයකින් රටක් ගෙනයෑමට අවශ්‍ය බව පවසන ඔබ පොහොට්ටුවේ සාමාජිකාවක් බව ඔප්පු කර ඇත. අවශ්‍ය වන්නේ ආදායම් බව තේරුම් ගන්න.
නයනා Wednesday, 25 November 2020 10:10 AM
මේ විශේෂිත කාලයේ රටට අාදායමක් නැත. අනාගත නිෂ්පාදන ආර්ථිකයේ ඵල නෙලාගත් පසුව අපට ආදායම් ලැබෙනු ඇත. එතෙක්, අවශ්‍ය වන්නේ පිරිවැය කළමනාකරණය කර ගැනීමයි. මා ආර්ථික විශාරදයෙක් නොවෙමි. මෙය ආණ්ඩුවට කඩේ යාමක්ද නොවේ. එහෙත්, ඔබ පැවසූ පරිදි 69 ලක්ෂයේ අති බහුතරයේ සාමාජිකාවක් වෙමි.
Sriyamangali Rajapaksa -Narahenpita Tuesday, 24 November 2020 11:27 AM
ගරු මැතිතුමියනි, පාවිච්චි කළ ඒවා විසිකරන්න එපා. හැම කාන්තාවන්ටම දැනුම් දෙන්න ඒවා පාර්ලිමේන්තුවට එවන්න කියලා. සභානායකතුමා ඒවා මැති ඇමැතිවරුන්ට බෙදලා දෙයි මුඛ ආවරණ වශයෙන් පාවිච්චි කරන්න කියලා. කට්ටියම පොරකයි වාහන බලපත්‍රය ලැබුණා වගේ... බලන්න බොරුද කියලා.
chamindaTuesday, 24 November 2020 02:51 PM
ඒක නම් හිරිකිත කතාවක්.
Dayan Tuesday, 24 November 2020 11:32 AM
ඇතැම් විපක්ෂ දේශපාලකයින්ට ඕන චරිතයක් වෙන්න. අද අනිවාර්යයෙන් මේකටත් මාධ්‍ය සාකච්ඡාවක් තියේවි. අපව ජත්‍යන්තරයට රැගෙන යාවි.
චම්පිකා Tuesday, 24 November 2020 11:55 AM
'ස්ත්‍රීත්වය' ට ගෞරව කරන්න. අවමන් නොකරන්න ඇයගේ පෞද්ගලිකත්වය විනාශ නොකරන්න.
thanuja Tuesday, 24 November 2020 02:02 PM
නයනා, පිරිවැය කියන වචනේ තේරුම දන්නේ නැති බව පෙනේ. රජයක් පවත්වාගෙන යෑමට ඕන පිරිවැය නොවෙයි ආදායම්... 69 ඉන්නේ ඔය ජාතියේ අය තමයි. ඒ ගැන කණගාටුයි...
නයනා Tuesday, 24 November 2020 05:52 PM
තනූජා, ඔබ මගේ අදහස තේරුම් අරගෙන තිබෙනවා.. එය ප්‍රමාණවත්. 69 ලක්ෂයේ කෙනෙක් වීම ගැන ඇත්තේ සතුටක්... මුලින්ම ඔබ ලියා ඇති කමෙන්ට් 2ද කියෙව්වා. ඔබගේ බුද්ධිය මැනගැනීමට එය ප්‍රමාණවත්...
නයනා Wednesday, 25 November 2020 09:56 AM
ආදායම් නැති මෙවන් කාලයක කළමනාකරණය කල යුත්තේ පිරිවැය බවයි මගේ හැඟීම. මට හිතෙන්නේ මම නිවැරැදි යි කියා. තවද මම 69 කෙනෙක් වීම ගැන ආඩම්බර වෙමි.
thushara Tuesday, 24 November 2020 03:27 PM
සමිත, ඔයා වැනි කෙනෙක් , බද්රානි වැනි කෙනෙකුගේ ගොඩට වැටීම ගැන කණගාටුවට පත්වෙමි.
chandana Tuesday, 24 November 2020 04:47 PM
අපේ රටේ පුදුම මිනිස්සු ඉන්නේ.. ඕනම පුවතක් පලවුණ ගමන් ඒක තමන්ගේ පක්ෂයට අවාසි නම් කොතරම් සාධාරණ, සත්‍ය වුණත් පහර ගහනවා. මම මේක වැඩි වශයෙන් දකින්නේ වත්මන් ආණ්ඩු පක්ෂයට කඩේ යන අයගෙන්...
Ranjith Wednesday, 25 November 2020 01:30 AM
පව්, සමිත සේනක අලුත්ගමගේට අනුකම්පා කරන්න. කඩේ ගියාට හරිම බොළඳයි වගේ...
Bamunuarachchi Wednesday, 25 November 2020 03:02 PM
ඕකට ඔයහැටි කලබල වෙන්න ඕනේ නැහැ. පිරිමි අපිට පුළුවන් ඕක නවත්වලා දමන්න. එතකොට නොමිලේ තුවා සොයසොයා යන්නේ ඕනේ නැහැ.
චමින්දThursday, 26 November 2020 02:21 AM
ඔව් ඉතින් බමුණට පුළුවන් ඔය කියන වැඩේ විතරයි කියල රටම දන්නවා...
BamunuarachchiThursday, 26 November 2020 01:39 PM
ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. අහලා තිබෙනවාද? හැමවෙලාවේම මම තෝරාගන්නේ ඔබලා වගේ අයට බැරිවැඩක්...