
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාලිමා ආණ්ඩුව වසර දෙකක් ඇතුලත රටේ ආර්ථිකය ස්ථාවර කරගත් "මැජික් එක" මූල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමින් අද පැවසීය.
"අපේ රජය පසුගිය කාලයේ වැඩිම අවධානයක් යොමු කළේ රට ස්ථාවර කරන්න.ආර්ථිකයෙන් පමණක් නොව දේශපාලන , සමාජීය හැම පැත්තකින්ම අප මේ ස්ථාවරත්වය ගොඩනඟා තිබෙනවා.එතනින් එහාට සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා වන පරිවර්තනීය යුගයකට ගමන් කිරීම මෙම අයවැයේ අරමුණයි.වසර දෙකක් තුළ මේ රට අත්පත් කර ගත්ත ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව අගතියෙන් තොරව බලන සියලු දෙනා ඇගයීමට ලක් කර තිබෙනවා.2025 වසරේ අප 5% ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත්තා.2026 පළමු කාර්තුවේ 5.1%ක ආර්ථික වර්ධන වේගයක් ද දෙවන කාර්තුවේදී 4.2%ක වර්ධන වේගයක්ද අත්පත් කර ගත්තා.වර්ධනය අඩුවීමට හේතු වුණේ මැද පෙරදිග යුද වාතාවරණයයි.එය ලෝකයටම බලපෑ තත්ත්වයක්.මැද පෙරදිග ඇතුළු සියලු කලාපවල දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය විශාල වශයෙන් පසුබෑමට ලක්ව තිබෙනවා යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd