(විමුක්ති එස් රුද්‍රිගු)
වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය මෙරට ජනතාවගෙන් සියයට 85 අනුමත නොකරන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශයට පත් කළ රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී පහළ ගොස් තිබෙන බව රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.ඔක්තෝබර් මාසයේදී සියයට 9 ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පෙබරවාරි මාසයේදී සියයට 7 ක් දක්වා පහළ වැටී ඇති බව එම සමීක්ෂණයේ නවතම වාර්තාවෙන් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකය දුර්වල තත්ත්වයක පවතින බව සියයට 91 ක ජනතාවගේ අදහස බව රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
එසේම සියයට 90 ක ප්‍රතිශතයක් රටේ ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින බවට එම සමීක්ෂණයේදී අදහස් දක්වා ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.රටේ ආර්ථිකය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක තිබෙන බවට අදහස් දක්වා ඇත්තේ සියයට 9 ක ප්‍රතිශතයක් පමණක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ආණ්ඩුවේ වැඩ සීයයට 85ක් අනුමත කරන්නේ නෑ‘
Nimal Thursday, 21 March 2024 06:27 PM
ළඟදීම මෙම සංඛ්‍යාව 100 ට අසරණ වනු ඇත
ravin Thursday, 21 March 2024 06:43 PM
පුදුමයි...! තව විදියකින් කිව්වොත් තාමත් ඉන්නවා... ඉන්නවා අනුමත කරන උදවිය? මොලේ නැතිවද? නැතිනම් කචල්ද?
krishna Thursday, 21 March 2024 07:48 PM
වෙරිටේ රිසච් එක කියන ඒවත් රට්ටු පිළිගන්නේ නෑ..!
සූරපප්පා Thursday, 21 March 2024 08:19 PM
ඔය සමීක්ෂණය කලේ කොහිද කවදාද සමීක්ෂණ කටයුතු කලේ ලංකාවේ ඡන්ද දායකයින් විසින්ද නැද්ද දැනගැනීමට නැතුව ඔය වාර්තාව පිළිගන්න බැහැ
sakalagune Friday, 22 March 2024 01:03 AM
දැන් රටේ ආර්ථිකය මෙහෙයවෙමින් තියෙන ආකාරය අපේ රටේ සැලකිය යුතු පිරිසක් යන්න දඟලන දියුණු බටහිර රටවල තත්වයට සමානයි . නමුත් දේශපාලන කන්නාඩි වලින් බලනකොට පෙනෙන්නේ වෙනස් පාටවලින් . අපේ රටේ මිනිස්සුන්ගෙන් ඇති බහුතරයක් හිතාගෙන ඉන්නේ ලංකා රජයට අයිති තෙල් ආකාර හා රත්රන් ආකාර තියෙනවා එනිසා සියල්ල රජයෙන් නොමිලේ දියයුතුයි . බදු ය නොකළ යුතුයි කියා . ඒවගේම රජයේ සේවකයින්ගෙන් බහුතරය විවිධ ලෙස රජයට වංචා කරනවා . එක්කෝ නිල වාහනය තමන්ගේ පෞද්ගලික වැඩවලට පාවිච්චි කරනවා. එක්කෝ හොරට ඕටී දානවා . එහෙම නැත්නම් අඩුම තරමින් රජයේ ටෙලිෆෝනය හෝ හොරට පාවිච්චි කරනවා . අනිත් අයගෙන් සමහරු අඩුම වාශයෙන් බස් එකේ හෝ කෝච්චියේ හොරට යනවා . බදු ගෙවියයුතු එකා හොර කරනවා . තමුන්ගේ වගකීම් හරිහැටි ඉටු නොකර අනුන්ට ඇඟිල්ල දිගුකිරමට හැම කෙනාම හුරුවෙලා . මේ තත්වය වෙනස් නොකලොත් කවුරු ආණ්ඩුකලත් තත්වය ඕක තමයි .
chandima Friday, 22 March 2024 01:44 AM
ඕකට ඉතින් සමීක්ෂණයක් තියන්න ඕනෑද? පාරේ යද්දි මිනිස්සු කියන කතා ඇහුණාම තේරේනවා නේ?
Vithana Friday, 22 March 2024 03:50 AM
කිසිම දවසක ආණ්ඩුවක් රට කරන ආකාරය ගැන විවේචන නැති උනේ නෑ. අනුමත කරන්නේ නැත්නම් අනුමත ක්‍රම ගැනත් යෝජනා ඉදිරිපත් කරන්න. විවේචනය කිරීම ජාතික හැකියාවක් එත් විකල්ප ඉදිරිපත් කිරීම අතින් ෆේල්. විකල්ප ඉදිරිපත් කරන්න කිව්වම විවේචනය කරන අය සද්ද නැති වෙනවා. කයිවාරු ගහන ඉක්මනට රටට ඩොලර් එන්නේ නෑ. කයිවාරු ගහන තරම් ලේසියට නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න බෑ දැන් තියෙන ආර්ථික තත්වය උඩ. රට පත් වුණු තත්වය අනුව මේ තරමින් හරි රට ගොඩ අරන් පවත්වාගෙන යාම මැජික් එකක්.