IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගන්නලු

රංජන් කස්තුරි
 
අන්තර්ජාලය ඔස්සේ ඉතා පහත් හා අසභ්‍ය ලෙස ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගතහොත් රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපිත කළ හැකි වනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
එවැනි දේ කරන තුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්නැයි තමා ජනාධිපතිවරයාට යෝජනා කළ බවද රාජිත සේනාරත්න මහතා කීවේය.
 
ඔහු මේ බව පැවසුවේ කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදීය.



අදහස් (29)

ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගන්නලු

ජයරත්න Wednesday, 08 November 2017 12:16 PM

කාට විරුද්ධව වුණත් මෙවැනි ප්‍රකාශ පල කරනවාට නම් දඩයක් ගහන්න ඕනෑ. නැත්නම් මේවා සාමාන්‍යකරණය වෙනවා.

:       1293       1183

sisiraWednesday, 08 November 2017 01:04 PM

එතකොට අගමැතිතුමා කිව්වානේද සමාජ වෙබ් අඩවි වලින් පසුගිය ආණ්ඩුව පෙරලන්න හරියට උපකාර වුණා කියලා... දැන් ඒවා ආපස්සට වදිනකොට රිදෙනවා කියලා තේරෙනවා. එයාලට අවාසි වෙනකොට ඒවා නවත්වන්න ටිකක් රෑ වෙයි.

:       612       1242

ජයරත්න Wednesday, 08 November 2017 01:21 PM

ආණ්ඩුව වුනත් මහින්ද මහත්තය වුනත් නිකන් මිනිහෙක්ව වුනත් අසභ්‍ය විදීයට විවේචනය කරන්න අවශ්‍ය නැහැ.

:       38       64

sathyapalaThursday, 09 November 2017 05:10 AM

බුදුහාමුදුරුවෝ හිටියනම් කියාවි "රජිතයෝ ගිහින් යහපාලනෙට නොබණින ගෙදරකින් අබ ඇටයක් අරන් එන්න" කියල. කොහේ හොයන්නද. එතකොටවත් තේරෙන එකක් නෑ. ඇවිත් කියාවි "කවුරුත් අබ දෙන්නේ නෑ" කියල. ආණ්ඩුවට බනින අයව අත්අඩංගුවට ගන්න ගියොත් ලේසිම වැඩේ යහපාලන මැති ඇමතිවරු ටික මුහුදට ගිහින් රට වටේටම දැලක් ගහන එක. මේ ආණ්ඩුවට නොබණින කවුද ඉන්නේ.

:       0       26

sagara Wednesday, 08 November 2017 12:19 PM

විකාරද? විවේචනය කරන්න නැති වෙන්න වැඩ කරන්න..

:       27       364

NUWAN Wednesday, 08 November 2017 12:23 PM

ගිය ආණ්ඩුවේ හිටිය හොරුයි.. දැන් ආණ්ඩුවේ ඉන්න හොරුයි අත්අඩංගුවට අරන් රටෙන් පිටුවහල් කරලා දැම්මනං රට හොඳට ඉදිරියට කරගෙන යන්න පුළුවන්..!

:       0       1331

bamunuarachchiWednesday, 08 November 2017 12:48 PM

ඊට පස්සේ රට කරන්නේ මොන හොරුද? ඔක්කොම හොරු හලෝ. ආණමඩුවට දාන්න අපේක්ෂකයෙක් මේ අයට නැත. ගුරුවරියක් දණ ගැස්සු කෙනාවයි නැවත දාන්නේ.. ඉතින් කොහොමද රටේම ඉන්න හොරුටික එළියට දැම්මොත්? කොම්පියුටරයක් මගින් රට පාලනය කලොත් ඔන්න රට ගොඩ ගන්න පුළුවන්. එ්කත් මේ අයම හැක් කරාවි...!!!

:       1       166

K Perera Wednesday, 08 November 2017 12:30 PM

අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්, දැන් බයක් නැහැනේ! නිදහස ඕන විදිහට තියනවනේ! විවේචනය කරන්න නිදහස තිබෙනවා. නමුත් සීමාවෙන් ඉක්මයන්න එපා.

:       401       140

SL Wednesday, 08 November 2017 12:39 PM

වැඩබැරි දාසලා ටිකක් පත් කරගෙන මේ වගේ කතා අහගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ.

:       1       469

lal Wednesday, 08 November 2017 12:41 PM

මෙයා කරන කියන දේ අනිවාර්යයෙන්ම විවේචනය වෙනවා. වරද දුෂ්ඨ හදවතයි.

:       153       378

bamunuarachchi Wednesday, 08 November 2017 12:43 PM

අන්තර්ජාලය ඔස්සේ ඉතා පහත් ලෙස ආණ්ඩුව විවේචනය කරන්නේ ආණ්ඩුව කරන පහත් වැඩ මිනිසුන්ට ඉවසා ගන්න බැරි නිසායි. අන්තර්ජාලය ඔස්සේ බෝම්බ දාන්න පුලුවන් නම් දැනටමත් එය කරලා. ඔය පලකරන්නේ මිනිසුන්ගේ බුර බුරා නැගෙන පිළිකුල, අප්‍රසාදය,කේන්තිය, වෛරයයි.

:       55       579

RaveendraWednesday, 08 November 2017 03:02 PM

බමුණු ආරච්චි මයා වෙත, ඔබගේ කාලෝචිත අදහස් අපද අනුමත කරන්නෙමු. මොන පක්ෂය, මොන පාට බලයට පත්වූවාට අපට නම් අදාළම නැත. එමෙන්ම හොඳ දෙයට හොඳයි යන්න කීමට අප කිසිවිටෙක පැකිලෙන්නේ නැත. අපගේ උපන්බිමට ආදරය කරන අපට රටේ දියුණුවට, ආරක්ෂාව වෙනුවෙන් හොඳ දෙයක් කරන්නේ මහින්දද? මෛත්‍රී ද? රනිල්ද? ඒ සැමවිට එය අගය කරන්නෙමු. එලෙසම අප "මහත්මා ගතිගුණ ඇති තැනැත්තාට අවංකවම මහත්මයා" යැයි කියන්නෙමු. එලෙසම අනෙක් ලෙස කීමටද අප කිසිවිටක පසුබට නොවන්නේය.

:       0       225

ravin Wednesday, 08 November 2017 12:47 PM

ඔව් ඔව් කරන දේවල් විවේචනය කරන්න එපා. එතකොට තමයි දූෂණයේ ආචාර්ය උපාධිය දේශපාලකයන්ට ලබාගන්න පුළුවන් වෙන්නේ.

:       0       121

nilupul Wednesday, 08 November 2017 12:51 PM

අනර්ඝයි. අතීතයට බලපාන පරිදි...

:       0       35

හිරාන් Wednesday, 08 November 2017 12:52 PM

ඇයි දෙයියනේ ඔය හැම දෙයක්ම ඉවසනවා කියලා නේද යහපාලනය ආවේ...දැන් මොකද මේ .... ?

:       1       150

sena Wednesday, 08 November 2017 12:56 PM

මේ වැඩ වලින් වෙන්නේ හිටපු කට්ටියයි, ඉන්න කට්ටියයි අතරේ වෙනසක් නැතිවෙන එක විතරයි.

:       1       56

Chanak los angeles Wednesday, 08 November 2017 01:12 PM

විශිෂ්ඨ තීන්දුවක් මැතිතුමනි, යහපාලන රජය විවේචනය කරන සියලුදෙනාම අත්අඩංගුවට ගත යුතුය. මෙවැනි වැඩ එවිට නතර වෙයි.

:       371       1

Lal Wednesday, 08 November 2017 01:47 PM

ඔහෙලා මේ වනතුරු මොනවද මේ රටට දැනෙන ආකාරයට යහාපත් යමක් කලේ? මේ තාක් කරපු දේවලටයි, කරන්නයන දේවලටයි අනුව ඒ ආකාරයට ආණ්ඩුව විවේචනය කිරීම අසාධාරණ නැහැනේ....

:       0       131

nimal madawala Wednesday, 08 November 2017 02:13 PM

ගරූ,.. අපි යහපාලනය හැදුවේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට.. ඕනෑම කෙනකුට විවේචන කරන්න පුළුවනි. හැබැයි බොහොම සංවර විදිහට, නමුත් විවේචන කියලා රටේ නායකයන්ට බොහොම පහත් ආකාරයට මඩ ගහනවා අපි මේවා තරයේ හෙලාදකින්න ඕනෑ මතක තියාගන්න. අනුන්ට මඩ ගහන කෙනාට පළමුව මඩ ගෑවෙන්නේ තමුන්ගේ දෙඅත් වලටම බව...

:       138       80

nimalThursday, 09 November 2017 06:31 AM

එතකොට යහ පාලනය ගේන්න ගිය ආණ්ඩුවට පහත ආකාරයට මඩ ගහනකොට ඒවා ප්‍රයෝජනයට ගත්තේ ඇයි. මඩ ගහන්න හොඳ නැත්තේ යහ පාලනයට පමණද.

:       0       150

chaminda Wednesday, 08 November 2017 02:22 PM

ඔක්කොටම කලින් ඔබතුමාගේ පුත්‍ර රත්නය තමයි දාන්න වෙන්නේ.

:       0       387

susantha Wednesday, 08 November 2017 02:23 PM

රටේ සිංහල මිනිස්සු ගොනාට අන්දන්න උදේ, හවස කෙප්ප කෙලින දේශපාලකයෝ කීප දෙනෙකුත් අල්ලලා හිරේ දැම්මා නම් හරි....

:       0       30

ධම්ම Wednesday, 08 November 2017 02:39 PM

මේවා හොඳට ප්‍රයෝජන අරගෙන බලයට ඇවිල්ලා දැන් කියන කතා.. තමයි

:       0       49

Sampath Wednesday, 08 November 2017 02:55 PM

මහජනතාවට අපමණ සේවයක් කරන මේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට ස්තුති කරන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ ඇමතිතුමෝ... වැරදි දෙයක් ඇහුවද මන්ද?

:       0       2

මිඝාර. Wednesday, 08 November 2017 02:58 PM

කලකදි රසවේය.... කලකදි වසවේය. තරු පහේ ප්‍රජාතාන්ත්‍රවාදය මෙයයි..

:       0       22

shakabunda Wednesday, 08 November 2017 03:07 PM

එතකොට කියපු බොරු නිසා පළමුව හිරේට ගිහින් ආදර්ශමත් වුණා නම් හොඳයි නේද?

:       0       129

one srilankan Wednesday, 08 November 2017 03:14 PM

තමන් හරි නම් මොක විවේචනය කළත් මොකටද බයවෙන්නේ? හොරකම් විවේචනය කරන කොට රිදෙනවා නම් හොරකම් නොකර ඉන්න ඕනේ.. ජාතික ධනය විනාශ කරන අය හොරුම තමයි.

:       0       115

සෙනෙවි Thursday, 09 November 2017 05:45 AM

පරාජයට බයේ වියරුවෙන් කියන කතා....

:       0       168

KANDEPOLA Thursday, 09 November 2017 06:53 AM

විවේචනය කරන අයව අත්අඩංගුවට ගත්තහම ව්‍යවස්තානුකුලව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මොකද වෙන්නේ. මේක මර්ධනය කියන ගණයට වැටෙන්නේ නැත්ද?

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 7 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 93 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 86 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 115 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 231 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1464 6

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 457 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 278 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site