IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


ආණ්ඩුවට වන අවාසිය නතර කරන්න විමර්ශන නතර කළා

(කරන්දෙණිය  එම් .සුසිල් ප්‍රියන්ත)

ලෝක කුසලාන 2011 තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවා දුන්නේද? නැද්ද? යන්න සෙවීම සඳහා ආරම්භ කෙරුණු  විමර්ශනය ආණ්ඩුව මැදිහත්වෙලා යටගැසූ බවත්,  එය තව දුරටත් පවත්වා ගෙන ගියහොත් තමන්ට අවාසි වන බව දැන්ගත් ආණ්ඩුව එය ඉදිරියට යාම වැළැක්වූ බවත්, ක්‍රීඩාව සම්බන්ධයෙන් බොරු චෝදනා කළහොත් රටේ ක්‍රීඩා නීතිය යටතේ වසර 3ක සිර දඬුවමකට යටත් කරන්නට හැකි බවත් හිටපු විදෙස් කටයුතු සම්බන්ධීකරන ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණ්වර්ධන මහතා අද (4) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය.

 ‘‘හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු විදෙස් කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස මටත් 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය නරඹන්න අවස්ථාව ලැබුණා. එහිදි මට නම් දැක ගන්නට ලැබුනේ නැහැ... ඒ තරගය අපේ ශ්‍රී ලංකා කණ්ඩායම පාවා දුන්නා කියලා. ඉන්දියාවත් ලංකාවත් අතර පැවති 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය මම හොඳින් නැරඹුවා. එහිදි කිසිවිටකවත් අපේ කණ්ඩායම ඒ තරගය පාවා දුන්නා කියලා පොඩිම සැකයක්වත් අපිට ඇති වුනේ නැහැ. එක් අවස්ථාවකදී අපේ කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට පැමිණිලා සිටියා.

එය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නතර කරලා ජය ඒ අයගේ පැත්තට යොමු කර ගත්තා. ඒකයි එදා සිද්ධවුනේ. සිද්ධවෙන්න පුළුවන් දෙයක් තමයි එදා සිද්ධවුනේ. ක්‍රිකට් ක්‍රීඩාව ගැන මම විශාරදයෙක් නෙමෙයි. නමුත් ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් බව මම දැනගෙන සිටියා . එදා ඒ දේ සැබවින්ම අත්වින්දා. මා මිත්‍ර හිටපු ක්‍රීඩා ඇමති  මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙය නොදැන සිටීමයි මෙයට එකම හේතුව....

මහින්දානන්ද ඇමැතිතුමා දැන හෝ නොදැන මේ කළ වැඩෙන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තරයෙන් ලොකු බලපැමක් එල්ලවුණා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව ජාත්‍යන්තරය වැරදි විදිහටයි දැන් බලන්නේ. ලෝකයේ වෙන කොහේ රටක ක්‍රිකට් තරග පාවාදෙන ක්‍රිකට්  ක්‍රීඩකයින් හිටියත් ලංකාවේ එහෙම නැහැ කියලා මුලු ලෝකයාම පිළිගෙන තිබූ අවස්ථාවක මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ කල වැඩේ සුලුපටු වැඩක් නෙමෙයි.

මම හිතන්නේ මේක දේශපාලනික ගේමක් . මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල බලන්න ඕන. අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට මේ වගේ චෝදනාවක් එල්ල කලේ දේශපාලනික වශයෙන් වාසි ලබා ගන්නයි. ඒකයි අවුරුදු 9ක් නිදාගෙන හිටිය හිටපු ක්‍රිඩා ඇමති මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මේ අවස්ථාවේදීම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට බවුන්සර් පන්දුවක් එව්වේ. ඒ අය හිතුවේ නැහැ මේක ජාත්‍යන්තරයේ පවා මහත් ආන්දෝලනයකට ලක්වේවි කියලා. මේ චෝදනාවෙන්  ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තරයම ඇවිස්සුනා. එයින් ආණ්ඩුවට විශාල චෝදනා එමින් තිබුණා. ආණ්ඩුවට අපකීර්තිය ගලා ඒම සිද්ධවුණා. එයින් බේරෙන්නයි මේ වෙනුවෙන් සිදු කෙරුණු විමර්ශන හදියේම නතර කරන්න කටයුතු කරලා තියෙන්නේ. මේකත් ආණ්ඩුවේ මැදිහත්වීමක්. තව දුරටත් මේ විමර්ශණය ඉදිරියට ඇදිලා ගියහොත් ආණ්ඩුවට ලොකු අවාසියක් ජාතික හා අන්තර් ජාතික වශයෙන් වෙන නිසා හදිසියේම එය නතර කරන්න ආණ්ඩුව කටයුතු කළා.

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කළ මේ චෝදනාව බොරුනම් ක්‍රීඩා නීතිය යටතේ එය වසර 3ක සිර දඬුවමකට යටත් කරන්න පුලුවන් ලොකු වරදක්.‘‘ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණ්වර්ධන මහතා පැවසීය.

 



අදහස් (23)

ආණ්ඩුවට වන අවාසිය නතර කරන්න විමර්ශන නතර කළා

අනුහස් Saturday, 04 July 2020 08:52 AM

පාවාදීමක් සිදු නොවන්නට ඇති. එදා ක්‍රීඩා කලේ සුහද ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක්. අවුරුදු 9කට කලින් සිදුවූ දෙයක්නේ. අමතක කර දැමීම තමයි වඩාත්ම සුදුසු... ඒත් මේ වෙනම කතාවක්... එනම් පක්ෂ පාට නොබලා අධි පොහොසතුන් වූ සියලුම දේශපාලකයින් සම්බන්ධයෙන් විමර්ශන කෙරිය යුතුමයි. මෙවන් ප්‍රයෝග වලින් ඒවා යටපත් වීමට ඉඩ නොහැරිය යුතුයි.

:       0       606

මාලනී හේවාමල්ලිකා Saturday, 04 July 2020 10:07 AM

ගරු සජින් මැතිඳුනි, විකට්ටුව පිටුපස සිටි සංගක්කාරයන් අරතරම් කැච් මිස් කලේ ඇයි? බෝක්කු යැව්වේ ඇයි?

:       1506       1219

AmaraSaturday, 04 July 2020 11:11 AM

බෝක්කුනම් මොනවද මංගලිකා...?

:       0       129

SreemalSunday, 05 July 2020 04:26 AM

ක්‍රිකට් ගහපු අයගෙන් අහගන්න බෝක්කු කියන්නේ මොනවද කියලා.. කකුල් දෙක අතරින් පන්දුව යවනවට තමයි බෝක්කු අරිනවා කියන්නේ. ඔය ප්‍රශ්නය අපිටත් තියෙනවා. සංගක්කාර 2007 අවසන් තරගයත් හරියට කළේ නැහැ. එදත් අතහැරියා

:       0       0

Tharindu PereraSaturday, 04 July 2020 11:14 AM

දේශපාලන වහල්භාවයෙන් පෙළෙනකොට ඔහොම සැක මතුවෙන එක පුදුමයක් නෙවෙයි. එතකොට තමයි දේශප්‍රේමය තවරාගත්ත අයගේ රෙදි ගැළවෙන්නේ. තමන්ගේ දේශපාලන කඳවුරට විරුද්ධ වෙන හැම රටවිරුවාටම, සුවවිරුවාටම සහ රණවිරුවාටම වෙන්නේ දේශද්‍රෝහියන් කියන ලේබලේ වදින එකයි.

:       677       729

SreemalSunday, 05 July 2020 04:28 AM

තරිඳු, ඔය තරගය බැලුවේ නැතිනම් බලන්න. 2007 එකත් බලන්න. ඊට පස්සේ කියන්න වහල්ලු කවුද කියලා.

:       0       0

PrabaSunday, 05 July 2020 03:35 AM

අනේ මන්දා. චෝදනාව කරපු ඇමතිතුමා කියනවා ක්‍රීඩකයින් සම්බන්ධ නෑ කියලා. මෙතුමිය කියනවා සංගක්කාර උඩපන්දු අත හැරියා කියලා. උතුර, දකුණ මාරුවෙලා.

:       0       0

AnuruddaSunday, 05 July 2020 07:35 AM

එහෙනම් 2007 ලෝක කුසලානයත් පවා දුන්නා කියන්නකෝ.

:       0       0

Palitha Saturday, 04 July 2020 11:01 AM

මහින්දට හේත්තු වෙලා මහින්දවත් විනාශකළ දේශපාලන පරපෝෂිතයින් එළිබැහැලා..

:       2       396

NuwanSaturday, 04 July 2020 12:52 PM

මහින්දට තොත්ත බබා නේද?

:       428       578

නොකවුට් Saturday, 04 July 2020 11:41 AM

අසාමාන්‍ය කැච් මිස් කලේ බෝක්කු යැව්වේ ඇයි?

:       329       135

narada Saturday, 04 July 2020 12:05 PM

මේ අර ක්‍රිස් නෝනිස්ට ගහපු කෙනානේ... මහින්දගේ කාලේ හොරකම් කළානේ... මෙයා කියන ඒවා අහන්නේ කවුද?

:       149       403

karu Saturday, 04 July 2020 12:22 PM

මුට්ට කරගහලා, පස්සේ දේශපාලනයට ඇවිත් හොරකම් කළ අයට වංචා ගැන කතාකරන්න තියෙන අයිතිය කුමක්ද?

:       80       436

Wasantha Saturday, 04 July 2020 01:33 PM

මෙතුමා සහ මෙතුමා වගේ අය කිසිදෙයක් නොකර මෙහෙම කෝටිපතියෝ වුණේ කොහොමද කියලත් හොයන්න ඕනේ...

:       0       451

gundaWednesday, 08 July 2020 01:38 AM

වසන්ත, මෙයා කෝටිපති වුණේ මහින්ද නිසා... මොන හැකියාවන් තිබුණටද මොහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් කළේ? මොනතරම් සොරකම්වලට අහුවුණාද? අපරාදේ ගෝඨාභය මහත්තයාට රට කරන්න දෙන්නේ නැති එක තමයි දුක...

:       0       0

විසල් Saturday, 04 July 2020 02:13 PM

සමහර ක්‍රීඩකයන් තමුන්ටත් පගාව දෙන්න උත්සාහ කලා කියලා මුලින්ම ICC යට දැන්වූ වීර ක්‍රීඩා ඇමැති කෙනෙක් යහපාලනය කාලයේ හිටියා. එයයි සැබෑ පවාදීම.

:       0       0

සමන්ත Saturday, 04 July 2020 07:27 PM

මේ කියන කථාව ඉතාම වැදගත්. මෙතන සංඝා හෝ මහේල ගැන කතාවක් නෙමේ තියෙන්නේ.

:       0       0

විජේ Saturday, 04 July 2020 10:18 PM

හිරේ යනවනං යන්න තව කට්ටිය ඔය ඕනෙතරම් ඉන්නෙ.

:       0       0

kuma Sunday, 05 July 2020 01:25 AM

මෙයා හිරේගිහින් ආව කෙනෙක්ද? හිරේ ඉන්න ඕනෑ කෙනෙක්ද?

:       0       0

Senarath Sunday, 05 July 2020 03:48 AM

මේ වගේ හොරුන් කොහොමද අද ක්‍රිකට් දූෂණ ගැන කරපු පැමිණිල්ල විවේචනය කරන්නේ? අවංකවම දේශපාලනය කළ කෙනෙක් කතා කළා නම් ප්‍රශ්නයක් නැහැ.

:       0       0

Samira Sunday, 05 July 2020 03:48 AM

හරි හරි ඒවා අපි බලාගන්නම්.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 05 July 2020 04:11 AM

ඔබ දැන් මෙසේ කීවත්, කලින් පැත්තේ සිටියදී ඔබ හොඳට මුදල් මුදල් හදල් ගොඩ ගහ ගත්තු කෙනෙක්.... මහින්දානන්ද වැරදි ඇති ... ඒත් ඔබ නිවැරදිද? සාමාන්‍ය මට්ටමේ සිටි ඔබ මේ තරම් මහා ධන සම්භාරයක් උපයා ගත්තේ කෙසේද කියන්න.

:       0       0

palitha Sunday, 05 July 2020 07:23 AM

කරන්න තියෙන ඔක්කොම වෑඩ කරලා, දෑන් එනව බබා පාට් දාන්න. මිනිස්සු දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 306 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1193 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 868 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1458 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1301 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1594 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 935 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 410 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 561 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site