ගාල්ල රිච්මඩ් මහින්ද විදුහල් වාර්ෂික ක්‍රිකට් තරඟය ගාල්ල ක්‍රීඩාංගනයේ පැවති අවස්ථාවේ ඇතිවූ කලබලයෙන් පසු නිල ඇඳුම් නැතිව කඳුළු ගැස් ගැසූ පොලිස් නිලධරයනට එරෙහිව චෝදනා පත්‍ර නිකුත් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසූයේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් ඔවුනට චෝදනාපත්‍ර නිකුත් කළ බවයි.
මේ අනුව ඔවුනට එරෙහි විනය පරීක්ෂණයක් පැවැත්වේ.
මේ තරඟය පැවතියේ මාර්තු 23 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් බුද්ධිමතුන් ඔවුන්ට හිමි ස්ථානවල නිවැරදිව තම සේවය ජනතාවට එටුකරනවානම් ? අපේ රටත් සිංගප්පුරුවක් වෙනවා ඉබේම ?(ස)
පරීක්ෂණයේ ප්‍රතිපල කවුරුත් දන්නවා. (ස)
ලංකාවේ පොලිසිය ඇයි මේ හැමදාමත් මෙහෙම වෙන්නේ. නිතිය රකින්න ඉන්න අයට නීතියක් නැද්ද. මේ අයම තව ටික දවසකින් අයෙත් පොලිසියේ වැඩ කරාවි. (ස)
මෝඩ මිනිස්සුන්ට අපෙග් වරෝධය (ස)
රිච්මන්ඩ් නිසාද මේ පරීක්ෂණ? වෙන පාසලකට මෙය උනානම් මොකක් වෙයිද? (ස)
උන බහින්න මොනවා හරි කරනම් හරි (ස)
ලංකාවෙයි ඉන්දියාවෙයි දෙකේම ඉන්න පොලිසි ඔක්කොම එකයි (නි)
මේවා කොල්ලන්ගේ සුළු සුළු ප්‍රශ්න, ලංකාවේ මීට වඩා ප්‍රශ්න තියනවා. අවදි වෙන්න මිතුරනි, (ස)
වරුණ, මේ පරීක්ෂණය රිච්මන්ඩ් පාසලේ අයට කරන පරීක්ෂණයක් නෙවෙයි නේද ? ඇයි පාසල් මේකට ගාව ගන්නේ. අපේ රිච්මන්ඩ් එකත් මහින්දයත් අතර තරඟයේදී කඳුළු ගෑස් ගැසීම අපිනම් අනුමත කරන්නේ නැහැ. ළමයින්ගේ තරඟයට ඇයි පොලීසිය කඳුළු ගෑස් අරගෙන ආවේ. මේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ පවත්වා අහිංසක ළමයින්ට කඳුළු ගෑස් ගැසීම සම්බන්ධයෙන් ඇත්තටම සොයා බැලිය යුතුයි. (ස)
බණ්ඩාරනායක මහත්තයත් කිවා නූගතුන්ව පොලිසියට ගන්න එපා කියල හේතුව මීක තමා. (ස)
චෝදනා පත්‍ර විතරයි දඩුවම් නෑ ලංකාවේ (ස)
රිච්මන්ඩ් මහින්ද තරග ඔහොම්ම තමයි. ඒකට ඇලෝසියස්.(නදී)
තරගයකට කදුලු ගෑස් ගහන්න ගේන්න තරමි තත්වයකට පොලිසිය වැටුනේ ඇයි. මේක ආදරවන්තයින්ගේ තරගය.(නදී)