තමා පළාත් සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ බවත්, තමාට ඉදිරිපත් වී ඇති චෝදනාවලට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මීගමු සිර ගෙදර සිට වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට පිටු තුනක ලිපියක් ලියමින් කියයි.
එහි පිටපත් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්ට මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්ට ද යවා ඇත.
ජනමාධ්‍යවල පළවූ වාර්තා නිසා මතුවූ තත්ත්වය ගැන තමා බලවත් සේ කම්පා වන බවත්, මේ සිද්ධිය පාදක කරගෙන තමාට විරුද්ධව දුෂ්ට කුමන්ත්‍රනයක් නිර්මාණ්‍ය කර ඇති බවත් ඔහුගේ ලිපියේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීතුමා ඔබට කවදා හෝ ගුරුතුමිය ලග දනින් වැටීමට සිදුවේවි.(නදී)
මේ මිනිහට දොස් කියල වැඩක් නෑ. මොකද මේක තේරුම් ගන්න තරම් මොලයක් නෑ. මේකට වගකියන්න ඕන අපි අපිමයි. ඔලුව ඉදිමිච්ච මෝල්ලු තෝරලා යවනවට (අ)
මෙතන කිසිම කුමත්‍රණයක් නැත . මන්ත්‍රී වරයෙකු වශයෙන් කල නොහොබිනා දෙය පිළිගෙන ඉල්ලා අස්වී . දඬුවම් වින්ද . හොඳ පුරවෙසියෙකු වීමට සිතට ගන්න . අපේ වයිරයක් නැත . ඔබ දන්නේ නැත්නම් පන්සලකට ගොස් හිමි නමක් මුණ ගැසී අවවාද අනුශසන ගන්න . (අ)
අනේ අහිංසකය බෙල්ලේ වැල ලා ගනීද මන්දා ?(අ)
සැබෑය, මෙය පවුල තුල කුමන්ත්‍රණයකි. එය ඔබම විසදගන්න. කල වරදට දඩුවම් විදිය යුතුය.(නදී)
නිශාදි හරි, තාත්තාව ගෙදර යවන්න කුමන්ත්‍රණයේ මුල් උණු කෙනා එයාගෙම දුව නේද ? එයා තාත්තට විරුද්ද ද දන්නේ නැහැනේ.(නදී)
තිසර වැනිස් ඔබ දක්වා ඇති ප්‍රතිචාරය මම ඉතා අගය කරමි . එහි බොහෝ කරුණු පැහැදිලිව දක්වා තිබෙනවා . මෙය අපේ මන්ත්‍රී තුමාට කියවීමට ලබාදීම බොහෝ වටිනවා . ඔබට ස්තුතියි තිසර මහතා.(නදී)
ගස් බැදපු ඇමතිව ගෙදර යවන්නේ කවදාද?(නදී)
අපරාදේ ඉල්ලා අස්වෙන්න පිටු තුනක ලිපියක් ලියන්න මහන්සි වුනේ.ගෙදර යන්න අවසර දීලනේ තිබුනේ. (නි)
මම දුටුවා ප්‍රදාන සිංහල පුවත් පතක ජනපති විසින් මොහුට ඉල්ලා අස්විය යුතුය කියා තිබෙනවා. මම අහන්නේ අරයා මිනිසෙකු ගස් බැදපු එකයි මේකෙයි අතර වෙනසක් නැහැ නේද? එහෙනම් එයාට එක නීතියකුත් මොහුට තව නීතියකුත් ක්‍රියාත්මක වුනේ කොහොමද?(නදී)
මේ වැනි ඕනෑම වැඩක් කරලා මේ ඉල්ලා අස්වීම වලංගු වෙලා තිබෙන්නේ දේශපාලකයන් මෙන්ම ඉහල පෙලේ පන්තියට පමණද? ලංකා නීති සංග්‍රහයේ එහෙම විශේෂ වගන්තියක් අදාළ පාර්ශවය වෙනුවෙන් නීතිගත කර තිබේද?එහෙම තිබෙනවා නම් අපිට මොනවත් කියන්න බැහැ. (නි)
මේ වගේ අයට මන්ත්‍රීතුමා කියන්න ලැජ්ජයි.සුදු ඇඳගෙන හිටියට ඕවා වහන්න බැහැනේ. දැන් තියෙන්නේ මුළු ඉස්කෝලෙටම පෙනෙන්න එයාව දණ ගස්සන්න (නි)
අනේ මන්දා ඇයි හොද උගුතුන් පළාත් සභා වලට නොයන්නේ දේශපාලනය කරන්න.(නදී)
ආනන්ද සාගරේ . පළාත් සබා ආකරේ. උදාරයි ඔබේ ගොන් වැඩ. උදාරයි බබෝ.(නදී)
තිසර මහතාගේ අදහස් අගය කොට සලකමි. ඒත් තිසර මහත්තයෝ, හොද නරක දැන ගන්න , බණ දහම් තේරුම් ගන්න, මනුස්සයෙකුට අධ්‍යාපනයක් සහ බුද්දියක් ඕනෑ. ඒත් මෙයා වැස්සකටවත් ඉස්සෙලෙකට ගිහින් නැති පාටයි. ඉතින් කොහොමද හොද නරක තේරුම් ගන්නේ. (නි)
ඔබ නිර්දෝෂ නම් ඇයි ඉල්ලා අස්වුනේ ? ඉල්ලා අස්වීමෙන් පෙනෙනවා ඔබ පාසලට ගොස් ගුරුවරියට කරදර කළ බව. ජනාධිපතිතුමාගේ තීරණය කාලෝචිතයි. ඉදිරියටත් මේ වගේ තීරණ මැර දේශපාලකයන්ට විරුධව ගන්න. ඔබතුමාගේ ජනප්‍රියතාවය මොවුන් විසින් දිනෙන් දින විනාශ කරනු ලැබේ. මොවුන්ට විරුධව ක්‍රියා කිරීමෙන් ජනතාව ඔබ වටා රොක් වේවි(නි)
අපි ඔයාව අස්කලේ එදාමයි (අ)
අනේ පාල, වැඩක් බලාගත්තොත් නරකද? (නි)
අනේ පව් අහිංසකයා. වරදක් කරලම නෑ වගේ. හරි අහිංසක මුණක් මෙයාට තියෙන්නේ. නුගත් අමනයන් නිසා රටට ගිය කලක්. මිනිසුන්ට වෙන වැඩ නැතුවම ඇති කුමන්ත්‍රණ කර කර ඉන්න. තව මන්ත්‍රී චන්ඩි පුතෙක් අනුරාධපුරේ විදුහල්පති කෙනෙකුට පහර දීලලු. අපි නම් අපේ ගුරුවරුන්ට පුදුම භක්තියක් තිබුනේ. එක අදටත් එහෙමයි. ඉස්කෝලෙන් දඬුවම් කළා කීවොත් අපේ තාත්තා අපිට අනිවාර්යෙන්ම ගෙදර ආවම දඬුවම් කලා අපි වැරදි බව දන්නා නිසා. ගුරුවරුන්ට දඬුවම් දෙන්න ගියේ නෑ.(නදී)
මන්ත්‍රීට ගුරුවරියට දණ ගහන්න කියන්න අයිතියක් නැහැ වගේම ගුරුවරියටත් අයිතියක් නැහැ ගැහැණු දරුවන්ගෙ ගවුම්වල වාටි ලිහන්න. එහෙම නම් කරන්න තිබුනේ ආපහු හරවලා ගෙදර යවලා අම්මා හරි තාත්තා එක්ක හරි එන්න කියන එක. ඇඳුමේ වාටිය ලිහලා දවසෙම පාසලේ ඉන්නකොට කොච්චර ලජ්ජාවක්ද? (නි)
දුෂ්ටකම දැන්ද මතක් උනේ.(නදී)
දඬුවම් දුන්නේ නැත්නම් තවත් ආචාර්යවරුන් වයඹ උතුර දකුණ පිරේවි. මෙන්න ඡන්ද ප්‍රතිපලයක් .!(අ)
ජනාධිපතිතුමාට ස්තුතියි. කව්රු මොනවා කිවුවත් එකපාරට තෝරු මෝරු බාන්න බැහැ. ටික ටික හරි මේ වැඩේ පටන් ගත්ත එක ලොකු දෙයක්. ගිය සතියේ ගොඩක් ප්‍රාදේශීය සබා මන්ත්‍රීලගේ වැඩ පත්තරවල දැක්කා. ඒ අයටත් දැන් උණ ගැනෙන්න දෙන්නයි තියෙන්නේ. (නි)
අද අයින් වෙයි හෙට අයෙත් ඒවිද දන්නේ නැහැනේ. එහෙම නැත්නම් ඔයිටත් වැඩ හොද පුටුවක් හම්බ වෙයිද දන්නෙත් නැහැ.
මෙන්න දැන් ලැබුන ආරංචියක්. විදේශ රටකින් මේ මන්ත්‍රීට ආචාර්‍ය පට්ටමක් දෙන්න යනුවළු.(නදී)
ඔහු ඉල්ලා අස් වුනාම කියමුකෝ. නමුත් දියණියට වෙච්ච ලැජ්ජාව මකා ගන්නේ කොහොමද ? නිහතමානිකම ඇඟේ මවිලකවත් තිබුනා නම් මෙහෙම වෙන්නේ නැහැ. කරන්න තිබුන හොඳම දේ නම් දුවගේ සංවරකම රැකගන්න උනන්දු නොවිච්ච අම්මට දඬුවම් දීම නේද ? එහෙම කෙරුවා නම් දුවවත් හැදෙනවා තමුන්ගේ නමත් රැකෙනවා. (නි)
මේ නුගත් තාත්තා නිසා අර දරුවාගේ ඉගනීම කඩාකප්පල් වුණා.මේවා අනිත් දේශසපාලකයන්ටත් හොඳ පාඩම්. (නි)
අපි අද කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ ගුරුවරු නිසයි. රටේ මොන තරම් ප්‍රශ්න ඈති වුනත් මිනිස්සු,ජනමාද්‍ය,මේ වගේ නැගිට්ටේ නැහැ. දැන් කව්රු කව්රුත් .දැනගන්න ඕනා ලංකාවේ මෝඩයෝ නැහැ කියලා.(නදී)
ඉල්ලලා අස්වෙලා හොද මිනිහා වගේ ඇග බේරගන්න හිතාගෙන ඇත්තේ.උසාවියෙන් නොකෑවත් සමාජයෙන් ඔයා විතරක් නෙවෙයි සමහරවිට දුවත් අනාගතයේදී ඉල්ලන් කන්න ඉඩතිබෙනවා පුතෝ (නි)
ඔය පලා බබලා ඉල්ලා අස්වෙන්නේ නැහැ. ඔය ඉහල නියමයක් බොහොම හොඳ වැඩක් ඒ කරපු කාර්ය. දේශපාලනයට එන කොට උගත්කමත් ටිකක් බලන්න ඕනා. දේශපාලන ඇම්බට්ටයන්ට තනතුරු දුන්නහම ඔයවගේ වැඩ වෙනවා. ගරු ජනාදිපති තුමාගේ රජයේ කිර්තිනාමය නැතිකරන්නේ මේ වගේ අය තමයි.(නදී)
මේ හලෝ ලැජ්ජා නැද්ද තවත් කට අරින්න. ඉල්ලා අස්වුනාද නැත්නම් අස්කරලා ගෙදර පැන්නුවාද?(නදී)
කිසිම කුමන්ත්‍රණයක් නැහැ. බහුතර දේශපාලකයන්ට පන්සිල් පද 5 වත් රකින්න බැහැ(නි)
"දුෂ්ට කුමන්ත්‍රණයක්" කිව්වා? ඒ කියන්නේ ඉහලම කට්ටිය එකතුවෙලා? බලාගෙන ඕවා කියන්නේ හොදේ. "කුමන්ත්‍රරණය " තවත් දරුණු වෙයි. (නි)
බබාගේ ලියුම.(නදී)
සමහර බල්ලෝ බුරනවා සිංහයෝ වගේ, මොකද තමන් දන්නෙ නැහැනේ තමන් බල්ලෙක් කියලා.අන්තිමට බලුවෙලා යනවා. (මම කිවුවේ බල්ලෝ ගැන හොදේ)(නි)
මට නම් දුකේ බැහැ(නි)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා කතාවක් සහ කල කල දේ පල පල දේ කියලා කතාවකුත් ඔය නවගත්තේගම පැත්තේ තියෙනවා. (නි)
එක්කෙනෙක් දණ ගස්සලා මෙහෙම ඉල්ලා අස්වෙනවා නම් හැටඑකක් ධීවරයින්ගේ මරණවලට වගකිවයුතු බලධාරීන් ඇඳන් යට හැංඟෙන්නේ ඇයි?(නි)
කිසිම කුමන්ත්‍රණයක් නැහැ. සියලු ජනතාවම එක්වී නුසුදුස්සෙක් තනතුරින් පහකළා පමණයි. මෙය සියලු දේශපාලකයන්ට හොද පාඩමක් වේවායි පතමු (නි)
බන්ධනාගාරයේ සිට ලියුම් එවන්න අධිකරණයෙන් අවසර ගන්න ඕනෑ නේද? මෙයාට එහෙම අවසරයක් ලැබුණු වග නම් අපි කිසිම මාධ්‍යයකින් දැක්කෙ නැහැ(නි)
අනේ පව් ඔයා මොකුත් දන්නේ නැහැ. ඒ වුනාට කෙරුවාව අපි දැක්කා පත්තරේක තියනවා.(නදී)
අර ගුරුතුමිය බලවත් සේ කම්පාවට පත් කලෙත් දුෂ්ඨ කුමන්ත්‍රණයක් නිර්මාණය කරලද? මේවා පල කරනේ නැතිව ජනමාධ්‍ය ඇස් කන් වහගෙන ඉන්නද කියන්නේ?(නදී)
ලංකාවේ සිංහලයට හැමදේම ඉක්මනට අමතක වෙන නිසා ඊලග පාර පාර්ලිමේන්තුවට ඒවිද දන්නෙ නැහැ, වෙන නමකින්?(නි)
ඒ කියන්නේ මෙයාව පාසලට යවලා ගුරුතුමියට කුණුහරුප කියල බන්නවලා දන ගස්සවල තියෙන්නෙ කුමන්ත්‍රනයකින්. අනේ පව්. නොතේරුම්කමට පොඩි එකා කුමන්ත්‍රනයට අහු වෙලා. හරි හුරතල් නේ.(නදී)
මෙයත් අර අදින්නේ ගුරුවරිය හිතල දැනගැහුවැ කියන එකටයි.(නදී)
ඉල්ලා අස්වීම කියන්නේ කළ වරදට දඬුවම නෙමෙයි.අපහාස නිතිය හරියට ක්‍රියාත්මක වෙලා සුදුසු දඬුවම සහ ගුරු වෘත්තියට කළ අපහාසයට වන්දිත් ගෙවිය යුතුයි.දවස් දෙකක් ගියේ නැහැ තව දිහාවක පලා.සභා මන්ත්‍රී පුතෙක් ප්‍රින්සිපල්ටම ගහලා කියලා ලංකාදිපෙම තිබුනේ.(නි)
වයඹ එදා ඉදලම හිටියේ ඔහොම අයනේ.(නදී)
මෙහෙම සිද්ධියකට මන්ත්‍රීව ගෙදර යවාපු ජනපතිට ස්තුතියි.(නි)
මෙයා හාල්මැස්සෙක්. තෝරු දැලෙන් පිහිනනවා.(නදී)
ඔය විදියට ඉල්ලා අස් වුනාට අර ගුරුතුමී ගැන මට නම් බයයි. අද කාලේ අකාලේ වෙලා තියෙන්නේ. වරදට දඩුවම් කරන එකත් අද කාලේ හරිම භයානකයි. කොයි පැත්තට කැරකෙිද දන්නේ නැහැ(නි)
ඉස්සරහට පාන් කියන්නත් බැරිවෙයි මම හිතන්නේ. (නි)
මේක කුමන්ත්‍රණයක් නෙමෙයි. ඔහුගේ කල්කිරියාවේ ඇති වරදකි.ජනතා පරමාධිපත්‍යයෙන් බලය ලබා බලය අනිසි ලෙස යොදා ගැනිමකට දෙවියන්ගෙන් ලැබුනු දඬුවමකට යටත් වී ඇත.(නි)
වයඹ පළාත් සභාව විසුරුවා හරිනවානේ හෙට අනිද්දට. ඒ නිසා හරි ලොකුවට ඉල්ලා අස් උනා කිව්වට මැතිවරණයට අලුතින් නාම යෝජනා බාරදෙයි අපූරුවට. අපේ අයට සති දෙකෙන් හැමදේම අමතකයිනෙ. (නදී)
උඹ නාඩන්, උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩම්.(නදී)
ඉල්ලගෙන කනවා කියන්නේ මේවට තමයි. මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් කව්රුහරි දන්නා කෙනෙක් ඉන්නවනම් ලියන්නකෝ අපිට දැන ගන්න. එතකොට තීරණයක් ගන්න පුළුවන් ලබන සැරේ ඡන්දෙට කාවද පත්කර ගන්න ඕනේ කියලා. අපේ පොඩි ලංකාවේ කොච්චර ගානක් මන්ත්‍රීල ඇමතිලා ඉන්නවද ? පළාත්සභා, ප්‍රාදේශීය සභා, පාර්ලිමේන්තුවේ මේ සේරම නඩත්තු කරන්නේ අපේ අහිංසක ජනතාවගේ බඩට ගහලා. ඒ මදිවට මුන් අපිට ගහන්නත් එනවා.(නදී)
අස් වෙන්න දෙයක් නැහැ. මේ සතියේ කට්ටියටම හරි. නුඹ නාඩං, නුඹ නාඩං නුඹට ඕවා හොද පාඩම්.(නදී)
දුෂ්ටයන්ට එරෙහිව ක්‍රියා කල යුතු එලෙසමයි. (අ)
ගුරුතුමියට හිරිහැර කලට දවස් දෙකයි රිමාන්ඩ් 27 වෙනිදා වෙනකල් රිමාන්ඩ් කරලා තියෙන්නේ 2010 දී පුත්තලමේදී මිනිහෙකුට ගහපු නඩුවකට තියන වරෙන්තුවකට. බලාගෙන යනකොට හොද වැඩ කාරයෙක් වගේ පලා බබා. පොලිසිය පොල් ගලා මෙතෙක් කල් වරෙන්තුව ක්‍රියාත්මක නොකර. (අ)
අනේ හොද අය වගේ සරත් මහත්තයාගේ දුවගේ නම කියන්නකෝ මොකද මෙතන කුමන්තණය තියෙන්නේ දුව ගාව මිසක් වෙන කා ගාවද? තමන්ට ලැබුන දඩුවම ලොකු කරලා තාත්තට කියන්න ඇති. ඒක නිසා තාත්තා කුලප්පු උන පාර මන්ත්‍රී කමේ හයිය අර ගුරුතුමියට පෙන්නන්න ඇති.(නදී)
අනේ හොද අය වගේ සරත් මහත්තයාගේ දුවගේ නම කියන්නකෝ මොකද මෙතන කුමන්තණය තියෙන්නේ දුව ගාව මිසක් වෙන කා ගාවද, තමන්ට ලැබුන දඩුවම ලොකු කරලා මෝඩ තාත්තට කියන්න ඇති ඒක නිසා කුලප්පු වෙලා මන්ත්‍රී කමේ හයිය අර ටිචේර්ට පෙන්නන ඇති (අ)
අපරාදෙනේ මන්ත්‍රීතුමෝ, දරුවාට දුන්නු දඬුවම, ඔබේ දරුවාගේ යහපත් අනාගතයක් වෙනුවෙන් දුන්නු අවවාදයක් ලෙස සුභවාදීව බලා, එම ගුරුවරියට ස්තූති ප්‍රශංසා කර, පාසැල් ගවුමේ ලෙහන්නට වාටියක් නොමැති නමුත් නැතිකම නිසා කොට ගවුම් අදින දුප්පත් දරුවන්ට, සුදු ඇඳුම් මසා ගැනීමට අවශ්‍ය රෙදි යම් ප්‍රමානයක් හෝ ලබා දුන්නානම් විදුහල්පති තුමා සමග කතා කර එම පාසලේ පුස්තකාලයට අවශ්‍ය කරන පොත් යම් ප්‍රමානයක් හෝ ලබා දුන්නේ නම් අද ඔබතුමාට මොන තරම් ගරු බුහුමන් ලබන්නට තිබුනාද? යම් කෙනෙකුට මුදල් ලබා දෙන්නට පුලුවන් වුවත් ඥානය ලබා දීමට නොහැකි බවත් ඥානය තමන් විසින් ලබා ගත යුතු බවත්" බුද්ධ දේශනාවේ සඳහන්ව ඇත. ඔබ තුමා ඒ පිලිබඳව නොදැන සිටීම කනගාටුවට කරුනකි.(නදී)