IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ආපදා ආධාර සඳහා රජයෙන් බැංකු ගිණුම්

(හර්ෂණ තුෂාර සිල්වා)

දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ආධාර කිරීම සඳහා බැංකු ගිණුම් කිහිපයක් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. 

දෙස් විදෙස් දානපතියන්ගෙන් කෙරෙන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ආපදාවට ලක්වූ ජනතාවට සහාන සැලැසීම සඳහා ආධාර මුදල් තැන්පත් කිරීමට මෙම විශේෂ ගිණුම් භාවිත කෙරෙනු ඇත. 

ඒ අනුව විදෙස් මුදල් ඒකකවලින් මුදල් පරිත්‍යාග සිදු කරන පුද්ගලයන්ට සම්පත් බැංකුව යටතේ ක්‍රියාත්මක ( BSAMLKLX) යන ජාත්‍යන්තර බැංකු කේතය සහිත පහත ගිණුම් අංක සහිත ගිණුම්වලට ප්‍රේෂණය කරන්නැයි රජය ඉල්ලා සිටියි.

අදාළ මුදල් ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ දේපළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා යොදාගන්නා බව ද රජය ප්‍රකාශ කරයි. 

 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් - 5029 6000 2000

එක්සත් රාජධානිය පවුම් - 5029 6100 2000

ජපාන යෙන්  - 5029 6400 2000

ඕස්ට්‍රේලියා ඩොලර් - 5029 6600 2000

යුරෝ - 5029 6900 2000

 

 



අදහස් (16)

ආපදා ආධාර සඳහා රජයෙන් බැංකු ගිණුම්

සමන් Wednesday, 31 May 2017 04:18 PM

ආධාර එකතු කරලා වාහන ගන්න පරිපූරක අස්තුමේන්තු වලට එහෙම ගන්නවා නෙවෙයි ඔන්න...

:       7       124

lalith Wednesday, 31 May 2017 05:32 PM

සමන්, එයාල මෙඅවුරුද්දේ ගන්නේ නැහැ කියනවනේ? ආයේ ලබන අවුරුද්දට අලුත් මොඩෙල් ගැහුවහම ලු ගන්නේ?.

:       4       37

susantha Wednesday, 31 May 2017 04:22 PM

පිළිකා රෝහලට ස්කෑන් යන්ත්‍රයක් ගන්න මිනිස්සු එකතු කරලා දීපු මුදල් දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ගිණුමේම තියෙන්න ඇරලා ලෙඩ්ඩුන්ට මැරෙන්න ඇරලා බලන් ඉන්න ආණ්ඩුවක් මේ මුදල් වලින් නිසි ආධාර ලබාදේවිද අවතැන් වුණ මිනිස්සුන්ට?

:       27       509

nilantha Wednesday, 31 May 2017 09:28 PM

ආණ්ඩුවට සතයක් දෙන්න ඕනේ නැහැ කෙලින්ම පුළුවන් අය එකතුවෙලා විපතටපත් අයට උදව් කරමු.

:       0       0

channa Wednesday, 31 May 2017 10:53 PM

ආණ්ඩුවේ ගිණුමට දැම්මොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මම නම් දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුවට....

:       0       0

roshan Fernando Wednesday, 31 May 2017 11:24 PM

මිතුරනි, මේ අය මේ මුදල් කවදාවත් අසරයන්ට නම් දෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් තනියම උදව් කරන්න.

:       0       0

ravin Thursday, 01 June 2017 12:20 AM

කෙසේ වෙතත් සුනාමියේ වගේ කාගේ කාගේ සාක්කු තරවෙයිද මන්දා?

:       0       0

Indika Thursday, 01 June 2017 12:42 AM

මේ එක බැංකු ගිණුමකටවත් කිසිම මුදලක් දාන්න එපා. ඒ ටිකත් ගසා ගිනීවි. මුදල් දෙන්න කැමති අය තමන් දන්නා කියන එක්කෙනෙකුට යවන්න. ඒ අය උදවු කරාවී. මෙදා පාර අසරණ අයට උදව් කලේ සාමාන්‍ය මිනිස්සුනේ, රජයෙන් නෙමනේ. දාන මුදල් ඒ අය වියදම් කරලා නම දා ගනිවී. දාන්න නම් එපා සත පහක්ක්වත් ඔය එක බැංකු ගිණුමකටවත්...

:       0       0

sri lankikaya Thursday, 01 June 2017 02:24 AM

මේවට අහුවෙන මෝඩයොත් ලංකාවේ ඉන්නවා තවත්.

:       0       0

gamage Thursday, 01 June 2017 02:29 AM

මෛත්‍රි මහත්තයා කිව්වේ ඇති වෙන්න සල්ලි තියෙනවා කියලයි. ඒත් මේ අය බලයට ආ දවසේ එලා රටටම හෙනයක් වෙලා.... පව් අහිංසක මිනිස්සු.... දන්නා කෙනෙක් මේවට නම් සල්ලි දන්න එපා.

:       0       0

sagara Thursday, 01 June 2017 03:07 AM

රජයේ ගිණුම් මොකටද පුද්ගලික බැංකුවක අරින්නේ? රජයේ හැම වියදමකින්ම හොරකම් කරන අය ඕකෙන් හොරකම් කරන්නේ නැහැ කියල කොහොම හිතන්නද?

:       0       0

akila Thursday, 01 June 2017 03:22 AM

ලැජ්ජා නැත්ද දන්නේ නැහැ ආණ්ඩුවෙන් මිනිසුන්ගෙන් අධාර ඉල්ලනේ, කෝටි ගණන් වටිනා වාහන ගන්න සල්ලි තියෙද්දී

:       0       0

ධම්ම Thursday, 01 June 2017 03:38 AM

ඇයි මේ ප්‍රතිචාර දක්වන අය විපතට පත්වූවන් බලන්න යන මැති ඇමැතින්ගේ ගමනාගමනය ගැන නොහිතන්නේ. ඔවුන්ට අලුත් වාහන ලැබී තිබුනා නම් මේ වෙනකොට විපතට පත්වූවන්ට සහන සලසා හමාරයි.

:       0       0

K Perera Thursday, 01 June 2017 03:44 AM

එතරම්ම මේ ආණ්ඩුව දුෂිතද ? ඉතිහාසය අමතක නිසා මේ අහන්නේ .

:       0       0

Janaka Jayasinghe Thursday, 01 June 2017 03:53 AM

සුසන්ත මහත්මය කියපුදේ හරියටම හරි. ඒ මුදල් යටිමඩි ගහන්න අවශ්‍ය සෑලසුම් හමාරකරලා ඈති.

:       0       0

ශානක Thursday, 01 June 2017 01:39 PM

පිළිකා රෝහලට සල්ලි එකතු කරල දීලත් ස්කෑනර් එකක් ඔඩර් කරල ගන්න බැරි තරම් නොහැකියවක් තියෙන ආණ්ඩුවක් ගංවතුර ගැන කවර කතාද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 572 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 717 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 314 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 786 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 219 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 1737 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site