මත්කුඩු ජාවාරම් කරන බවට සැකකරන ආබාධිත හමුදා සෙබළකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම් 170ක් සමග අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි.
හෙරොයින්වලට වීදි වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වෙතියි පොලිසිය සඳහන් කරයි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පිට ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 27557 ආර් කේ ජේ ප්‍රසාද්, පොලිස් සැරයන් 7742 මහින්ද, පොලිස් කොස්තාපල්වරුන් වන 40070 කස්තුරි, 35450 ආරියපාල, 47450 බණ්ඩාර යන මහත්වරු කාලයක් තිස්සේ සොයා බලා සැකකරු අත්අඩංගුවට ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධෙ දිනුවට පස්සෙ හරියට ආබාධිතයන්ට සැලකුවා නම් මේ සෙබලා මෙවැනි අභාග්‍යකට මූන දෙන්නෙ නැතිවෙයි. (නි)
කව්ද දන්නේ ආබාදිත වෙන්නත් කලින් ඉදලම ඔය ජොබ් එකත් කරනවද කියලා. චතුලටත් මම එකග වෙනවා.(නදී)
ආබාධිත සෙබලුන්ට හොද වැටුපක් ලැබෙනවා. එහෙමවත් නැති මිනිස්සු කී දාහක් කුඩු විකුනන්නේ නැතිව ජීවත් වෙනවද? සමාවක් දෙන්න නරකයි. අනිත් ආබාධිත සෙබලුන්ටත් අපහාසයක්.(නදී)
අපි කුඩ්ඩන්ට මරන දඬුවම දෙන්න ලජ්ජා ඇයි?(නදී)
මෙවැනි තත්වයකට ඇද වැටීමට හේතු සොයා බලා නිසි පිළියම් දිය යුතුයි. මොවුන් අපගේ නිදහසට උර දුන් අයයි (නි)
අපොන්සු, කුඩ්ඩන්ට මරණ දඩුවම දෙන්න පළමුව කුඩ්ඩන්ගේ ප්‍රධානියාට මරණ දඩුවම දෙන්න ඕනෑ (නි)
යුද හමුදාවෙන් ලබා ඇති පදක්කම් මොනවද ?රණවික්‍රම ,රණ ශූර , විශිෂ්ට සේවා වගේ ... එහෙව් මිනිස්සුන්ට ගිය කලක්! ඒ තරමටම රණවිරුවන්ට අහේනියිද? (නි)
ආබාධිත සෙබලා කරපු දේ වැරදියි. ඒත් හැම වැරැද්දකටම හේතුවක් තියනවා.එයාලට රජයෙන් දෙන පඩිය මදි ජීවත් වෙන්න.හරියට යන්න එන්න බැරිව එකතැනකට වෙලා ප්‍රශ්න වලට මැදි වුනාම ඔයවගේ දේවල් වලට නිකම්ම පුරුදු වෙනවා.පන්සලක් ළග මල් විකුනන්න බැහැනේ සෙබලෙක් නිසා.එහෙම කළත් ඒ මුදල මදිනේ පවුලක් රකින්න.රජය එයාලා ගැන මිට වඩා සැලකීමෙන් බලන්න ඕනෑ.ආබාධිතයි කියා වවාගෙන කන අයට නෙමේ ඇත්තෙන්ම ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන අහිංසක අයට. (නි)