ගම්පහ රතුපස්වල ළිංවතුරට අසළ කම්හලකින් සිදු වෙතියි කියන ජල දුෂණය සම්බන්ධයෙන් පොලීසිය අද (01) ගම්පහ මහෙස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියෙන්, රජයේ රස පරික්ෂකගෙන්,ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයෙන් ,ගම්පහ වෛද්‍ය අධිකාරිගෙන් හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් කැඳැවන ලෙස පොලීසිය ඉල්ලා සිටියේය .
මහෙස්ත්‍රාත් ඊට ඉඩ දුන්නේය.
කම්හලේ අපද්‍රව්‍ය ළිං වලට එක්වීම පිළිබද පොලීසිය මහජනයාගේ පැමිණිළි පහක්ද ඉදිරිපත් කළේය.
කම්හල අවට රැස්ව සිටින ගම් වැසියන් ඉවත් කරන ලෙස කම්හල වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරුන් ඉල්ලා සිටි නමුත් මහෙස්ත්‍රාත් හේෂාන්ද මෙල් මහතා එය ප්‍රතික්ෂේප කළේය.
පොලීසියේ පරික්ෂකවරයකුට හෝ ඉහළ නිලධරයකුට එවැනි ක්‍රියාවකට බලය ඇතැයි මහෙස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
කම්හල වසා දැමීමට නියෝගයක් නිකුත් කරන්නැයි ගම් වැසියන් වෙන්වෙන් පෙනී සිටි නීතීඥවරයෙක් කරුණු ඉදිරිපත් කළේය.
මෙම පැමිණිල්ල වෙනත් කාරණයක් සම්බන්ධයෙන් බව කි මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පැවසුයේ ඔහුටද පැමිණිල්ලක් මගින් වෙනම නඩුවක් ගොනු කැර ඒ සදහා ඉදිරිපත් වීමටද හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහෝදරවරුනේ, ඔය විදියටම ඉදිරියට යන්න අපගේ සුබ පැතුම්! (නි)
මේ ආයතන වලින් පරීක්ෂණ වාර්තා ගැනීම මම නම් අනුමත නොකරමි (නි)
ඔය ගොල්ලෝ දන්නේ නැතුවට මම නම් දන්නවා ඔය වාර්තා පහේම තියෙන දේවල්. ඒ වුණාට මම කියන්නේ නැහැ. (නි)
සුරංග ඔයාගේ කතාව හරියටම හරි
මේ කම්හල ජනශූන්‍ය හම්බන්තොට වැනි ප්‍රදේශයකට ගෙන ගියොත් හොදයි. නැත්නම් මිනිස්සු විශාල ගණනක් අකාලයේ මිය යනවා. (නි)
ගම්පහ දිස්ත්‍රික් නායකයා මොකද පෙනෙන්නවත් නැත්තේ? ඡන්දෙ ළං වුණාම විතරද ජනතාව මතක් වෙන්නේ? ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිනි පබා නෝනාවත් ඇවිත් යන්න කිව්වා නම් ජනතාව විසිර යයි සමහරවිට (නි)
අපේ වැඩ පොළ වහන්න ආවොත් අපිත් නිකන් ඉන්නෙ නැහැ.අපිටත් වෙන කරන්න දෙයක් නැහැ (නි)
උපාලි නම් හොදටම 'කඩේ යනවා'. හැබැයි කා වෙනුවෙන්ද දන්නේ නැහැ? රතු පස්වල කියන්නේ බොහොම සුන්දර ගම් පියසක්. මේවායේ පදිංචි වෙලා ඉන්නේ අවු දහස් ගානක් තිස්සේ පැවතෙන පාරම්පරික මිනිස්සු. බොහොම සශ්‍රික පළාතක්. කුඹුරු ,පොල්වතු බවබෝග හරක බාන හැම අතින්ම... ආයතන ආවේ බොහොම මෑතක. එතකොට 600 ගානකගේ පවු වලට කරගහන්න ඕනෑ මේ ගමේ ජීවත් වෙන අහිංසක මිනිස්සුද ? අධිකරණ තීන්දුවත් හරිම ඉහළයි (නි)
කම්හලෙන් විෂ අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරියත් නැතත් මේ පරීක්‍ෂණයෙදී නිවැරදි විද්‍යාත්මක වාර්තා සැපයීම පිළිබඳව භූ විද්‍යාවටත්, ජල සම්පාදනයටත් විශාල වගකීමක් පැවරෙනවා. කම්හලෙන් බැහැර කරන අපද්‍රවය වල සංයුතිය ගැන පරිසර අධිකාරියට මනා වැටහීමක් තිබියයුතුයි. ඔවුන් අනුමත කල සංයුතියෙන් යුත් අපද්‍රව්‍ය පමණක් බැහැර කරන්නේද යන්න නිරන්තර පරීක්ෂාවට ලක්කළ යුතුයි. කම්හල නිවැරදිව කටයුතුකර තිබියදීත් භූගත ජලයේ භාෂ්මිකතාව ඉහල යාමට පාන්ශුමය හා භූ විද්‍යාත්මක හේතු තිබිය හැකියි. අපේ විද්‍යාඥයින්ගේ දක්ෂතාවය අධිකරණය හමුවේ ඇගයීමට ලක්වන හැටි ජනතාව අවධියෙන් බලාසිටිනවා. (දී)
තමන්ට තමන් විසින්ම ගහගන්න රටක, මිනීමරුමකින් පස්සේ හැම දෙයක්ම අමතක වෙන අය ඉන්න රටක, ලයිට් බිල් 100%කින් වැඩිකරන්න කියල උද්ගෝෂණය කරන රටක , අහිංසක මිනිස්සුන්ට සාදාරණයක් වෙයි කියල කොහොම හිතන්නද? (දී)
ඔය පැත්තේ මිනිස්සුන්ට කිසිම දේකට වතුර පාවිච්චි කරන්න එපා කියලා ළිං වල තිබෙන. ඔය කර්මාන්ත ශාලාවේ වීෂ රසායන ද්‍රව්‍ය නිසා මැරුණු මිනිස්සු ඉන්නවා. අන්ධ වුණ මිනිස්සුත් ඉන්නවා. (නි)
දැන් රටේ මිනිසුනට තමන්ගේ ප්‍රශ්න ගැන කියන්න ඉන්නේ ගමේ හාමුදුරුවෝ සහ අදිකරණය පමණයි. (ස)
අහිංසක අපිව බේරාගෙන මෙම කම්හල වහාම වෙන පළාතකට ගෙන යා යුතුයි. (නි)
මෙතන පොලීසිය මොකාක් හරි කරන බව පැහැදිලි වෙනවා. ඒ අයට ඕනේ කම්හල වෙනුවෙන් ඉදිරිපත් වෙන්ඩ වගේ වැඩේ යන හැටියට තේරෙන්නේ. ඔහොම යමු. දැන් රූ කාන්තගේ නඩුවේ තීන්දුව වගේ (දී)
කම්මල දැනට වහල වතුර බව්සර් මහජනයාට දෙන්න කම්මලේ අපිරිසිදු ජලය බව්සර් මගින් ජන ශුන්‍ය පළාතකට රැගෙනයන්න
මේ වර්තවල් එක්ක වත් සාදාරන වෙයි කියල හිතන්න බැහැ (දී)
ලංකාවෙනම වැඩිම මනාප දීල පාර්ලිමේන්තු යවුවෙත් මේ මිනිසු තම..අන්තිමට තමාගේ දුක කියන්න කෙනෙක් නැහැ ..ඊලග චන්දෙ වෙනකන් මේ මිනිසුනට මේක මතක තිබුනොත් ඇති.. (දී)
මෙතන අදහස් දැක්කම අපේ රට යන්නේ කොහාටද කියලා හිතාගන්නවත් බෑ. දිලාන්, උපාලි,මේ කම්හල පරිසර හිතකාමී විදියට අපද්‍රව්‍ය එලියට දැම්මනම් මෙහෙම දස දහස් ගණනක මිනිස්සුන්ට වතුර ප්‍රස්නයක් එන්නේ නෑ කියලා හිතන්න මොලයක් ඔය අයට නැද්ද? මේ විදියට හිතුවක්කාරීව රසායනික අපද්‍රව්‍ය පොළොවට දාල තමන්ගේ ළමයින්ව ලෙඩ වෙනවා බලා ඉන්න පුළුවන් කාටද? අනික ගලා යන ජලයත් එක්ක මේ ප්ර්සනය තව ගම්වලට පතිරෙන්න්න පුළුවන්. අවුරුදු ගණනක් පවතින්න පුළුවන්. එව්වට වගකියන්නේ කවුද? මේ කම්හල වෙන තැනකට ගෙනිහින් ප්‍රමිතියකට වැඩ කරන්න බැරිද? එත් නල ජලය එන්න හිතලවත් නැති මේ ගම්වල දස දහස් ගණන් වන මිනිස්සු වතුර ටිකක් හොයාගෙන කොහේ යන්නද? (දී)
මේ ප්‍රස්ස්නේට මග අරින සියලු දේශපාලුවන් ගැන ඊලග චන්දෙදි ජනතව වග බල ගත යුතුය.. (ස)
වතුර විස වුනාම මිනිස්සු වකුගඩු රෝග වලින් මැරෙනවා. සේවකයන්ගේ ජොබ් වලට වඩා ගම්මුන්ගේ ජීවිත වටිනවා. (ස)
අධිකරණය ඉතාම විධිමත්ව ප්‍රශ්නයට මැදිහත් වී තියෙනවා. මීට කලිනුත් මෙවැනි සිද්ධීන් ගණනාවක් ගැන අධිකරණයෙන් පොලිසියට උපදෙස් දී තිබුනා මතකයි ජනයා ඉවත්කිරීම වැනි දේට අධිකරණ නියෝග අවශ්‍ය නැහැ පොලිසියට ඒ බලතල දැනටමත් තියෙනවා කියල. මට තේරුම් ගන්න බැරි නීතිඥ මහත්තයෙක් කම්හල වහන්න නියෝගයක් ඉල්ලපු එක ගැනයි. එතකොට එලියට දාන 600 ක් සේවකයෝ ජීවත්වෙන්නේ කොහොමද දන්නේ නෑ, ඒකයි. (ස)
අනේ කාලේ වනේ වාසේ. (ස)
කම්හල වැහුවම නැතිවෙන ජොබ් දෙන්නේ ගම්මුද? (දී)
වෙන්නේ මොකද්ද අපි බලන් ඉදුමු එච්චරයි
මෙම කර්මාන්තය මොනවද හදන්නේ? මේ වර්ගයේ තවවත් කර්මාන්ත ලංකාවේ/ ලෝකයේ තියෙනවද? (දී)
මට නීතිය ගැන පැහැදිලි නැ, මහෙස්ත්‍රාත් ට බලය නැ ලු කට්ටිය අයින් කරන්න , එවුනාට පොලිසිය අදිකරණයෙන් ඉල්ලනවා ස්ට්‍රය්ක් කරන අය එලවන්න (දී)