”සෞඛ්‍ය කාර්ය සහායක” යන නිල නාමය හා නිල ඇඳුම් දීමනාව හා උසස්වීම් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් බොරැල්ල ආයුර්වේද රෝහලේ සේවකයෝ සමස්ත ලංකා සුවසේවා සංගමයේ මෙහෙයැවීමෙන් එම රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වූහ.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ බහුතරයක් ආයුර්වේදයෙන් වෙන සේවාව දන්නේ නැහැ... මේ අයගේ ඉල්ලීම් සාධාරණයි..!(නු)
විපක්ෂය තාම ඇවිල්ල නැද්ද?(නු)
නම තමා මෙයාලගේ වැඩ නැහැ..!(නු)
මැස්සා , නිල මැස්සා කෝකද වැඩිය හොඳ ?? විශේෂණ එපා යන විදියට යමු (ස)
මේ රට ආපහු 88-89 යුගයට යනවද කියලා සැකයි. (නි)
"ලාල් මෙයාලගේ වැඩ නැහැ..!" ඔය කියලා තියෙන්නේ කටපාඩම් කරවලා තියෙන කතාව! මහත්තයා කවදාවත් රජයේ ආයුර්වේද සායනයකින් බෙහෙත් අරන් තියෙනවද? තියෙනවානම් ඔය කියන 'වැඩ නැති' ආයතනය කොතන තියෙන එකක්ද කියල මෙහි සඳහන් කරන්න. නොදන්නවානම් කට පියාගෙන මේ ගැන දන්නා අයට ඉඩ දෙන්න. තව එකක් කියන්න තියෙනවා. 'සෞඛ්‍ය කාර්ය සහායක' නිල නාමයත් දන්නා තරමින් දැනට තියෙන්නේ අවිනිශ්චිත තත්වයක. මා දන්නා එක ප්‍රධාන පෙලේ රෝහලක මෙම නිලනාමයේ ඉංග්‍රීසි පරිවර්තනය ගැන ගැටලුවක් නිසා නව නිල හැඳුනුම්පත් නිකුත් කිරීම අර්බුදයකට ගිහින් කියා ආරංචියි. (ස)
අපේ රටට වෙලා තියෙන්නෙ හීනමානයෙන් හිස උදුම්මා ගැනීමයි. යුරෝපයේ රජයේ සෞඛ්‍ය ආයතනවල දොස්තරගේ සිට වාට්ටු පිරිසිදුකරන්නා දක්වාම භාවිතා කරන්නේ එකම නිල ඇඳුම. වෙනසකට තියන්නෙ හැමකෙනාගෙම නිල ඇඳුමෙ නමත් තනතුරත් සඳහන් කිරීම පමණයි. මේක මෙතරම් විසඳන්න බැරි දෙයක්වත් උද්ඝෝෂණ කරන්න දෙයකුත් නෙමෙයි. බලධාරීන්ගෙ නොසැළකිල්ල. (නි)
මොනවා කරත් පඩි වැඩි කරන්න (ස)