IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආයුර්වේදය ඩිජිටල් වෙයි

ලාංකීය අනන්‍යතාවය සහිත සියලූ සම්පත් සුරකිමින් ඩිජිටල් පුස්තකාලයක් ආරම්භ කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සැරැසෙයි.

මෙම කාර්යය සඳහා මුලපුරන්නේ ලෝක බුද්ධිමය දේපළ සුරැකීමේ සංවිධානය සමග ඇතිකරගත් එකඟතාවයක් මත බව  දේශිය වෛද්‍ය ඇමැති  සාලින්ද දිසානායක මහතා කිවේය.

මෙම එකඟතාවයට අනුව ඩිජිටල් පුස්තකාලයේ සංරක්ෂණය කිරීමට උත්සාහ කරනුයේ ඖෂධීය සම්පත් පමණක් නොවේ. දේශීය වෙදකමට අයත් සියලූ තොරතුරු, යාග හෝම බලි තොවිල් ආදී ශාන්ති කර්ම, ශ්‍රී ලංකාවට ආවේනික ඖෂධීය පැලෑටී හා ඒවායේ වටිනාකම, ලාංකීය ගීතය, සංගීතය ඇතුළු සියලූ බුද්ධිමය දේපළ මේ සංරක්ෂණයට අයත්වේ.

සාලින්ද දිසානායක අමාත්‍යවරයා පවසන පරිදි මේ බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් බටහිර ජාතීන් පවා හෙම්බත්වී සිටින සමයකි. ඒ නිසා ඔවුන් අපේ පාරම්පරික වෙදකම ගැන උනන්දු වෙමින් සිටී. මෙය අපට අපේ වෛද්‍ය ක‍්‍රමය ලෝකයේ ඉහළට ඔසවා තැබීමට ලැබී සමහර රෝග සඳහා බටහිර වෛද්‍ය ක‍්‍රමයේ පවතින්නේ සැත්කමක් කර ශරීරයේ රෝගයට ගොදුරුවූ යම් කොටසක් ඉවත් කිරීමයි.

එහෙත් දේශීය වෛද්‍ය ක‍්‍රමයෙන් ශරීරයේ කොටස් ඉවත් කිරීම වෙනුවට ඖෂධ මගින් සුව කිරීම සිදුකෙරේ.පාරම්පරික වෙදුන් පවසන පරිදි අපේ රටේ ඖෂධීය ශාක අති විශාල ප‍්‍රමාණයක් පවතී. සෑම රෝගයකටම අපේ පරිසරයේ පවතින ශාකවලින් ප‍්‍රතිකාර කළ හැකිය.ඉතිහාසයේදී අපට බටහිර වෛද්‍ය ක‍්‍රම තිබුණේ නැත. එකල සියලූ වෙදකම් පරිසරයේ ගහකොළ යොදාගෙන සිදුකර ඇති බව ඉතිහාස වෙදකම් පිළිබඳව හදාරද්දී සොයාගත හැකිය.මේ වෙදකම් පිළිබඳව සඳහන් පුස්කොල පොත් පාරම්පරික වෙදැදුරන් සතුවත් සමහර පන්සල්වල පොත්ගුල්වලත් සුරැකිව ඇත. එහෙත් පාරම්පරික වෙදකම ඉදිරියට පැමිණියේ පරම්පරාවෙන් පරම්පරාවට හිමිවන පරිදිය. බටහිර වෛද්‍ය ක‍්‍රමයට මෙරට ජනතාව හුරුවීමත් සමග පාරම්පරික වෙදකම අභාවයට යන්නට විය. සමාජය තුළ බටහිර වෛද්‍යවරයෙකුට පවතින සැලකිල්ල දේශිය වෙදැදුරන්ට නොලැබීම, ආදායම් පහත වැටීම,ආදී හේතූ මත පාරම්පරික වෙදකමින් වත්මන් පරපුර ඉවත්වයාම සිදුවිය. 

අපේ උරුමයන් වෙනත් රටවල් තමන්ගේ උරුමයන් බවට පත්කරගෙන සිටින බව ඇමැති සාලින්ද දිසානායක මහතා කීය. අපේ රටේ වැවෙන කොතල හිඹුටු අයිති කොතල හිඹුටු වැවෙන්නෙත් නැති ජපානයටයි. යටත් විජිත සමයේ අපෙන් හොරකම් කරගත් පුස්කොළ පොත් නැව් 6ක් පමණ එංගලන්තය ඇතුළු අප යටත් කරගෙන සිටි රටවල තිබෙනවා. ඒවායින් ඒ අයට වැඩකුත් නැහැ, අපට දෙන්නෙත් නැහැ. අපෙන් අරන් ගිහින් අපටම විකුණන්න හදනවා. මෙය තවදුරටත් සිදු නොවිය යුතු නිසයි අප මෙම ව්‍යපෘතිය අරඹා තිබෙන්නේ.

අප මේ වනවිට පිළිකාව, දියවැඩියාව, වකුගඩු, හෘදරෝග  වැනි බෝ  නොවන රෝග හතරක් හා ඩෙංගු රෝගය සඳහා අපේ වෛද්‍ය ක‍්‍රමයෙන් ප‍්‍රතිකාර සෙවීම සඳහා පර්යේෂණ අරඹා තිබෙනවා.‘

දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක සැලසුම්- උපුල් වීරවර්ධන මහතා

මේ ඩිජිටල් පුස්තකාලයේ අපට අයත් කොටස වන්නේ පාරම්පරික වෙදකමට අදාල විවිධ ගුරුකුලයන් සතු බෙහෙත් වට්ටෝරු, ඒ ඒ ඖෂධවල අඩංගු සංඝටකයන්, ඒවා භාවිතාකළහැකි රෝගයන් ආදී තොරතුරු ඒවාට ආදාළ ගුරුකුල අනන්‍යතාවය සහිතව එකතු කිරීම. ඒ වගේම සමහර රෝගවලට කෙම් ක‍්‍රම වගේම යන්ත‍්‍ර මන්ත‍්‍ර, ගුරුකම් ආදී ප‍්‍රතිකාර ක‍්‍රම භාවිතා කළා. ඒ නිසා ඒ පිළිබඳ තොරතුරුත් අපි එක්රැස් කරනවා. තොව්ල් - පවිල්, දෙවොල් මඩු, දහඅට සන්නි වැනි ශාන්ති කර්ම සජීවීව නියම හඬ සහිතව  ඕනෑම කෙනෙකුට අධ්‍යයනය කළහැකි පරිදි පටිගතකර තබනවා. මෙවා රැස්කිරීමේදී අපට බාධාවන් පවතිනවා.

පාරම්පරික වෙදකමේ සමහර තොරතුරු පවතින්නේ මුඛ පරම්පරානුගතවයි. ඒවා ලබාගැනීමට අපට ඔවුන් පුද්ගලිකව මුණගැසී සාකච්ඡා ඇසුරින් සියල්ල සටහන් කරගැනීමට සිදුවෙනවා. එසේම අප පාරම්පරික වෙදැදුරන් ඇතුළු දේශීය වෛද්‍යවරුන් සංගනනයකට ලක්කරනවා.ඔවුන් සතු දැනුම එක්රැස්කර කුසලතා ලේඛනයකට සකස්කරනවා. විවිධ ගුරුකුල යටතේ පුහුණුවීමට කැමති අයට එයට අවස්ථාව සලසා දෙන්නත් අප බලාපොරොත්තුවෙනවා. අනාගත පරපුරට ප‍්‍රයෝජන ගතහැකි පරිදි පාරම්පරික වෛද්‍යවරුන් සඳහා පර්යේෂණ හා ශික්ෂණ රෝහලක් ඇති කරවා අවසන්.

පුස්කොළ පොත්

දේශිය ඖෂධ කිහිපයක්

 ශාන්ති කර්මයක්

 දෙහිකැපීමේ අවස්ථාවක්

 



අදහස් (0)

ආයුර්වේදය ඩිජිටල් වෙයි

රසාදරී Friday, 09 August 2013 08:37 PM

මේක නම් ඕන නැති වැඩක්. හැබැයි නිකම් බය වෙන්න ඕනි නැහැ අපේ වේද කම ගැන. ඉස්සර කාලේ ගුරු මුස්ටිය කියල දෙයක් තිබුනා. හැබැයි ගුරු ගෝල සියල්ලෝම වෙදකමින් ඉසිවරු! අදත් අධ්‍යාපනයේ තමා විසින් දැනුම සොයා යාමේ ක්‍රමය තමා පළමු තැනට තියෙන්නේ. ඒත් මේ වාගේ නිම හිම් නැති විෂයක ඉන්ටෙර්නෙට් එකට කරන්න පුළුවන් දේ ඉතාම සීමිතයි. කෙනෙකුට මේ වෙබ් අඩවි බලල වෙදකම් කරන්න බැහැ. ගස් කොලන් අතගාල ඒවායේ පුසුබ දැනගෙන ප්‍රායෝගිකව ප්‍රගුණ කල යුතු විෂය පථයක් මේක. වෙබ් අඩවි බලලා බලි නටන්න එහෙම පුලුවන්ද. ලොබ්ස්ටන් රම්පාගේ තෙවන ඇස හෙවත් දිබ්බචක්කු කියන පොත කියවන්න. පාරම්පරික වෙදකම් කරන්න පුලුවන්ද නෙට් එකෙන් බලාගෙන කියන එක තේරෙයි. (නදී)

:       0       0

ගගන Friday, 09 August 2013 02:59 PM

අපේ සිංහල වෙදකම හොරාගන්න හදන වැඩපිළිවෙළක් මේක. අහුවෙන්න එපා...!!!! (ස)

:       0       0

ටිරල් Friday, 09 August 2013 03:19 PM

වේද මහත්තයට යූ එස් බී එකක් විතරයි ඕනේ. (ස)

:       0       0

සරත් Friday, 09 August 2013 03:28 PM

අපිට උදව් කරනවා වගේ එන්නේ අන්තිමට ඔක්කොම හොරකම් කරයි එක පාරක් හැක් කලාම ඉවරයි.(ස)

:       0       0

කුමාර Friday, 09 August 2013 03:35 PM

ඉතා කාලෝචිතයි.ආයුර්වේදය එක්ක එකට යන ආහාර පාන රටාවකුත් අපට තිබුන.ඒ ගැනත් සෙවිය යුතුයි.(ස)

:       0       0

තුෂාර Friday, 09 August 2013 04:00 PM

ඩිජිටල් මුවාවෙන් දෙන්න හදන්නේ වෙදකමටත් ............මේවා කූට වැඩ, අපිට කියල තියෙන අන්තිම දේවල් ටිකත් විකුණලා දමන එක නුවණක්කාර දෙයක්ද ? (ස)

:       0       0

අමල් Friday, 09 August 2013 04:02 PM

අන්න වැදගත් වැඩක් (ස)

:       0       0

සශිනි Friday, 09 August 2013 04:03 PM

ෆේස් බුක් පිටුවකුත් හදමුද ? (ස)

:       0       0

ලුම්බිණි Friday, 09 August 2013 04:05 PM

බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් බටහිර ජාතීන් පවා හෙම්බත්වී සිටින සමයක් කියන එක නම් පිළිගන්න ටිකක් අමාරුයි. (ස)

:       0       0

නානයක්කාර Friday, 09 August 2013 04:32 PM

කවුරුවත් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව පුස් කනවට වැඩිය ලෝක කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒකට අපි දොස් කියන්න නරකයි .ලෝකෙ කවුරු බෙහෙත් කරලා හරි ජීවිතයක් බේරෙනවා නම් අපි සතුටු වෙන්න ඕන. රටවල් අනුව ජාති වෙන් කරන්නේ නැතුව අපි ඔක්කම මිනිස්සු කියල හිතනවානම් ඒක තමයි වැදගත්. (ස)

:       0       0

ගිහා Friday, 09 August 2013 11:30 PM

හොද වැඩට අපෙනුත් අත හිත (නි)

:       0       0

ඩිලාන් Friday, 09 August 2013 11:35 PM

එතකොට මේ ඩිජිටල් ආයුර්වේදයද? (නි)

:       0       0

ජීවන්ත Friday, 09 August 2013 06:01 PM

ලුම්බිණි, අද ඕනෑම කෙනෙක්ට සිංහල භාෂාවේ තියෙන වචන සහ කට පාවිච්චි කරලා ඕනෑම දෙයක් දොඩවන්න පුළුවන්. බුද්ධිමතෙක් යම් අදහසක් ඉදිරිපත් කරන්නේ තාර්කිකවයි. මේ අදහස් වලට විරුද්ධ වෙන්න ගියොත් ඒ පුද්ගලයා බටහිර ගැත්තෙක් විදියට හංවඩු ගැහෙනවා.ඇත්ත ඒකයි. (නි)

:       0       0

සිල්වා Friday, 09 August 2013 06:12 PM

එදා දඹදිව අසෝක රජතුමා යුද්ධ කිරීමට බාවිතා කළ යුද ශිල්ප ඇතුලත් පුස්කොළ පොත් සගවා තබා ඇත්තේ ටිබට් රාජ්‍යයේය. එතුමා බුදුදහම වැලද ගත්පසුව නැවත මිනිස් ගාතන නොවීමට ඒ දේ කරන ලදී. නමුත් ඒ තාක්ෂණය ඉතා දියුණූයි. දැනට බාවිතා කරන ඇතැම් බෝම්බ වලට සමාන දේ එදා කරන ලදී. දඩු මොනරෙන් ගුවන් ප්‍රහාරය කරන ලදී. අද ඒ තාක්ෂණය ඉන්දියාවට නොලැබී ගොසින් චීනය එය හොදින් හදාරයි. ඇමරිකානු පිරිස් භික්ෂු වෙසින් ටිබටයේ පන්සල් වල මහන්වී මේ රහස් තාක්ෂණය ලබාගෙන ඇමරිකාවට දෙති. අද චීනය මේ දේවල් ඉතා සුක්ෂමව බාවිතා කරනවා. අද ඉන්දියාවට තමස්තු විස්මිත දේවල් රැකගැනීමට නොහැකි වී තිබේ. එයට හේතුව බුදුදහමෙන් ඈත්වීමයි. අප සතු දේ රැකගෙන ලෝකයට යමක් කිරීම අපගේ වගකීමයි (නි)

:       0       0

ඩේවිඩ් Friday, 09 August 2013 06:23 PM

ආයුර්වේද ක්‍රම ශිල්ප සදා අමරණයයි (නි)

:       0       0

ධනුෂ Saturday, 10 August 2013 09:41 PM

අනේ මන්දා මේවා නුවණක්කාර වැඩද කියලා? (නි)

:       0       0

දිනූෂිකා Saturday, 10 August 2013 09:41 PM

හොද වැඩ වලට අපිත් කැමතියි (නි)

:       0       0

කීර්ති Saturday, 10 August 2013 09:53 AM

මෙය ඉතා භයානක වැඩක්, හොර වෙදුන් බෝවීම. අමාරුවෙන් ඉගෙන ගත් අයට විශාල අසාදාරනයක් වෙනවා. මේක මුවා වෙන් මුදල් හම්බ කිරීමක් වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9193 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4814 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6671 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4530 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1118 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1931 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36468 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site