තරිඳු ජයවර්ධන
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉවත් කරන ලෙස සිවිල් සංවිධාන රැසක් පසුගිය කාලයේ රජයෙන් ඉල්ලීම් කළේය.
නව ආරක්ෂක ලේකම්වරයා සෙල නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වන වෛද්‍යරත්න මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතෙත් මේ ගැන කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු කීවේ තමා ඉල්ලා අස් නොවූ බවයි. අද දිනයේද කාර්යාලයට පැමිණි බවත් තමා එම තනතුරින් ඉවත් කිරීමක් ගැන මෙතෙක් නොදන්නා බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි
ධම්ම Monday, 03 July 2017 02:40 PM
ආරක්ෂක ලේකම් තනතුරටත් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වැනි කෙනෙක් හොයාගන්න පුළුවන් වුණොත් සංහිඳියාව ඉක්මනින් පලදරයි.
srimala Monday, 03 July 2017 03:24 PM
සරත් ෆොන්සේකා මහතාට මෙම තනතුර දී රටේ යම්කිසි විනයක් සෑදිය යුතුයි. සමහර අයට මොහුව හොඳ නැති වුණත් මොහු ආරක්ෂාව සම්බන්ධව ඉතා දක්ෂ පුද්ගලයෙක්....
thilina Monday, 03 July 2017 03:50 PM
උගත් යයි කියාගන්නා ඩොලර් වෙනුවෙන් කඩේ යන සිවිල් සංවිධානත් ලක්ෂ 62ක් වූ පිරිසක් එක්ව ලස්සනට තිබු රටක් ඇද දැමු ප්‍රපාතය දැන්වත් පේනවද..? කිසිම අරමුණක් නොමැතිව ඉබා ගාතේ ඇවිදින තම තමන්ගේ බලය රැක ගැනීම පමණක් අරමුණු කරගත් මේ වගේ ආණ්ඩුවක් ලෝකේ කොහෙවත් නැතුව ඇති..
athuraTuesday, 04 July 2017 03:58 AM
ලස්සනට තිබුණු රට ඇද දමු ප්‍රපාතය කියන්නේ සුදුවෑන්, කාර් රේස් වගේ ඒවා නැති වුන එක ගැනද?
ranjith Monday, 03 July 2017 03:59 PM
වඩාත් කාර්යක්ෂම නිලධාරීන් සොයා බලන්න. දැන් දක්ෂ තරුණ අය බොහෝ ඉන්නවා. දුෂණයට වැට බඳින්න නේද මේ රජය පත් කලේ?. හොරු තාම මන්දිර ඇතුළේ...
ගගන Monday, 03 July 2017 05:04 PM
අපරාදේ.. සැහෙන සේවයක් කරලා යනවා නේද. දැන් කාවද දාන්නේ? දත් දොස්තර කෙනෙක්? හාමුදුරු කෙනෙක්?
Danushka Monday, 03 July 2017 05:04 PM
මහා බැංකුව හොරකපු එවුන්, හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්
lusena Monday, 03 July 2017 05:19 PM
එදා ආරක්ෂක ලේකම් සහ අද ලේකම් අතර වෙනස බුද්ධියෙන් දකින්න. ලුසේනා
athula Monday, 03 July 2017 05:47 PM
මේ එකෙක්වත් රටේ අනාගතයට හෝ පාලනයට නුසුදුස්සෝ එහෙත් රටේ බහු තරය හිතා ගෙන ඉන්නේ මුන් දෙගොල්ලට හැර වෙන කාටවත් බැහැ කියල එතරම්ම බොරුවෙන් ජනතා මනස සෝදලා සමහරුන්ට නම් පසුගිය ආණ්ඩුව හොදාලු ආණ්ඩුවක් යනු කුමක්ද ? ආණ්ඩුවක් යනු බොහෝ දේ ඉටුකළ යුතුයි නමුත් අපි පත් කර ගන්න ආණ්ඩු එහෙමද ? බලයට අාපසු බල ඉන්දදී කොටිපතියන් වෙනවා මේ දෙගොල්ලම නොයෙක් අපරාද බලයට මුවා වෙලා කරනවා පසුගිය ආණ්ඩුව යුද්ධ කළා කියල කියනවා ඇත්තටම යුද්ධයක් ඇතිකළේ කවුද ඒවාට බොහෝ හේතු තියෙනවා කෙටියෙන් කියනවනම් යුද්දේ නිර්මාණය කලේ එදා හිටපු උන්ගේ බලය රැක ගන්න නමුත් වන්දි ගෙව්වේ කවුද ? රටේ අසරණ දුප්පත් ජනතාව දෙපැත්තේම විනාශ උනේ රටේ දුප්පත් මිනිස්සු , අන්තිමේදී එම යුද්ධයම විකුණගෙන කැවා තවමත් කනවා , යුද්දෙන් පස්සේ හා යුද්දෙ අස්සෙත් කලේ සුද්දය ඒවා සොයන්න ජනතාව පත්කළේ ඊටත් වඩා හොරු. එහෙත් ඍජු තීරණ ගන්න පුළුවන් හොරකම් නොකරන රටට අවංකව ආදරය කරන කණ්ඩායමක් ජනතාව පත් කල යුතුයි , එදාට බලා ගන්න පුළුවන් 48 න් පස්සේ හිටපු පාලකයන් කරපු හොරකම් , එදා හිටපු ජනාදිපති ගේ මුල්ම රස්සාව පුස්තකාල සහයක එහෙම හිටපු කෙනෙක් පසුව 1994 එයාට තිබුනේ එක ගෙයක් විතරයිෙ
පිටිගල මිලානෝ Monday, 03 July 2017 11:39 PM
මෙම තනතුර ෆීල්ඩ්මාර්ෂල් තුමාට දෙන්න.
බණ්ඩාර (කැකිරාව) Tuesday, 04 July 2017 04:15 AM
මේ තීරණය ගන්න තිබුනේ මීට වසරකට කලින්... මේ තනතුරට මෙතුමා නොගැලපෙන නිසා රට ගැන හිතන නිසා දක්ෂ තරුණ කෙනෙක්ට අවස්ථාව දෙන්න.... එමෙන්ම යහපාලනය යනු සිංහල ජනතාව මුලා කරන, රට, ජාතිය, ආගම විනාශ කරන හුදෙක් සෝබන සංකල්පයකි. මෙම යහපාලනයනේ ජනතාවට ලැබුනෙත් අයහපතක් පමණි. මුළු රටම අකර්මණ්‍ය වෙලා, ජනතාව වීදි බැහැල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කරනවා. ලස්සනට තිබුණු රට ප්‍රපාතයට ඇද දැම්මා. ඉතින් මෙවැනි ආණ්ඩුවක ආරක්ෂක ලේකම් ලෙස වැඩ කිරීම ජනතා අප්‍රසාදයට හේතුවන බැවින් එම තනතුරෙන් ඉවත්වීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයකි.
බණ්ඩාර - (කැකිරාව ) Tuesday, 04 July 2017 04:19 AM
ඩුබායි වල සිටින තිලක් මහතා මෙම තනතුරට වඩාත් සුදුසයි. අපි එයාට මෙම අවස්ථාව ලබාදෙමු . එතුමාලා තමයි යහපාලනයට කඩේ ගියේ... අවාසනාවට දැන් එතුමා පේන්නවත් නැහැ.
samantha Wednesday, 05 July 2017 11:06 AM
ජනරාල් ෆොන්සේකා මහතා විශිෂ්ඨයෙකි.