මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බරපතල ගැටලු මතු කර තිබියදී, ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුව සිද්ධිය යට ගැසීමේ වෑයමක බලධාරීන් නිරත වෙතියි ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
‘ආර්ථික විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පහක මෙන් ම දෙවන ප්‍රශ්න පත්‍රයේ අනු කොටස් දෙකක දෝෂ පැවතීම මෙන් ම ප්‍රශ්න පත්‍රය විසින් සමස්ත විෂය කරුණු ආවරණය නො කිරීම හා සමතුලිතභාවයක් නොමැති වීම ඇතුළු ගැටලු ගණනාවක් ගැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් කරුණු දක්වන ලදී.
ඒ සමගම, ප්‍රශ්න පත්‍ර සැකසුම් මණ්ඩලයේ නිවේදනයක් ද සමග විභාග කොමසාරිස්ව මාධ්‍යයට පැවසුවේ ගැටලුවක් නොමැති බවයි. එසේම, මේ වනවිට කරගෙන යමින් සිටින බුද්ධිමතුන් හා ගුරු සංගම් විවේචනය කිරීමේ ක්‍රියාවලිය නවතා වහා ම ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරන ලෙස අපි අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමු.
නිලධාරීන් විසින් සැකසීමට යන වාර්තාව වෙනුවට විෂය ප්‍රවීණත්වය ඇති පිළිගත් බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් වෙතින් උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙස ද, ප්‍රශ්නයට මුහුණ දී සිටින සිසුන්ට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට අදාළ බලධාරීන්ට නියෝග කරන ලෙස ද අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පාර ආර්ථික විද්‍යා ප්‍රශ්ණ පත්‍රයේ ගැටළු තියෙනවා නම් ඒක හැදුවේ ගියවර අය නෙමෙයි නම් ගියවර එ්ක හදපු අය ගැන විස්තරයක් සති අන්ත පුවත් පතක් සවිස්තරව දාලා තිබුනා. (නදී)
කලින් ඕක හදපු මහාචාර්ය තුමාත් ආර්ථික විද්‍යා පොත් ගහල විකුණුවා. ලංඩන් ප්‍රශ්ණ පත්‍රය කොපි කලෙත් එතුමා ප්‍රශ්ණ පත්‍රය හදන කාලේ. ගුරු සංගමේ කෑ ගැහුවට ඒ ගොල්ලො දන්නෑ මේකේ තියෙන වැරැද්ද මොකකද්ද කියලවත්. (නදී)
මේ ප්‍රශ්න පත්‍රයේ දෝෂයක් තිබෙනවා නම් ඒක පෙන්වාදීමේ විවේචනය කිරීමේ වරදක් නැහැ.නමුත් ඒක විය යුත්තේ මේ විභාගය අවසන්වීමෙන් පසුව නේද? (නි)
නරකද මේ ප්‍රශ්න පත්‍රය හදන වැඩෙත් ඇමතිතුමාටම භාර දුන්නා නම්? අහවලාගේ වැරැද්ද නොසැළකිල්ල කියා කියා එතකොට අනුන්ට දොස් කියන්නත් බැහැ. ප්‍රශ්න පත්‍රයේ නිරවද්‍යතාවය වගකීම එතුමාටමයි. (නි)
ඇත්තද මේ සමහරු කියන්නේ ළමයින්ගේ මානසික මට්ටම වෙනස් වෙනවා කියලා විභාග අස්සේ ඒවායේ අඩුපාඩු කතාකළහම? (නි)
වැඩක් හරියට කරන්න පුළුවන් උදවිය දිගටම තියාගෙන කොහොමද බන්දුල ? ගණන් ගන්න එපා. පලවෙනි පාරට ප්‍රශ්න පත්‍රයක් හදන කොට ඔහොම වැරදීම් වෙනවානේ . බන්දුලගේ ළමයෙක් මේ විභාගෙට වාඩි කරවලා බලන්න. වැඩ බැරි ටාසන් ලා හදපු විභාග ප්‍රශ්න වලට ලියා ආපු ළමයාගේ මානසික මට්ටම කොහොමද කියල. (නදී)
බන්දුල පෙරේරා කැම්පස් තියා වැස්සකටවත් ඉස්කොලේකටවත් නොගිය කෙනෙක් බව හැමෝම දන්නවා (නදී)
මේ ප්‍රශ්න පත්‍ර පිළියෙළ කරන්නේ රට පිළිගත් විශ්ව විද්‍යාල මහාචාර්ය වරු. මේ ප්‍රශ්න පත්‍රයේ දෝෂයක් තියෙනවා නම් ඒක පෙන්වා දීමේ විවේචනය කිරීමේ වරදක් නැහැ. නමුත් ඒක විය යුත්තේ මේ විභාගය අවසන් වීමෙන් පස්සේ. ඒක තමයි සදාචාරය කියන්නේ. නැතුව විභාගේ අස්සේ මේවා ඇදල බලු පොර පටන් අරන් ළමයින්ගේ මානසිකත්වය බිදින එක නෙමෙයි මේ පක්ෂ විපක්ෂ මහාචාර්ය වරුන්ගේ වගකීම වෙන්නේ. මෙතන වෙන්නේ තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව කල දුටු කල වල ඉහ ගන්න හැදීමක් මිසක් ළමයින්ට තියෙන ආදරයක්වත් අධ්‍යාපන ක්ෂේත්‍රය කඩා වැටීමක් පිලිබදව දුක් විමක්වත් නෙමෙයි. මෙතන තියෙන්නේ ඉරිසියාව..කුහක කම එක්ක බැදුණු දේශපාලන කෝන්තර. (නදී)
බන්දුල පෙරේරා කාලාන්තරයක් තිස්සේ මෙම තීරයේ දක්වන අදහස් සහ තර්ක විතර්ක බැලුවම කැම්පස් නොගිය එකෙක් කියල හිතන්න අමාරුයි. මෙයා පිස්සු කෙලින විධිය දැක්කම කොහොමත් හිතන්න බැහැ. මෙයා එතරම් ලෙහෙසි පහසු කෙනෙක් නම් නොවෙයි කියලයි මම නම් කියන්නේ. (නදී)
අධ්‍යාපනයේ මළගම, අධ්‍යාපනය බාරව ඉන්න සියලු දෙනා මේවට වගකිව යුතුයි. (නදී)
බන්දුලගේ තියෙන අවුල පේපර් එකට වඩා වැඩියි වගේ (නදී)
මෙදා පාර එ්කේ ගැටළු තියෙනවා නම් ඒක හැදුවේ ගියවර අය නෙමෙයි නම් ගියවර එ්ක හදපු අයව අයින් කළේ ඇයි කියා හොයා බලන්න. මේවා හදන්නෙත් මහාචාර්ය වරු. ඒවා විවේචනය කරන්නෙත් මහාචාර්ය වරු. මේක බලු පොරයක් වගේ. ඔය පිස්සු කෙලින්නේ කැම්පස් යන කට්ටියට උගන්නන අයනේ. එතකොට එයාලගෙන් ඉගෙන ගන්න අය කොහොම පිස්සු කෙලිනවා ඇද්ද? හොද වෙලාවට වැස්සකටවත් කැම්පස් නොගියේ. ගියානම් නිකම්ම පිස්සෝ වෙනවා. (නදී)
ප්‍රශ්න මතුකළා නම් ඒවාට පිළිතුරුත් අවශ්‍යයි තමයි (නි)
කලින් මේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධව සිටි මහාචාර්යතුමාටත් අයින් වෙන්න කරුණු යෙදුනාලු. ඒ වැඩේ වුනේ අලුත් කෙනා මේ ප්‍රශ්න පත්‍රය හදන්න කලින් ආසන්න කාලයෙලු. (නදී)
අජිත් බලන්නකෝ ජිලෝ ලියපු ආරංචිය. ඉංග්‍රීසි වලින් සිංහලට කොපි කරනකොට පරිවර්තන දෝෂ එන්න ඇති. තමන් හදපු ප්‍රශ්නයක් නම් එ්ක එහෙම ප්‍රශ්නය තේරුම් ගන්න අපහසු වෙන්න බැහැනේ. (නදී)
මේ සැරේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරේ ලියන්න ගිය ළමයි ගෙදර ඇවිල්ල අඬා වැලපෙනවා. උත්තර ලියන්න නොවෙයි ප්‍රශ්නවත් තේරුම් ගන්න බැහැයි කියලා. මේ සැරේ ඕක හැදුව කියන්නේ ජපුරේ ලොක්කෙක් කියල තමයි අපිට නම් ආරංචි. මොකද අනේ එහෙම කලේ? (නදී)
ආරංචියේ හැටියට පසුගිය ලන්ඩන් උසස් පෙළ විභාග අවුරුදු ගණනාවක ප්‍රශ්න කිසිම හිරිකිතයක් නැතිව කොපි කර මෙදා අපේ ප්‍රශ්න පත්‍රයට ඇතුලත් කරලාලු. මේ ගැන විමර්ශනයක් තියන්න කියලා ජනාධිපති තුමාත් කියලාලු. (නදී)