IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ආසම පොත් ගැන තරු කී කතා

2016-09-24-ent-139අනුරාධා එදිරිසිංහ

නමක් කීවොත් අරන් කියවනවා 

මම පුංචි කාලේ ඉඳන්ම පොත් කියවන්න ගොඩක් ආසයි. විවිධ තේමාවන්ට ලියවුණු පොත් කියවන්න තමා මම කැමැති. ඒ වගේම මම හැම වසරකම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිහින් පොත් මිලදී ගන්නවා. හැබැයි ඒ පොත් ප්‍රදර්ශනයට මම සීමාවෙලා නැහැ. මට කවුරැහරි කිව්වොත් මේ පොත හොඳයි කියලා මම ඒ පොත අරගෙන කියවනවා. මෑත කාලේ කියවපු පොත් අතරේ මගේ හිත නැවතුන පොතක් තමා  සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය ලියූ කන්දක් සේ මා පොත. මම ඉතාම ආසාවෙන් කියවපු මේ පොත දැන් සිනමාවට පවා එක් වෙලා තියෙනවා. ඒ නිසා මම මේ මඟ බලාගෙන ඉන්නේ මේ සිනමා නිර්මාණය බලන්න. මොකද පොත කියවලා මම මවාගත්තු චරිත පුළුල් තිරයේ ජීවමාන කරලා දකින්න ලැබෙන නිසා ඒ අත්දැකීම ලබන්නත් මම කැමැතියි. පරිවර්තන පොත් අතර නම් මම වඩාත් කැමති රැසියන් පරිවර්තන පොත්වලට. ඒ අතර පුංචි ඔත්තුකරැවා සහ තරැණ මේජර්වරයා, ලස්සන වසිලිස්සා, හරි පුදුම ඉස්කෝලේ, වැනි පොත්  මම කියවලා ලබපු ඒ රසය පොත් ගැන කතා කරද්දී අමතක කරන්න බැහැ.


 

 

බිමල් ජයකොඩි

මම කැමතිම සංසාරණ්‍යයේ දඩයක්කාරයාට

2016-09-24-ent-136මෙතෙක් මම කියවපු පොත් අතරේ මගේ හිතගත් පොත් කිහිපයක්ම තියෙනවා. මොකද කාලෙන් කාලෙට කියවන පොත් එක්ක වෙනස් වෙනවා.  මම කැමතිම කතුවරයා  නම් සයිමන් නවගත්තේගම මහතා. එතුමාගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා කෘතියට තමා මම වැඩිපුර කැමති. මොකද එතුමා ඒක ලියලා තියෙන කතා රටාවට කැමැතියි. 

මෑත කාලයේ පොත්පත් අතර  මාණික්කාවත, අහම්බකාරක, නිලිවැස්ස, සෙංකොට්ටන් වගේ පොත් වගේම තව බොහොමයක් පොත් මම  කියවලා තියෙනවා. මම කොහොමත් පොත් කියවන්න කැමැතියි. ඉතින් ඉඩක් ලැබෙන හැම අවස්ථාවකදීම මම පොත් කියවනවා. මොකද පොත් කියවීම හරහා අපේ ජීවිතවලට එකතුවන අත්දැකීම් අපිට අපේ මේ ජීවිතේ සාර්ථක කරගන්න පිටිවහලක්. ඒ නිසාම පොඩි කාලේ ඉඳන්ම පොත් කියවීම මගේ ජීවිතේ කොටසක්වෙලා කිව්වොත් හරි.

පරිවර්තන පොත් කියවන්නත් මම කැමැතියි. ඒ අතර වඩාත් කැමැති  ප්‍රංශ පරිවර්තන පොත්  කියවන්න තමා. ඒ වගේම කියන්න ඕනේ මගේ ලොකු කැමැත්තක් තියෙනවා ගාමිණී වියන්ගොඩ මහතාගේ පරිවර්තන පොත් කියවන්න.


 

 

2016-09-24-ent-137චාන්දනී සෙනවිරත්න

බැද්දේ කුලවමියට ගොඩක්ම කැමතියි

මෑත කාලයේ මේ තියෙන කාර්යබහුල ජීවන රටාව එක්ක පොත් කියවන්න ලැබෙන කාලය නම් ඉතාම අඩුයි. ඇත්තම ඒ ගැන තියෙන්නේ ලොකු දුකක්, නමුත් මම කියවපු රෑපා ශ්‍රියානී ඒකනායක නම් වූ සාහිත්‍යවේදිනිය ලියූ බැද්දේ කුලවමිය කියන පොතට  මම ගොඩක් කැමතියි. මෙහි ප්‍රධාන චරිත වන තේමිය, චංචලා දේවී, එඩ්වින්, කුමාරි මැණිකේ සහ ෂෙරින් හරහා සමාජයේ වෙසෙන මිනිසුන්ගේ විවිධ පැතිකඩ මේ කතුවරිය හරි අපූරැවට ඉදිරිපත් කරනවා, ඒ වගේම සතුටුයි කියන්න ආනන්ද අබේනායක මහතා මේ පොත තුළින් බැද්දේ කුලවමිය කියන නාට්‍ය කරනවා. මේ දවස් වල එය විකාශය වෙනවා. ඉතින් රංගන ශිල්පිනියක් විදියට මටත් වාසනාව ලැබුණා මෙහි කුමාරිගේ  චරිතය කරන්න 

ඒ වගේම පරිවර්තන පොත් ගත්තොත් මම ගොඩක් ආසාවෙන් කියවන්නේ ගාමිණී වියන්ගොඩ මහතාගේ පරිවර්තන පොත්. මොකද මම ඒ ලියන රටාවට ගොඩක් කැමතියි.


 

 

අමිලා නදීශානි

2016-09-24-ent-138අමතක කරන්නම බැරි පොතක් තියෙනවා

මෑත කාලයේ පොත පත් අතර මම වඩාත් කැමැත්තෙන් කියවපු පොත් කිහිපයක් තියෙනවා, ඒ අතර මොහාන් රාජ් මඩවල මහතා ලියූ ලොවීනා පොත සහ ආදරණීය වික්ටෝරියා කියන පොත් දෙකට.

මම පොත් කියවන්නේ අද ඊයෙක නෙවෙයි. කුඩා කාලේ ඉඳන් මම ආසාවෙන් කරපු දෙයක් තමයි පොත් කියවීම සහ පොත් ලිවීම. පාසල් යන කාලේ විචාර ලියන්න එහෙම මම හරිම දක්ෂයි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් කරනවා ආනන්ද පද්ම සම්මාන උලෙළ. ඒකේදී මට හැම වසරකම වගේ සහතික ලැබිලා තියෙනවා. මට මතකයි මම රත්නපුරේ ඉඳන් ඇවිත් ඒ සම්මාන ලබා ගන්නවා.

පරිවර්තන පොත් ගත්තොත් මම කැමතිම පොත තමා අන්ධකාරයේ දරැවා කියන කතා පොත. ඒක තුළ තියෙන්නේ කාන්තාවක් සහ දරැ පිරිසක් පසුබිම් වෙච්ච කතාවක්. ඒ වගේම ඇය ලේඛිකාවක් විදියට ජීවිතය ගොඩනගා ගන්න විදිය තමා එහි  තියෙන්නේ. ඒ නිසා පරිවර්තන පොත් ගැන මතක් කරද්දී ඒ පොත මට අමතක කරන්න බැහැ.


 

 

සම්පත් ජයවීර

මගේ පොත් කියවිල්ල සැප්තැම්බරයෙන් ඉවර නෑ

2016-09-24-ent-140මම මෑතකදී කියවපු පොත් අතර කැමැතිම පොත මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ සෙංකොට්ටන් නවකතාව. ඒකට හේතුව තමා එහි තියෙන අන්තර්ගතය කිව්වොත් හරි. මොකද අපි මේ වර්තමානය තුළ ගත කරන සමාජ ජීවන රටාව අපට උරැම කරලා දෙන්න එක්තරා කාල වකවානුවක දහදිය කඳුළු හෙළලා කිසිම දෙයක් නොකරපු අය වගේ මියැදුණු මිනිසුන් ගැන තියෙන්නේ. විවිධ කුල භේදවල ජීවත් වුණු මිනිසුන් අත්විඳි දේ හරිම මානුෂීය විදියට මෙහි අන්තර්ගතයි. ඉතින් මා දකින්නේ එය විශිෂ්ඨ කෘතියක් විදියට, ඒ වගේම මේ පොතට නිසි වටිනාකම පවා ලැබුණා ගිය වසරේ ස්වර්ණ පුස්තක සම්මානය හරහා.

පරිවර්තන පොත් අතරින් ගාමිණී වියන්ගොඩ මහතාගේ සහ අනුලා ද සිල්වා මහත්මියගේ පරිවර්තන පොත්  කියවන්න තමා මම කැමතියි.  මේ මෑතක දී ආනන්ද ලියනගේ මහතා ඉංග්‍රීසි බසින් ලියපු පොත් කිහිපයක් අනුලා ද සිල්වා මහත්මිය පරිවර්තනය කරලා තිබ්බා. ඒ තුළ තිබ්බේ ඉතිහාසයේ  සහ වර්තමානයේ සිද්ධීන් එකතු කරලා ලියවුණු ප්‍රබන්ධ කතා. මම ඒවා ඉතා අාසාවෙන් කියෙව්වා.

විශේෂයෙන්ම පොත් ගැන කතා කරද්දී කියන්න ඕනේ කාරණාව තමා මම පොත් මිලදී ගැනීම සහ කියවීම මේ සාහිත්‍ය මාසෙට එහෙම නැත්නම් කියවීමේ මාසෙට සීමා කරලා නැහැ. ඉඩක් ලැබෙන හැම වෙලාවකම කාලය යොදවන්නේ පොතක් කියවන්න. ඒ වගේම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිහින් පොත් මිලදී ගන්න අවස්ථා පවා අඩුයි. මොකද හොඳ පොතක් ගැන ආරංචි වුණු ගමන් මම පොත් සාප්පුවකට ගිහින් ඒ පොත ගන්නවා. පොත් මිලදී ගන්න මම ලෝබ නැහැ. ඕනෙම වෙලාවක මම ගාව පොත් සඳහා වියදම් කරන්න සල්ලි තියෙනවා. ඒ තරමට මම පොත්වලට ආදරෙයි. මම මගේ යාළුවන්ගේ උපන්දිනවලට තෑගි කරන්නෙත් පොතක්. සමහර වෙලාවට මම දන්නවා ඒ කෙනා පොත් කියවන්නේ නැහැ කියලා. ඒත් මම පොතක් දෙනවා ඒ පොත කියවලා හරි පොත් කියවන්න ආසාවක් ඇතිවෙයි කියලා හිතලා.


 

 

ගිරිරාජ් කෞෂල්‍ය

ඒ පොත කියවද්දි කඳුළුත් ආවා

2016-09-24-ent-134අති මෑතක නම් පොත් කියවන්න බැරි වුණා. නමුත් වැඩි කල් නොගොස් කියවපු පොත් අතර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ සෙංකොට්ටන් නවකතාවට මම කැමැතියි. ඇත්තම කියනවා නම් ඒ පොත කියවද්දී මගේ දෑසට කඳුළු පවා ආවා. ඒ තරමට එහි එන චරිත ගැන අපූරැවට ලියලා තිබ්බා. ඒ වගේම කියන්න ඕනේ තව මම කැමැත්තෙන් කියවපු පොතක් තමා නෝබට් අයගමගේ ලියූ  කාල නදිය ගලා බසියි කියන පොත. මේ පොත අපි ටෙලිනාට්‍ය නිර්මාණයකට ගන්නත් හිතුවා. ඒත් ඒක අපිට කරගන්න බැරි වුණා. නමුත් පොත කියවලා ලැබූ පොතේ රසය තාම හිතේ තියෙනවා. 

පරිවර්තන පොත් ගැන මතක් කරද්දී අමතක නොවන මම අසාවෙන් කියවපු පොත් දෙකක් මට මතක් වෙනවා. ඒ අතර එක පොතක් තමයි, මිහයිල් ෂෝලහොව් ලියූ  සිරිල් සී. පෙරේරා පරිවර්තනය කළ පෙරළු නැවුම් පස පොත. ඒ පොතේ තියෙන්නේ සෝවියට් රැසියාවේ සමූහ ගොවිපොළවල් ඇති කරපු කාලේ සිදුවීම්. ඒක කොයි තරම් අමාරැ කාරණයක්ද කියලා තේරෙන්නේ පොත කියෙව්වමයි. අනිත් පරිවර්තන පොත තමා “බොරිස් පලෙවොයි” විසින් රචිත “සැබෑ මිනිසෙකුගේ කතාවක්* පොත. රැසියානු පොතක් වන මෙය සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ “දැදිගම වී. රුද්‍රිගු” විසින්. පොත ලියවිලා තියෙන්නේ "ඇලෙක්සෙයි මරේස්යෙව්" කියන සැබෑ පුද්ගලයාගේ ජීවන කතාව මූලික කරගෙන. මට මේ පොත ගැන මුලින්ම කියෙව්වේ ගිරාදුරැකෝට්ටේ ඉන්න කාලේ කෙනෙක්.  ඔහු මට දුන්නා මේ පොත කියවලා දෙන්න කියලා. ඒක කියවලා ලැබූ රසය නිසාම මම පොතක් මිලදී ගත්තා. අදටත් මගේ පොත් රාක්කේ මේ පොත තියෙනවා, “සැබෑ මිනිසෙකුගේ කතාවක්* එතරමට මම අසාවෙන් නැවත කියවන පොතක්.

පොත් ගැන මතක් කරද්දී දැන් නම් කියවපු පොත් ගැන සතුටක් වගේම මේ කාර්යබහුල ජීවිතේ නිසා පොත් කියවන්න ලැබෙන ඉඩ කඩ අඩුවීම ගැන හිතට දැනෙන්නේ දුකක්.

 

 
 



අදහස් (0)

ආසම පොත් ගැන තරු කී කතා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 0 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 469 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1868 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1892 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 111 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 1077 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39501 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25734 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 359 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site